Wednesday, February 20, 2013

පැට්‍රල් වහලා බයිසිකලේ තල්ලු කරන් ඇවිත්...!!!!


කාලෙකින් මුකුත් ලියන්න බැරි වුණා. මේ පාරත් ලිව්වේ කතාවක් ,හැබැයි මේක සත්‍ය සිදුවීමක් .කියවලම බලන්නකෝ හොදයිද කියලා.2008 වර්ෂය ලංකාවට දුම් පරීකෂා කිරිම හදුන්වා දුන් මුල් අවදියයි .මේ ඒ දවස්වල කොළඹ නුවර පාරේ මිරිස්වත්ත දුම් පරීකෂා කරන තැන සිද්ද වුනු ඇත්ත සිදුවීමක් . වෙලාව දවල් 1ට විතර ඇති .වයස අවු 55 විත‍ර මහත්තයෙක් තමන්ගේ හොන්ඩා වර්ගයේ බයිසිකලයත් අරගෙන ආවලු දුම්පරික්ෂා කරන්න. දුම්පරිකෂාවට අදාල ලියකියවිලි පරික්ෂා කරලා දුෂ්‍ය පරික්ෂාව සිදු කලාට පස්සේ දුම් පරික්ෂාව කරන්න බයිසිකලය යොමු කලාලු .
දුම් පරික්ෂා කරන්න වාහනය ගෙනීච්චාම ඒකෙ එන්ජින් එකේ පොට යනකම් ඇක්සල් එක කරකවනවා කියලා ඔයලා කවුරුත් දන්නවනේ. ඉතින් මේ බයිසිකලෙත් ඒ විදියට පරික්ෂා කලාලු . ඒත් දුම් පරික්ෂා කරනකොට ඒ බයිසිකලයෙන් නැගුන හඩ කාගේත් කන් බිහිරි කරනවන තරම් උනාලු.නමුත් ඒ පිලිබදව වගක්වත් නැති බයිසිකලේ අයිති කරු දුම් පරීකෂා කරන අයුරු මහත් ඕනේ කමින් බලන් හිටියලු . දුම් පරීක්ෂාවෙන් සේපාල මහතාගේ (අයිතිකරු ) අතට ලැබුණු සහතිකය අසමත් සහතිකයක්. දෙවුරත් දෙබැමත් එකවර හකුලා අසමත් සහතිකයේ කළු අකුරු දෙස එබී බැලුවද එහි ඉංගිරිසි අකුරු සහ ඉලක්කම් වලින් දක්වා තිබුණු කිසිවක් ඔහුට තේරුම් ගන්න බැරි වුනා .ඊළගට ඔහු ලගට අවේ මද්‍යස්ථානයේ තාක්ෂණික උපදේශක මහතායි.ඔහු  පැමිණ සහතික පත්‍රයේ සදහන්ව තිබුණු දේ ඔහුට පැහැදිලි කර දෙන්නට වුණා.


