Saturday, May 11, 2013

ආත්මාර්ථකාමී අපි ...... !!

ඇය උසයි දයාබරයි .යාලුවෝ විහිලු කලත් ඇය ඒවා නොදන්නවා වගේ ඉන්න එක ගැන මට තියෙන්නේ සතුටක්. මොකද ඇගේ හිත හදන්න මට වෙනම වෙහෙසක් දරන්න ඕනේ නැති නිසා.ඔව් ! ඇය මට වඩා වැඩිමල්. ඒ වැඩිමල් කම මට ගෙනත් දුන්නේ මොනවද දයාබරකම දැනුවත්කම , ඉන් එහාගිය රැකවරණය . ඒ කරුණු මත මේ වැඩේ වැරද්දක් කියල කවුරු නම් කලත් ඒක සාදාරණය කරන්න හේතු මගේ ගාව තිබුනා.


ඇය මාව හැමදේටම උනන්දු කළා , උදව්කලා කවදාවත් මනසින් පහතවැටෙන අත්දැකීමක් ඒ තුල මට ඇතිවෙලා තිබුනේ නෑ.වෙනත් ආදරකතා වල මොහොතකට හෝ බලපාපු ඒ හැගීම් ,මේ ආදරය තුලදී ඇති නොවිමම මේ ආදරයට මගේ ඇති බැදීම්  තව තවත් වැඩිකලා. එක් තැනකදී ඇයගේ හිතට දුකක් දැනුනා යයි හැගුනු තැන් මට තිබුනා. ඒ හැගීම් බොහෝ දුරට ඇයගෙන් නැගුනේ මා ඇයට වඩා බාල බව යම් කරුණුවලදී ඉස්මතු වෙන වේලාවන් නිසයි. ඒ හැගීම් ඇයගෙන් ඈත් කිරීමට මම හැකි සෑමවිටම මම ඇයට වඩා වැඩිහිටියකු ලෙස වෙහෙසෙන්නට කටයුතු කළා. එය ඇයට අත්වසිල්ලක් වෙන්නට ඇති. නමුත් බොහෝවිට මම වැඩිහිටියකු වූ සෑම මොහොතකදීම වගේ මට “පණ්ඩිතයා ” යැයි ඇගෙන් සමච්චලයට ලක්වෙන්නට සිදුවුනා.


මම ජිවිතයේ ලද පළමු අද්දැකීම් බොහොමයක් ඇය සමග ගෙවන ඇසුරේදී ලද ඒවා වීම මට විශේෂ වුනා.බොහෝවිට ඒවා ඇය නිසා ලත් අද්දැකීම් වෙන්නටත් ඇති.මම ඒවා දෙස පුදුමයෙන් බල සිටියා. මගේ ජිවිතයේ ඇතිවන ගැටළු වලට ඇය මැදිහත්වී ඒවා නොවිසදුවත්, ඒවායින් ඇතිවෙන දුක් පිඩා ඇය මැදිහත්ව මගේ හිතින් පලවාහැරියා.සෙල්ලක්කාරයකු වුනු මම ඇයව විවාහ කරගැනීමට තීරණය කළා. මා එය ඇයට පැවසුවා. ක්ෂනිකින් ඇය මා හැර ගියා.


ඇත්තටම රස කතාවක්. එක් අයකුට දුක හිතෙන කතාවක්. තව කෙනෙකුට තරහ ඇතිවෙන කතාවක් , කොහොම වුනත් මම දැන් ඔයාලට කිව්වේ සගරාවක පළවුණු එක ලිපියක්. ඔයාලට හිතෙන්නේ මොනවද ? කාටවත් කියන්න එපා හිතේ තියාගෙන ඉන්න . ඇය ආත්මාර්ථකාමී තවත් එක කෙල්ලෙක්ද ? නෑ එහෙම වෙන්න බෑ , ඔව් එහෙම තමයි , කොහොම හිතුවත් ඒක හරි. මොකද කවුරු කොහොම කිව්වත් ඒක තමන් හිතන විදිහ. කෙනෙක් ධනාත්මකව හිතුවොත් ඇය නිවැරදියි , හිතන විදිහ අනුව වෙනස් වෙනවා.


