Tuesday, October 15, 2013

X - Ban තිරය පිටුපස ......

X ban නම් ඉවරය. ඒ උනත් ඒවත් එක්ක සිද්ද උන සිදුවීම් නම් මතකයෙන් යන්නෙම නැතය. ඒ තරම් ඒවා සුන්දරය. අවුරුදු 8 ක විතර පාසල් කාලය ඉවර උනත් ආයෙත් පාසලට ගියාම ඇතිවෙන්නේ නම් ආයෙත් ගෙදර ගියා වගේය . අපේ කාලේ යාලුවෝ නැති උනත්  දැන් ඉන්න මල්ලිලා එක්ක පිස්සු කෙලිනකොට ආයෙත් අපේ AL කලේ මතක් වෙන්නේය. මේ අපි සහභාගී වුනේ තුන් වෙනි x ban ප්‍රදර්ශනයටය. අද කතා කරන්න යන්නේ x ban ගැන නම් නොවේය . . අද කියන්නේ x ban තිරය පිටුපස කතාවය.


95 x ban එකට වැඩක් කරන්න අපි කතා වේවි හිටියත් මොනවා කරන්නද කියලා කාටවත් අදහසක් තිබුනේ නැතය .. පස්සේ බ්ලොග් ලියන අපේ කට්ටිය බ්ලොග් ගැන x ban එකට කරමු කියලා  කතා කරගත්තේය. ඒක ගැන කතා කරන්න සුවද හමුවකට ගිහින් වුනේ නම් වෙන දෙයක්ය .. කොහොම හරි කතා වුන විදියට T – Shirt එකක් නම් ගහගත්තාය. තව එන අයට දෙන්න පුංචි leaflet එකක දෙන්න කට්ටිය ම කතා කර ගත්තේය . ඒ වෙලාවෙනම් කට්ටිය වැඩේට පට්ටට සපෝට්ය . ඒත්  leaflet ගහන්න ගියාට පස්සේ කවුරුත් නැතය . කට්ටියට ගාන අහපුවාම දෙයියෝ සිහි වෙලාය. Leaflet එකත් අරන් ප්‍රෙස් එකට ගියේ වෙඩික්කරයා සමගය එකාව ගෙන්න ගත්තේද අමාරුවෙන්ය. Night කරලා නිදි මරගාතයේම ආවේ ඔහුගේම දඩුමොනරේය. එදා මට පන්ති දවසක් උනත් දේශකයාට පින්සිද්ද වෙන්න ඒ වැඩේ කරගත්තේය . ඒ වැඩේට Rs.8300 ක් යන්නේය. “අතින් කා හරක් බැලු කාලය ගොහින්ය” ඒ වැඩේ අතඇරියේය. A4 කොලේක print out එකකින් වැඩේ ගොඩ දාගත්තේය.


තවත් බොහෝ දේ සිදුවිය . රජා සමග ඔලුව  නැතුව ගොස් දඩ කෑවේය. අනේ රජා උනත් නීතියට යටත්ය. දැන් ඌ toilet යන්නෙත් හෙල්මට් දාගෙනය. ඒ ගැන ලොකු කතාවක් රජා කර ඇත.කෙසේ හෝ ප්‍රදර්ශනය පටන් ගත්තේය. සූ ගා සෙනගය . ඒ අතර හොද හොද  සිදුවීම් සිදුවිය . බාලිකා පාසල් එන විට කට්ටියගේ මොරාල් වැඩි විය. එක තැනක ලොකු පොරයකි ඒ ඇතුල් වීමටය. අව්වේ තම්බෙමින් සිටි කෙල්ලන් මායම් 64 දමන්නේය. ඒ පෝලිම නොතකා ඇතුල් වෙන්නය.
බාලිකාවෝ - අනේ අයියේ අපි මෙහෙම අව්වේ ඉන්න කොට දුක නැද්ද . අපිව ශේප් එකේ ඇතුලට දාන්නකෝ .අපේ එකා - “ආ පොඩ්ඩක් ඉන්නකෝ” කියමින් එතන හිටි සේරම මු ඇතුලට දැම්මේය. මම හිතුවේ මුට කරුණාව පහල වෙලා කියලාය . කාරණාව දන්නේ පස්සේය. එතන තිබී ඇත්තේ වංකගිරිය ය. මු නම් සිරාම එකෙකි ඇතුලට ගිය උන් එලියට ආවේ විනාඩි 15 කට විතර පසුවය. බාලිකාවෝ ඉල්ලන්  කෑවේය. වංකගිරියේ තව සිදුවීමකි එක පාසලක් ඒක ඇතුලේ පිස්සු නටන්න ගොස් ඉල ඇට  කඩාගෙන එලියට ආවේය. කෑ ගහන්න පටන් ගත්තා පමණි. ගුටි වරුසාවක් වැටුණි.
 

