Friday, June 29, 2012

ආලේ කරනා කාලේ ......



තනිකඩ ජීවිතේ fun තමයි, ඒත් දෙන්නෙක් අවංකව එකිනෙකට ආදරය කරද්දී දැනෙන සතුට , හැගීම ඊට වඩා වෙනස් දෙයක්.. ඔයාලටත් මේ දේවල් දැනිල තියනවද / විදලා තියනවද එහෙනම් ඔයාල වාසනාවන්තයි... මොකද ඕක හැමෝටම ලැබෙන්නේ නැනේ. පෙළක් ඇය නම් “ හපෝ මම වැටුන අපායක් කියල කියනවා.. ගොඩක්ම කියන්නේ බැන්දට පස්සේ.හරි අද ඒක නෙමෙයි  කතාව. ආදරය කරන කලේ කරන දේවල් ගැන

Saturday, June 23, 2012

අන්දරේගේ ආසාව


ඔන්න අන්දරේ දවසක් රජ වාසලට ආවලු. ඇවිදින් රජතුමාව හෙව්වලු. හොයල හොයල බැරිම තැන පුරෝහිත්ගෙන් ඇහුවලු රජතුමා කොහෙද කියලා .. එතකොට පුරෝහිට කිව්වලු රජතුමා රාජකාරි වැඩකට එලියට ගියා දැන් එයි කියල. ඉතින් අන්දරේ රජතුමා එනකන් කියල රාජ උද්‍යානයේ සක්මන් කර කර හිටියලු .. මෙහෙම ඉන්න අතරේ රජතුමාගේ අලුත් අග බිසව ස්නානය කරලා ආවලු අන්දරේ ලගින් ඉතින් අන්දරේ අහකට වෙලා බිසවට ආචාර කලාලු .. රජ බිසවත් හීන වෙලා යන්න ගියාලු .. මේ බිසව හරිම ලස්සන ලදක්. ඉතින් අන්දරේට වෙනදට වඩා අමුතු අදහසක් පහල උනාලු.. ඇත්තම කියනවනම් කැමැත්තක් ඇති උනාලු.. අන්දරේට කොච්චර මේක හිතට වැදුනද කියනවා නම් රජතුමා එනකම් ඉන්නේ නැතුව ගෙදර ගියාලු... ගෙදර ගියත් අනදරේට මතක වෙන්නෙම රජ බිසවමලු .. කලපනා කරලා කල්පනා කරලා අන්දරේ තීරණය කලාලු රජතුමාට මේ ගැන කියන්න...

Friday, June 22, 2012

සම්මතය සහ අසම්මතය ........


ජිවිතයේ අපි දකින හීන අපේ හිත ඇතුලෙම ඉපදිලා හිත අතුලේම නැතිවෙලා යනවා.හරියටම හීනයක්‌ වගේ.සංස්කෘතිය සම්මතය වගේ මිනුම් දඩු දාල අපේ සිත හිර වෙලා .. සිතේ ඇතිවෙන සිතුවිල්ලක් තව කෙනෙකුට කියන්න දෙපාරක් හිතන්න වෙලා ... පොලවේ පය ගහගෙන ඉන්න අපිට අපේ අහිංසක සිතුවිලි වලට නිදහසේ නැගී සිටින්නට සමාජයක් අවශ්‍යයි. කෙනෙකු කියන දෙයක් ඇසීමත් එය පිලිබදව ටිකක් හෝ සිතීමත් අපගේ යුතුකමක්. සම්මතය ගැනම සිතා කෙනෙකු කියන දෙයක්  ඉවත හෙලීම තරමක් මෝඩ ක්‍රියාවක්.කෙනෙකුගේ සිතිවිලි වලට ඉඩක් ලැබෙනවා නම් එය සම්මතය හෝ අසම්මතය වේවා සත්‍ය තේරුම ගැනීම පහසු කරුණක්...

Monday, June 18, 2012

සැබෑ මිතුරෝ ....!!!!!!


phone  එකේ facebook වල class එකේ මේ හැමතැනම එක එක විදිහේ යාළුවෝ පිරිලා ඉතිරිලා ගණන් කරගන්නත් බැරි තරම් ...ඒ උනාට කොතන හරි පුංචි වැරද්දක් තියනවා.මේ විදියට මොන තරම් යාලුවෝ හිටියත් සිනාවට කදුලට ඒක වගේ ලග ඉන්න එකම ඒක යාලුවෙක් වත් හොයාගන්න ටිකක් අමාරුයි.


