දැන් ඉස්සර වගේ කතා
ලියන්නේ නෑ .. කතා ලියන්න වෙලාවක් ඇත්තෙත් නෑ .. වෙලා තිබුනත් ඒවා ලියන්න
හිතෙන්නෙත් නෑ .. අද කාලෙකින් එන්න හිතුනා මේ පැත්තට .. අලුත් බලාපොරොත්තුවක්
එක්ක.. මිනිස්සු හැමෝටම බලාපොරොත්තු තියනවා . එහෙම නෑ කිව්වොත් ඒක බොරුවක් . ඒ
අතරින් කවදාවත් ඉටු කරගන්න බැරි දේවල් නම් ඕනි තරම් ඇති . ඒ අතර කවුරුත් නොදන්නා කාටවත් නොකිව්ව
බලපොරොත්තුත් ඇති .. මොනවා උනත් කවුරු මොනවා කිව්වත් කවුරුත් කැමති ඒ බලාපොරොත්තු
එක්ක ජීවත් වෙන්න .. ඒවා ඉටුවුනත් නැතත් ඒවා ගැන හීන දකින එක හැමෝම කැමති දෙයක් ..
බලාපොරොත්තු මිනිස්සු ජිවත් කරනවා .. ඒක තමයි මිනිස්සුන්ට ඉස්සරහට යන්න තල්ලුවක්
දෙන්නේ . ඒත් එක ප්‍රශ්නයක් තියනවා ඒ ඇත්තටම මිනිස්සු ඉස්සරහට ගෙනියන්නේ
බලාපොරොත්තුමද කියන එක.
හැමෝගෙම බලාපොරොත්තු අහස
උසට , ඒ උසට හදපු මාලිගා වල මිනිස්සු ජිවත් වෙනවා . ඇත්තටම මේ විදිය සාර්ථකද ?
කාටද කියන්න පුළුවන් මේ විදියෙන් දිනන්න පුළුවන් කියලා .. ලෝකෙට ලොකුවට පම්පෝරි
ගහන සමහර උන් ලෝකෙට කියන්නේ උන් කරන්න ගිහින් වැරදුනු දේවල් . ඒක වැරදුනත් උන්
කැමති නෑ ඒක වැරදි කියලා පිලිගන්න . කාටද කියන්න පුළුවන් මේ විදිය කරලා ජීවිතය
දිනන්න පුළුවන් කියලා . ඒ යථාර්ථය මෙය නොවේ ලෝකය එක දිශාවට දුවන කොට අපිට ඊට ප්‍රතිවිරුධව
දුවන්න බෑ ..