Tuesday, July 2, 2013

වැහි දිනක බස් එකක ....


සාමාන්‍යයෙන් විද්‍යා ප්‍රබන්ධ කතා කියවනකොට හිතට දැනෙන දේවල් හරිම අමුතුම හැගීමක්.ඒක නිකන් හරියට කවුරුවත් නැති , විනාශ වුනු ලෝකෙක තනිවෙලා ඉන්නවා වගේ හැගීමක්. කොහොම වුනත් කවුරුත් නැති විනාශ වුනු ලෝකෙක ඇවිදගෙන යාම එක අතකට හිතට දෙන්නේ අමුතුම හැගීමක් . කොහොම උනත් මේ අතරට ලාවට ඇහෙන පුංචි සින්දු කෑල්ලකුත් එකතු උනා නම් ඒක තවත් තාත්වික වෙයි කියලා මට හිතුනේ ..

මම කියවමින් හිටියේ එක විද්‍යා ප්‍රබන්දයක්. ඒක එක විදිහක ත්‍රාසය ඇතිකරවන කතාවක්. කොහොමින් හරි මුළු ලෝකයේම දේවල් පාලනය කරන්න පුළුවන් යන්ත්‍රයක් ඒ ගොල්ලෝ හැදුවා. ඔන්න ඒ මොහොතේ මුළු නගරෙම යටවෙන්න තරම් වහිනවා ! බොරළු වගේ වැහි බින්දු මිසයිල ගහනවා වගේ පොලවට පාත්වෙන්න පටන් ගත්තා. ඒ මොහොතේම මට දැනුණා සුවද විලවුන් සුවදක්. හරියටම කියනවා නම් එක ගැහැණු ළමයි විතරක් පාවිච්චි කරන වර්ගයේ , අයාලයේ යන හිතක් ක්ෂණිකව බ්රේක් ගස්සන්න පුළුවන් විදිහේ “සෙන්ට් සුවදක් ” .මම නිකමට වගේ ජනේලයෙන් එලිය බැලුවා . එළියේ ඇත්තටම වහිනවා . බස් එකක සීට් එකකට වෙලා පොතකට සමවදිලානේ හිටියේ . වටපිට වෙනදේවල් ඇහෙනැවයි. ඒ වගේ වෙලාවට ලෝකේ පෙරලුනත් දන්නේ නෑ. ඒත් ඉතින් ඇහැට කනට පේන දැරිවියක් බස් එකට ගොඩවෙලා තමන් ලගින් හිටගත්තු වෙලාවක. ඇයගේ සුවදවිලවුන් සුවදින්සී ඔබේ සිත ආමන්ත්‍රණය කරනකොට මොන ලෝකෙක හිත තිබුනත් , මොන අවදානයක හිටියත් ඒ වෙලාවට නම් ඒ අවදානය බිදෙන එක සාමාන්‍ය සුළු දෙයක් ..


දැන් ඉතින් සිද්ද වෙන්නේ සාමාන්‍ය සිදුවීමක් . දැන් ඔයා ඇය දෙසබලනවා. සමහර විට ඇය දකිදෝ කියලා හොරෙන් බලන්නත් පුළුවන් . වෙනකෙනක් දිහාවේ බලනවා වගේ එයා දිහා බලන්නත් පුළුවන් .. සමහර විට පොල්ලෙන් ගැහුවා වගේ ඇය දෙස බලාගෙනම ඉන්නත් පුළුවන් . කොහොම කොයි විදිහටහරි ඇය දිහා බලනවාමයි. ඇය හිටගෙන ඉන්න නිසාත් ඔයා එයා ලගින්ම සිට් එකේ ඉදගෙන ඉන්න නිසාත් අනිවාර්යෙන් ඔයා කොහොම බැලුවත් ඇයට ඒක තේරෙනවා. ඉතින් ඇයත් හොරෙන් ඔයා දිහා බලනවා. ඒ වෙලාවට එකිනෙකාට ආකර්ෂණය වෙන කිසිවක් නැතිනම් ඔයා ඇයව අමතක කරලා තමන්ගේ වැඩක් බලාගන්නවා. මට සිද්ධ වුනු සිද්ධියේ හැටියට මම නම් දෙතැනක හිර වුනා . කෙල්ල හැඩයි ලස්සනයි , ඒවගේම මම හදාගෙන තිබුණු අමුතුම ලෝකය ඒ තරමටම ලස්සනයි ..