ධනාත්මකව හිතන එක ගැන තව කතාවක් කියන්නම් , මේක පිටරට සිද්ද වුන සිදුවීමක් . අලුතෙන් විවාහ වුනු යුවලක්, ඔවුන් ගමනක් යන්නට ලෑස්ති වෙනවා  . සියලු වැඩ ඉවරකරලා ගමන යන්න පාරට ආවේ බස් එකක් අල්ල ගන්න. සුළු වෙලාවකින් බස් රථය ආවා. ඔවුනුත් එතන සිටි අනිත් මගිනුත් බස් එකට නැග්ගා . බස් එක අද්දලා වැඩි දුරක් යනකොට තමයි  මෙයාලට මතක් වුනේ ගෙදර යමක් බැරි වුනා නේද කියලා . ඉතින් මෙයාල අයෙත් බස් එකෙන් බැස්සා. මෙයාල බැහැල බස් එකට මීටර් 20 ක් යන්න ලැබුනේ නෑ .පාරේ තිබුන ලොකු ගහක අත්තක් බස් එකට වැටිලා බස් එක කුඩු පට්ටම් වුනා .. මෙයාලට හිතුනේ මොකක්ද බැරිවෙලාවත් අපි බැස්සේ නැත්තනම් ........................................................................  ඉතිරි ටික ඔයාලම හිතන්න.  


ආත්මාර්ථකාමී අය ලෝකේ නැද්ද ? හපෝ ඕනේ තරම් . කවුරුත් දන්න දෙයක්. කෙනෙක්ව පාගාගෙන උඩට යන අය , කෙනෙක්ට වරදිනකොට හිනාවෙන අය බොහොමයි. තමන්ගේ වැඩේ කරගන්න අනිත් අයව බිල්ලට දෙන මිනිස්සු ඕනේ තරම් දැකලා ඇති. ඒත් එයාලා දන්නේ නෑ එයාලත් දවසක් ඒ වගේම උගුලකට අහුවෙනවා කියලත්.කොහොම උනත් අපි කවුරුත් දන්නා එක දෙයක් තියනවා .. අපි හැමෝම හැමවෙලේම නැත්තත් එක වේලාවකදී හරි ආත්මාර්ථකාමී වෙන අවස්ථාවල් තියනවා. අපි හැමෝම ආත්මාර්ථකාමී වෙලා . ඒක කලේ කවුද සමාජය තුලින් මිනිස්සු ආත්මාර්ථකාමීන් බවට පත්කරලා . ඉපදුන දවසේ ඉදන්ම ඇහෙන මමය මගේය කියන කතාව එක්ක මින්ස්සු ආත්මාර්ථකාමී වෙලා . පාසල් වල විභාග කෙරුවාව. එකා වගේ ඉන්න උන් තරහ වෙන තවත් එක තැනක්. කොහොම කොහොම හරි මිනිස්සු හැමෝම ආත්මාර්ථකාමී කියලයි මගේ හැගීම. කවුරු හරි ඕනෙම ප්‍රශ්නයක් ධනාත්මකව හිතනවා නම් එතැන් ගැටුම් ඇතිවෙනවා අඩුයි. හැමෝටම අමාරුයි . උපරිමටම හිතන්න හැමෝටම බෑ .. ඒත් ටිකක් ධනාත්මක වෙන්න කාටත්  පුළුවන්. ඉස්සරවෙලා කියපු කතාව ගැන ධනාත්මකව හිතුවද ? මම කියන්නම් හරිද කියලා ඔයාලම හිතා ගන්න ......... “බැරිවෙලාවත් අපි බස් එකෙන් නොබැස්සා නම් බස් එක උඩට ඒ අත්ත නොවැටෙන්න තිබුනා. අපිට බස් එකකෙන් බහින්න ගිය තප්පර 20 ක විතර සුළු කාලය බස් එක ආපු වේගයත් එක්ක කොහෙත්ම ඒ අත්ත බස් එකට වැටෙන්නේ නෑ. ඒ එහෙම උනා නම් කී දෙනෙකුගේ ජිවිත බේරෙනවද..?

6 comments:

  1. හත්වලාමේ මේවා කියයෙව්වම හිතත් ගැස්සුනා,, :(

    ReplyDelete
    Replies
    1. අර තනි ඇහැ මලයත් මේක කියෝලද නගෝ

      Delete
    2. ඒක නම් මං දන්නෑ අප්පා,,ක්මෙන්ට් එකක්තු නැති නිසා කියවලා නැතුව ඇති ..O.o

      Delete
  2. දන්නවද? හැම එකාම කොච්චර නැහැ කිව්වත්, පට්ටම ආත්මාර්ථකාමී..

    ඒකයි උන් මිනිස්සු වුනේ !

    ReplyDelete
  3. ඕනම වැරැද්දක් කරන කෙනෙතුට තම නිදහස වෙනුවෙන් කියන්න තියන කාරනා බොහොමයි සහෝ. මේවා සාපේක්ෂයි. තමන්ට හරි නම් එපමණයි. අනිත් උන් කියන ඒවාට කන් දෙන්න එපා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...