Friday, May 31, 2013

ආදරයට කතාකරන ඇස්.... !!

අපිට අදහස් හුවමාරු කරගන්න විදි ගොඩක් තියනවා . ඒ කියන්නේ සන්නිවේදන ක්‍රම , එකිනෙකා අතර වෙන වචන හුවමාරු , විවිධාකාර අංග චලන වලින් කරන අදහස් හුවමාරු බොහොමයි . ඔය අදහස් හුවමාරු වලින් සිනහව, දුක, තරහව සහ ආදරය , කියන හැගීම් සියල්ලක්ම ඇතිවෙන්න පුළුවන්. අද කතාව කියන්න යන්නේ ඒ විදිහට ඇතිවෙන ආදරය ගැන .එකිනෙකා ආදරයෙන් බැදෙන්නේ නොදැනුවත්වමයි. එසේ ඇතිවෙන සබදතා සියල්ලම කෙලවර වෙන්නේ විවාහ වෙලාද ? නැතිනම් ඒ ආදරය නොලැබීම තුලින් ඒ ආදරවන්තයින් සදාකාලිකවම තනිකඩ ජිවිත ගතකරනවාද? ඒක වෙනම කතාවක් . එහෙත් ඔය කියන ආදරය ලෝකයේ කා තුලත් ඇතිවන්නේ නොදනුවත්වමයි කියන කතාවනම් ඇත්තක් . සමහර වෙලාවට ඔහුට හෝ ඇයට ඇතිවී ඇත්තේ ආදරයක් බව සමීපතමයකු ඔහුට කියන තෙක්  එය ඔහුට හෝ ඇයට දැනෙන්නේ නෑ. ඒක ඔයාලත් ඇතැම් වෙලාවට අත්විදලා ඇති. කොහොමින් කොහොම උනත් එසේ ඇතිවෙන සත්‍යම ආදරය විවාහයෙන් පසු අවසාන මොහොත දක්වාත් පවතිනවා. මම මේ කියන නොදැනුවත්වම ඇතිවෙන සත්‍ය ආදරයට මුල්ම පියවර තබන්නේ ඔබේ දෙනෙත බව මම කිව්වොත් ?!...........



 දෙදෙනකු අතර අදහස් හුවමාරු     කරගන්නා ප්‍රධානම මාධ්‍ය තමන්ගේ හඬ වුවත්, හඬ වඩා වැඩි දෙයක්  කතා කරනා පුද්ගලයාගේ   අංග චලන මගින් හදුනා ගන්න පුළුවන්. කෙනෙකුගේ බාහිර ස්වරුපය මගින් තවකෙනෙකු හදුනා ගන්නා විදි නවීන විද්‍යාවේ දැක්වෙනවා. හඩට වඩා හදවත් තව තවත් ලං කරන ප්‍රධානතම සන්නිවේදන අවයවය වන්නේ ඇසයි. නමුත් බොහෝදෙනෙක් තම අදහස් හුවමාරුවේදී ඉන්ද්‍රියන් වන ඇස් ගැන සැලකිල්ලක් දක්වන්නේ නම් නෑ.ඉරියව් තුලින් බොහොමයක් දේ කරන්න පුළුවන්. වචන මගින් අදහස් ප්‍රකෂවෙන්නේ 7% වගේ සුළු ප්‍රමාණයක් ඉතිරි 93% ම සිදුවන්නේ ඉරියව් තුලින්. ඉරියව් තුලිනුත් වැඩි අදහස් ප්‍රමාණයක් ප්‍රකාශ වන්නේ ඇස් වලින් . ආදරය තුල තම ඇස් බාවිත කරමින් කොල්ලන්ව වසගයට ගන්නට උපන් හපන්කම් ඇත්තේ කෙල්ලන්ට කිව්වොත් ඔයාල කවුරුත් ඒකට විරුද්ධ වෙන එකක් නෑ . මොකද කෙල්ලන්ට ඒ වැඩේ හොදට පුළුවන් කියල කොල්ලෝ විතරක් නෙමෙයි කෙල්ලෝ වෙන එයාලත් දන්නවා. ලස්සනට ඇදගෙන ඇවිල්ල ඇස්වලින් කතාකරල කොල්ලෝ අල්ලගන්න කෙල්ලෝ ඒ කොල්ලව සුද්දම කරලා යනවා ඕනේ තරම් ඔයාල දැකල ඇති. ඇත්තටම ආදරය කරන කෙල්ලෝ නැතුවම නෙමෙයි මම කිව්වේ ගොඩක් වෙන දේවල් .  හැබැයි ඉතින් දන්න කොල්ල දන්නවා මේ ඇස් කතා කරන්නේ බොරු ආදරයකටද , නැතිනම් බොරු ආදරයකට ද කියලා. කොහොම උනත් කවියන් තමන්ගේ කාව්‍ය වලට තරුණිය කතාකරන ඇස් තුලින් තම ආදරය ප්‍රකාෂ කරන බව පැවසුවෙත් මේ නිසාමයි.


