Wednesday, December 18, 2013

ඇති නිසා සතුටු වන්නෝ සහ නැති නිසා දුක් වන්නෝ ...

අපි හැමෝටම ඇති දේවල් තියනවා නැති දේවල් තියනවා ..ඒ නිසා අද ඒක ගැන කතා කරන්න හිතුවා. කියනවා කිව්වට කියන්න ලේසි දෙයක් නම් නෙවෙයි . ගොඩක් දේවල් ඇති නැති කියලා වෙන් කරන්න පුළුවන්. ආදරය , සෙනෙහස , සල්ලි , මිතුරන් , ආදරවන්තයෙක් , ආදරවන්තියක්, ඔය වගේ ගොඩක් දේවල් ගැන කියන්න පුළුවන්. .. ගොඩක් අයට ඇති දේවල් නැති දේවල් කිව්වම මතක් වෙන්නේ සල්ලි .. මොකද ගොඩක් දෙනෙක් හිතන්නෙත් සල්ලි ගැන නිසා.. සල්ලි නැතිනම් මුකුත් කරන්න බැරිලු . හැබැයි එහෙම කියන අය දන්නේ නෑ සල්ලි තිබුණා කියලා කරන්න බැරි දේවලුත් තියන බව. සල්ලි නිසා ඇත්තා සැපෙන් ජීවත් වෙනවමද කියලා සැකයක් තියනවා. මොකද ගොඩක් පොහොසත් පවුල් වල සතුට කියන දේ හිතන තරම්ම නොමැති නිසා.. හැමෝම එහෙමත් නෑ . ඒත් දිලිදු පවුල් ‘සතුටින්’ පොහොසත්..

ගොඩක් අය කියන කතාවක් තියනවා. ඒ තමයි කෙල්ලෝ වැඩිය කැමති සල්ලි තියන කොල්ලන්ට කියන කතාව . ඒක ඇත්තද බොරුද දන්නේ නෑ .. ඒත් ඒක ඇත්ත වෙන අවස්ථා කව්රුත් දැකලා ඇති . ඒ වගේම ඒක බොරු වෙන අවස්ථාත් ඔයාලා දැකලා ඇති. කොහොම උනත් ඔයාලට කියන්න පුංචි කතාවක් තියනවා . මේක ඇත්ත කතාවක් කියලයි ආරංචිය. සමහර විට කියවලත් ඇති මේ ඒ විදිහට සල්ලි වලට ආදරේ පාවලා දුන්නු කෙල්ලෙක්ට  උනු දෙයක්.

එක්තරා දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගැහැණු ළමයෙකුට තදින්ම ආදරය කළා.. කොහොම හරි අන්තිමට මේ පිරිමි ළමය අර ගැහැණු ළමයට තමන්ගේ ආදරය ප්රකාශ කළා.. ගත් කටටම අර පොහොසත් ගැහැණු ළමයා මෙන්න මෙහෙම උත්තර දුන්නා."අහන්න, ඔයාගේ මාසෙ පඩිය හරියට මගේ දවසේ වියදම් ගාන වගේ.. කොහොමද ඔයා මට කන්න අඳින්න දෙන්නෙවත්.. 


Thursday, November 14, 2013

සිහින ලොවේ පාවෙන අපේ අය .....

කවුරුත් කැමති සන්තෝසෙන් ඉන්න. ඒ උනත් එහෙම ඉන්න පුළුවන් කීයෙන් කීදෙනාටද. ඇත්තම කතාව ලෝකේ කවුරුවත් සන්තෝසයෙන් නෑ කියන එක . මේකට ඔයාලා එකග නොවෙන්නත් පුළුවන්. කොහොම උනත් අද කතාව සතුට ගැන .. සතුට කිව්වම කවුරුත් කියන්නේ “සතුට තියනවා දුක නැත්නම් ” කියලා . සතුට කිව්වම කාටත් මතක් වෙන්නේ දුක මොකද ඒ දෙක අතර ඒ තරම්ම බැදීමක් තියනවා . ඒත් දුක සතුට කියන මාතෘකාවන් ඈත් වෙලා සතුට සහ හීන ගැන කතා කරන්න හිතුවා. ගොඩක් අය හිතන්නේ මේ වචන දෙක අතර කිසි සම්බන්දයක් නෑ කියලා . ඒත් ලොකුම සම්බන්දය තියෙන්නේ මේ දෙක අතරේ කියලා මට නම් හිතෙනවා.

 හීන නැත්තේ කාටද . හැමෝටම හීන තියනවා. ඒක පුද්ගලයා අනුව වෙනස් වෙනවා .. කෙල්ලෝ වැඩියම කැමතියි ලස්සට ඉන්න . ඒ උනත් විවාහක කෙනෙක් නම් එයාටම කියලා ගෙයක් හදාගන්න ගොඩක් කැමති. ඒ වගේම හොද පවුල් ජිවිතයක් ගතකරන්නත් කැමැත්ත ගොඩක් වැඩියි. කොල්ලෙක් උනාම තියෙන්නේ ඔයිට හාත්පසම වෙනස් කාරණාවක් . ඇදුම පැලදුම කියන්නේ කොල්ලන්ට එච්චර දෙයක් නෙවෙයි. පිරිමි කියන්නේ “වෙඩින් එකට ඇදපු කෝට්එක මලමිනියටත් අදින කට්ටිය ” ඒ කොල්ලන්ගේ හැටි. ගොඩක් කොල්ලන්ට තියෙන්නේ වාහන පිස්සුව . හොද වාහනයක් ගන්න ගොඩක් කොල්ලෝ කැමති . හැම හීනයක්ම සැබෑ වෙනවනම් අපි කොච්චර කැමතිද? ඒත් අපේ සමහර හීන හැමදාම හීන විදියටම තියනවා. ඒ හීන සැබෑ කරගන්න අපිට අවදානමක් ගන්න වෙනවනම්? අපි කීයෙන් කී දෙනාද අපේ සුපුරුදු ජීවන රටාවෙන් මිදිලා ඒ අවදානම ගන්න කැමති වෙන්නේ? ඒ අවදානම ගන්න බැරි නිසාම හැමදාම අපේ ඒ හීන හීන විදියටම තියනවා.හීනත් එක්ක ජිවත් වෙන අය කොහොම හරි ඒ දේ ඉෂ්ට කරගෙනම තමයි පස්ස බලන්නේ. සමහර අය නම් බලන්නේ හීනම තමයි. කරන්න බැරි දේවල් ගැන හීන දකින අයත් නැත්තේම නෑ . ඒත් එහෙම කරන්න බැරි හීන සැබෑකරගන්න අය තමයි ලෝකයත් වෙනස් කරන්නේ .
 

Sunday, November 10, 2013

ආදරයට පෙරළෙන මිතුරුකම්....

