Monday, October 23, 2017

ඇණ ගැසීම සහ ගැලවීම ..!!

කාලෙකින් ලියන පොස්ට් එකක් .. කාලෙත් එක්ක හැමෝම කාරය බහුලයි .. දැන් ලියන්න අදහසුත් නෑ .. මේක ලියන්නන හිතුනේ මේ ලගදි අහපු කතාවක් නිසා .. අද කතාව තරහව සහ තරහව පාලනය .. හරියටම කියනවා නම් මල පැනීම ගැන .. අපි කාටත් තරහ යනවා .. සමහර සිදුවීම .. සමහර අයගේ කතා නිසා අපිට තරහ යන්නේ නිකන්ම ..සමහර අයව නම් දැක්කමත් තරහ යනවා .. සමහර අයගේ මෝඩ වැඩ වලට තරහ යන වෙලාවලුත් තියනවා .. තරහ යන්න නම් හේතු ගොඩයි .. ගොඩක් වෙලාවට තරහව කියන දේ අපි විසින්ම ඇති කරගන්න දෙයක් ..ගොඩක් අය දන්නේ නැති දෙයක් තමයි .. තරහ යන්න හේතු වෙන තව සාධක තියනවා කියන කතාව .. මොකද තරහක් එන්න නම් මොකක්හරි හේතුවක් තියන්න ඕනිනේ .. ගොඩක් වෙලාවට තරහ ඇති වෙන්න සැකය කියන සාධකය ගොඩක් වෙලාවට බලපානවා .. මොකද මේ ඔක්කොම එකට එකක් සම්බන්දයි .. උදාහරණයක් ගමු .. කෙනෙක්ට මොකක් හරි කරදරයක් වෙනවා .. එත් කව්රුත් දන්නේ නැහැ ..එයා ගැන හොයන කෙනෙක් එයාගෙන් ප්‍රතිචාරයක් එන්නේ නැති වෙනකොට සැක කරන්න ගන්නවා මොකක් හරි හොර වැඩක් කියල .. කොහේ හරි ගිහින් කියල .. පස්සේ දුක් වෙනවා නොකියම ගියා කියල .. ඊළගට ඉරිසියයි ගිය අය ගැන .. දැන් ඊළගට එයත් එක්ක පුදුම තරහක් ඇති වෙන්ව .. එත් ඇත්තටම වෙලා තියෙන්නේ එයට ලොකු කරදරක් උන එක ..එක නිසා දෙයක් කරන්න කියන්න කලින් දෙපාරක් හිතන එක නම් කරන්න ඕනිම වැඩක්.. මොකද සැකය දුක බවටත් දුක ඉරිසියාවක් බවටත් ඉරිසියාව තරහක් බවටත් පත් වෙන එකත් සිදුවේනම දෙයක් ...

Saturday, December 5, 2015

Facebook ආදරය ...

Facebook කියන්නේ මේ දවස් වල හැමෝම වගේ දන්නා සමාජ වෙබ්අඩවියක්. ඇත්තටම Facebook යනු මේ වනවිට හුදු සමාජ ජාලයක් නොව එදිනෙදා ජිවිතයේ අංගයක් බවට පත් වෙලා කිව්වොත් එකෙත් වරදක් නෑ .. ඇත්තෙන්ම අපේ ජිවිත වලට Facebook යනු කුමන ආකාරයේ දෙයක්ද කියලා ඇහුවොත් ඒක විස්තර කරන්න තියන එකම වචනයත් Facebook ම තමයි .. Facebook කියන්නේ අපි හැමෝම පාවිච්චි කරන දෙයක් .. මිතුරු මිතුරියන් හදුනා ගන්න .. දුර සිටින අයගේ තොරතුරු දැන ගන්න Facebook අපිට ගොඩක් උදව් වෙනවා .. මේ අතරින් ප්‍රධානම දෙයක් තමයි ඒ මගින් ඇතිවෙන ආදර සම්බන්දතා.. ඇත්තටම Facebook හරහා කොතරම් ආදර සම්බන්දතා ඇති වෙනවා ඇතිද .? එකට තියන පිළිතුර තමයි ලෝකය පුරාම දිනකට ඇතිවෙන ආදර සම්බන්දතා වලින් පහෙන් එකක් ඇති වෙන්නේ අන්තර්ජාලය මගින්ලු .. ඒ අන්තර්ජාලය මගින් ඇතිවෙන ආදර සමබදතා වලින් 80% විතර Facebook හරහා වෙනවා ඇති කියලා අනුමාන කරන්න පුළුවන් ..