සැබෑ මිතුරෙක් ජීවිතේට ලොකු ශක්තියක්.අප්‍රමාණ ආශිර්වාදයක් සැබෑ මිතුරෙක්. සතුටට වගේම දුකටත් ලග රැදිලා ඉන්න දියුණුවට අතදෙන සොදුරු මිතුරකුගේ වටිනාකම මිල කරන්න බැරිතරම්.ඒත් මේ සයිබර්  අවකාශයේ මානව දයාවෙන් පිරුණු හදවතක් සොයා ගන්න ඒක ලේසි පහසු කාර්යක් කටයුත්තක් නෙමෙයි. 21 සියවසේ මිනිස් සමාජය ඊෂාවෙන් කුහකකමින් පිරිලා. ඉතින් මානව දයාව අවංකත්වය හා විශ්වාසය පිරුණු සගයෙක් හොයා ගන්න එකත අමාරුයි.බාහිරින් දකින පාටින් හැඩරුවින් එකෙනගේ අභ්‍යන්තර හැගීම් තේරුම් ගන්න බෑ..අන්න ඒ නිසයි  අපි ගොඩක්  වෙලාවට කරදරේ වැටෙන්නේ.අත් වැල් බැදගෙන ලග ඉන්න මිතුරන් උන් හිටි තැන හිටි හැටියේ පැන දුවන්නේ කදුළු පොදක් වැටුන හැටියෙමයි....අද මිත්‍රත්වයේ සැබෑම තත්වය මෙයයි.

Saturday, June 16, 2012

ගැහිල්ල


අපි අද ගැන ගැහිල්ල  කතා කරමු .අපි පුංචි සන්දියේදී ජිල්බෝල ගැහිල්ල කළෙමු .එකට ඇට බෝල ගැහිල්ල කියාද කියති.ටිකක් ලොකුමහත් වෙන විටදි නම් ගැහිල්ල විවිධකර වෙයි. පිරින්මින්ගේ ගැහිල්ල අත් පන්දු  ගැහිල්ලයි. කුට්ටි කුට්ටි අඩුක් කරගන්න නම් අපේ රටේ ක්‍රිකට් ගැහිල්ල කල යුතුය .කණ්ඩයමේ ඇය ක්‍රිකට් ගැහිල්ල කරන විට  කොටි ගණන ගැහිල්ල කරන්නේ නිලධාරින්ය.ක්‍රිකට් ගැහිල්ල පැත්තකට දාමු.අපේ අය ෆුට් බෝල  ගැහිල්ල ද කරති .වොලී බොල් ගැහිල්ල ද කරති .ක්‍රීඩකයන් ඔයා සියලුම ගැහිල්ල ට පුරුදු වෙද්දී තිරයෙන් පිටුපස සිටින බලධාරීන් හිටු කියල ගැහිල්ල කරති. ටෙනිස් ගැහිල්ල රගර් ගැහිල්ල බිලියඩ් ගැහිල්ල ලොකු අය කරති.පාලු ඉපනැල්ලේ එල්ලේ ගැහිල්ල කරන්නේ පොඩි පොඩි මට්ටමේ අයයි.

විසිල් ගැහිලද අපේ රටේ සුවිශේශි ගැහිල්ලකි.පෙන්වතා  දුෂ්ටයාට පැණි පෙරෙන්න ගැහිල්ල කරන විට සිනමා ශාලාවේ ගැලරියේ සිටින පිරිස අමන්දානන්දයට පත්වී විසිල් ගැහිල්ල කරති.පාරේ සිටින පොලිස් නිලදාරීන් විසිල් ගැහිල්ල කරන්නේ තදබදය අඩු කරන්නටය.දැන් පාසැල් මාර්ග නියමක සිසු සිසුවියෝද විසිල් ගැහිල්ල කරති.ලස්සන හැඩරුව අග පසග ඇති කෑල්ලක් දුටුවම අනංග වයසේ පසු වන කොල්ලන්ගේ මුවින් ඉබේම විසිල් ගැහිල්ල සිදුවේ.කම්මුලට ඇත ගැහිල්ල කරන්නේ හනේ හපොයි කියා සිතෙන විටය .පදම් වී ගේදරට පැමිණෙන සැමියා බිරිදට කම්මුලට ගැහිල්ල කරන්නේ බිරිදගේ කෑ ගැහිල්ල ට විරුද්ධවය.මෙය දකින ගෙදර පොඩි උන් කෑ ගැහිල්ල මෙන්ම ඉකි ගැහිල්ලද කරති.