මේ ලිපිය ලියන්න හිතුනේ ආදරය සහ යාළුකම හදුනා නොගැනීම වෙනුවෙන් .කොහොම වුනත් මේක නම් ලියල ඉවර කරන්න පුලවන් එකක් නම් නෙවෙයි. අපිට යාලුවෝ හැමතැනම.ස්කෝලේ යාලුවෝ Facebook එකේ tweet , Google හතර වටේම යාලුවෝ . කොච්චර යාලුවෝ හිටියත් හැමදෙයක්ම කියන්න විස්වාස කරන්න පුළුවන් යාලුවෝ ඉන්නේ අතලොස්සයි . මොකද අපි කාට හරි දෙයක් කියනවා නම් ඒ දේ කියන්න අපිට ඒ කෙනා ගැන විස්වාසයක් තියෙන්නම ඕනේ. මොකද සමහර වෙලාවට අම්මල තාත්තලට නොකියන දේවලුත් අපි කියන්නේ යාළුවන්ට . යාළුකම් වලට කන කොකා අඩන්නේ කෙනෙක් ආදරය කරන්න පටන් ගත්තම කියලා ගොඩක් අය කියන කතාවක් . මොකද කොල්ලෙක් කෙල්ලෙක් එක්ක හරි කෙල්ලෙක් කොල්ලෙක් එක්ක හරි යාලු උනොත් දෙන්නට දෙන්නා ඉන්නවා කියල යාළුවන්ට හෙන ගහල ගියත් කමක් නෑ කියලා හිතන නිසා. මම කියන්නේ නෑ යාලුවෝ එක්ක සම්බන්දේ නවතිලාම යනවා  කියලා . ඒ උනාට අඩු වෙනවා අනිවාර්යෙන්ම . මොකද එයාල හිතනවා ඒක එයාලට බාදාවක් කියලා. ඒත් සමහරු නම් දෙකම සමබරව කරගෙන යනවා. එතැන තව කතාවකුත් තියනවා. සමහර වෙලාවට අනිත් පාර්ශවය නීති පැනවීම. ඉතින් එයා අකමැති දේ කරලා එයා නැතිවෙයි කියල යාලුවෝ ඈත් කරන අයත් ඉන්නවා. ඒ වෙලාවට එයාව අත ඇරලා යාළුවා තෝරාගන්න අයත් නැත්තේම නෑ. ඒත් ඇත්තම කතාව කෙනෙක් තව කෙනෙක්ට වාරණයක් දානවා නම් එයාට ඔයාව විස්වාස නෑ කියන එකයි. මොකද ඔයා එයාට  ආදරය කරනවා කියල විස්වාස නම් මොනවා කලත් ඔයා එයාව අත අරින්නේ නෑ කියල එයාම තේරුම් ගන්නවා. මොනවා වුනත් ආදරයට පොල්ල වැටුනොත් එදාට  එන්න වෙන්නේ ඔයා අතහරපු යාළුවා ලගටමයි.  

සාමාන්‍යයෙන් කොල්ලෝ කෙල්ලන්ට තමන් ගැන කියන්න දගලවා වැඩි.කෙල්ලොත් එහෙමයි. එහෙම නෑ කියනවා නම් ඒ ඉතා සුළු පිරිසකට විතරයි. ගොඩක් කෙල්ලන්ගේ හොදම යාළුවා කොල්ලෙක්. ඒක එහෙම හැම කෙනාටම නැතත් ගොඩ දෙනකුට එහෙමයි. සමහර අය Facebook එකෙන් මිතුරු උන කෙනෙක්ට තමන්ගේ දේවල් කියනවා . මොකද දෙයක් තද කරගෙන ඉන්නවට වඩා  ලේසි ඒක එලියට දාන එක.

Wednesday, October 30, 2013

ආදරය මිතුදම සහ මමත්වය..

ආදරය ලෝකයම වෙනස් කල හැකි සුන්දර හැගීමක් . මිතුදම ශක්තිය වඩවන බැදීමක් . මමත්වය ලෝකය විනාශ  කල හැකි ප්‍රභල ආයුධයක්. මිනිස්සු විවිධාකාරයි. එයාලත් එක්ක ඉන්න අපිටත් ටිකක් ලොකු අරගලයක් කරන්න වෙනවා. ඉතින් මේ අරගල අතරේ තියන ප්‍රබලම හැගීම් තුනක් ගැන තමයි අද ලිපිය දිගහැරෙන්නේ.

කවුරු කොහොම කිව්වත් තමන්ට තමන් විතරයි කියලා කතාවක් තියනවා. ඒත් ඕක හැම වෙලේම වලංගු නෑ. ඒත් ඒක එහෙම නෙවෙයි කියන්නත් බෑ. කවුරු කොහොම හිටියත් . මොන තරා තිරම් දැරුවත්. කොච්චර සල්ලි තිබුනත් තමන්ට කවුරුත් නැති වෙන වෙලාවල් නැත්තේම නෑ. ගොඩක් වෙලාවට වෙන්නේ එකට කාපු අය පිගාන අපිට හෝදන්න දාලා යන එක. ඒ අතරේ අනුන්ගේ පිගන් තමන්ගේ වගේ හෝදන අයත් ඉන්නවා. කව්රු හරි තනියම ඉන්නවා නම් එයාට යාලුවෝ නැතිනම් එතන පුංචි සිත් බිදවටිම්ක් ඇති වෙන්න පුළුවන් . අනිත් අයට ඉරිසියා කරන්න පුරුදුවෙන්නත් පුළුවන්. ඒ අතරේ යාලුවෝ වැඩිවෙලා ඔලුව ඉදිමුණු අයත් ඉන්නවා .. ඒක වෙන්වම පැත්තක්. ඕවා මොනව නැතත් මමත්වය කියන දේ කෙනෙක්ගේ තියෙන්න පුළුවන්. ඒවගේ කෙනෙක්ට මොනවා කිව්වත් වැඩක් නෑ. මොකද එයාල පිළිගන්නේ තමන් කියන දේ පමණක් නිසා. සමහර විට ඔයාල එක්ක උනත් මෙහෙම කෙනෙක් ඉන්න පුළුවන්. පොඩ්ඩක් මතක් කරලා බලන්න. මමත්ව ඇති කෙනෙක්ට යමක් කිව්වත් ඒක ගැන ප්‍රසාදයක් පෙන්වන්නේ නම් නෑ. ඔහු කාගෙන්වත් උපදෙස් ගන්නෙත් නෑ . ඒවගේම එයා දෙන්න දෙයක් කියල දෙන්නෙත් නෑ. ඒත් එයා එයා ගැනම වර්ණනා කරනවා ලොකුවට .. මමත්වය  ගැන තව කරුණු තියනවා ඒත් ඉතින් ඔක්කොම මෙතන ලියන්න  බෑ.. ඒත් මමත්වය ගැන කියන කොට තව කතාවක් තියනවා කියන්න

Tuesday, October 15, 2013

X - Ban තිරය පිටුපස ......

X ban නම් ඉවරය. ඒ උනත් ඒවත් එක්ක සිද්ද උන සිදුවීම් නම් මතකයෙන් යන්නෙම නැතය. ඒ තරම් ඒවා සුන්දරය. අවුරුදු 8 ක විතර පාසල් කාලය ඉවර උනත් ආයෙත් පාසලට ගියාම ඇතිවෙන්නේ නම් ආයෙත් ගෙදර ගියා වගේය . අපේ කාලේ යාලුවෝ නැති උනත්  දැන් ඉන්න මල්ලිලා එක්ක පිස්සු කෙලිනකොට ආයෙත් අපේ AL කලේ මතක් වෙන්නේය. මේ අපි සහභාගී වුනේ තුන් වෙනි x ban ප්‍රදර්ශනයටය. අද කතා කරන්න යන්නේ x ban ගැන නම් නොවේය . . අද කියන්නේ x ban තිරය පිටුපස කතාවය.


95 x ban එකට වැඩක් කරන්න අපි කතා වේවි හිටියත් මොනවා කරන්නද කියලා කාටවත් අදහසක් තිබුනේ නැතය .. පස්සේ බ්ලොග් ලියන අපේ කට්ටිය බ්ලොග් ගැන x ban එකට කරමු කියලා  කතා කරගත්තේය. ඒක ගැන කතා කරන්න සුවද හමුවකට ගිහින් වුනේ නම් වෙන දෙයක්ය .. කොහොම හරි කතා වුන විදියට T – Shirt එකක් නම් ගහගත්තාය. තව එන අයට දෙන්න පුංචි leaflet එකක දෙන්න කට්ටිය ම කතා කර ගත්තේය . ඒ වෙලාවෙනම් කට්ටිය වැඩේට පට්ටට සපෝට්ය . ඒත්  leaflet ගහන්න ගියාට පස්සේ කවුරුත් නැතය . කට්ටියට ගාන අහපුවාම දෙයියෝ සිහි වෙලාය. Leaflet එකත් අරන් ප්‍රෙස් එකට ගියේ වෙඩික්කරයා සමගය එකාව ගෙන්න ගත්තේද අමාරුවෙන්ය. Night කරලා නිදි මරගාතයේම ආවේ ඔහුගේම දඩුමොනරේය. එදා මට පන්ති දවසක් උනත් දේශකයාට පින්සිද්ද වෙන්න ඒ වැඩේ කරගත්තේය . ඒ වැඩේට Rs.8300 ක් යන්නේය. “අතින් කා හරක් බැලු කාලය ගොහින්ය” ඒ වැඩේ අතඇරියේය. A4 කොලේක print out එකකින් වැඩේ ගොඩ දාගත්තේය.

