Friday, January 18, 2013

අපේ Life එක ...


ජීවිතය එහෙමත් නැතිනම් life  එක කියන්නේ නම් හරිම පුදුම දෙයක් . ඇත්තටම මේ ජිවීතය කියන්නේ මොකක්ද ? මිනිස්සු ඒක හරියටම තේරුම් අරගෙනද? නැත්නම් මිනිස්සු life එක ගැන හොයනවද  කියන එක නම් ප්‍රශ්නයක්.  අද කව්රුත් කියන කතාවක් තමයි මිනිස්සු ජීවිතය විදින්නේ නැ විදවනවා කියලා.. කවුරු කොහොම කිව්වත් life  එක එහෙමත් නැත්නම් ජීවිතය හොදින් ගතකරන්නේ මුළු ලෝකෙන්ම ගත්තම ඉතා සුළු පිරිසක් . කව්රුහරි කියයි දැන් එහෙම නෑ ලෝකය දියුණුයි මිනිස්සුගේ අතමිට සරුයි කියලා. ඒත් මිනිස්සුන්ගේ ආකල්ප වල පිබිදීමක් වෙලා නෑ නේද? යන්ත්‍ර වැඩි වෙනකොට මිනිස්සු වැඩ කරන ප්‍රමාණය  අඩුයි . වැඩකරන්න හදන ප්‍රමාණයත් අඩුයි.. එකම  තැන පස්ස රත්වෙනකම් ඉදගෙන  ඉන්නවා මිසක් කිසිම වැඩක් කරන්නේ නෑ . කකුලට පස් ටිකක්, තණකොළ ටිකක් පෑගෙන්නේ නෑ ගෙවල් ඇතුලෙත් සෙරෙප්පු දාගෙන . වාහන වලින්මයි ගමන බිමන ..ඉතින් රටේ නැති ලෙඩ ..මේකද අපිට ඕනේ life එක ? ඒක කාටත් ප්‍රශ්නයක්.


මිනිසුන්ගේ හිත අසීමිත ආශාවන්ගෙන් පිරිලා. එකක් ඉටුවෙනකොට තව 2 - 3 ක් ඔලුවට අරගෙන. හිත මුල් කරගෙන පටන්ගන්න මේ ආශාවන් මිනිස්සු සහ මුළු ලෝකයම පාලනය කරනවා . අද තියෙන්නේ ආශාවන් මුල් කරගෙන දුවන සමාජයක් . ඒ ආශාවන්ගෙනුත් මුල්ම තැන සල්ලි වලට . මම ඒ ගැනනම් කලින් කතාකලා. ඒක නිසා ඒවා ගැන කතා කරන්නේ නෑ දැන් .. ඒත් මිස්සු වෙනස්විය යුතුයි . Life එක ගැන මිට වඩා ගැඹුරට සිතිය යුතුයි. කව්රු මොනවා කිව්වත් තමන් තමන්ගේ විදියට ජීවත් වෙන්න ඕනෙමයි .