මේ ලිපිය Facebook ගැනවත් , එයින් ඇතිවෙන ආදර සබදතා ගැනවත් , ඒ ආදර සම්බන්දතා හොදද නරකද කියන එකවත් නෙවෙයි . Facebook හෝ අන්තර්ජාලය මගින් ඇතිවෙන ආදර සබදතා නරකයි කියන අදහස නැති කරන්න ගන්න පුංචි උත්සාහයක්.. ඒත් ඒක ගැනම හිත හිත ඉන්න හිත කූඩු කරන් ඉන්න අයට නම් මෙහෙම නෙවෙයි ඔලුවෙන් හිටගෙන කිව්වෙත් එයාලගේ හිත් වලට දෙයක් කාවද්දන්න අමාරුයි ... මේ කතාව විවෘතව හිතන අයට .


Saturday, October 10, 2015

කෑල්ලක් නැති මට ලෑලලත් සැපයි ..!!

අලුත් විදිහට දෙයක් ලියන්න හිතුවා .. ඉතින් මම මේ ලගදි කියවපු ලිපියනකිනුත් කරණු ටිකක් අරන් මගේ අදහසකුත් දාලා අලුත් විදිහේ එකක් ලියන්නයි හදන්නේ .....  චූන් පාන් කාරයා තරම් චුන් එකේ ඉන්න එකෙක් තවත් නෑ . කන පැලෙන්න චුන් සද්දේ දාගෙන සසරක් නැතුව ඌ හැමතැනම යනවා . අපි ඉතිං වෙනම වාහනයක් අරන් ඌ පස්සේ පන්නන්න ඕනේ මාළු නැති මාළු පාන් ගෙඩියක් ගන්න . අපි උගේ පස්සේ දුවන්නේ මාළු බයිසිකලේ පස්සේ බල්ලෝ පන්නනවා වගේ. කොච්චර ප්‍රශ්න තිබුනත් චුන් එකේ ඉන්න එකම එකා පොර වෙන්නේ ඒක නිසයි. ඔය කවුරු කොහොම හිටියත් මමත් ඒ කාලේ ඉදන්ම හිටියේ චූන් එකේ තමයි. දැන් සමහරු අහයි උබත් චූන් පාන් විකුණනවද කියලා. නෑ මම චුන් එකේ හිටියේ කෙල්ලෙක් set කරගත්තේ නැති නිසා . හැබැයි මගේ ඇති ජාති මිත්‍රයෝ නම් එදා ඉදන්ම කිව්වේ කෙල්ලෙක් දා ගනින් දා ගනින් කියලා .. සමහරු ලියුනුත් ලියන් හිටියා කෙල්ලන්ට දෙන්න මම දුන්න වගේ .. එක පාරක් දෙන්නම හැදුවා බොහොම අමාරුවෙන් නවත්ත ගත්තේ .. ඒ මගේ චූන් ජිවිතේ ගැන ඉරිසියා හිතිලා කියලයි මම නම් හිතුවේ. ඒත් දැන්නෙ තේරෙන්නේ චුන් ජිවිතේ තරම ..


කෑල්ලක් නැති මට ලෑල්ලත් සැපයි කිව්වට කෑල්ලක් නැති ජිවිතෙත් පුහුලනේ නැති කජු ගෙඩිය වගේලු.ඉතින් මමත් හිතුවා මගේ චූන් ජීවිතේට තිත තියන්න .. එහෙම හිතුවා කියලා හැම මගුලම හිතපු ගමන් හරියනවායැ.  ඉතින් මම හිතුව හිතේ ඉන්න කෙල්ල ගැන පොඩි වචනයක් දෙකක් කියලා දාන්න ..