Saturday, September 21, 2013

කෙල්ලන්ට කතා කරන විදිහ .......!!

ආදර කතා හැමතැනම. කව්ද අකමැති ආදරයෙන් කතා කරනවට. එක එක අය කතා කරන විදිහ වෙනස් ඒ වගේම ඒවාට තමන්ගේම අනන්‍යතාවක් තියනවා. කොහොම උනත් ඇන්ටන් චෙකොෆ් තමන්ගේ බිරිදට යවපු ලිපි වල ඔහු ඇයට ආදරයට කතා කතා කරලා තියෙන්නේ “මගේ සීදේවි කිඹුලි” කියන ආදර වදනින් . ඒත් ඔය ආදේශනය අද තමන්ගේ බිරිදට හරි පෙම්වතියට හරි කියන්න ගියොත් ඔයාල වැටෙන්නේ සුලුපටු අමාරුවක නෙවෙයි. වචන කියන්නේ කෙනෙක්ට ලංවෙන්න තියන ගොඩක් ශක්තිමත් මාධ්‍යක් ඒත් ඒ මාධ්‍ය හරියට බවිත කරනවා අඩුයි. ගොඩක් අය ඒක හොදින් පාවිච්චි කරනවා ඒත් එට වඩා වැඩි පිරිසක් ඒක හරි විදිහට බාවිතා කරන්නේම නෑ. කව්රු කොහොම කිව්වත් ආදරය කරන කාලයේ ආදරය කරන්න විදි හොයනවා, කතාකරන්න විදි හොයනවා බොහෝ දේ කතා කරනවා .

Sunday, August 11, 2013

Sexy Lingerie 02 ... !!

මේ කතාවත් කලින් එකට සම්බන්ධයි. මොකද ඒ කතාව තව ටිකක් ලියන්න ඕනේ කියලා හිතුණා මොකද ඒක ඉවර නොවුණු නිසාත් තව කට්ටටියක් තව ටිකක් ලියන්න කියලා කියපු නිසාත්. කොහොම උනත් අද මාතෘකාවත් ඒකම තමයි. චොකලට් බොඩි පේන්ට් අවශ්‍ය මොකටද කියල ඇහුවොත් ගොඩක් අය කියයි ඔය විකාර මොකටද ඔව්වා නැතත් කරන්න පුළුවන් දෙයක් තමයි ඒක කියලා . ඒත් එකේ විශේෂයක් තියනවා වෙන මුකුත්ම නිසා නොවෙයි ඒකාකාරී රති ක්‍රීඩාවට පොඩි හරි වෙනසක් ගෙනදෙන්නට. ආසියාවේ තිබෙන සංස්කෘතියත් එක්ක මිනිස්සු මේ දේවල් වලට පෙලබෙන්න මැලිකමක් දක්වනවා මොකද ඒවයෙන් රටේ සහ තමන්ගේ හැදියාවට අනතුරක් වෙයි කියලා තියන අසීමිත බය. මම කියන්න යන්නේ අපිත් අපේ සංකෘතිය අතහැරිලා බරහිර සංස්කෘතියට යොමු වෙන්න ඕනේ කියලා නෙවෙයි ඒත් අපි ලිංගිකත්ව අතින් ලිංගික අධ්‍යාපනය අතින් ඉන්නේ හරිම පහල මට්ටමක . මොකද අපි කොතරම් දියුණු වෙලා හිටියත් අද සමාජය තුල දකින්නට ලැබෙන ගැටළු බොහොමයක් ඇතිවෙලා තියෙන්නේ මේ ලිංගික අධ්‍යාපනය හරි හැටි නොලැබීම . තරුණ පරපුරට මේ ලිංගික හැගීම් ගැන තියෙන්නේ බොහොම අඩු මානසිකත්වයක් . කොහොම වුනත් ලංකාවේ බොහොමයක් අද වෙනකොට ගණිකා නිවාස හැදිලා තියෙනවා . ඒවාට යන්නේ තරුණ පරපුරමද . නෑ ඒවාට වැඩිපුරම යන්නේ මැදි වයසේ කට්ටිය . ඒ වෙන මුකුත් නිසා නොවෙයි එයාලට නිසි ලිංගික තෘප්තියක් නොමැති වීම.

Saturday, July 20, 2013

Sexy Lingerie ... !!

කාලෙකට පස්සේ කවුරුත් කැමති දෙයක් ගැන ලියන්න හිතුනා මාතෘකාව බැලුවාම තේරෙනවා ඇතිනේ.  Lingerie කියන වචනේ තේරුම ශබ්දකෝෂයක් පෙරලා බැලුවොත් රාත්‍රී කාන්තා ඇදුම් කියන වචනයෙන් සැනසෙන්න වෙනවා. තවත් ලස්සනට කියනවා නම් “ කාමු පිළි” කියන්න පුළුවන්. ඒත් ඔයා ටිකක් හරි දැනුවත් කෙනෙක් නම් මේ   Lingerie කියන වචනයෙන් හැදින් වෙන්නේ සාමාන්‍ය විදිහේ කාන්තා ඇඅදුම්ම නොවෙන බව කියන්න වුවමනා නෑ. කොහොම උනත් ඔයා sexy Lingerie කියූ සැනින් ඇග හිරිවැටෙන කෙනෙක් නම් මෙතනින් එහාට කියෙව්වේ නැති වුවත් කමක් නෑ .. මොකද මෙතනින් එහාට කතාව ටිකක් අවදානම් . සාමාන්‍යයෙන් මෙහෙම කතාවක් 18+ කියලා දාන්න ඕනේ ඒත් මම කලින් දවසකත් කිව්වා වගේ එහෙම දැම්මාම වැඩියම කියවන්නේ 14+ කට්ටිය..

Tuesday, July 2, 2013

වැහි දිනක බස් එකක ....


සාමාන්‍යයෙන් විද්‍යා ප්‍රබන්ධ කතා කියවනකොට හිතට දැනෙන දේවල් හරිම අමුතුම හැගීමක්.ඒක නිකන් හරියට කවුරුවත් නැති , විනාශ වුනු ලෝකෙක තනිවෙලා ඉන්නවා වගේ හැගීමක්. කොහොම වුනත් කවුරුත් නැති විනාශ වුනු ලෝකෙක ඇවිදගෙන යාම එක අතකට හිතට දෙන්නේ අමුතුම හැගීමක් . කොහොම උනත් මේ අතරට ලාවට ඇහෙන පුංචි සින්දු කෑල්ලකුත් එකතු උනා නම් ඒක තවත් තාත්වික වෙයි කියලා මට හිතුනේ ..

මම කියවමින් හිටියේ එක විද්‍යා ප්‍රබන්දයක්. ඒක එක විදිහක ත්‍රාසය ඇතිකරවන කතාවක්. කොහොමින් හරි මුළු ලෝකයේම දේවල් පාලනය කරන්න පුළුවන් යන්ත්‍රයක් ඒ ගොල්ලෝ හැදුවා. ඔන්න ඒ මොහොතේ මුළු නගරෙම යටවෙන්න තරම් වහිනවා ! බොරළු වගේ වැහි බින්දු මිසයිල ගහනවා වගේ පොලවට පාත්වෙන්න පටන් ගත්තා. ඒ මොහොතේම මට දැනුණා සුවද විලවුන් සුවදක්. හරියටම කියනවා නම් එක ගැහැණු ළමයි විතරක් පාවිච්චි කරන වර්ගයේ , අයාලයේ යන හිතක් ක්ෂණිකව බ්රේක් ගස්සන්න පුළුවන් විදිහේ “සෙන්ට් සුවදක් ” .මම නිකමට වගේ ජනේලයෙන් එලිය බැලුවා . එළියේ ඇත්තටම වහිනවා . බස් එකක සීට් එකකට වෙලා පොතකට සමවදිලානේ හිටියේ . වටපිට වෙනදේවල් ඇහෙනැවයි. ඒ වගේ වෙලාවට ලෝකේ පෙරලුනත් දන්නේ නෑ. ඒත් ඉතින් ඇහැට කනට පේන දැරිවියක් බස් එකට ගොඩවෙලා තමන් ලගින් හිටගත්තු වෙලාවක. ඇයගේ සුවදවිලවුන් සුවදින්සී ඔබේ සිත ආමන්ත්‍රණය කරනකොට මොන ලෝකෙක හිත තිබුනත් , මොන අවදානයක හිටියත් ඒ වෙලාවට නම් ඒ අවදානය බිදෙන එක සාමාන්‍ය සුළු දෙයක් ..