අපි කවුරුත් කැමති life එක සැහැල්ලුවෙන් ගත කරන්න . එහෙම හිතනකොට ගොඩක් අයට මතක් වෙන්නේ සල්ලි .මොකද විනෝදයෙන් සතුටින් කාලය ගතකරන්න සල්ලි ඕනේ කියලා හිතන නිසා . සල්ලි ඕනේ එක ඇත්ත ඒත් සල්ලි නැතුව උනත් සතුටින් ඉන්න මිනිස්සු ලෝකේ නැත්තේම නෑ . ගොඩක් අය  කරන්නේ සතුටින් ඉන්න හිතාගෙන තමන්ගේ තරුණ කාලයේ හොදට වැඩ කරලා , මහන්සිවෙලා සල්ලි හොයනනවා. ඒත් ඔය කියන life  එක කාටවත් තවම ලැබිල නම් නෑ . සල්ලි හොයල හොයල  තමන් තැනකට එනකොට තරුණ කාලේ පහුවෙලා . ඒ කාලේ කරන්න තිබුණු වැඩ කරගන්න බැරි වෙලා. ඒවා වයසට ගියහම කරන්න යනකොට තමයි හැමෝම කියන්නේ “ නාකි විසේ ” කියල. අද කෙනෙක් බත් ඇටයක් කනකොට දහයක්  විතර බත් ඇටයක් කන්න නැතුව මැරිලා යනවා. ඇමරිකාව වගේ ධනවත් රටවල් අතිරික්ත තිරිගු ටොන් ගණන් හරකුන්ට කන්න දානකොට  වතුර පොදක් නැතිව මිනිස්සු මැරිලා යනවා. ඒ අතරික්ත තිරිගු වලින් සෝමාලියාවට සුමානයක් කන්න පුළුවන් උනත් ඔවුන් එක තිරිගු ඇටයක්වත් ඔවුන්ට දෙන්නේ නෑ . ඒකයි අද ලෝකේ තත්වය .


Life එක ගැන ඉගෙන ගන්න, විග්‍රහ කරන්න හරියටම කාටවත් බෑ. ඒ එක එක අයගේ ජිවන රටාව ඒ ඒ අයට සාපේක්ෂව වෙනස් වෙන හින්දා . ඒත් ජිවිතේ එක වගේ ගත කරන එක නැති කරගන්න. Life එකට change එකක් දෙන්න මිනිස්සු ගොඩක් උත්සාහ කරනවා. තමන්ගේ ජීවිතය එක තැන පල් වෙන එක නවත්තගන්න , තමන්ගේ Life  එක තමන්ට ඕනේ විදිහට හදා ගන්න , තමන්ටම කියලා ජිවන රටාවක් හදාගන්න මිනිස්සු තමන්ගේම කියලා ක්‍රමයක් හදුන්වා ගන්නවා ඒ තමයි “ LIFE STYLE ” . Life එක Balance කරගෙන්න කවුරුත් දගලනවා. එහෙම දගලලා ගොඩක් අය කියන්නේ ඒ මගේ හැටි , ඒක තමයි මගේ Lifestyle  එක කියලා. හැබැයි Lifestyle එකත් උගසට තියපු ඒ වගේ “මංපොර”  කට්ටියට කියන්නේ නම් add අල්ලන්නෝ කියලා තමයි.  Lifestyle එකක් මෙලෝ සසරක් දන්නේ නැති අය, ඒවා ගැන කතාකරන්නේ එයාලා ඒවා ලෝකෙට හදුන්වල දුන්න වගේ.  ඒත් ඒවාට රවටෙන්නෙත් එයාල වගේම කට්ටිය තමයි.


Life එක කියන්නේ ඇත්තටම අභියෝගයක්. ඒක ජය ගන්න එක තමයි අපේ පැවැත්ම . ප්‍රශ්න වලට බයේ කොටසක් ජිවිත නැති කරගන්නකොට . ජීවිතය ඉල්ලන පිරිස ලෝකේ බොහෝයි. කාලා ඉතුරුවෙන ඉදුල්, කුණු එකට දානකොට ඒවා ඇහිදගෙන කන්න දගලන මිනිසුන් බොහෝයි . Life එක විදවන්නේ නැතුව විදිමු !

                 Life Answer in ways …
                It says yes & gives you what you want...
                It says No and gives you something better...
                It says wait and gives you the best...

3 comments:

  1. ජීවිතය විඳවන්නේ නැතිව විඳින්න හැකිනම් එයයි වටින්නේ

    ReplyDelete
  2. අන්තිමට කිවුවදෙට මමත් එකඟයි. ජිවිතේ තියෙන්නෙ විදවන්න නෙමෙයි විදගන්න.

    ReplyDelete
  3. අනේ මන්දා බං..
    මටනං කොයිල් වගේ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...