Friday, June 15, 2012

ගීතය

ආදරය කියන්නේ මහා පුදුම දෙයක් .ඇත්තම කියනවනම් ඒක පරිත්‍යාගයක් .ඔයාලත් එසේ ආදරය ලබන්නෙක් නම් ආදරය කරන්නෙක් නම් ඔයා හරිම වාසනාවන්යෙක්.අද ලිපියෙන් මම ආදරය ගැන කියන්න බලාපොරොත්තුවක් නැ. මේක ආදරය හා බැදුන දෙයක් නිසයි මේ ටික හරි ලිව්වේ.ආදරය ගැන මතක් කරනකොට ගීතය කියන දේ නැතුවම බැරි දෙයක්.ආදරය ගැන ලියවුන ගීත කොපමණදැයි කියල අවසන් කරන්න බැරි තරම්.විවිධ භාෂා  වලින් ලියවුන විවිධ ගීත කොතරම්  නම් තියනවද.සාමාන්‍යයෙන් ගීත ලියවෙන්නේ සිතේ ඇතිවන සිතුවිලි සමග ... සතුට දුක ආදරය වගේ සිතුවිලි සමග ගීතය උපදිනවා.අද්දැකීම් සමගත් ගීත උපදිනවා ..මේ ලිපියත් අද්දැකීම් වලින් ලියවුන ගීතයක් ගැන.ඇත්තටම මේක ගීතයක නිධාන කතාවක්..

Monday, June 11, 2012

බල්ලොත් නොකන “ සල්ලි “


ඔබ මම ජීවත් වෙන මේ සමාජය තුල ඇති  විවිධ  දේ  අතුරින් මුදල් වලට ඇත්තේ ඉතා ප්‍රබල ස්ථානයක් කිව්ව්වොත් ඒක නිවැරදියි. මුදල නැත්නම් සල්ලි අද සමාජයේ යම් දෙයකට වටිනාකමක් දීමට යොදා  ගන්නා  වනිජයම සාදකයක්.

අතීතය සහ අද  බලන විට බොහෝ දේ වෙනස් වී පවතිනවා. එදිනෙදා ජිවිත ගැටගසා ගැනීමට පමණක්  වෙහෙසුන එදා මිනිසුන් ඉතා සරල ජිවන රටාවකට පුරුදු වී සිටියා .කොතරම් සරල වුවත් කොතරම් සරල වුවත් ගති පැවතුම් වලින් හා ගුණධර්ම වලින් ඔවුන් අද ජීවත්වෙන මිනිසුන්ත වඩා පොහොසත එකිනෙකාට ගෞරව කරන පුද්ගලයන් ලෙසත් ජිවත් වුනා.
අද ඉතා කාර්ය බහුල ජීවිතයක් ගතකරන මිනිසා නොනවතින ගමනක යෙදී සිටිනවා .ජීවත්වෙන්න මුදල් හොයන මිනිසුන් මෙන්ම මුදල් හොයන්න ජිවත්වෙන මිනිසුන් අද ලෝකයේ නැතුවා නොවෙයි ..මුදල නමැති ඒකකය ලොව පහල වීමත් සමග මිනිසා තුල තිබුණු අන්‍යෝන්‍ය සබැදියාවට හෙන ගසා වෛරය  හා ඊරිසියාව දළු ලන්න පටන් ගත්ත .ඒ සමගම ඇති නැති පරතරය ඇතිවන අතරම නැති ඒක කොන් වීමත් ,ඇති ඒක සමාජයේ රජවිමත් සිදු වුනා.

Friday, June 8, 2012

ආදරණිය “ යක්ෂණිය “



ඔබට මතකද ඇයව මුලින්ම දුටු දිනය ? අඩුතරමේ වෙනස් විදියකට පෙනුන දිනය එදා නම් ඔබට හිතෙන්න ඇති ඇය ඔබටම උපන්න කියල ....

ටිකක් අතීතෙට යමු. සාමාන්‍ය යෙහෙළිය ලෙසට හිටි ඇයව එක දිනක් වෙනදට වඩා දීප්තිමත්ව ,වර්ණවත්ව පේන්න ගන්නවා.අගේ සිනාව,ඇය  ඔබ දිහා බලන ආකාරය ,කතා කරන ආකාරය ,ඔබව කුල්මත් කරනවා .මේ හැම දේම එක්ක ඔබ ඇයට ආදරය කරනවා.

