Wednesday, December 18, 2013

ඇති නිසා සතුටු වන්නෝ සහ නැති නිසා දුක් වන්නෝ ...

අපි හැමෝටම ඇති දේවල් තියනවා නැති දේවල් තියනවා ..ඒ නිසා අද ඒක ගැන කතා කරන්න හිතුවා. කියනවා කිව්වට කියන්න ලේසි දෙයක් නම් නෙවෙයි . ගොඩක් දේවල් ඇති නැති කියලා වෙන් කරන්න පුළුවන්. ආදරය , සෙනෙහස , සල්ලි , මිතුරන් , ආදරවන්තයෙක් , ආදරවන්තියක්, ඔය වගේ ගොඩක් දේවල් ගැන කියන්න පුළුවන්. .. ගොඩක් අයට ඇති දේවල් නැති දේවල් කිව්වම මතක් වෙන්නේ සල්ලි .. මොකද ගොඩක් දෙනෙක් හිතන්නෙත් සල්ලි ගැන නිසා.. සල්ලි නැතිනම් මුකුත් කරන්න බැරිලු . හැබැයි එහෙම කියන අය දන්නේ නෑ සල්ලි තිබුණා කියලා කරන්න බැරි දේවලුත් තියන බව. සල්ලි නිසා ඇත්තා සැපෙන් ජීවත් වෙනවමද කියලා සැකයක් තියනවා. මොකද ගොඩක් පොහොසත් පවුල් වල සතුට කියන දේ හිතන තරම්ම නොමැති නිසා.. හැමෝම එහෙමත් නෑ . ඒත් දිලිදු පවුල් ‘සතුටින්’ පොහොසත්..

ගොඩක් අය කියන කතාවක් තියනවා. ඒ තමයි කෙල්ලෝ වැඩිය කැමති සල්ලි තියන කොල්ලන්ට කියන කතාව . ඒක ඇත්තද බොරුද දන්නේ නෑ .. ඒත් ඒක ඇත්ත වෙන අවස්ථා කව්රුත් දැකලා ඇති . ඒ වගේම ඒක බොරු වෙන අවස්ථාත් ඔයාලා දැකලා ඇති. කොහොම උනත් ඔයාලට කියන්න පුංචි කතාවක් තියනවා . මේක ඇත්ත කතාවක් කියලයි ආරංචිය. සමහර විට කියවලත් ඇති මේ ඒ විදිහට සල්ලි වලට ආදරේ පාවලා දුන්නු කෙල්ලෙක්ට  උනු දෙයක්.

එක්තරා දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගැහැණු ළමයෙකුට තදින්ම ආදරය කළා.. කොහොම හරි අන්තිමට මේ පිරිමි ළමය අර ගැහැණු ළමයට තමන්ගේ ආදරය ප්රකාශ කළා.. ගත් කටටම අර පොහොසත් ගැහැණු ළමයා මෙන්න මෙහෙම උත්තර දුන්නා."අහන්න, ඔයාගේ මාසෙ පඩිය හරියට මගේ දවසේ වියදම් ගාන වගේ.. කොහොමද ඔයා මට කන්න අඳින්න දෙන්නෙවත්.. 


