Wednesday, October 30, 2013

ආදරය මිතුදම සහ මමත්වය..

ආදරය ලෝකයම වෙනස් කල හැකි සුන්දර හැගීමක් . මිතුදම ශක්තිය වඩවන බැදීමක් . මමත්වය ලෝකය විනාශ  කල හැකි ප්‍රභල ආයුධයක්. මිනිස්සු විවිධාකාරයි. එයාලත් එක්ක ඉන්න අපිටත් ටිකක් ලොකු අරගලයක් කරන්න වෙනවා. ඉතින් මේ අරගල අතරේ තියන ප්‍රබලම හැගීම් තුනක් ගැන තමයි අද ලිපිය දිගහැරෙන්නේ.

කවුරු කොහොම කිව්වත් තමන්ට තමන් විතරයි කියලා කතාවක් තියනවා. ඒත් ඕක හැම වෙලේම වලංගු නෑ. ඒත් ඒක එහෙම නෙවෙයි කියන්නත් බෑ. කවුරු කොහොම හිටියත් . මොන තරා තිරම් දැරුවත්. කොච්චර සල්ලි තිබුනත් තමන්ට කවුරුත් නැති වෙන වෙලාවල් නැත්තේම නෑ. ගොඩක් වෙලාවට වෙන්නේ එකට කාපු අය පිගාන අපිට හෝදන්න දාලා යන එක. ඒ අතරේ අනුන්ගේ පිගන් තමන්ගේ වගේ හෝදන අයත් ඉන්නවා. කව්රු හරි තනියම ඉන්නවා නම් එයාට යාලුවෝ නැතිනම් එතන පුංචි සිත් බිදවටිම්ක් ඇති වෙන්න පුළුවන් . අනිත් අයට ඉරිසියා කරන්න පුරුදුවෙන්නත් පුළුවන්. ඒ අතරේ යාලුවෝ වැඩිවෙලා ඔලුව ඉදිමුණු අයත් ඉන්නවා .. ඒක වෙන්වම පැත්තක්. ඕවා මොනව නැතත් මමත්වය කියන දේ කෙනෙක්ගේ තියෙන්න පුළුවන්. ඒවගේ කෙනෙක්ට මොනවා කිව්වත් වැඩක් නෑ. මොකද එයාල පිළිගන්නේ තමන් කියන දේ පමණක් නිසා. සමහර විට ඔයාල එක්ක උනත් මෙහෙම කෙනෙක් ඉන්න පුළුවන්. පොඩ්ඩක් මතක් කරලා බලන්න. මමත්ව ඇති කෙනෙක්ට යමක් කිව්වත් ඒක ගැන ප්‍රසාදයක් පෙන්වන්නේ නම් නෑ. ඔහු කාගෙන්වත් උපදෙස් ගන්නෙත් නෑ . ඒවගේම එයා දෙන්න දෙයක් කියල දෙන්නෙත් නෑ. ඒත් එයා එයා ගැනම වර්ණනා කරනවා ලොකුවට .. මමත්වය  ගැන තව කරුණු තියනවා ඒත් ඉතින් ඔක්කොම මෙතන ලියන්න  බෑ.. ඒත් මමත්වය ගැන කියන කොට තව කතාවක් තියනවා කියන්න


මම.ඒ මගේ හැටි එහෙමයි..
මං කිවුවොත් ආයිත් බලන්න එපා..
 කාලේ මං...
මං කියන්නද ..?
මගේ මතේ නම් මේකයි..
මම ලස්සනට ඉන්න ඕනේ...  

ඔන්න ඔහොම  මම මගේ මම මගේ කියල අපි කියාගෙන කියාගෙන යනවාඔයකියන දේවල් වලින් කොච්චරක් ඇත්තටම මමද මගේද ?  මම මගේ කියල දෙයක්නැත්නම් කෙනෙක් ඉන්නවද ?  කට්ටිය කියන්නේ නම් මේක මගේ අරක මගේ කියලා තමයි ඒත් ඉතින් ඔය මගේ මගේ කියන ශරීරයවත් අපිට ඕනේ විදියට තියාගන්න අපිට බැහැනේ. ලෙඩ වෙන්නේ තුවාල වෙන්නේ මේ මගේ කියන ශරීරෙ මගේ හින්දද . ඒක මගේ නම් ඒක අපිට ඕනේ විදිහට තියා ගන්න පුළුවන් වෙන්න එපයි. ඕකට හොද උදාහරණයක් එක අරණ්‍ය වාසි හිමිනමක් මෙහෙම දේශනා කරලා තියනවා


"කාලයක් තිස්සේ එකතුකරපු මතක සටහන්වලින් තමුන්  අකමැති එවුව අයින්කරලා කැමති එවුව විතරක්

 ඉතිරිකරගෙන ඔය අස්සට තව තමුන්ගේ වීරතත්වේ ඉස්මතුවෙන්න  හොඳයි කියල මං තෝරගත්තකල නොකළ තක්කඩිකම්ටිකකුත් එකතුකරගෙන හදා ගත්ත අසුරු සැණෙන්  වෙනස්වෙන  හිතිවිලි එකතුවකට නේද මේ මම කියල කියන්නේ ?"