 මෙසේ කල් ගතවෙනවා එක දවසක ඇය බො‍හොම නොසන්සුන්. ඔබ ඉතා දක්ෂ ලෙස හා තකතීරු ලෙස ඇගේ නොසන්සුම් කම තවත් නරකට හරවනවා ..ඉන මෙතෙක් කල් සිටි දෙවගන අතුරුදන්වී ඇය යක්ෂණියක් බවට පත වෙනවා .....


මේක තමයි නැවතිලා හිතන්න ඕනේ තැන ඇත්තෙන්ම ඇය සුරගනක්ද ? නැත්නම් මෙතෙක් කල් ඇය ඔබව රැවටුවද ?? ඇත්තම කතාව නම් වැරැද්ද තියෙන්නේ ඔබ අතේ කියන එකයි.මොකද ඇය තුලත් දුක සතුට කේන්තිය වෛරය හටගන්නා මනුෂ්‍යයක් බව ඔබට අමතක කරනවා. ඒක පිළිගන්න ඔබ කැමති නැ ... ඒ ආදරයේ කඩාවැටීම දරාගන්න ඔබට හැකියාවක් නැ .. ඔබ ඇයට බනිමින් අවමන් කරමින් යනවා ..නැත්නම් දරාගන්න බැරි වූ විට කොච්චි පෙරලන්න ,ගගේ  ගැඹුර බලන්න , මී පාසානම් වල රහ බලන්න , නැත්නම් නියගලා අලයක් හරි කනවා ..නියම දේ වැටහ ගන්න ඔබ අසමත් වෙනවා ....සත්‍ය, ඔබ වෙනුවෙන් ඔබේ සිතේ ඇති ආකාරයට නිර්මාණය වූ සුරගනන් සබැ ලෝකයේ නොමැති  එකයි මොනවා උනත් ආදරය කියන රාමුව තුල අන්ධ නොවීම වැදගත් . ඇයත් හඩන ,සිනාසෙන, කෝපවෙන , ලෙයින් මසින් සෑදුන මන්ෂ්‍යයෙක් බව සිත වඩා කලොත් ඉන් එහාට ඔබේ ආදරය ගලා යාම පහසු වෙයි ..ඔබ පරිපුර්ණ ගැහැනියක් බලාපොරොත්තු වෙන්නේ අපරිපුර්ණ ලෝකයක ඉදගෙනයි ..එම නිසා ගැටලුවකදී ඉවසීමත් එය බුද්ධියෙන් සිතීමත් වැදගත් ...
 සිතන්න .. බුද්ධියට ඉඩක් දෙන්න ......


හිත යට ගිනි

අපේ හිත වල මොනතරම් දේවල් තියනවද නේද?? එවෛන් බොහෝ දේවල් ඔයාල කට හරි කියල ඇති . තවත් ඒවා හිතේ තද කරගෙන ඇති . ඒවාට කියනතම රහස කියන්නේ ..ඒ රහස හෙළි උනාට ඔයාලට පශ්නයක් නැත්නම් එක වැඩකට නැති රහසක්. ඒත් රහසක් හෙළි වීමෙන් බොහෝ  අපහසුතාවක් ලැජ්ජාවක් පාඩුවක් ඇති කරනවා එක නිසා රහස රහස ලෙස තබා ගන්න...

ඔයාල රහසක් තව කෙනෙකුට කිව්වොත් එක රහසක් නෙමෙයි ඒත් දෙදෙනෙක් අතරේ රහස් තියෙන්න පුළුවන්. ඔය රහස දන්නා කෙනා තව කෙනෙකුට කිව්වොත් එක ප්‍රසිද්ද රහසක් ...රහස පිට වීම මුවින් පමණක් සිදුවන්නක් නෙමෙයි.එයට අයශ්‍ය ආරක්ෂක උපක්‍රම ඔයාල දැනගෙන ඉන්න ඕනේ .නැත්නම් ඔයාලගේ මිතුරෝ හතුරු වෙයි පවල් අව්ල් වෙයි  නෑදෑයෝ නැති වෙයී ... ඒක නිසා රහස රහසක් ලෙස තබා ගන්න ..ආදරයේ උණුසුම් සුසුම් කොතරම් වුවත් . එය ඔවුන් දෙන්න අතර පමණක් තිබිය යුතු වන්නේ එමගින් කෙනෙකුට දුකත් ,දුක හරහා ඊර්ශ්‍යවත් , ඊර්ශ්‍යව හරහා කේන්තියත් ,කේන්තිය හරහා වෛරයත් උපදින නිසයි ....ඒ නිසා මතක තබා ගන්න රහස රහසක් ලෙස තබා ගන්න ...