කොහොම වුනත් පළපුරුදු මගියෙක් විදියට ඔයාලා/මම දැනගතයුතුම කාරණාවක් වෙන්නේ සමහරවිට ඇගේ සිත තුල ඔබ යම් හැගීමක් අතිකලත් , ඇය අඩුම තරමින් ඔබ සමගින් සිනාසෙන එකක්වත් නෑ.ඒක ඉතින් කෙල්ලන්ගේ හැටියක්නේ. සාමාන්‍යයෙන් කෙල්ලෙක් නාදුනන කොල්ලෙක් එක්ක හිනා වෙන්නේ නැහැනේ.කොහොම වුනත් ඇය ආකර්ශනිය යුවතියක් නම් ඔයාට ඔයාගේ ඇස් ඇගෙන් අහකට ගන්න බැරි විවි . එක දිගටම බලාගෙන හිටියේ නැතත් .සැරින් සැරේ ඇය දිහා බලනවා නොවනුමානයි. දැන් ඔයා අනිවාර්යෙන්ම බලන්නේ ඇය විවාහකද අවිවාහකද කියන කාරණය. නැතිනම් අඩුම තරමින් ඇයට පෙම්වතෙක් සිටිනවද කියන කාරණය ගැනයි. විවාහක අවිවාහක බව නම් අතේ මුද්දක් තියනවද , ඒක මොන අතේ මොන ඇගිල්ලේ තියනවද කියලා බලලා තේරුම් ගන්න පුළුවන්. ඒත් පෙම්වතෙක් ඉන්නවද කියලා දැනගන්නේ කොහොමද , ඒක නම් ප්‍රශ්නයක්. ඇය පෙම්වතියක්ද කියන වග නම් දැනගන්න ලේසියෙන් ලැබෙන්නේ නෑ. කොහොම වුනත් ඔයා කැමති වාසිය තමන් පැත්තේ තියලා හිතන්න . ඇය තනිකඩයි කියල හිතන්න. උපකල්පනය කරන්න .

දැන් ඊලග පියවර , ඇගේ හිත තුල යම්කිසි හැගීමක් ඇති කරන්න පුළුවන් දෙයක් කරන්න . ඇය දෙස බලන ගමන් හිනාවෙන්න , ඒත් ඒක ඇගේ හිතටම වදින තරම් හැගීමක් ඇතිකරන්න පුළුවන් කියල හිතන්න අමාරුයි. ඒත් දැන් ඔයා ඇයත් එක්ක හිනාවෙන්න සුදානම්. ඒත් කෝ ඇය ඔයා දිහා බලන්න කිසිම උනන්දුවක් නැනේ. ජනේලෙන් එහා ඇති දේවල් දෙස ඇය බලන් එන්නේ එකට සමවැදිලා වගේ. ඒ මොහොතේම එහා අසුනේ ඉන්න කොල්ලෙක් ඇය මහත් අසීරුවෙන් එල්ලා සිටින ගමන් මල්ල ඉල්ලනවා ඔයා ඇස්කොනකින් දකිනවා. ඇය ඔහුට සුන්දර සිනාවකින් සංග්‍රහ කරනවා. ඔහු ඇයට ඔබ හිතා සිටි විදිහේ හිතටම වදින විදිහේ සිනාවකින් සංග්‍රහ කරනවා. එතනින් එහාට දර්ශණය ඉතාමත් පැහැදිලියි , ඒ සිදුවීම ඒ සිනාවෙන්ම අවසාන වෙනවා ටික දුරක් ගමන් ගන්නා ඇය ඔහුට ස්තුති කර බසයෙන් බැස යනවා. දුටු මතින් ඇතිවෙන පෙම සාර්ථක නොවෙන බව ඔයාට වැටහෙන්නේ එතකොටයි.


මේ කොහොම උනත් ඔයාලා කල්පනා කරන්න උත්සහ කරන්නේ නෑ . ඒ මල්ල ඔයා ගත්තා නම් පැටලෙන කරදරේ ගැන . ඒ දැවැන්ත කාන්තා අත් බෑගය අතේ තෙරපාගෙන කොහොමද නැවතත් අපි කලින් සිටිය සුන්දර ලෝකෙට යන්නේ . කොහොමද ආයෙත් අර ත්‍රාසය පිරුණු පොත කියවන්නේ . කියවනවා තියා පොත අතට ගන්නවත් හැකියාවක් ලැබෙයිද ඒ දැවැන්ත අත් බෑග් එකත් එක්ක . ඇයි ඇත්තටම මේ සුන්දර ගැහැණු ළමයි මේ තරම් විශාල අත් බෑග් බස් වල අරගෙන යන්නේ ? ඔච්චර ලොකු බෑග් එකේ මොනවද අමාරුවෙන් ගෙනියන්නේ ?


2 comments:

  1. කෙල්ලන්ගේ බෑග්වල තියන දේවල් දැනගන්න නං කෙල්ලක් එක්ක යාළුවෙලාම බලන්න ඕන.

    ReplyDelete
  2. GO magasin eka giyaa me story ekama, danaganna kamathi ekath oyamada liwwe kiyala?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...