Wednesday, September 23, 2015

ආදරය සහ කැමැත්ත ... !!!

ආදරය කියන්නේ මොකද්ද කියලා තවමත් ගොඩක් අය අදුරන්නේ නෑ. ඇත්තටම මොකද්ද ආදරේ කියන්නේ?එක උත්තරයක් දෙන්න බැරැව ගොඩාක් අය හිරවෙන තැනක්. ඔය දේට උත්තරයක් කෙලින් දුන්නොත් තමන් කරන්නේ ඇත්ත ආදරයක් දබොරැවක් ද කියලා දැන ගන්න පුලුවන්.....එක එක අය තම තමන්ගේ වාසියට අනුව ආදරයට එක එක නිර්වචන දිලා සමහරු ආදරය දකින විදියට නොවෙයි තවත් සමහරෙක් දකින්නේ එක එකිනෙකාගෙන් වෙනස්ම වෙච්ච දෙයක් එත් කවුරු කොහොම මෙන නිර්වචනය දුන්නත් එක එක අය ආදරය දකින්නේ වෙනස්ම විදියකට ආදරය කියන්නේ ගොඩාක් ලස්සන වචනයක් වගේම පිවිතුරු හැගීමක්. එක විදිහකට ආදරයට නිර්වචන දෙන්න යන එකත් එක විදිහක මෝඩ කමක්.. ආදරය කියන්නේ අයිති කර ගැනීමක් නොව පරිත්‍යාගයක් කියල කවුරු කිව්වත් ගොඩක් අය කරන්නේ නම් ආදරේ බදා ගන්න යනවා මිස ඒක බෙදා ගන්න එක නම් නෙවෙයි . කොහොම උනත් ඇත්තම කරපු ආදරයක් අමතක කරන එක ලේසි දෙයක් නම් නෙවෙයි. දැඩි ආදරයකින් වෙන් වීමේ දුක විඳවූවන් එය කොතරම් නම් වේදනාවක් ද යන්න යන්න දන්නවා .. තමන් පැතු ආදරයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ කිප දෙනකුට විතරයි ... ලබාගත්තු ආදරයක් පවත්වාගෙන යන්න ලැබෙන්නෙත් එතනිනුත් කීප දෙනෙක්ට ...

Wednesday, June 3, 2015

බලාපොරොත්තු සමග ජීවිතය... !!!

දැන් ඉස්සර වගේ කතා ලියන්නේ නෑ .. කතා ලියන්න වෙලාවක් ඇත්තෙත් නෑ .. වෙලා තිබුනත් ඒවා ලියන්න හිතෙන්නෙත් නෑ .. අද කාලෙකින් එන්න හිතුනා මේ පැත්තට .. අලුත් බලාපොරොත්තුවක් එක්ක.. මිනිස්සු හැමෝටම බලාපොරොත්තු තියනවා . එහෙම නෑ කිව්වොත් ඒක බොරුවක් . ඒ අතරින් කවදාවත් ඉටු කරගන්න බැරි දේවල් නම් ඕනි තරම් ඇති .  ඒ අතර කවුරුත් නොදන්නා කාටවත් නොකිව්ව බලපොරොත්තුත් ඇති .. මොනවා උනත් කවුරු මොනවා කිව්වත් කවුරුත් කැමති ඒ බලාපොරොත්තු එක්ක ජීවත් වෙන්න .. ඒවා ඉටුවුනත් නැතත් ඒවා ගැන හීන දකින එක හැමෝම කැමති දෙයක් .. බලාපොරොත්තු මිනිස්සු ජිවත් කරනවා .. ඒක තමයි මිනිස්සුන්ට ඉස්සරහට යන්න තල්ලුවක් දෙන්නේ . ඒත් එක ප්‍රශ්නයක් තියනවා ඒ ඇත්තටම මිනිස්සු ඉස්සරහට ගෙනියන්නේ බලාපොරොත්තුමද කියන එක.