Thursday, June 20, 2013

ආදරයෙන් වෙන්වීම ....

කාලෙකට පස්සේ ආදරය ගැන ටිකක් ලියන්න හිතුණා. අපේ ජීවිතයට පණක් ලබලා දෙන්නේ ආදරය කිව්වොත් මම වැරදි නෑ. පුංචි කාලේ අම්මගෙන් ලැබෙන ආදරය . ඒ ආදරය නම් කවදාවත් වෙනස් වෙන්නේ නෑ .. මිනිස්සු ජීවත් වෙන්නේ ආදරය නිසා. ඒත් හැමකෙනාටම ජීවිත කාළෙම එකමවගේ තමන් පණවගේ ආදරය කරන කෙනා ගෙන් නැවත ආදරයක් ලැබෙන්නේ නම් නෑ .. එකත් හරියට අනියත දහම  මත කැරකෙන ලෝකය වගේ .අපිට නම් ඕවා වෙන්නේ නෑ, මට එයා පණටත් වඩා ආදරෙයි කියලා කියන කෙනෙක්ට ඒ ආදරෙන් පොල්ලක් වැටුනොත් .!? ඒ වෙලාවට හිතෙන දේවල් වචන වලින් ලියන්න කියන්න බැරිවෙයි. මොකටද ජිවත් වෙන්නද කියල ඒ වෙලාවට හිතෙනවා . ඒ සුන්දර මතකයන් .ඒ මතක සැමරුම් මතක් වෙනකොට ඔලුව පොලේ ගහගන්න හිතෙන අවස්ථා එමට ඇති. ඒත් එහෙම කියලා ජිවිතේ අතහරිනවද.? එහෙනම් මෝඩයෙක් .. මම කලින් කතාවක ඒ ගැන කිව්වා. ලගින් ඉන්න කාලේ නොදක්කපු ගොඩක් දේවල් මනුස්සකම් ගුණවත්කම් ඉතිරිලා යන ගානට දෙනෙන්න ගනී.මට අහිමි වෙන්නේ ඒ සුන්දර ආදරය නේද කියලා මහා හයියෙන් හඩාවැටෙනවා. ඒ වෙලාවට දැනෙන විරහව වේදනාව විස්තර කරලා ඉවර කරන්න බැරි තරමටම අපිව පිස්සු වට්ටන බව ඒ දුක දැනිච්ච හැම හිතක්ම හොදින් දන්නවා..හැබැයි ඒ ආදරය ඔබව දාලා යන්නේ වෙනත් කෙනක් ගාවටනම් ඔයාට දැනුනු ඒ දුක වේදනාව තව සියගුණයකින් විතර වැඩි වෙනවා. ඒ වගේම හිතට තරහකුත් . පොඩි ඊර්ෂ්‍යාවකුත් ඇතිවෙන්න යන්නේ පොඩි වෙලාවයි.එයා මොනවද අලුතෙන් හොයන්නේ. ඔබෙන් නොලැබුණු හැගීමක් අනිත් කෙනාගෙන් ලැබෙන්නේ කොහොමද? හිතට වද දෙමින් කදුළු පෙරාගෙන ඔයා හොයන්නේ අන්න ඒ හේතුව.මාව එපා නම් මටත් එපා කියලා හිතන්න තරම් අපේ හිත සංවේදී නැහැ. ඉතින් ඔබව හැරගිය ආදරය ගැන සිත හිතා දවස් ගණන් විදවනවා.

Thursday, June 13, 2013

බොහොමයක් දේ කියාගෙන තනිකම.....

තනියම ඉන්න කැමති කවුද. කවුරුවත් කැමති නෑ තනියම ජිවත් වෙන්න . කවුරුත් කැමති යාලුවෝ නෑදෑයෝ අසල්වාසීන් එක්ක සතුටින් කාලය ගතකරන්න . ඒත් මේ හැමෝම දවසක අපෙන් වෙන් උනොත් එදාට නම් දුකක් පාළුවක් දැනේවි .. තනිකම එහෙමත් නැතිනම් පාළුව කියන එක අපි කාටවත් නුපුරුදු දෙයක් නෙවෙයි. මොකද අපි කාටත් එක දැනිල තියන දෙයක් නිසා. නමුත් අපි කොයිම වෙලාවකවත් මේ තනිකමින් ප්‍රයෝජනයක් ගත්තාද කියන එකනම් ප්‍රශ්නයක්. එහෙම ප්‍රයෝජන ගත්ත අයත් ඇති ඒත් ඊට වඩා ඉන්නේ ප්‍රයෝජන නොගත්ත අය.ගොඩක් අය තමන්ට තනිකමක් පාළුවක් දැනුනම කරන්නේ තමන්ගේ ලගම මිතුරාට මිතුරියට , එහෙම නැතිනම් ආදරවන්තියට, ආදරවන්තයට ඇමතුමක් , SMS එකක් දාන එක. ඒත් ඔයිට වඩා වෙනස්ව හිතන මිනිස්සු කරන්නේ නම් ඒ තමන්ට ලැබුණු තනිකමින් උපරිම ප්‍රයෝජන ගන්න එක.


ගොඩක් අය තනිකමෙන් මිදෙන්න උත්සහ කරනකොට තව කෙනෙක් තනියම ඉන්න දගලනවා. දැන් කට්ටිය කියයි උඹත් තනි වූ ගවේශකයනේ කියලා. ඇත්තටම මටත් මේ blog ලිවිල්ලට set උනේ විභාගේ ඉවරවෙලා කරන්න වැඩක් නැතුව පාලුවෙන් ඉන්නකොට තමයි..කොහොම කොහොම හරි කවුරුත් නොකිව්වට ගොඩක් අය කැමති තනියම ඉන්න.  ලෝකේ ගොඩක් නිර්මාණ බිහිවෙලා තියෙන්නේ තනිකම තුලින්. ඒ තනිකම කියන දේ කෙනෙක්ගේ යටි සිත අවදිකරන නිසා . ගොඩක් වෙලාවට අපි දකිනවා සමහර මිනිස්සු තනියම ජිවත් වෙනවා . එතකොට අපිට හිතෙන්නේ නම් එයා ඉන්නේ හරිම පාලුවකින් වෙන්න ඇති කියලා . එහෙම කියලා අපි ගිහින් එයාගේ පාළුව තනිකම මකන්න හැදුවොත් ඒක සමහර විට ලොකු අවුලක් වෙන්නත් බැරිකමක් නෑ.