ඔයා කියන්නේ මට ඔයාට ආදරේ කරන්න කියලද..? ඒක කවදාවත් වෙන්නේ නෑ.. අමතක කරල මාව තමන්ගේ තත්වයට ගැළපෙනකෙනෙක් හොයා ගන්න"නමුත් මේ දුප්පත් පිරිමිළමයට මේ ගැහැණු ළමයව අමතක කරන එක නම් ලේසි උනේ නෑ..ඊට අවුරුදු දයකට පස්සේ මේ දෙන්න අහම්බෙන් වගේ මුණ ගැහුණා සාප්පු සංකීර්ණයකදී..."හේයි, ඔයා මෙහේ.. කොහොමද ඔයාට.? දැන් මම කසාද බැඳලනේ..ඔයා දන්නවද මගේ හස්බන්ඩ්ගේ සැලරි එක..? මාසෙකටම රුපියල් ලක්ෂ දෙකක්.. හිතා ගන්න පුළුවන්ද..? ඒ වගේම එයා ගොඩක් ලස්සනයි.." කාන්තාව අර පිරිමි ළමයට කිව්වා..තමන් පණටත් වඩා ආදරේ කල කෙල්ල තමන්ට මෙහෙම කියද්දී අර පිරිමි ළමයාගේ ඇස් කඳුළු වලින් තෙත් උනා..විනාඩි කිහිපයක පසුව ඇගේ හස්බන්ඩ් මේ දෙන්න ළඟට ආවා.. ඇය කිසිවක් හස්බන්ඩ්ට පහදල දෙන්න ඉස්සෙල්ල මේ පිරිමි ළමයා දැක්ක ගමන්ම හස්බන්ඩ් කතා කරන්න පටන් ගත්තා..."සර්, ඔයා මෙතන..මේ මගේ වයිෆ්" එහෙම කියල ඔහු ඇය වෙතට හැරිලා "ඔයා දන්නවද , මට අලුත් ජොබ් එක ලැබුනේ මේ සර්ගේ කම්පැනි එකේ .. ඔයා දන්නවද මේ සර් කාලයක් තිස්සේ ගැහැණු ළමයෙක්ට ආදරේ කරල තියෙනවා.. ඒත් ඒ ගැහැණු ළමය අකමැති වෙල සර්ව නොසළකා හැරිය නිසාලු සර් තවමත් කසාද නොබැඳ ඉන්නේ.."


ආදරය කියන්නේ උතුම් දෙයක් ඒත් ඒක මුදලින් හෝ වෙන දෙයකින් මනිවා නම් ඒක මෝඩ වැඩක්.. මේක කෙල්ලන්ට විතරක් නෙවෙයි කොල්ලන්ටත් අදාල කතාවක්.. අනිත් අයගේ හැගීම් එක්ක සෙල්ලම් කරන කොල්ලෝ කෙල්ලෝ මේ සමාජයේ ඉන්නවා. ඔයාලත් දැකල ඇති සමහරවිට ඒ අයට අහු වෙලත් ඇති. මේ කතාවෙන් ලොකු පණුවුඩයක් අපිට දෙනවා නේද..? ඒ විදිහට කිව්වම අර කෙල්ලට මොනවා හිතෙන්න ඇතිද ? . ජීවිතය කියන්නේ එතරම් කෙටි එකක් නෙවෙයි. ඉතින් ඔයා මේ කාලේදි ඔයා ගැන වැඩිය ආඩම්බර වෙන්න යන්න එපා.. අනුන්ව හෙළා දකින්න යන්න එපා.. මොකද ජීවිතය තත්පරයෙන් තත්පරය වෙනස් වෙනවා... සෑමකෙනක්ම අනුන්ගේ ආදරයට ගරු කළ යුතුය.