සම්පුර්ණ ඇත්ත නේද ? තමුන් ගැනම හිතල බලන්නකෝ.....


මමත්වය ලෝකය විනාශ කරන දෙයක් කියන්නේ එකයි.. කොහොම උනත් ලෝකයේ හොද නරක කියන 2ම තියනවානේ.. මිත්‍රත්ව ආදරය කියන්නේ ඒ වගේ හොද සිතුවිලි වලින් එකක් තමයි. ආදරය මිතුදම කියන දේ ගැන වෙන වෙනම කතා කරලා තියනවා ඒත් ඒක එකතු කරලා ලියන්න නම් බැරි වුනා.. දැන් ලියන්නේ ඒ ගැන ..


අතටම සැබෑ මිත්‍රත්වය අපේ ජිවිතයේ කොටසක් වෙන්නේ අපිටත් නොදැනීම.ඒ අතරිනුත් කොල්ලෙක්ට හොදම යෙහෙලියකුත් කෙල්ලෙක්ට හොදම යහළුවෙකුත් සිටියොත් කතාව ටිකක් වෙනස් වෙනවා. බටහිර සමාජයේ නම් කොල්ලෙක්ට තම මිතුරිය ලෙස කෙල්ලක් ඇසුරු කරන්නත්, කෙල්ලෙක්ට  තම මිතුරා ලෙසින් කොල්ලෙක්ව ඇසුරුකරන්නත්, පුළුවන් උනත් ලංකාව වැනි රටක එවන් ඇසුරකට යාමට  සංකෘතිය, සදාචාරයටත් වඩා  මිනිසුන්ගේ  ආකල්ප ගොඩක් දුරට බලපානවා.    කොහොමින් කොහොම උනත් කොල්ලන් කෙල්ලන්ටත්, කෙල්ලන් කොල්ලටත් තමන්ගේ හිතේ ඇතිවෙන දේවල් කියන්න පෙලබෙන්වා වැඩියි .. ඒ සමගම ඇති වෙන විස්වාසය ආදරයක් තරමට දියුණු වෙන්නේ ඒ ආකාරයට. මෙය තරුණයන් අතර නොව වැඩිහිටයන් අතරත් වෙන පොදු දෙයක්. .  පාසල් කාලය , තරුණ කාලයේ සිටි හොදම මිතුරා මිතුරිය , යුග දිවියට යද්දී පෙරලෙසින්ම ඇසුරු කරන්න පුලුවන්ද කියන කාරණය ගැන නම් තියෙන්නේ ප්‍රශ්නයක්.. විවාහයෙන් පසු බිරිද හෝ ස්වාමියා වෙනත් පාර්ශවයක් හොදම මිතුරා හෝ මිතුරිය ලෙස ඇසුරු කරයි , නම් එතන බොහෝ දුරට බිද වැටීම් ඇති වෙන්නේ ස්වභාවයෙන්මයි. මිතුරා හෝ මිතුරිය ඇසුරේදී ස්වයං වාරණයක් දා ගන්න පුළුවන් නම් . මිතුරත් පවූලත් දෙකම රැකගන්න පුළුවන් වෙයි.අනෙක් අතට අන් අය දෙස සුබ වාදීව හිතන්න .. වපර ඇසින් නොබලන්න පුරුදු උනොත් සමාජය ආකල්පය වෙනස් වෙයි .. ඒ මගින් කෙල්ලන් සහ කොල්ල
න් අතර ඇති මිතුදම් ගැන සමාජ බැමි බිදින්න හැකි වේවි. 

2 comments:

  1. විවාහයට පෙර සිටම ඔවුන් ඔවුන්ගේ යාලුවන් ගැන දැනුවත් නම් මේ ප්‍රශ්න ඇති නොවෙන්න පුලුවන් කියලයි මගෙ මතේ.

    තවත් දෙයක් ගෙදර ප්‍රශ්න හෝ සිද්දීන් මිතුරන් අතරේ හෝ බුකියේ දැමීමෙන් දුක්ගන්නා රාලලා ගේ මැදිහත් වීමක් සිදු වෙන්න පුලුවන්. එය දෙදෙනා විසින්ම තේරුම් අරගෙන මිතුරන් ආශ්‍රය කළ යුතු.

    ජය !

    ReplyDelete
    Replies
    1. ඔව් අනුන්ගේ දුක් තමන්ගේ කරගන්න දගලන ගොඩක්ම කරන්නේ බොරුව..

      එකග වුවාට ස්තුතියි

      Delete

Related Posts Plugin for WordPress, Blogger...