Thursday, June 6, 2013

අපායෙන් ගැලවී විත් මහණදම් පිරූ තරුණයෙක්


මීතිරිගල වන සෙනසුනේ සිදුවූ සිදුවීමකි. මිනිස් සිතේ ස්වභාවය සිතුවිලි ගොඩ නැඟීමයි මිනිසා අවදිව සිටින සෑම මොහොතක් පාසාම අතීතය හෝ අනාගතය සම්බන්ධ කැරගෙන සිතේ සිතුවිලි ගොඩනඟයි අතීතයේ පංචේන්ද්රියයන් පින වූ අවස්ථාවන්ට සම්බන්ධ ආශාවල තණ්හාව මුසු ඇලීමේ සිතුවිලි ද තරහවල ද්වේෂය මුසු ගැටීමේ සිතුවිලි ද මොහොතක් පාසා සිතේ ගොඩනැඟේයඑසේ ම ඇලීම හා ගැටීම මුසු සිතුවිලි අනාගතය සඳහා ද සිතේ ගොඩ නැඟේග මිනිසා උපන්දා සිට මියෙන තෙක් ම සිදු කරන්නේ එසේ සිතුවිලි ගොඩනැඟීම යිග මේ බොහෝ දෙනෙක්  මේ දැන් කියන මොහොත ගැන නොසිතතියි සිතුවිලි ගොඩ නැඟීම යනු කර්ම රැස්කිරීමයි. ඒවා කුසල කර්ම හෝ අකුසල කර්ම විය හැකියග ඊට අනුවම විපාක යෙදේ. මේ එවැනි කර්ම විපාකයක් ගෙවන පුද්ගලයකු පිළිබඳ කතාවකි. මීතිරිගල නිස්සරණ වන සේනාසනය අක්කර පන්සියයක් පමණ විශාල වූ වන ගහනයක් මැද පිහිටි පුණ්ය භූමියකි. එකකට එකක් නොපෙනෙන තරම් දුරින් පිහිටි කුටිවලට වී භාවනා කරන යෝගීහු මේ සිත එක අරමුණකට ගෙන බැඳ තබා සමාධි සුවයක් විඳීන්නට උත්සාහ කරති. සිතුවිලි ගොඩනැඟීම් වශයෙන් තව තවන් කෙලෙස් රැස්කිරීම නතර කරන්නට උත්සාහ කරති. සේනාසනයේ කි්රයාත්මක වන කාලසටහන සිහිපත් කරමින් ර්‍ණගෙඩිය ගසා හඬ නංවන වාර ගණන අනුව මේ අවදිවීමටය. මේ වත සඳහාය. මේ භාවනාවයල මේ දානය සඳහා පිණ්ඩපාත යේ යෑමටයල මේ ගිලන්පස සඳහා දන්ශාලාව වෙත යෑමටය ආදී වශයෙන් යෝගීහු ඒ ඒ සංඥාවන් හඳුනාගෙන ඊට අනුව ක්‍රියා කරති. කතා කරමින් කාලය නාස්ති කිරීමද කෙලෙස් ගොඩ නැඟීමක් බැවින් නිශ්ශබ්දතාවයද භාවනාවේ දියුණුව සඳහා අවධාරණය කැර තිබේ. එසේ වුවත් යෝගී භික්ෂූන් වහන්සේ ඉඳහිට ධර්ම කාරණා පිළිබඳ සතුටුසාමීචියේ යෙදෙන අවස්ථා ද ඇත. දිනක් එවැනි ස්වාමීන් වහන්සේ කීප නමක් කර්මය හා කර්ම විපාකය පිළිබඳ සාකච්ඡා කරමින් සිටියහ. කර්මයට අනුව විපාකය ලැබේ නම් ඊට යම රජකු හා යම පල්ලන් මැදිහත් වන්නේ කුමටදැයි මට ගැටලුවකැයි එක් ස්වාමීන්වහන්සේ නමක් පවසති. කර්ම විපාක ගෙවන්නට තිබේ නම් යම් කෙනකුට වේදනාව ලබා දෙන්නට තව කෙනෙක් පහර දෙති. තුවාල කරති. කෙනෙක් පිහියෙන් ඇන මරා දමති. මැසි මදුරුවන් පනුවන් නිසා ලෙඩ රෝග වැළඳෙති. එහිදී පුද්ගලයකුට තවත් පුද්ගලයකුගේ කි්රයාකාරකම් වලට ලක්වීමට සිදුවෙයි. එසේම පේර්තයන්ල යක්ෂයන් නිසා මහ රහතන් වහන්සේට පවා පීඩා සිදුවූ බව ති්රපිටකයේ සඳහන් වෙයි. ඒ නිසා යම රජෙක් හා යම පල්ලන්ගේ සම්බන්ධය තිබිය හැකියැයි තවත් ස්වාමීන්වහන්සේ නමක් පැවැසූහ. කර්මයට අනුව කර්ම විපාක ගෙවීමට සිදුවීම අවබෝධ කරවන්නට යම රජකු හා යම පල්ලන් ඉදිරිපත් කිරීමෙන් මිනිසා අකුසලයෙන් මුදවා ලිය හැකි බැවින් මේවා නිර්මාණ විය නොහැකිදැයි තවත් හිමි නමක් අදහස් දක්වති.යම රජු හා යම පල්ලන් පිළිබඳ කියන කතා අසා සිටිමින් ඒ පිළිබඳ ගැඹුරින් සිතූ තවත් භික්ෂූන් වහන්සේ නමක් අඬන්නට වූහ. භාවනාවෙන් යම් තරමකට දියුණු කළා වූ සිතක් ඇති උන්වහන්සේට ස්වකීය අතීතය සිතුවම් පොටක් සේ දිස්වන්නට වීය. උන්වහන්සේ ඒ පිළිබඳ විස්තර කළේ මෙසේය.මං මේ ආත්මයට පෙර ආත්මයෙන් එහා ආත්මයේ ටිකක් බලපුළුවන්කාරයෙක් ලෙස තමයි ඉපදිලා හිටියේ. පන්සිල් පද පහම ආරක්ෂා කළේ නෑග තුන්වැනි සිල්පදය බහුල වශයෙන් ම කැඩුවා. සත්ත්ව හිංසාවෙත් යෙදුණා. අනුන් සතු සම්පත් බල පුළුවන්කාරකමෙන් අයිති කැරගත්තා. 

Friday, May 31, 2013

ආදරයට කතාකරන ඇස්.... !!

අපිට අදහස් හුවමාරු කරගන්න විදි ගොඩක් තියනවා . ඒ කියන්නේ සන්නිවේදන ක්‍රම , එකිනෙකා අතර වෙන වචන හුවමාරු , විවිධාකාර අංග චලන වලින් කරන අදහස් හුවමාරු බොහොමයි . ඔය අදහස් හුවමාරු වලින් සිනහව, දුක, තරහව සහ ආදරය , කියන හැගීම් සියල්ලක්ම ඇතිවෙන්න පුළුවන්. අද කතාව කියන්න යන්නේ ඒ විදිහට ඇතිවෙන ආදරය ගැන .එකිනෙකා ආදරයෙන් බැදෙන්නේ නොදැනුවත්වමයි. එසේ ඇතිවෙන සබදතා සියල්ලම කෙලවර වෙන්නේ විවාහ වෙලාද ? නැතිනම් ඒ ආදරය නොලැබීම තුලින් ඒ ආදරවන්තයින් සදාකාලිකවම තනිකඩ ජිවිත ගතකරනවාද? ඒක වෙනම කතාවක් . එහෙත් ඔය කියන ආදරය ලෝකයේ කා තුලත් ඇතිවන්නේ නොදනුවත්වමයි කියන කතාවනම් ඇත්තක් . සමහර වෙලාවට ඔහුට හෝ ඇයට ඇතිවී ඇත්තේ ආදරයක් බව සමීපතමයකු ඔහුට කියන තෙක්  එය ඔහුට හෝ ඇයට දැනෙන්නේ නෑ. ඒක ඔයාලත් ඇතැම් වෙලාවට අත්විදලා ඇති. කොහොමින් කොහොම උනත් එසේ ඇතිවෙන සත්‍යම ආදරය විවාහයෙන් පසු අවසාන මොහොත දක්වාත් පවතිනවා. මම මේ කියන නොදැනුවත්වම ඇතිවෙන සත්‍ය ආදරයට මුල්ම පියවර තබන්නේ ඔබේ දෙනෙත බව මම කිව්වොත් ?!...........


Saturday, May 11, 2013

ආත්මාර්ථකාමී අපි ...... !!

