Friday, April 12, 2013

සිංහල අලුත් අවුරුද්ද..........


අලුත් අවුරුද්දකුත් ආවා. කට්ටිය හරිම කඩිසරයි . ඇදුම් ගන්න . ගෙවල් අස් කරන්න රටේ නැති වැඩ . අවුරුද්දට කට්ටියක් ලෑස්ති වෙනකොට තව කට්ටියකට ඒක මහා වදයක්. පෙළක් අයනම් කියන්නේ එයාලට හැමදාම අවුරුදුනේ කියලා . පෝසතාට හැමදාම අවුරුදු තමයි ඉතින් නැති එකාට මුකුත් නෑ .. ඇතිදා සිනි නැතිදා ගෝනි. කොහොම උනත් අවුරුද්දට ඇදුම් කඩ වල නම් සෙනග පිරිලා උපරිමටම. සමහර කඩ වලට යන්න බැරි තරම් .. ඕවා බලන් ඉන්න වයසක සීයල ආච්චිලා නම් කියන්නේ “මුන් අවුරුද්දම හෙළුවෙන් ඉදලද මන්දා” කියලයි . අනේ මන්දා ඕවා. කොහොම කොහොම උනත් එදාවේල කන්න නැතත් කට්ටිය උනත් ඇදුම් නම් ගන්නවා අවුරුද්දට හොදට. කවුරු උනත් කැමති අවුරුද්දෙන් පස්සේ අලුත් ඇදුමක් අදින්න. තමන්ට නැතත් පොඩි එවුන්නටවත් ඇදුමක් අරන් දෙන්න. උන්ට කෑමක්වත් හදල දෙන්න තියන දෙයක් උකස් කරලා හරි කමක් නෑ කියල හිතන දෙමවුපියොත් නැත්තේම නෑ. කොහොම උනත් අවුරුද්දට මොනවා හරි ගන්න මමත් ගියා කඩේකට .. ඒක ඇතුලේ ඇගිල්ලක් ගහන්න ඉඩක් නෑ .. මමත් ඉතින් වැඩේ අත්හැරියේ නෑ. කලිසමක් ගන්නයි ගියේ එකක් තෝරලා අනික තව එකක් බලනකොට කලින් බලපු ඒක නෑ වෙන එකෙක් ඒක අරන් ගිහින් .. කොල්ලන්ට වඩා කෙල්ලන්ගේ එකේ තමයි වැඩේ දරුණුවට යන්නේ .. කෙල්ලෝ එක්ක එන කොල්ලන්ට දෙයන්ගේම පිහිටම තමයි. එක කෙල්ලෙක්ගේ බිල අහපු කොල්ලගේ ඇස් උඩගියා. තව පොඩ්ඩෙන් ඒ කොල්ලාට “ on the go ” තමයි .. මමත් විනාඩි 20 විතර පෝලිමේ ඉදල කලිසමත් අරන් ගෙදර ආවේ ආයේ අවුරුදුකාලෙට කඩවල් වලට යන්නේ නෑ කියල හිතාගෙන...අද කතාව ඔච්චරයි ... වැඩිය කියන්න දෙයක් නෑ .. ඔයාල හැමෝටම ලබන්නා වු සිංහල අලුත් අවුරුද්දද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !!!! 

4 comments:

  1. සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  2. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  3. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.....!!!!!

    ReplyDelete
  4. සතුට සිනහව
    පිරි ඉතිරෙන
    නිබද
    ජය ටැබ සොයා යන්නට
    අලුත් ආරෙට
    සිතුම් පැලවෙන
    වාසනාව දොරේ ගලා යන
    නව වසරකට
    පතමි ආසරි
    ෴෴සචි෴෴
    **************************************************

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...