Thursday, June 20, 2013
ආදරයෙන් වෙන්වීම ....
කාලෙකට පස්සේ ආදරය
ගැන ටිකක් ලියන්න හිතුණා. අපේ ජීවිතයට පණක් ලබලා දෙන්නේ ආදරය කිව්වොත් මම වැරදි නෑ.
පුංචි කාලේ අම්මගෙන් ලැබෙන ආදරය . ඒ ආදරය නම් කවදාවත් වෙනස් වෙන්නේ නෑ .. මිනිස්සු
ජීවත් වෙන්නේ ආදරය නිසා. ඒත් හැමකෙනාටම ජීවිත කාළෙම එකමවගේ තමන් පණවගේ ආදරය කරන
කෙනා ගෙන් නැවත ආදරයක් ලැබෙන්නේ නම් නෑ .. එකත් හරියට අනියත දහම මත කැරකෙන ලෝකය වගේ .අපිට නම් ඕවා වෙන්නේ නෑ, මට
එයා පණටත් වඩා ආදරෙයි කියලා කියන කෙනෙක්ට ඒ ආදරෙන් පොල්ලක් වැටුනොත් .!? ඒ වෙලාවට
හිතෙන දේවල් වචන වලින් ලියන්න කියන්න බැරිවෙයි. මොකටද ජිවත් වෙන්නද කියල ඒ වෙලාවට
හිතෙනවා . ඒ සුන්දර මතකයන් .ඒ මතක සැමරුම් මතක් වෙනකොට ඔලුව පොලේ ගහගන්න හිතෙන
අවස්ථා එමට ඇති. ඒත් එහෙම කියලා ජිවිතේ අතහරිනවද.? එහෙනම් මෝඩයෙක් .. මම කලින් කතාවක ඒ ගැන කිව්වා. ලගින් ඉන්න කාලේ නොදක්කපු
ගොඩක් දේවල් මනුස්සකම් ගුණවත්කම් ඉතිරිලා යන ගානට දෙනෙන්න ගනී.මට අහිමි වෙන්නේ ඒ
සුන්දර ආදරය නේද කියලා මහා හයියෙන් හඩාවැටෙනවා. ඒ වෙලාවට දැනෙන විරහව වේදනාව
විස්තර කරලා ඉවර කරන්න බැරි තරමටම අපිව පිස්සු වට්ටන බව ඒ දුක දැනිච්ච හැම හිතක්ම
හොදින් දන්නවා..හැබැයි ඒ ආදරය ඔබව දාලා යන්නේ වෙනත් කෙනක්
ගාවටනම් ඔයාට දැනුනු ඒ දුක වේදනාව තව සියගුණයකින් විතර වැඩි වෙනවා. ඒ වගේම හිතට තරහකුත්
. පොඩි ඊර්ෂ්‍යාවකුත් ඇතිවෙන්න යන්නේ පොඩි වෙලාවයි.එයා මොනවද අලුතෙන් හොයන්නේ. ඔබෙන්
නොලැබුණු හැගීමක් අනිත් කෙනාගෙන් ලැබෙන්නේ කොහොමද? හිතට වද දෙමින් කදුළු පෙරාගෙන
ඔයා හොයන්නේ අන්න ඒ හේතුව.මාව එපා නම් මටත් එපා කියලා හිතන්න තරම් අපේ හිත සංවේදී නැහැ.
ඉතින් ඔබව හැරගිය ආදරය ගැන සිත හිතා දවස් ගණන් විදවනවා.
ඇත්තටම ඔබ ඇයට/ඔහුට කරන ආදරයද ? එහෙමත් නැතිනම්
ඒ ආදරය වෙනකෙනෙකුට ලැබීම නිසා හිතේ ඇතිවුන ඊර්ෂ්‍යාවද ? ඔයාට අහිමි උන ආදරය තව
කෙනෙකුට ලැබෙනකොට දැනෙන උහුලන්න බැරි වේදනාව ඇයට/ඔහුට තියන ආදරය නිසාමද.. ඇත්තටම ඒකද ආදරේ .
අහිමි උන ආදරය ගැන වේදනා විදින හිත්වල ගැඹුරටම ගිහින් අවංකව ඔබ ඔබගෙන්ම අහන්න පුළුවන්
පුංචි ප්‍රශ්නයක් තියනවා. ඒ ඇත්තටම ඔයා ආදරේ කරන්නේ ඔයාව අතහැරිය කෙනාටද ? නැත්නම්
ඔයාටමද කියන එක.අහිමිවීම කියන දෙයින් තනි වෙන ඇයට/ඔහුට අහිමිවීම ගැනම
හිතනවාට වඩා වෙන දෙයක් නැති තරම් .. කෙල්ලන්ට boot තියන
කොල්ලෝ වගේම කොල්ලන්ට වලකපන කෙල්ලෝ ඕනේ තරම් . සාමාන්‍යයෙන් කෙල්ලන්ට වඩා කොල්ලන්ට
ඒ දේ වෙනවා සාපේක්ෂව වැඩි. සාමාන්‍යයෙන් කෙල්ලෙක්ට වඩා කොල්ලෙක් මේ වගේ දේවල්
වලින් මනසින් වැටෙනවා වැඩි. කොහොමින් කොහොම වුනත් ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ ගොඩ දෙනෙක්
මේ කරනවා නිසා තමන්ගේ ජීවිතයෙන්ම පලිගන්න තරමට මෝඩයන් වෙලා කිව්වොත් මම වැරදි නෑ. තමන්ගේ
සතුට වෙනුවෙන් අපිව අතහරින්න කාටහරි පුලුවන්නම් ඇයි අපි එයාව නවත්තන්නේ. එක අතකින්
ඔයා එයාට ආදරේනම් එයාගේ සතුට වෙනුවෙන් ඔයාට ඒක ඉවසන්න පුලුවන්නම් ඒක ඔයාගේ හිතට
ලොකු සැහැල්ලුවක් වෙයි.
Subscribe to:
Post Comments (Atom)
බුලහ්සිංහල මහත්තයගේ කවියට පස්සේ ලිවුව කතාවත් එක්ක මම එකඟයි.. සුන්දර වෙන්වීමක් නම් කොහොමවත් දැන් කාලේ ලැබෙන්නේ නෑ බං..
ReplyDeleteඑහෙම නොවෙන එකත් .. කට්ටිය මැරෙන එකත් දැන් සාමාන්‍ය දෙයක් වෙලා එකයි අවුල...
Deleteආදරය කියන්නෙත් එක්තරා ගනුදෙනුවක්. අපට ලැබෙන දේ මත අප දෙන දේ මත ආදරය වෙනස් වෙනවා. ඒ කියන්නේ ආදරය කියලා දෙයක් නෑ කියන එක. එය එක් තරා හැගුමක් විතරයි. ඔය වෛරය කියන එක එන්නෙත් ආදරය කියලා කියන නොපවතින දේම අනෙක් කෙළවර. වෛරයත් ගනු දෙනුවක්. මේ දෙකම පාලනය වන්නේ පුද්ගල හැදියාව මතයි.
ReplyDeleteමම හිතන්නේ එක දෙනු ගනුවක් මොකද අපි කෙනෙක්ට ආදරේ දුන්නොත් තමයි ඒක නැවත අපිට ලැබෙන්නේ .. ඔයා පස්සේ කියපු කතාවට මමත් එකගයි..
Deleteආදරයක් පවත්වාගෙන යන්න කැප කිරීමක් කරන්න වෙනවා... කැපකිරීමක් නැති තැන පැවැත්මක් නෑ..
ReplyDelete