ඇය උසයි දයාබරයි .යාලුවෝ විහිලු කලත් ඇය ඒවා නොදන්නවා වගේ ඉන්න එක ගැන මට තියෙන්නේ සතුටක්. මොකද ඇගේ හිත හදන්න මට වෙනම වෙහෙසක් දරන්න ඕනේ නැති නිසා.ඔව් ! ඇය මට වඩා වැඩිමල්. ඒ වැඩිමල් කම මට ගෙනත් දුන්නේ මොනවද දයාබරකම දැනුවත්කම , ඉන් එහාගිය රැකවරණය . ඒ කරුණු මත මේ වැඩේ වැරද්දක් කියල කවුරු නම් කලත් ඒක සාදාරණය කරන්න හේතු මගේ ගාව තිබුනා.


ඇය මාව හැමදේටම උනන්දු කළා , උදව්කලා කවදාවත් මනසින් පහතවැටෙන අත්දැකීමක් ඒ තුල මට ඇතිවෙලා තිබුනේ නෑ.වෙනත් ආදරකතා වල මොහොතකට හෝ බලපාපු ඒ හැගීම් ,මේ ආදරය තුලදී ඇති නොවිමම මේ ආදරයට මගේ ඇති බැදීම්  තව තවත් වැඩිකලා. එක් තැනකදී ඇයගේ හිතට දුකක් දැනුනා යයි හැගුනු තැන් මට තිබුනා. ඒ හැගීම් බොහෝ දුරට ඇයගෙන් නැගුනේ මා ඇයට වඩා බාල බව යම් කරුණුවලදී ඉස්මතු වෙන වේලාවන් නිසයි. ඒ හැගීම් ඇයගෙන් ඈත් කිරීමට මම හැකි සෑමවිටම මම ඇයට වඩා වැඩිහිටියකු ලෙස වෙහෙසෙන්නට කටයුතු කළා. එය ඇයට අත්වසිල්ලක් වෙන්නට ඇති. නමුත් බොහෝවිට මම වැඩිහිටියකු වූ සෑම මොහොතකදීම වගේ මට “පණ්ඩිතයා ” යැයි ඇගෙන් සමච්චලයට ලක්වෙන්නට සිදුවුනා.

Monday, April 22, 2013

ජීවිතය වීඳවන්නට නොව, විඳින්නට කියාදෙන බුදු දහම .....


 බුද්ධ  යන වචනයේම ඇත්තේ මහා උතුම් බවක් . ලෝකයට බුද්ධ යන වචනය අහන්නට ලැබෙන්නෙත් ඉතා සුළු කාලයක් .එවන් කාලයක් ජිවත් වීමට හැකිවීමත් අපේ වාසනාවක් . නමුත් බුදුදහම ගැන ගොඩක් දෙනෙක් කතාකරන්නේ අසුබවාදය කියාදෙන දහමක් ලෙසින් පමණයි . අසුබවාදය තුලින් පුද්ගල හැකියාවන් යටපත් කර ඒ තුලින් පුද්ගලයා කායිකව හා මානසිකව උදාසීන කරනවා යැයිද , හුදකලා කරනවා යැයිද , එහෙයින්ම බුදු දහම ඇත්තේ ජීවිතය විදින්නට නොව විදවන්නට යැයි කියන බොහෝ බටහිර උගතුන් හා වියතුන් සිටිනවා.එහෙත් බුදුදහම පිලිබදව නිසි අවබෝධයක් ඇති කෙනෙකුට හෝ බුදු සමය ශ්‍රද්ධාවෙන් වැලදගන්නා දාර්ශනිකයකුට මුලින්ම පෙනීයන්නේ බුදු දහම මගින් ජීවිතය විදවන්නට නොව විදීමට කියාදෙන බවයි.


මිනිස් සිත අසීමිත ආශාවන්ගෙන් පිරි ඉතිරි යනවා. ඒ ආශාවන් නිසාම ඒ පසුපස සිත නොනවතින ගමනක යෙදෙනවා. හඹා යනවා. සිත මුල් කරගත් මෙම ආශාවන් මිනිසාත් , මිනිසාගෙන් සැදුනු මේ මුළු ලෝකයත් පාලනය කරනවා. අසීමිත ආශාවන්ගෙන් පිරුණු සිත කවදා වත් ලැබෙන දෙයින් සතුටු වෙන්නේ නම් නෑ .. ඒ නිසාම තව තව දේ ගැන ආශාවන් ඇතිකරගනිමින් ඒවා පසුපස හඹා යනවා. සිත සහ සිතුවිලි කියන දේ අතරේ ක්‍රියාකාරිත්වය ස්වභාවයෙන්ම සැදී ඇත්තේ සංතෘප්ත නොවන අතෘප්තිකර අරමුණු හඹා යෑම සදහායි.ලෝකයේ ඇති බොහෝ ආගම් වල සිදුවන්නේත් පුද්ගලයාට අතෘප්තිකර අරමුණු හඹා යාමට අනුබලදිමයි . එහෙත් එයින් වෙනස් වුනු බුදු දහම අතෘප්තිකර අරමුණු සංතෘප්ත කරගැනීමට කියා දෙයි . එහෙයින් ඔබ මදකට සිතන්න ඔබට  අවශ්‍ය ජිවිතයේ අතෘප්තිකර ස්වභාවය තුල ජිවත් වීමටද නැතිනම් එයින් මිදී ඔබේ සිත හා ගත සන්තෘප්තිමත් සැනසිලි දායක තත්වයකට පතක ගන්නටද ...... ?

Friday, April 12, 2013

සිංහල අලුත් අවුරුද්ද..........


අලුත් අවුරුද්දකුත් ආවා. කට්ටිය හරිම කඩිසරයි . ඇදුම් ගන්න . ගෙවල් අස් කරන්න රටේ නැති වැඩ . අවුරුද්දට කට්ටියක් ලෑස්ති වෙනකොට තව කට්ටියකට ඒක මහා වදයක්. පෙළක් අයනම් කියන්නේ එයාලට හැමදාම අවුරුදුනේ කියලා . පෝසතාට හැමදාම අවුරුදු තමයි ඉතින් නැති එකාට මුකුත් නෑ .. ඇතිදා සිනි නැතිදා ගෝනි. කොහොම උනත් අවුරුද්දට ඇදුම් කඩ වල නම් සෙනග පිරිලා උපරිමටම. සමහර කඩ වලට යන්න බැරි තරම් .. ඕවා බලන් ඉන්න වයසක සීයල ආච්චිලා නම් කියන්නේ “මුන් අවුරුද්දම හෙළුවෙන් ඉදලද මන්දා” කියලයි . අනේ මන්දා ඕවා. කොහොම කොහොම උනත් එදාවේල කන්න නැතත් කට්ටිය උනත් ඇදුම් නම් ගන්නවා අවුරුද්දට හොදට. කවුරු උනත් කැමති අවුරුද්දෙන් පස්සේ අලුත් ඇදුමක් අදින්න. තමන්ට නැතත් පොඩි එවුන්නටවත් ඇදුමක් අරන් දෙන්න. උන්ට කෑමක්වත් හදල දෙන්න තියන දෙයක් උකස් කරලා හරි කමක් නෑ කියල හිතන දෙමවුපියොත් නැත්තේම නෑ. කොහොම උනත් අවුරුද්දට මොනවා හරි ගන්න මමත් ගියා කඩේකට .. ඒක ඇතුලේ ඇගිල්ලක් ගහන්න ඉඩක් නෑ .. මමත් ඉතින් වැඩේ අත්හැරියේ නෑ. කලිසමක් ගන්නයි ගියේ එකක් තෝරලා අනික තව එකක් බලනකොට කලින් බලපු ඒක නෑ වෙන එකෙක් ඒක අරන් ගිහින් .. කොල්ලන්ට වඩා කෙල්ලන්ගේ එකේ තමයි වැඩේ දරුණුවට යන්නේ .. කෙල්ලෝ එක්ක එන කොල්ලන්ට දෙයන්ගේම පිහිටම තමයි. එක කෙල්ලෙක්ගේ බිල අහපු කොල්ලගේ ඇස් උඩගියා. තව පොඩ්ඩෙන් ඒ කොල්ලාට “ on the go ” තමයි .. මමත් විනාඩි 20 විතර පෝලිමේ ඉදල කලිසමත් අරන් ගෙදර ආවේ ආයේ අවුරුදුකාලෙට කඩවල් වලට යන්නේ නෑ කියල හිතාගෙන...අද කතාව ඔච්චරයි ... වැඩිය කියන්න දෙයක් නෑ .. ඔයාල හැමෝටම ලබන්නා වු සිංහල අලුත් අවුරුද්දද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !!!! 