තියන එකාට තියනවා නැති එකාට නෑ කියන එක හැමෝම කියන දෙයක්. සමහර කෙල්ලෝ යාලු කරගන්න කොල්ලෝ පොරකනවා . සමහර විට ඊට වඩා දහස් ගුණයකින් හොද කෙල්ලෙක් තනි වෙලා ඉන්න පුළුවන්. සමහර කොල්ලන්ට කෙල්ලෝ  පොරකන වෙලාවකුත් නැත්තේම නෑ. ඔය දේට මගේ යාලුවෙක් කියන නියම කතාවක් තියනවා.. ඒ තමයි  “  දත් ඇත්තෝ විට කති !! ” . සමහර අයට තියනවා සමහරුන්ට නෑ . ඔය මොන දේ කිව්වත් දෙයක් ඇති වෙනකොට දෙයක් නැති වෙනවා. කාලයක් හොද වෙනකොට තව කාලයක් නරක වෙනවා . කන්දක් නැග්ගොත් පල්ලමක් තියන්වාමයි.. ඒ වගේම මේ දවස්වල පල්ලම් බහින අයට ඉස්සරහදි කන්දක් හම්බ වෙන්නත් පුළුවනි. “ඇතිදා සීනි නැති දා  ගෝනි” ඒක ලෝක ස්වභාවය. හැම දෙකම හොද නරක ඇති නැති කියන දෙකම තියනවා කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි කියල හිතනවා.. දිය පාරක් ලඟ යාන්තමට රත් වෙච්ච ගල් තලාවක දිගා වෙලා කකුල් දෙක වතුරෙ ඔබාගෙන ඉන්නකොට මාර සනීපයි. හැබැයි ඉතින් ඒ සැප ගල රත් වෙනකම් විතරයි. ඇති නැති දේ හැම විටම පවතිනවා . අපි ඒක දකින්නේ නෑ කියන එක තමයි දුක. අපි පුරුදු වෙලා තියෙන්නේ හැම වෙලේම ඇති එකාට ඉරිසියා කරන්න,  එහෙම නැතුව තමන් ඒ තැනට එන්න දගලන එක නෙවෙයි. ඒ වගේම ඇති එකා පුරුවෙලා තියෙන්නේ නැති එකාව පාගන්න , එහෙම නැතුව තමනුත් මේ තැනට ආවේ ඔතන ඉදලයි කියලා හිතන්න නෙවෙයි.
 කොහොම උනත් ඒ දේට මුණ දෙන්න අපි හැමෝටම වෙනවා. සමහර අය ආදරේ ලබනවා .. සමහර අය ආදරය නැතිව දුක් වෙනවා . ඒක දෙමව්පියන්ගෙන් වේවා තමන්ගේ ආදරවන්තයා/ආදරවන්තිය  ගෙන් වේවා ආදරය ඇති නැති  දෙපිරිසම ලෝකේ ඉන්නවා . තමන් ආසා කරන දේ හැමවෙලේම ලැබෙන්නේ නෑ අපිට . ලැබුනොත් ඒක තමයි ලැබීම , වාසනාව. සමහර අය ආදරය වෙනුවෙන් මැරෙන්න උනත් පුළුවන්. ඇති දේ නැති වෙනකොට ඒක නම් දුකක්ම තමයි. තමාට හිමි කෙනාව ලබාගන්න සමහරු නොකරන දෙයක් නෑ. උදාහරණයක්: ලගදි ආපු හින්දි චිත්‍රපටයක් Chennai express ඔයාල බලලා ඇති . එකේ තියෙන්නෙත් ඒවගේම දෙයක්. අතාත්වික දේවල් තිබුනත් සමාජයේ සිද්දවෙන සමහර දේවල් ගත්තාම ඒවත් එක්ක ගොඩක් සම්බන්දයි. මොනවා වුනත් අන්තිමට කියන වැකිය (පැරණි චිත්‍රපට මාතෘකාව)  ගොඩක් නිවැරදියි. “ dil wale dulaniya le jaayenge - හදවත් ඇත්තා මනමාලියව රැගෙන යයි .


ඒ නිසා තමන්ට ඇති දේ සතුටින් බාර ගන්න එක වඩා වැදගත් වෙයි කියලා මට හිතෙනවා. ඔයාලත් ඒක පිලි ගනීවි. මොකද අනිකාගේ පිගානේ තියන මස් කෑල්ලට කෙළ හැලුවට ඒක අපිට ලැබෙන්නේ නෑනේ. එකෙන් වෙන්නේ අපේ පිගානේ තියන පොල් සම්බෝලේ පිළුණු වෙන ඒක විතරයි..
          

2 comments:

  1. ඒ වුනාට කෙල්ලො හරි පෙරේතයි නේ සල්ලි වලට..

    ReplyDelete
  2. අදමයි මේ පැත්තේ ආවේ.හිතට අල්ලලා ගියා.ඔන්න ෆලෝ පාරකුත් දැම්මා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...