හැමෝගෙම බලාපොරොත්තු අහස උසට , ඒ උසට හදපු මාලිගා වල මිනිස්සු ජිවත් වෙනවා . ඇත්තටම මේ විදිය සාර්ථකද ? කාටද කියන්න පුළුවන් මේ විදියෙන් දිනන්න පුළුවන් කියලා .. ලෝකෙට ලොකුවට පම්පෝරි ගහන සමහර උන් ලෝකෙට කියන්නේ උන් කරන්න ගිහින් වැරදුනු දේවල් . ඒක වැරදුනත් උන් කැමති නෑ ඒක වැරදි කියලා පිලිගන්න . කාටද කියන්න පුළුවන් මේ විදිය කරලා ජීවිතය දිනන්න පුළුවන් කියලා . ඒ යථාර්ථය මෙය නොවේ ලෝකය එක දිශාවට දුවන කොට අපිට ඊට ප්‍රතිවිරුධව දුවන්න බෑ ..

Friday, January 30, 2015

වැල(න්ටයින්) සැමරීම .. !!

ජනවාරිත් ඉවරයි.. 2015 අවුරුද්දත් ගෙවෙන්න අරන්. පටන් ගත්තු වැඩ තවම එහෙමමයි .. ආදරය පිරුණු මාසයක ආරම්බය වැඩි ඈතක නෑ. ඒ ඇරබුමත් සමග බාල මහලු තරුණ හැමෝගෙම මතකයට නැගෙන්නේ වැලන්ටයින් දිනය . හැබැයි ඉතින් ඊට කලින් නිදහස් දිනේ කියලා එකකුත් තියනවා ඒක නම් කාටවත් මතක නෑ. එක වෙනම කතාවක් , අද කතාව ඒක නෙවෙයි . එකෙක් සමරන තව එකෙක් ලතවෙන වැලන්ටයින්ගැන .. කෙනෙක් මේ දවස එනකම් බලන් ඉන්නේ ඇගිලි ගැන ගැන..  කෙනෙක් මේකට උනන්දුවෙන් සුදානම් වෙන අතරම තව කෙනෙක් මෙය සැමරීමට හේතුන් සොයනවා . ඒත් මේක සමරගන්න බැරි වෙන අය කරන්නේ ඔහේ උඩ බලාගෙන හුල්ලන එක .. තව පිරිසක් මේකට විවිද තර්ක ගෙනෙමින් මෙවැනි සැමරුම් වෙළද ජාවාරමක් ලෙස හදුන්වමින් විරෝධආකල්ප මතු කරනවා. කොහොම උනත් මේ පෙබරවාරි 14 කියන්නේ වෙළෙන්දන්ට නම් සරු දවසක් තමයි .



දැන් ඔබ ඇතුලත් වෙන්නේ මොන ගොඩකටද ? වැලන්ටයින් සමරන කුලයට එකතුවෙනවද? එය සැමරීමට හේතු සොයනවද ? එහෙමත් නැතිනම් එයට විරුද්දව කතා කරනවාද ? කව්රු මොනවා කිව්වත් , කලත් කුමන පැත්තක් ගත්තත් , මොන කුලයට වැටුනත් අපි අපෙන්ම අහගන්න ඕනි එක ප්‍රශ්නයක් තියනවා. ඒ තමයි ඇත්තටම අපිට , අපේ හිතට ආදරයක් ඇතුළු වෙලාද කියන එක .. සමරන්නට හෝ නොවන්නට හෝ ආදරවන්තියක හෝ ආදරවන්තයකු වෙන්නට ඉස්සර අපේ හිතට ආදරය දැනිලා තියන්න ඕනි කියන එක තමයි මගේ නම් මතය. ඒ වගේම කෙනෙක්ට ආදරයක් දැනිලා තියනවා නම් එක ඇත්තටම නිරායාසයෙන්ම දැනුන දෙයක්ද එහෙමත් නැත්නම් , කවුරුන්හෝ ඔලුවට ඇතුළු කල දෙයක්ද කියන එකත් හිතන්න වෙලාව ඇවිත් .