Saturday, March 23, 2013

තාක්ෂණය ප්‍රයෝජනයට ගැනීම හා වහල් වීම...


තාක්ෂනය ලංකාවට අලුත් දෙයක් . මීට අවුරුදු ගණනාවකට කලින් නම් ලංකාවේ  තාක්ෂනය මුළු ලෝකයම විශ්මයට පත් කළා විතරක් නෙවෙයි ඒ තාක්ෂනය අද සිටින අයටවත් හොයා ගන්න බැරි තරම් සංකීර්ණයි. අද කතාව තාක්ෂනය ගැන තමයි ඒත් එදා ඒ තිබුණු තාක්ෂනය ගැන නම් නෙවෙයි අද තාක්ෂනය ගැන ..
මේක ලියන්න ගන්නකොට මට මතක් වෙනවා ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ බොහෝ දෙනෙකුට ඇවිල්ල තිබුණු SMS පණිවිඩයක් ඒකෙ ලියල තිබුනේ මෙහෙම දෙයක් . “අගහරු ලෝකයෙන් විහිදෙන අහිතකර කිරණ විශේෂයක් නිසා උදේ පාන්දර 12.30 ත් 2.30 අතර තමන්ගේ ජංගම දුරකථනය ඈත් කර තබන්න” . මේ පණිවිඩය ලැබීමත් සමගම ඇතැමුන් තම දුරකථන ක්‍රියා විරහිත කර තැබූ අතරම , ඇතැමුන් දුරකථනය තමාගෙන් හැකිපමණ ඈතින් තබාගත්තේ තමන්ට මොනවා හෝ අතුරු අබාධයක් ඇතිවියි කියනා බය නිසාමයි . ඒ අතර අගහරු තියා පෘථිවිය පිපුරුවත් තමාගේ වැඩ කරගෙන ගිය පිරිසකුත් නැත්තේම නෑ. මේ කියන්න හදන්නේ SMS ගැන කතාවක් නෙවෙයි. ඒත් මේ යක්කු ගස්වලින් බහින වෙලාවේ දුරකත තමාගෙන් ඈත් කරන්නට කියා කෙටි පණිවිඩයක් යවන්නට තිබු අවශ්‍යතාවය ගැනයි . ඒ පණිවිඩය නාසා ආයතනය හෝ වෙනත් කෙනෙකුගේ පණිවිඩයක් උවත් ඒ වගේ පණිවිඩයක් හුවමාරු වෙන්නේ වැඩි දෙනෙකු දුරකථනය ලංකර සිටින්නේ ඒ වෙලාවටම නිසායි. ඇතැමුන් පස්ස උඩ දා ගෙන නිදා ගන්නා මෙවන් වෙලාවක , ජංගම දුරකථනය කනේ ගසාගෙන හෝ කෝට්ටේ යට තබාගෙන නිදි මරමින් සිටින්නේ කුමන හේතුවකටද ? කලියුග කාලෙනේ කියලා කෙනෙක් කියන්නත් පුළුවන් , බලන්ගියාම ඒකේ ඇති වරදකුත් නෑ .

Friday, March 8, 2013

නංගි” වචනය “බඩුව ” බවට පත් වූයේ කාගේ වරදින්ද ?

අදවන විට ශ්‍රී ලංකාව පුරා කාම රැල්ලක් මතු වී ඇත.අම්මලා දරුවන් සමග යන්නේ ත්‍රී-ක්වාටර් හෝ හැකිනම් ඊටත්වඩා කුඩා ඇදුම් අදිමින්ය. පිරිමි නම්න් පෙනී සිටින නපුන්සකයෝ සිය සහකාරියට සිය නිරුවත සමාජයට පෙන්වීමට ඉඩ දී බලා සිටිති.නිරුවත පෙන්වීම මානසික ලෙඩක් ලෙස අද හදුනාගෙන ඇත. එය ප්‍රදර්ශන කාමය නම් මනෝ රෝගයයි. එයින් ලිංගික සන්තර්පණය ලබන පහත් අමන කාන්තා යන නමට පවා කැලැලක් ඇති කරන එළදෙන්නුන් තමන්ගේ පහත් ආශාවන් ඉටුකර ගැනීමට පොදු ප්‍රවාහන සේවා යොදා ගනිති. හදිසියේ හෝ පිරිමියෙකුගේ අතක් වැදුන විට කෑ ගසමින් තමන්ට අතවර කරනවා යැයි කෑ ගසති. බස්රථය තුල සිටින පිරිමින්ද ලකුණු දමා ගැනීමට අර අසරන පිරිමියාට පහර දී පොලීසියට භාර දීමට කටයුතු කරති.එදා හෙළ වනිතාව විලුඹට ආසන්න වන තෙක් සිය යටි ඇදුම ඇන්දාහ. උඩු ඇදුම ඇද තුවායක් වැනි යමක් කර වටා දමාගත්තාහ.


පෙකනිය නොදක්වා....

සලු අද බොලට දක්වා....

නොපව තන සක්වා....

සිනා නොමසෙන් දසන් දක්වා.....

Sunday, February 24, 2013

කැමති අකමැති ලිංගිකත්වය ....!!


ඔන්න අද ටිකක් වෙනස් කතාවක් . ලිංගිකත්වය ගැන පුංචි දෙයක් කියන්නයි අද සුදානම් වෙන්නේ . මම මේකට 18 + කියලා දාන්නේ නම් නෑ . මොකද එහෙම දැම්මාම වැඩිපුරම කියවන්නේ 18 - කට්ටියනේ .. ඇත්තම කතාව ලිංගිකත්වය කියන්නේ මිනිස්සු දැනගෙන ඉන්න ඕනේ දෙයක් . හැබැයි ඉතින් ලංකාවේ ඔය වචනෙට තියෙන්නේ බොහොම අඩු මානසිකත්වයක් .කෙනෙක් sex  කියලා කිව්වත් එකාව කන්න වගේ බලන සමාජයක් .. එහෙනම් ඉතින් මගේ කතාව පටන් ගන්නම්කෝ.
ලිංගිකත්වය  එහමත් නැතිනම් ස්ත්‍රී සහ පුරුෂයන් අතර සිදුවෙන ශාරීරික බැදිම එක ආකාරයකින් සමාජය තුල කුතුහලයක් ඇති කරවන තවත් එක මාතෘකාවක් . ලංකාව වැනි දකුණු ආසියනු රටවල ගොඩ දෙනෙකුට ලිංගිකත්වය ගැන මනා දැනුමක් නෑ. කලින් කිව්වා වගේම ලංකාව තුල නම් බහුතරයකට ලිංගික දැනුමක් ඇත්තෙම නෑ . සමාජයේ කතා බහට ලක්වියයුතුම එහෙත් කතා බහට ලක්වෙන්නේ නැතිම මතුකාවක් තමයි මේ ලිංගිකත්වය කියන්න මාතෘකාව .. ඒ ගැන කව්රුන් හෝ ප්‍රසිද්ද තැනක කතා කලොත් ඒ පුද්ගලයන්ට එතන සිටින අයගෙන් ඇතිවෙන්නේ අප්‍රසාදයක් ..

Wednesday, February 20, 2013

පැට්‍රල් වහලා බයිසිකලේ තල්ලු කරන් ඇවිත්...!!!!


