Saturday, March 23, 2013

තාක්ෂණය ප්‍රයෝජනයට ගැනීම හා වහල් වීම...


තාක්ෂනය ලංකාවට අලුත් දෙයක් . මීට අවුරුදු ගණනාවකට කලින් නම් ලංකාවේ  තාක්ෂනය මුළු ලෝකයම විශ්මයට පත් කළා විතරක් නෙවෙයි ඒ තාක්ෂනය අද සිටින අයටවත් හොයා ගන්න බැරි තරම් සංකීර්ණයි. අද කතාව තාක්ෂනය ගැන තමයි ඒත් එදා ඒ තිබුණු තාක්ෂනය ගැන නම් නෙවෙයි අද තාක්ෂනය ගැන ..
මේක ලියන්න ගන්නකොට මට මතක් වෙනවා ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ බොහෝ දෙනෙකුට ඇවිල්ල තිබුණු SMS පණිවිඩයක් ඒකෙ ලියල තිබුනේ මෙහෙම දෙයක් . “අගහරු ලෝකයෙන් විහිදෙන අහිතකර කිරණ විශේෂයක් නිසා උදේ පාන්දර 12.30 ත් 2.30 අතර තමන්ගේ ජංගම දුරකථනය ඈත් කර තබන්න” . මේ පණිවිඩය ලැබීමත් සමගම ඇතැමුන් තම දුරකථන ක්‍රියා විරහිත කර තැබූ අතරම , ඇතැමුන් දුරකථනය තමාගෙන් හැකිපමණ ඈතින් තබාගත්තේ තමන්ට මොනවා හෝ අතුරු අබාධයක් ඇතිවියි කියනා බය නිසාමයි . ඒ අතර අගහරු තියා පෘථිවිය පිපුරුවත් තමාගේ වැඩ කරගෙන ගිය පිරිසකුත් නැත්තේම නෑ. මේ කියන්න හදන්නේ SMS ගැන කතාවක් නෙවෙයි. ඒත් මේ යක්කු ගස්වලින් බහින වෙලාවේ දුරකත තමාගෙන් ඈත් කරන්නට කියා කෙටි පණිවිඩයක් යවන්නට තිබු අවශ්‍යතාවය ගැනයි . ඒ පණිවිඩය නාසා ආයතනය හෝ වෙනත් කෙනෙකුගේ පණිවිඩයක් උවත් ඒ වගේ පණිවිඩයක් හුවමාරු වෙන්නේ වැඩි දෙනෙකු දුරකථනය ලංකර සිටින්නේ ඒ වෙලාවටම නිසායි. ඇතැමුන් පස්ස උඩ දා ගෙන නිදා ගන්නා මෙවන් වෙලාවක , ජංගම දුරකථනය කනේ ගසාගෙන හෝ කෝට්ටේ යට තබාගෙන නිදි මරමින් සිටින්නේ කුමන හේතුවකටද ? කලියුග කාලෙනේ කියලා කෙනෙක් කියන්නත් පුළුවන් , බලන්ගියාම ඒකේ ඇති වරදකුත් නෑ .


තාක්ෂනය බිහිවුයේ මීට සතවර්ෂ ගණනාවකට ඉහතදී . ඒ අද මේ කතා කරන මොන්ටිසෝරි තාක්ෂනය නම් නෙවෙයි .. ඒත් එදා උනත් අද උනත් තාක්ෂණය බිහිවුයේ මිනිසාගේ වැඩ පහසු කරගැනීමට මිසක් තාක්ෂණයේ වහලෙකු වීමට නම් නොවෙයි. නමුත් අද මිනිසා තාක්ෂනය ප්‍රයෝජනයට ගන්නවා නොව තාක්ෂනය මිනිසා ප්‍රයෝජනයට ගන්නවා කිවොත් නිවැරදියි. එය නිරායාසයෙන්ම සිදුවූවක් නොව තම ආයාසයෙන්ම කරගත් දෙයක්. මීට වැඩි උදාහරණ ඕනේ නැතය. ඉස්සර ජංගම දුරකතනයක් යනු අතිසුබෝපබෝගී භාන්ඩයකි. ගඩොල් භාගයක් තරම් වූ ජංගම දුරකතනයක් තිබුනේ එහෙමත් කෙනෙකුටය . එයින් හැකි වුයේ කතා කිරීම පමණකි. එහෙත් එය එදා තාක්ෂණයේ සුපිරි නිෂ්පාදනයකි. නමුත් අද එය සාමාන්‍ය භාන්ඩයකි පදුරකට ගැහුවත් දුරකථන විසිවෙන තරම්ය. දැන් එය සාමාන්‍යකරණය වී අන්තර්ජාලය පැමිණ ඇත. එදා SMS පණිවිඩයක් යැවූ අය අද ලෝකයේ එහා කෙරවලේ සිටින අය සමග පවා මුහුණ බලාගෙන කතා කරයි. ඒ Skype Facebook වැනි සේවාවන් තුළිනුයි. එය නම් ඇත්තටම දියුණුවකි.