කොල්ලෙක් සහ කෙල්ලෙක් මොනයම් හෝ විදිහකින් ආදරයෙන් බැදුනට පස්සේ ඒක දිගටම පවතින්නේ ඔය අපි ගොඩක් අය කතා කරන ආදරය නිසාමද . ඇත්තටම අද ආදරය කියන දේ ආදරයමද ? එහෙමත් නැත්නම් ඒක රාගයද .. අද පටන් ගන්න ආදරයක් අවුරුදු ගානක් එක දිගටම පවතිනවද .. මම නම් දන්න විදිහට මේ 14  වැලන්ටයින් සමරන එකා ලබන අවුරුද්දේ සමරන්නේ වෙන එකෙක් එක්ක ..අද  ආදරය කියන්නේ, දැක්ක, හිනා වුණා, යාලු වුණා ,එහෙමෙහෙ ගියා, රණ්ඩු වුණා ඉවරයි. පාසල් කාලේදී පටන් ගන්න ගොඩක් සම්බන්ධතා කාලයක් පවතින්නේම නැති තරම් .. හැම එකම එහෙමමයි කියන්නේ නෑ ඒත් බහුතරයක් එහෙම තමයි ..


වැල(න්ටයින්) කියන්නේ ඇත්තටම එක විදිහක love ගිවිසුමක්
. මොකද මේ වරහන් දාලා. ඔව් අද මේ යන විදියට වරහ‍නින් එලියේ තියෙන දේවල් තමා වෙන්නේ.අම්මේ සමහරුන්ට දැනෙන සතුට අවුරුද්දටම මේ වගේ ආතල් එකක් ගන්න එන දවසනේ නේද? තමන්ගේ උපන්දිනේවත් සමහරු මේ විදියට ආසාවෙන් එනකන් බලාන ඉන්නේ නෑ.සමහරු අවුරුද්ද පුරාම එකතු කරපු සල්ලි වලින් තමන්ගේ වැලන්ටයින්ට මොනවා හරි අරන් දෙනවා. අයියෝ සල්ලි. මොකක් හරි ලොකු තෑග්ගක් දුන්නාම වැලන්ටයින්ගේ ඇඩ්රස් හොයන්නත් නෑ.  සමහර කෙල්ලෝ ඉන්නවා කොල්ලගෙන් හොද තෑග්ගක් ලැබුණ ගමන් කොල්ලට බූට් දෙනවා . අනේ කොල්ලොත් ඉතින් තියන සබ්බ සකලමනාවම එකතු කරලා කෙල්ලට තෑගී අරන් දෙනවා ..හැම කෙල්ලම එහෙම නෑ. ඒ වගේම කෙල්ලෝ විතරක් ඔය වැඩේ කරන්නේ නෑ .. කොල්ලෝ කරන්නේ ඊට වඩා කුප්ප වැඩ, උන් යාළු වෙලා ඉන්න කෙල්ලගේ යාළුවාගෙනුත් යාළු වෙන්න අහන එවුන්.. හැබැයි මෙහෙම එකකුත් තියනවා .අද කාලේ ගැණු ළමයි ආරක්ෂා වෙන්නේ ගෑණු ළමයිගේ තියෙන හොඳකම නිසා නෙමෙයි. කොල්ලොන්ට තාමත් ලැජ්ජාවක් තියෙන නිසා. ඇත්තටම කියනවානම් දැන් අපේ තරුණ කොල්ලෝ කෙල්ලෝ මේ කරන්නේ ආදරයක් නෙමෙයි කෑදරයක්. 90%ක් දෙනාම කරන්නේ කෑදරයක්.