“ මහත්තය මහත්තයාගේ බයිසිකලේ ෆේල් වෙලා තියෙන්නේ ... එන්ජිමට පැට්‍රල් එන ප්‍රමණය වැඩි නිසා ඊලග දුම් පරික්ෂාව කරන්න කලින් කාබලේටරයෙන් පැට්‍රල් වහගෙන එන්න ..මහත්තයට තව දුම් පරීක්ෂාවක් නොමිලේ හම්බවෙනවා තව දවස් 60 ක් ඇතුලත මම මුලින් කිව්ව ටික හදා ගෙන ටෙස්ට් එකට දාන්න.”අසමත් සහතිකයේ කළු අකුරු වලින් කැලබිලා හිටපු සේපාල මහත්තයට උපදේශකතුමාගේ පැහැදිලි කිරීම මහත් අත්වැසිල්ලක් වුණා.උපදේශක මහතා කියපු දේවල් ඔහුට හොදින් තේරී තිබුණා. “එන්ජිමට පැට්‍රල් එනවා වැඩි ලබන පාර එනකොට පැට්‍රල් වහගෙන එන්න” යැයි කියපු දේ ඔහුගේ හිතේ හොදින් කාවැදුනා.අසමත් සහතිකයෙන් හිතට ගෙන ආ දුකත් යටපත් කරමින් උපදේශකතුමාට ‘ස්තුතියි’ කියූ ඔහු මද්‍යස්ථානයෙන් නික්ම ගියාපසු දින උදෑසනයේ සිටම මිරිස්වත්ත දුම් පරික්ෂා කරන ස්ථානයේ පැවතියේ තරමක කාර්යබහුල තත්වයක්.ඉර මුදුන් වී තිබුණු දහවලේ රස්නය උපරිමයට තිබුණු මොහොතක මද්‍යස්ථානයට කව්දෝ රුවක් ඉතාමත්ම වෙහෙස මහන්සියෙන් බයිසිකලයක් තල්ලු කෙරගෙන එන්නට උනා.බයිසිකලයත් එය තල්ලු කරගෙන ආ පුද්ගලයත් හදුනා ගැනීමට වැඩිවෙලාවක් ගත වුයේ නෑ .ඒ පෙර දිනයේ දුම් පරික්ෂා කරගැනීමට මද්‍යස්ථානයට පැමිණි සේපාල මහතායි .බාල්දියක් මිරිකා පුරවන්නට තරම් දහදිය ගත හැකි තරමට ඔහුගේ කමිසය තෙත්ව පැවතුනා..ගතත් සිතත් එකලෙස විඩාවට පත්ව ඇතිබව ඔහුදෙස බැලු කටත් වැටහුනා ..එය දුටු කළමණාකරු ඉක්මනින් පැමිණ බයිසිකලය සෙවන ඇති තැනකට ගෙන ඒමට උදවු කළා . පෙරදිනයේ හොදින් පැදගෙන ආ මෝටර්සයිකලය අද තල්ලු කරගෙන ආවේ ඇයිද යන්න කළමනාකරුට මෙන්නම එතන සිටි අනෙක් සේවයක පිරිසටද මහත් ප්‍රශ්නයක් උනා . ඒ ගැන කළමණාකරු සේපාල මහතාගෙන් අහන්නට වුණා.


“ඇයි මහත්තයෝ බයිසිකලේ තල්ලු කරගෙන ආවේ ?” කළමණාකරු වෙත උපහාසත්මක බැල්මක් හෙලු සේපාල මහතා මේ විදියට පිළිතුරු දුන්නා . “ඊයේ බයිසිකලේ දුම් පරීක්ෂාවෙන් ෆේල් උනාම මෙතන හිටපු උදදේශක ළමයා කිව්වා එන්ජිමට පැට්‍රල් එනවා වැඩි ඒකනිසා පැට්‍රල් වහගෙන එන්න කියලා ඒක නිසා මම පැට්‍රල් සම්පුර්ණයෙන්ම වහලා දැම්මා .දැන් ඉතින් මේක දුම් පරීක්ෂාවෙන් ෆේල් වෙන එකක් නෑ නේද මහත්තයෝ .”මේ සත්‍ය කතාවට මුල පිරු තැනැත්තා අදටත් මිරිස්වත්ත ප්‍රදේශයේ ජිවත් වෙනවා . ඔහුගේ බයිසිකලය තාමත් ඔහුලග තිබෙනවා.අදටත් දුම් පරික්ෂාවට පැමිණියාම දැන් ඔයාලට මම කියපු කතාව සිනාමුසු මුහුණෙන් කීමට අමතක කරන්නේ නෑ ...
 *** මෙහි එන නම් මනඃකල්පිතයි :

8 comments:

  1. සේපාල සහ ඔබ අතර සම්බන්ධය පැහැදිලි කරනු මැනවි ...

    ReplyDelete
  2. සා...
    ජීනියස් කෙනෙක්...
    හික්ස්...
    සිරාවට කොහොමද බං පැට්ටෝල් වහලා අරං එන්නේ?????????

    ReplyDelete
  3. හපොයි! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. හප්පේ.... සද්දෙ අඩු කරල ගේන්න කිව්ව නම් කොහොම ගෙනේවිද දන්නෙ නෑ..

    ReplyDelete
  5. පව් ඉතින් මනුස්සයගේ දැනුම තමයි. ඉතින් එදත් ෆේල් වෙන්න ඇතිනෙ.

    >>එන්ජින් එකේ පොට යනකම් ඇක්සල් එක කරකවනවා<<

    ගවේෂකයා මෙතනදි ඇක්සල් එක කියන එකනම් වැරදියි. ඇක්සලරේටරේ කිව්වා නම් හරි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වැරැද්ද පෙන්නුවට සහෝ!!!!

      Delete
  6. මේ මනුස්සයට වැඩිය සුට්ටක් මටත් තේරෙනවා ඔව්වා ගැන.. @ආඩම්බරෙන්.

    ReplyDelete
  7. අපි නොදන්න කවුද බං ඉන්නෙ මිරිස්වත්තෙ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...