X ban හි ලොකුම පෝලිම තිබුනේ දබානේ වැද්දෝ බලන්නය. උන් නම් නියම වැද්දන්ය. එතනද හරිම නිතිය. වැදිනායකයට අතට අත දී ආචාර නොකලොත් ඔහු කතා නොකරන්නේය. වැද්දන්ගේ ගීත අහන්න බොහෝ පිරිස ආවේය. වැදි රැගුම් අවසානයේ හූවක් කීම ඔවුන්ගේ සිරිතය.   වැද්දෝ සහ රතු ඉන්දියානුවන් සිටියේ ලගින්මය . එක වරක් වැද්දන් හූ කිවා පමණි. රතු ඉන්දියානු නායකයට මල පැන්නේය. ඔහු යුද්දය ප්‍රකාශ කළේය දැන් එතන එකම ගුටි කෙලියකි. බලන්න ආපු අයද බයවෙලය. කාරනාව දන්නේ පස්සේය. එයද සංදර්ශනයේ කොටසකි. මේ අතර පරිගණක කාමරයේ බ්ලොග් කරුවන්ය. බොහෝ දෙනෙක් බ්ලොග් ගැන උනන්දු විය. අපෙන් අසා එවෙලේම බ්ලොග් හදාගත් පිරිසද සිටියේය. අප ලගින්ම හිටියේ වෙබ් ඩිසයිනින් ගැන විස්තර කල මලයෙකි. ඔහුගේ කතාව ඉතා දිර්ගය ඔහු සියල්ල කියන්න යන නිසාය. ලස්සන කෙල්ලන්ට වැඩියෙන් විස්තර කරයි. ඇත්තම කියනවා නම් මු විස්තර කරන්නේ කෙල්ලන්ට පමණි.  විනාඩි 20ක් විතර මුගේ බොරු අහන් ඉදලා ඒ කෙල්ලෝ දාඩිය පිහ පිහ යන්නට යන්නේය.   කොහොම හරි ඔහුද නව බ්ලොග් කරුවෙකි. “බිම් තැන්න” ඒ ඔහුගේ බ්ලොගියයි. අප ලගින්නම තව එකෙකි ඔහු SPY Camera ගැනය. ඔහුටද අර ලෙඩේම තිබුණි. ඔහු විස්තර කලේද සුවිශේෂී පිරිසකරට පමණි. අපි ඔහුට විහිලු කලේ බොරු කියන්න එපා යකෝ කියමින්ය. මොකද කියන්නේ මොනවද කියා ඌවත් දන්නේ නැත. අපටද හොද දේවල් සිදුවිය එක නංගි කෙනෙක් ( එයා හිතුවේ අක්කා කියලා මොකද මම Old boy  කියල  දන්නේ නෑනේ) කොහොම හරි එයාට වුවමනාව බ්ලොග් ගැන දැනගන්න නොව ඇයගේ phone එකට Unicode දමා ගන්නය. ඇයට ඒ ගැන ලොකු විස්තරයක් කියා පිටත් කලේය.


මේ තිරය පිටිපස තවත් කතාවකි. වෙඩික්කාරයට සිදුවූ සිදුවීමකි. ඔහු බොහොම අමාරුවෙන් visiting card 200 ගහගෙන ඇත්තේ x ban එකේ බෙදා හැරීමටය. කතාව සරලය. ඔහු එදා සම්පුර්ණ formal kit එකක් ගහගෙන ඇවිත් සිටියේ ය. වැඩට යන්න හිතං ආවේ බන් . ඌ කිවේ එහෙමය. දන්නේ දෙවියන්ය. කොහොම කොහොම හරි මු හොරෙන්ම කෙල්ලන්ට card බෙදන්න පටන් අරගෙනය . වැඩේ මාට්ටු පෙට්ටියා නම් ප්‍රසිද්ධ අයකුටය. එතැන් පටන් මොහු විනාශ විය. පෙට්ටියා කී කතාවකි. වැද්දන් බලන තැන සිටි කෙල්ලෙක් වෙඩික්කාරයා සමග සිනහ වී ඇත. දැන් මුට ඕනේ card ඇයට දීමටය. “ඒ අර කෙල්ල හිනාවෙනවා බන් මට මේක දෙන්න ඕනේ කොහොම හරි” . ටික වෙලාවකින් කෙල්ල පෙට්ටියාට කතා කර යමක් පෙන්වා ඇත. ඒ වෙඩික්කාරයාගේ  පිටේ තිබු කොළ කෑල්ලකි. එහි මෙසේ විය. “ සිගරට් බොනකොට මෝඩ පාටyi” ඒක ඈතට පෙන්නේ මෝඩ පාටයි කියා විතරය. කෙල්ල සිනා සී ඇත්තේ එයටය.. විලි 70 කි. වෙඩික්කාරයා වෙඩි තියාගත්තේය.



තිරය පිටුපස කතා බොහෝය. ඒවා අපේ පාසල් මතකය අවදිකළ තවත් සිදුවීම් පෙළකි. X- Ban හමාරය යහළුවන් නැවත විසිර ගියහ. නමුත් අපේ මතක පෙලට තවත් පිටු කීපයක් එකතු විය.


 පසුව ලියමි -  ඔලුව නැතුව ගොස් දඩ කෑ හැටි.


                    තානායමේ සුහද හමුවට වුන දේ. 

2 comments:

  1. හෙන ගහපිය හෙන හතම ගහපිය

    ReplyDelete
  2. හයියෝ...

    අර කෙටි වේදිකා නාට්‍යයක් පෙන්නුව උන් නම් මරු බං..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...