වෙලාවට අපිට අනුන්ගේ සිත් කියවීමේ හැකියාව නැත්තේ. නැතිනම් ගෙවල් ලඟ ඉන්න අයගේ හිත් කියෙව්වොත්, ඒ අයට තමන් ගැන හිතෙන‍ දේවල් කියෙව්වොත් ගම රට දාලා මුහුදට පනින්න හිතෙනවා. ඒක නිසා ඒකත් එපා.ජීවීතේට තමන්ගේ කෙල්ලව බලන්න නොයන කොල්ලා, 14 උදේම හොදට ඇදගෙන රෝස මලයි,චොක්ලට් එකයි,කාඩ් එකයි අරගෙන ගිහිල්ලා කෙල්ලට දීම ඇත්තටම ආදරයද ? ආදරය කියන්නේ මේක නම් මේ රටේ මෙච්චර බූට් කතා ඇහෙන්නේ නෑ. ඒත් ආදරය කියන්නේ අයිති කරගන්න  දෙයක් නොව පරිත්‍යාගයක් කියන දේත් මතක තියා ගන්න ඕනි.තමාගේ ආදරය පෙන්වීමට අනුන්ගේ දවසක් එනකම් ඉන්න ඕනිද . දවස් තුන්සිය හැට පහේදීම ආදරයෙන් ඉන්නවා නම් හැමදාම වැලන්ටයින්.. ඕනෑම පෙම්වතුන් යුවලකට පෞද්ගලිකව වැදගත්වන දිනය තමයි   සංවත්සර දිනය. ඉතින් ඒ දවස සමරුවොත් හොද නැද්ද ? වැලන්ටයින් වගේ  අහසින් වැටුන දිනයක් සැමරීමට වඩා ඒක හොද නැද්ද . මොකද ඒක තමන්ගේම දිනයක් නිසා .. 

Saturday, January 24, 2015

සතුට පසුපස ..!

කාලේකින් මොකුත් ලියන්න බැරි වුනා .. අලුත් අවුරුද්දේ අලුත් කතාව .. අලුත් සිතුවිලිත් එක්ක අලුත් වෙන්න දගලන අපි , අලුත් බලාපොරොත්තු එක්ක අලුත් අවුරුද්ද පටන් ගන්නවා . සමහරු සාර්ථක වෙනවා සමහරු අසාර්ථක වෙනවා .. මොනවා කලත් මොනවා උනත් ඉස්සරහට තියපු අඩිය පස්සට ගන්න එක නම් කරන්න හොද නෑ .. සැප දුක , දුක සතුට , ජය පරාජය , කාටත් පොදුයි .. අලුත් අවුරුද්දෙත් මේ දේවල් පොදි ගහගෙන ඉස්සරහට යන්න කට්ටියටම සිද්ද වෙනවා .. තමන්ගේ වැරදි නිවැරදි කරගන්න හදනවා නම් තමයි හොද ඒත් ගොඩ දෙනෙක් කරන්නේ අනුන්ගේ කුණු වලවල් හාරන එක තමයි ..

මේ ලෝකේ ඉන්න අයගෙන් වර්ග දෙකක් ඉන්නවා එකක් දුකින් ඉන්න අය අනිත් කට්ටිය සතුටින් ඉන්න අය සතුට කියන දේ පලා ගිය ගමන් ජීවිතය වෙලා ගන්නේ දුක. දුකක් දැනුනම ඒක නැති වෙන්න කල් යටට

Sunday, November 2, 2014

කාලයත් එක්ක වෙනස් වෙන අපේ ඇත්තෝ... !!