බොහෝ තරුණියන් තම ඇස් විශාල කරමින් තම අවධානය ගන්නා තරුණයන් හට  පෙන්වීමට උත්සහ කරන්නේ තමන් පුදුමයට පත් වූ බවක් . එසේම කුඩා ළමුන් අසලදී ඈ හින් නෙත් කැල්මන් පාමින් අහිංසක බවක් නිරුපනය කරයි. සමහර තරුණියන් තම ආදරය කරනා තරුණයා කෙරෙහි වන කැමැත්ත මතු කරන්නේද ඔහු වෙනතක් බලාසිටින විට හොරැහින් බලමිනි. පිරිමියා මේ සියල්ලම වටහාගැනීමට තරම් සියුම් ලෙස කෙල්ලන් දෙස බැලිය යුතුය. ආදරය කිරීමට කෙල්ලන්ගේ කතාකරන දෑස් නිතරම පෙන්නනේද නැත. ඇය එය පෙන්නනේ තමාට ආදරයට සුදුසු යැයි සිතින කොල්ලෙකුට පමණි.රුසියානු ඔත්තු සේවය මේ හැකියාව අතීතයේ තේරුම් ගෙන තම සතුරන්ගේ ඔත්තු බැලීමට ඔත්තුකරියන් යොදාගෙන ඇත්තෙත් මේ නිසාමයි. ඔත්තුකරියන් තම නෙත් වලින් කරනා බැල්මට රැවටුන ජමානු සොල්දාදුවන් බොහොමයක් මරණය වැලදගත්තා. කෙල්ලන්ගේ ආදරබර බැල්ම සත්‍ය ආදරයට මෙන්ම ව්‍යාජ බලපෑම් වලට යොදාගත්තේද එසේයි. එහෙත් අවංකව ආදරය කරන පුද්ගලයාගේ  නෙත් දෙස ස්වල්ප වෙලාවක් බලාසිටින විට එය අවංක ආදරයක් බව හදුනා ගන්න පුළුවනි. ආදරය තුල එකිනෙකාගේ හැගීම් හදවත් වල කාවැද්දීමට දෙනෙත් සහය වෙයි. ආදරවන්තියක තම ආදරවන්තයා කෙරෙහිත් ආදරවන්තයා ආදරවන්තිය කෙරෙහිත් වන හැගීම් ඔවුන්ගේ නෙත් වලින් ගලා ආවත් එය වෙනකකුට තේරුම් ගත නොහැකි වන්නේ, ඒ හැගීම් හදුනා ගත හැක්කේ ඔවුන්ගේම නෙත් වලට බැවිනි. 


මිනිසා දෙස බලාසිටීමෙන් ඔවුන් හදුනාගැනීමේ හැකියාව ඇතිවෙයි. පුද්ගලයන් හොදින් හැදෑරීම තුලින් ඇස් භාෂාව නිවැරදිව තෝරාබේර ගැනීමටත් හැකියාව ඇතිවෙයි. කෙල්ලකගේ නෙත් දෙස බලා සිටීම භාවනාවකට සම කරන මිනිසා  කෙල්ලන් තරම් අපුරුවට ආදරය සදහා නෙත් බාවිත නොකරයි. ඔවුන් කරන්නේ තමන් සිත් ගත් යුවතියට ආදරයට ආරාධනා කිරීමක් ලෙස ඇයට (ඇසක්)ඇහැක් ගැසීම පමණි 

4 comments:

  1. ඔබ ඉදිරිපත් කර ඇති එකට කියන බර වචනය "සිරුරු බස'' යන්නයි.බොහෝ රැකියා සඳහා අප ඉදිරිපත් වන සම්මුඛ පරීක්ශන වලදීත් පරීක්ශා කර බලන්නේ ඔය කියන සිරුරු බසයි.ඔබ කියනා පරිදිම ඔවුන්ගේ වැඩි අවධානය යොමු වන්නේද ඇස් වලින් ඉදිරිපත් වන බසටයි.

    දුලා තාම සූටි එකාය.ලව් කර නැත්තේය.ඒක නිසා ලව් සම්බන්ද සිරුරු බහ නොදන්නෙමිය.

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක ඇවිත් යන්න අමතක කරන්න එපා
    [dulageadawiya.blogspot.com]

    ReplyDelete
  2. මේ ලිපිය අගෙයි. ඒත් කිවයුත්තේ ආදරය කියා දෙයක් ලොව නැත. ඇත්තේ ගනු දෙනු පමණි යන්නය. හැම සබදතාවක්ම ගනුදෙනුවක්ය.

    ReplyDelete
  3. වචන වලින් කියන්න බැරි හුගාක් දේවල් ඇස්වල ලියවිලා තියනවා,,

    ReplyDelete
  4. dethola noki de denethe kiyawenwa......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...