කාලෙකින් මුකුත් ලියන්න බැරි වුණා. මේ පාරත් ලිව්වේ කතාවක් ,හැබැයි මේක සත්‍ය සිදුවීමක් .කියවලම බලන්නකෝ හොදයිද කියලා.2008 වර්ෂය ලංකාවට දුම් පරීකෂා කිරිම හදුන්වා දුන් මුල් අවදියයි .මේ ඒ දවස්වල කොළඹ නුවර පාරේ මිරිස්වත්ත දුම් පරීකෂා කරන තැන සිද්ද වුනු ඇත්ත සිදුවීමක් . වෙලාව දවල් 1ට විතර ඇති .වයස අවු 55 විත‍ර මහත්තයෙක් තමන්ගේ හොන්ඩා වර්ගයේ බයිසිකලයත් අරගෙන ආවලු දුම්පරික්ෂා කරන්න. දුම්පරිකෂාවට අදාල ලියකියවිලි පරික්ෂා කරලා දුෂ්‍ය පරික්ෂාව සිදු කලාට පස්සේ දුම් පරික්ෂාව කරන්න බයිසිකලය යොමු කලාලු .
දුම් පරික්ෂා කරන්න වාහනය ගෙනීච්චාම ඒකෙ එන්ජින් එකේ පොට යනකම් ඇක්සල් එක කරකවනවා කියලා ඔයලා කවුරුත් දන්නවනේ. ඉතින් මේ බයිසිකලෙත් ඒ විදියට පරික්ෂා කලාලු . ඒත් දුම් පරික්ෂා කරනකොට ඒ බයිසිකලයෙන් නැගුන හඩ කාගේත් කන් බිහිරි කරනවන තරම් උනාලු.නමුත් ඒ පිලිබදව වගක්වත් නැති බයිසිකලේ අයිති කරු දුම් පරීකෂා කරන අයුරු මහත් ඕනේ කමින් බලන් හිටියලු . දුම් පරීක්ෂාවෙන් සේපාල මහතාගේ (අයිතිකරු ) අතට ලැබුණු සහතිකය අසමත් සහතිකයක්. දෙවුරත් දෙබැමත් එකවර හකුලා අසමත් සහතිකයේ කළු අකුරු දෙස එබී බැලුවද එහි ඉංගිරිසි අකුරු සහ ඉලක්කම් වලින් දක්වා තිබුණු කිසිවක් ඔහුට තේරුම් ගන්න බැරි වුනා .ඊළගට ඔහු ලගට අවේ මද්‍යස්ථානයේ තාක්ෂණික උපදේශක මහතායි.ඔහු  පැමිණ සහතික පත්‍රයේ සදහන්ව තිබුණු දේ ඔහුට පැහැදිලි කර දෙන්නට වුණා.

Friday, January 18, 2013

අපේ Life එක ...


ජීවිතය එහෙමත් නැතිනම් life  එක කියන්නේ නම් හරිම පුදුම දෙයක් . ඇත්තටම මේ ජිවීතය කියන්නේ මොකක්ද ? මිනිස්සු ඒක හරියටම තේරුම් අරගෙනද? නැත්නම් මිනිස්සු life එක ගැන හොයනවද  කියන එක නම් ප්‍රශ්නයක්.  අද කව්රුත් කියන කතාවක් තමයි මිනිස්සු ජීවිතය විදින්නේ නැ විදවනවා කියලා.. කවුරු කොහොම කිව්වත් life  එක එහෙමත් නැත්නම් ජීවිතය හොදින් ගතකරන්නේ මුළු ලෝකෙන්ම ගත්තම ඉතා සුළු පිරිසක් . කව්රුහරි කියයි දැන් එහෙම නෑ ලෝකය දියුණුයි මිනිස්සුගේ අතමිට සරුයි කියලා. ඒත් මිනිස්සුන්ගේ ආකල්ප වල පිබිදීමක් වෙලා නෑ නේද? යන්ත්‍ර වැඩි වෙනකොට මිනිස්සු වැඩ කරන ප්‍රමාණය  අඩුයි . වැඩකරන්න හදන ප්‍රමාණයත් අඩුයි.. එකම  තැන පස්ස රත්වෙනකම් ඉදගෙන  ඉන්නවා මිසක් කිසිම වැඩක් කරන්නේ නෑ . කකුලට පස් ටිකක්, තණකොළ ටිකක් පෑගෙන්නේ නෑ ගෙවල් ඇතුලෙත් සෙරෙප්පු දාගෙන . වාහන වලින්මයි ගමන බිමන ..ඉතින් රටේ නැති ලෙඩ ..මේකද අපිට ඕනේ life එක ? ඒක කාටත් ප්‍රශ්නයක්.

Tuesday, January 15, 2013

යක්ෂනියක්ව ඉපදුණු හින් කුමාරිහාමි ....


කාලෙකට පස්සේ ආයෙත් කතාවක් කියන්න ඕනේ කියල හිතුනා .. ඔන්න ඉස්සර කාලේ උඩරට පැත්තේ ගමක නිලමේ කෙනෙක් හිටියලු. මේ නිලමේගේ මැණිකේ ටිකිරි කුමාරිහාමි ඇත්තටම ලස්සන කෙනෙක්. මේ නිලමේ ඒ පැත්තේ හිටිය ලොකු වත්කමක් තිබුණු හොද වලව් කාරයෙක්  .. ඉඩකටම් පතුපිටි යානවාහන ඇති තරම් තිබුනත් දරු සම්පත් නැතිකමෙන් මැණිකෙයි නිලමෙයි හිටියේ ගොඩක් හිත් අමාරුවෙන් . දරු සම්පතක් ලැබෙන්න කියලා බලි තොවිල් කොච්චර කලත් එවයි වැඩක් උනේ නම් නෑ . ඉතින් මේ දෙන්න ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්නකොට එක ගුරුන්නාන්සේ කෙනෙක් කිව්වලු කතරගමට ගිහින් දෙවියන්නට  බාරයක් වෙන්න කියලා . ඊට පස්සේ ඉතින් එකත් කොරල බලමු  කියල දෙන්නත් එක්ක ගිහින් දෙවියන්ට බාරයක් උනාලු.

Tuesday, January 1, 2013

අවුරුද්දේ අලුත් බලාපොරොත්තු..


ඔක්කෝටම ඉස්සර වෙලා කියන්න දෙයක් තියනවා ඔයාලා හැමෝටම 2013 වසර සාමය සතුට පිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා !!!.. මේක තමයි මේ අවුරුද්දේ මම ලියන පලවෙනි ලිපිය .අද ලියන ලිපිය පැති දෙකක් තුනක් එකට එකතු කරලා සම්බෝලයක් හදල ඔයාලට දෙන්න ඕනේ කියල හිතුන. කියවලා බලන්නකෝ අවුරුද්දේ පලවෙනි ලිපිය මෙලෝ රහක් නැද්ද කියලා .


 2013 අලුත් අවුරුද්දකුත් ආවා . වසරක් පුරාවට  බදාගෙන ආපු සිතුවිලි මේ අවුරුද්දෙත් පොදි බැදගෙන. ඒ අතරේ ගිය අවුරුද්දේ ඉෂ්ට කරගන්න බැරි වුන බලාපොරොත්තුත් තියනවා. ඒවා තමයි වැඩි පුරම තියෙන්නේ .. අලුත් බලාපොරොත්තු තියෙන්නේ පොඩ්ඩයි . කොහොම උනත් හැමෝම මේ අවුරුද්දට පයගහන්නේ නම් මේ අවුරුද්දේ කොහොම හරි වැඩටික කරගන්නවා කියන සිතුවිල්ලත් එක්ක. ඒක හොද දෙයක්. අපිව ජිවත් කරවන්නේ අලුත් බලාපොරොත්තු , අලුත් කෙසේවෙතත් බලාපොරොත්තු එහෙම කිව්වොත් හරි. මේ මට හිතෙන විදිහ . බලාපොරොත්තු ඉෂ්ට කරගැනීමේ ඇති වැරද්දක් නෑ. ඉෂ්ට කරගත්තේ නැති නම් ඒ බලාපොරොත්තුවෙන් ඇති වැඩකුත් නෑ .

Related Posts Plugin for WordPress, Blogger...