Monday, April 22, 2013

ජීවිතය වීඳවන්නට නොව, විඳින්නට කියාදෙන බුදු දහම .....


 බුද්ධ  යන වචනයේම ඇත්තේ මහා උතුම් බවක් . ලෝකයට බුද්ධ යන වචනය අහන්නට ලැබෙන්නෙත් ඉතා සුළු කාලයක් .එවන් කාලයක් ජිවත් වීමට හැකිවීමත් අපේ වාසනාවක් . නමුත් බුදුදහම ගැන ගොඩක් දෙනෙක් කතාකරන්නේ අසුබවාදය කියාදෙන දහමක් ලෙසින් පමණයි . අසුබවාදය තුලින් පුද්ගල හැකියාවන් යටපත් කර ඒ තුලින් පුද්ගලයා කායිකව හා මානසිකව උදාසීන කරනවා යැයිද , හුදකලා කරනවා යැයිද , එහෙයින්ම බුදු දහම ඇත්තේ ජීවිතය විදින්නට නොව විදවන්නට යැයි කියන බොහෝ බටහිර උගතුන් හා වියතුන් සිටිනවා.එහෙත් බුදුදහම පිලිබදව නිසි අවබෝධයක් ඇති කෙනෙකුට හෝ බුදු සමය ශ්‍රද්ධාවෙන් වැලදගන්නා දාර්ශනිකයකුට මුලින්ම පෙනීයන්නේ බුදු දහම මගින් ජීවිතය විදවන්නට නොව විදීමට කියාදෙන බවයි.


මිනිස් සිත අසීමිත ආශාවන්ගෙන් පිරි ඉතිරි යනවා. ඒ ආශාවන් නිසාම ඒ පසුපස සිත නොනවතින ගමනක යෙදෙනවා. හඹා යනවා. සිත මුල් කරගත් මෙම ආශාවන් මිනිසාත් , මිනිසාගෙන් සැදුනු මේ මුළු ලෝකයත් පාලනය කරනවා. අසීමිත ආශාවන්ගෙන් පිරුණු සිත කවදා වත් ලැබෙන දෙයින් සතුටු වෙන්නේ නම් නෑ .. ඒ නිසාම තව තව දේ ගැන ආශාවන් ඇතිකරගනිමින් ඒවා පසුපස හඹා යනවා. සිත සහ සිතුවිලි කියන දේ අතරේ ක්‍රියාකාරිත්වය ස්වභාවයෙන්ම සැදී ඇත්තේ සංතෘප්ත නොවන අතෘප්තිකර අරමුණු හඹා යෑම සදහායි.ලෝකයේ ඇති බොහෝ ආගම් වල සිදුවන්නේත් පුද්ගලයාට අතෘප්තිකර අරමුණු හඹා යාමට අනුබලදිමයි . එහෙත් එයින් වෙනස් වුනු බුදු දහම අතෘප්තිකර අරමුණු සංතෘප්ත කරගැනීමට කියා දෙයි . එහෙයින් ඔබ මදකට සිතන්න ඔබට  අවශ්‍ය ජිවිතයේ අතෘප්තිකර ස්වභාවය තුල ජිවත් වීමටද නැතිනම් එයින් මිදී ඔබේ සිත හා ගත සන්තෘප්තිමත් සැනසිලි දායක තත්වයකට පතක ගන්නටද ...... ?

Friday, April 12, 2013

සිංහල අලුත් අවුරුද්ද..........


අලුත් අවුරුද්දකුත් ආවා. කට්ටිය හරිම කඩිසරයි . ඇදුම් ගන්න . ගෙවල් අස් කරන්න රටේ නැති වැඩ . අවුරුද්දට කට්ටියක් ලෑස්ති වෙනකොට තව කට්ටියකට ඒක මහා වදයක්. පෙළක් අයනම් කියන්නේ එයාලට හැමදාම අවුරුදුනේ කියලා . පෝසතාට හැමදාම අවුරුදු තමයි ඉතින් නැති එකාට මුකුත් නෑ .. ඇතිදා සිනි නැතිදා ගෝනි. කොහොම උනත් අවුරුද්දට ඇදුම් කඩ වල නම් සෙනග පිරිලා උපරිමටම. සමහර කඩ වලට යන්න බැරි තරම් .. ඕවා බලන් ඉන්න වයසක සීයල ආච්චිලා නම් කියන්නේ “මුන් අවුරුද්දම හෙළුවෙන් ඉදලද මන්දා” කියලයි . අනේ මන්දා ඕවා. කොහොම කොහොම උනත් එදාවේල කන්න නැතත් කට්ටිය උනත් ඇදුම් නම් ගන්නවා අවුරුද්දට හොදට. කවුරු උනත් කැමති අවුරුද්දෙන් පස්සේ අලුත් ඇදුමක් අදින්න. තමන්ට නැතත් පොඩි එවුන්නටවත් ඇදුමක් අරන් දෙන්න. උන්ට කෑමක්වත් හදල දෙන්න තියන දෙයක් උකස් කරලා හරි කමක් නෑ කියල හිතන දෙමවුපියොත් නැත්තේම නෑ. කොහොම උනත් අවුරුද්දට මොනවා හරි ගන්න මමත් ගියා කඩේකට .. ඒක ඇතුලේ ඇගිල්ලක් ගහන්න ඉඩක් නෑ .. මමත් ඉතින් වැඩේ අත්හැරියේ නෑ. කලිසමක් ගන්නයි ගියේ එකක් තෝරලා අනික තව එකක් බලනකොට කලින් බලපු ඒක නෑ වෙන එකෙක් ඒක අරන් ගිහින් .. කොල්ලන්ට වඩා කෙල්ලන්ගේ එකේ තමයි වැඩේ දරුණුවට යන්නේ .. කෙල්ලෝ එක්ක එන කොල්ලන්ට දෙයන්ගේම පිහිටම තමයි. එක කෙල්ලෙක්ගේ බිල අහපු කොල්ලගේ ඇස් උඩගියා. තව පොඩ්ඩෙන් ඒ කොල්ලාට “ on the go ” තමයි .. මමත් විනාඩි 20 විතර පෝලිමේ ඉදල කලිසමත් අරන් ගෙදර ආවේ ආයේ අවුරුදුකාලෙට කඩවල් වලට යන්නේ නෑ කියල හිතාගෙන...අද කතාව ඔච්චරයි ... වැඩිය කියන්න දෙයක් නෑ .. ඔයාල හැමෝටම ලබන්නා වු සිංහල අලුත් අවුරුද්දද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !!!! 

Related Posts Plugin for WordPress, Blogger...