කාලෙකින් පැත්ත පලාතවත් බැලුවේ නෑ .. ඉතින් කාලෙකින් ඇවිත් පොඩ්ඩක් කියවල යන්න හිතුණා.. කව්රු මොනවා කිව්වත් මොනවා කලත් තමන් කරපු කියපු දේවල් මතක් වෙනවා සමහර දේවල් වලින් සතුටක් ඇතිවෙනවා වගේම සමහර දේවල් වලින් ලොකු දුකක් ඇති වෙනවා .. ඒ ඔක්කොටම වඩා ගොඩ දෙනෙක්ට තියෙන්නේ ලොකු පසුතැවීමක් .. කෙනෙකුට පසුතැවීමක් එන්නේ එක්කෝ කරපු නරක දෙයක් මතක් උනාම, නැත්නම් මොනවා හරි හොද දෙයක් කරන්න බැරි වුන එක ගැන. අද කතාව පසුතැවීම ගැන නම් නෙවෙයි .. මාතෘකාවක් නැතුවම පටන් ගන්නම්..

 ඉවරක් නැතිව දුවන මිනිස්සු ඉන්න ලෝකයක බලාපොරොත්තු පොදිගහගෙන හැමෝම ඒ මේ අත දුවනවා. 2014 පටන් ගන්නකොට ගොඩක් අය හිතා ගත්තේ මේ අවුරුද්දේ මේ  මේ දේවල් කරනවා කියල. ඒ උනාට බලන් ගියාම කරලා තියෙන්නේ පරණ දෙවෙල්ම තමයි. සමහර අයට හරි ගියා සමහරුන්ට වැරදුනා . කරන්න දෙයක් නෑ ඒක වෙන්න තියන දේ කියලා බලන් හිටියොත් වෙන්නෙම ඒකම තමයි. කාලයත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා .. සමහරු අලුත් වෙනවා , සමහරු පොෂ් වෙනවා , සමහරු පල් වෙනවා , සමහරු වල් වෙනවා . කෙනෙක් උඩ යනකොට අනිකට ඒක අල්ලන්නේ නෑ . ඒක කොතනත් තියනවා ඉස්කෝලෙදි එකට කාපු එකා විභාගේ ලියන වෙලාවට මුණ දිහා බැලුවත් අහක බලනවා . හැමෝම නෙවෙයි සමහරු එහෙමයි . සමහරු කලින්ම ඉවරවෙලා ඉස්සරහ ඉන්න එකාගේ පුටුවට පයින් ගහනවා . රස්සාවකට ගියත් එකෙක් උසස් වෙනකොට අනිත් එකට ජෙල .. ඒ වෙලාවට සුබ පැතුවට “ මු අලුතෙන් ඇවිත් අපිටත් කලින් promotion ගත්තනේ  ” , කියලා හිතින් කියන බොරු යාලුවෝ ඕනි තරම් ..
 

Friday, May 30, 2014

Facebook නිසා නහින අපේ ඇත්තෝ ...!!!


Facebook නු දුෂ්ට ඉන්ද්‍රජාලයක් නොවේ. එය සමාජ ජාලයකි. අන්තර්ජාලය වේදිකාව කර ගනිමින් බිහි වූ තවත් තොරතුරු තාක්ෂණයකි. එසේ නම් ‘ෆේස් බුක්’ හෙවත් ‘එෆ්.බී.’ නිසා ජීවිත විනාස වන්නේ යැයි ඇතැමුන් පවසන්නේ ඇයි? සමාජ ජාලා භාවිතය වරදක්ද යන පැනයට ඉතාම පැහැදිලි පිළිතුරක් පසු ගිය දිනෙක ෆේස් බුක් අඩවියේ ම කෙනකු මෙලෙස සඳහන් කර තිබිණි. “ගින්දර පිච්චෙනවා කියලා ගින්දර තහනම් කරන් නෑනේ....ඒ වගේ තමයි FB එකත්... පාවිච්චි කරන කෙනා සහ කරන විදිහයි වැදගත්.”ඒ කතාව හරියටම හරි. අපි බාවිතා කරන දෙයක් හොද හෝ නරක වෙන්නේ ඒ දේ බාවිතා කරන ආකාරයෙන් මිසක් ඒ දේ මත නෙවෙයි. ගින්දර පාවිච්චි කරලා කෑම උයන්නත් පුළුවන්, ඒ වගේම ගිනි කෙලි වැනි ලස්සන සංදර්ශන පවත්තන්නත් පුළුවන්. ඒ වගේම පුංචි ගිනිකුරකින් විශාල ගොඩනැගිල්ලක් අළු කරලා දාන්නත් පුළුවන්.