නමුත් ඔබ එය බාවිතා කරන්නේ කුමන කරුණක් නිසාද කියන එක මත ඒ තාක්ෂණයේ වටිනාකම තීරණය වන්නේය. IDD, Skype, Facebook වැනි සන්නිවේදන ක්‍රම ඔබ යොදා ගන්නේ කුමන කරුණක් නිසාද? කළමනාකරණ කටයුතු හෝ වෙනයම් අත්‍යවශ්‍ය සන්නිවේදන කටයුත්තක් වෙනුවෙන්ද ? එය එසේ වෙන්නත් පුළුවන්, දියුණු වෙමින් පවතින ලංකාව වැනි රටක සිටින ඔබත් , මේ ලිපිය ලියන මමත් මේ සන්නිවේදන ක්‍රම ගොඩක්ම බාවිතා කරන්නේ අතල් ගැනීමටත් කාලය කා දැමීමටත් යන දේවල් වලට යැයි නොකීවොත් එය බොරුවකි. වානිජමය වූ මේ සමාජය තුල තාක්ෂනය විනෝදයට පමණක් සිමා නොකර තමාගේ බුද්ධිමය දිවුණුවටත් තමාගේ ව්‍යාපාර වලටත් අනෙකුත් බැදීම් ඇතිකර ගැනීමටත් යොදාගනී නම් එය රටේ දියුණුව පමණක් නොව තමාගේ දියුණුවටත් හේතුවෙයි. නමුත් බොහෝ දෙනෙකු සිදු කරන්නේ කාර්යාලයේ තමාට ලැබී ඇති අන්තර්ජාල පහසුකම භාවිතා කර තමාට ඇති love email කියවීමත් . Facebook හි photo share කිරීමත් chat කිරීමත්ය. අදුර වැටි ගෙදරට එන්නේ කා සමග හෝ phone sex  කරමින්ය. රැය පහන් කරන්නේ Skype හරහා එකිනෙකාගේ නිරුවත බලමිනි . මේ සියල්ලන්ගෙන්ම මිනිසුන් උපරිම තෘප්තියක් ලබයි නම් ඉන් කම් නැත. අන්තර්ස්ජලයෙන් හෝ වෙනත් තාක්ෂණයකින් ලබන ලිංගික සුවය ඇත්තටම උපරිම තෘප්තියක්මද? බොහෝ විට තාක්ෂනය තුලින් මිනිසා සොයා ගන්නේ මානසික ලිංගික සුවයකි . ශාරීරික ලිංගික සුවය පසක දමා ඇත්තේ එය උපරිමයකට ගොස් නිමවෙන නමුත් මානසික ලිංගික සුවය එසේ නොවෙන නිසාවෙනි . එම නිසා එය කිසිදා එපා නොවේ . එය සුවයක් නොව වසගයකි.


මෑත කාලේ සම්මත අසම්මත බොහෝ ප්‍රේම සමබන්දතා බිහිවෙන්නේ තාක්ෂනයෙනි . ඒ miscall, SMS, wrong numbers , internet chat  ආදියෙනි . එය හොදය නමුත් ඇත්ත පුද්ගලයා හදුන ගැනීම තරමක් අමාරුය. එමගින් අපහසුත්වයට ලක්වූ කෙල්ලෝ කොල්ලෝ ඕනේ තරම්ය.තාක්ෂනය හොදය එය මිනිසුන්ගේ වැඩ පහසු කරන්න විශිෂ්ට නිර්මාණයකි . මම මේ ලිපිය ලියන්නේ ද ඔබ මේ ලිපිය දකින්නේද තාක්ෂණයට පින්සිද්ද වෙන්නටය. අපි තාක්ෂණයේ වහලකු නොවී  එය අපි ප්‍රයෝජනය ගන්නේ  නම් අපිට විනෝදය මෙන්නම ලෝකය අත ලගින්ම තබාගෙන වැඩ කිරීමට හැකි වෙන්වාමය.  

2 comments:

  1. හැම දේකම දෙපැත්තක් තියෙනව නොවැ.
    හොද දේ තෝරාගන්න මිනිස්සු පෙලබෙනවා මදි

    ජය !

    ReplyDelete
  2. සෑමා කියපු දේම තමා මටත් කියන්න තියෙන්නේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...