වල බැසීම හා වල බැසීමට දරන උත්සාහය


හරි ඔන්න මේන් මගේ පළමු බ්ලොගියේ පළමු ලිපිය.මේක ගැන මගේ යාලුවෝ දෙන්නෙක්ම  වලබසිම ගැන කියල තියනවා  වෙඩිකරු (මෙතනින් ) ගයාන් (මෙතනින් )... මමත් එක ගැන කියන්න නෙමේ මම හදන්නේ එකට කිකක් එකතු කරන්න ..ඕන් එහෙනම් පටන් ගත්තා..
උ.පෙ පටන් ගන්න කාලෙට ඒ කියන්නේ සා පෙ ඉවර වුන ගමන කට්ටිය ඉන්නේ මාර fun එකේනේ ඉතින් ඒ කාලෙට කට්ටියට මාර මොරාල් පෙළක් අය කෙල්ලෝ  පස්සේ යනවා. පෙළක් අය film hall පැත්තේ යනවා . පෙළක් අය bar  පැත්තේ යනවා. ආ ඇයි clss පැත්තේ යන අයත් ඉන්නවා. එයාල තමා මරු,අගල් 2 ක් විතර උඩින්  මේ අය යන්නේ . එහෙම ගියත් හතර ගතේ දාල දොයි.. තව අය කලින් කිව්ව වගේ  වල බහිනවා . පෙළක් උන් වලේ ඉදගෙනම ගොඩ යනවා.... පෙලක් උන් වලටම වෙලා ඉන්නවා ....පස්සේ ඉතින් දෙවෙනි පාර කරලා කොහොම හරි උ.පෙ ගොඩ දාගෙන මොකක් හරි ජොබ් කට්ටක් හොයාගෙන වලට සමු දෙනවා ....
ඔන්න ඔහොමයි වල බහින අයගේ කෙරුවාව .. වැඩිය කියන්න දෙයක් නැ අර දෙන්න හොදට එක ගැන කියල තියෙන්නේ ...දන බලමු වල නොබැස්ස අය මොකද කරන්නේ කියල ...
උ.පෙ කාලෙට කට්ටියක් වල බැස්සම කට්ටියක් ගොඩ ඉදගෙන “ ඔහොම කරලා නම් බෑ ඉතින් කියනවා “ එක ඇත්ත තමා ඒත් හත්වලාමේ ගොඩට ආවත් බැරි එක බෑනේ . ඒත් වැඩේ තියෙන්නේ මේ ගොල්ල වැඩේ කර ගෙන වල බහින්න හදන එකනේ .. එතකොට ඉතින් ටිකක් අමාරුයි . මකාද ඉතින් වල බහින්නත් ක්‍රමයක් තියනවනේ . ඕක හෙන කල් යන වැඩක් .. වල බහින උන් සාමාන්‍යයෙන් 8 වසරේ ඉදන්වත් වල හාරනවා ..12 වසරදී තමයි ඕකට බහින්නේ. ඉතින් පිපෙන මල පුප්පන්න හරි අමාරුයි ... හොද පෝර එහෙම ඕනේ .. හැබැයි ඔය පෝර එක පාරට දැම්මාම sorry ම තමා . කෝම හරි පෝර දාල බැකෝ දාල වල හාරලා ඕකට බස්සමයි කියමුකො .දන් ඉතින් වලේ උන්ට සෙට් වෙන්න එපැයි ..ඉතින් කරපුව නොකරපු විදියට කියනවා .නකරපුව කරපු විදියට කියනවා .ඒත් ඉතින් වලේම පත්තියන් වුන එකාට මෙවා ගල් පැලෙන පච කියල තේරෙනවා ... මේකා හැලෙනවා, හැලෙනකොට එල්ලෙනවා , එතකොට ඉතින් බයිට් වෙනවා ... පස්සේ ඉතින් ඌම හැලෙනවා ..... බලන ගියාම වල බහින්නත් ලේසි නෑ නේද??? 

මේ මගේ පලවෙනි post එක නිසා වැරදි තියනවා නම් කියල යන්න .....
Related Posts Plugin for WordPress, Blogger...