මිලියන ගණන් පුදගලයන් විසින් භාවිතයට ගැනෙන ජනප්‍රිය සමාජ ජාලා අඩවි අතර Facebook, Twitter, LinkedIn, Pinterest, Google Plus+, Tumblr, Instagram, VK, Flickr ,MySpace යනු අපට හුරුපුරුදු නම්. එකිනෙකට වෙනස් අභිමතාර්ථ වෙනුවෙන් ඇති වී තිබුණ ද මේ සියලු වෙබ් අඩවිවලින් කරන්නේ නූතන ලෝකයේ තොරතුරු හුවමාරුවයි. මිනිසා එකිනෙකා හා සන්නිවේදනය ඇරඹී මොහොතේ සිට ම නොයෙකුත් ක්‍රමවලින් සමාජ සන්නිවේදනයක් සිදු නොකළේ නම්, එකිනෙකාගේ උදවු සහ සම්පත්වලට පිවිසුමක් නොලැබ මිනිස් සංහතියේ දියුණුවක් සිදු නොවන්නට ඉඩ තිබිණි. ගින්දර යනු එලෙස පණිවිඩ හුවමාරුවට පවා යොදා ගත් එක මාධ්‍යයක් බව අප දන්නා කරුණක්.සමාජ වෙබ් අඩවි වලින් නිවැරදිව ප්‍රයෝජන ගැනීම සිදුවෙනවාද කියා නම් සොයා බැලිය යුතුයි. ඒත් අන්තර්ජාලය හා සිසුන්ගේ ඇති සම්බන්ධතාව ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ගේ සන්නිවේදන හැකියා ශක්තිමත් කිරීමට බොහෝ බටහිර රටවල ගුරුවරු කටයුතු කරනවා . අන්තර්ජාල සමාජය විවිධාකාර යි. ඔවුන් හා අදහස් හුවමාරුවෙන් කෙනකුට පන්නරයක් ලබන්නට හැකියාවක් තියනවා .

Tuesday, May 6, 2014

අනුන්ගේ ඇපල් ගණින අපේ අය ... !!

අපි කව්රුත් කැමති සතුටින් ඉන්න. ඒ වගේම හැමෝම කැමති වාසනාව තමන්ට ලැබෙනවට  තමන්ට හරියනවට. තමුන්ට හිත සතුටින් ඇපල් කාලා ජිවත් වෙන්න මිනිස්සු පුදුම විදිහට ආසා කරනවා.හැම මිනිහම වර්තමානයේ අසීමිත විදිහට මහන්සි වෙන්නත් අනාගතයේ ජොලියේ ඇපල් කාලා ඉන්න. ඒත් ඇත්ත කාරණාව ගොඩක් අය කරන්න හදන්නේ තමන්ගේ ඇපල් ටික ගේ ඇතුලේ තියලා. අනුන්ගේ ඇපල් වලට කෙල හලන එක. ඒ අතරේ තමන්ගේ ඇපල් අනුන්ගේ කටේ ඔබන ජාතියේ කට්ටියත් සුළුවෙන් හරි ඉන්න එකත් වාසනාවක්. කොහොම කිව්වත් අනිකා ඇපල් කනවටවත් කැමති අය තමයි ගොඩක් මේ සමාජයේ ඉන්නේ. තමන් ඇපල් කන අතරේම අනිකාගේ ඇපල් ගෙඩියට තට්ටු කරන්න හදනවා නම් එක එක්තරා විදිහක නරක තත්වයක්. ඒක එක ලග ගෙවල් දෙකකටත්, කාර්යාලීය මේස අතරත් , නෑදෑයන් අතරත් , මිතුරන්ටත් පොදු ධර්මතාවක්.

Related Posts Plugin for WordPress, Blogger...