Tuesday, January 1, 2013

අවුරුද්දේ අලුත් බලාපොරොත්තු..


ඔක්කෝටම ඉස්සර වෙලා කියන්න දෙයක් තියනවා ඔයාලා හැමෝටම 2013 වසර සාමය සතුට පිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා !!!.. මේක තමයි මේ අවුරුද්දේ මම ලියන පලවෙනි ලිපිය .අද ලියන ලිපිය පැති දෙකක් තුනක් එකට එකතු කරලා සම්බෝලයක් හදල ඔයාලට දෙන්න ඕනේ කියල හිතුන. කියවලා බලන්නකෝ අවුරුද්දේ පලවෙනි ලිපිය මෙලෝ රහක් නැද්ද කියලා .


 2013 අලුත් අවුරුද්දකුත් ආවා . වසරක් පුරාවට  බදාගෙන ආපු සිතුවිලි මේ අවුරුද්දෙත් පොදි බැදගෙන. ඒ අතරේ ගිය අවුරුද්දේ ඉෂ්ට කරගන්න බැරි වුන බලාපොරොත්තුත් තියනවා. ඒවා තමයි වැඩි පුරම තියෙන්නේ .. අලුත් බලාපොරොත්තු තියෙන්නේ පොඩ්ඩයි . කොහොම උනත් හැමෝම මේ අවුරුද්දට පයගහන්නේ නම් මේ අවුරුද්දේ කොහොම හරි වැඩටික කරගන්නවා කියන සිතුවිල්ලත් එක්ක. ඒක හොද දෙයක්. අපිව ජිවත් කරවන්නේ අලුත් බලාපොරොත්තු , අලුත් කෙසේවෙතත් බලාපොරොත්තු එහෙම කිව්වොත් හරි. මේ මට හිතෙන විදිහ . බලාපොරොත්තු ඉෂ්ට කරගැනීමේ ඇති වැරද්දක් නෑ. ඉෂ්ට කරගත්තේ නැති නම් ඒ බලාපොරොත්තුවෙන් ඇති වැඩකුත් නෑ . නමුත් තමන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න අනිකාගේ බෙල්ල මිරිකනවා නම් ඉතින් එතන තියෙන්න කෙලින්ම කියනවා නම් බලු වැඩක්. මොන බලුවැඩේ කලත් ඔය ඔක්කොම තමන්ගේ හෘදශාක්ෂිය ලග නතර වෙනවා. ඕනෙම දෙයක් හෘදශාක්ෂියට එකග නම් ප්‍රශ්නයක් නෑ .. නැත්නම් කවදා හරි ඔයාලට පසුතැවෙන්න වෙයි.


ලෝක විනාශය කියන දැවැන්තම  මාතෘකාව රජ කරපු 2012 අවසන් වෙලා. ලෝකේ විනාශ වෙලා 2013 ත් ලබලා. සම්ප්‍රදායන් - සිතුවිලි - ආකල්ප වලින් පිරුණු මේ සමාජයට තියන බලාපොරොත්තු නම් කොපමනයිද කියා ලියන්න අමාරුයි. මායාවරුන්ගේ දින දර්ශනයට බයේ මිනිස්සු ලෝකේ යකා නටද්දී . කලබලයක් නැතිව හිටියේ කින් කී දෙනාද . සමාජයේ කදුළු කතාවලට තියන තැන වැඩි . හනේ හපොයි කියලා ඒ පිලිබදව තමාගේ ශෝකය ප්‍රකාශ කරන්නට නම් කට්ටිය එමටයි . නමුත් ඒ අයට අත දෙන්නට නම් කෙනෙක් නෑ . අද සමාජය දිහා බැලුවම  අපිට හමුවෙන්නේ තමාගේ ලෙයින් සැදුණු දුව දුෂණය කරන පියවරු සිටින සමාජයක් . බිරිද මරා ගෙට ගිනිතියන සැමියන්ය. අසල්වැසියා මරා ඒ මලගෙදරටම ගොස් ඔහුගේ ගුණ කියන අසල්වසියන්ය. මහපාරේ මිනිස්සු මරණ සමාජයක් බිහි කලේ මේ සමාජයමය. රුපවාහිනියේ නාට්‍ය මගින් ඒවා පෙන්නන කොට හැමදෙනාම කට බලියාගෙන ඒවා බලන්නේය. මොහොතකින් ඒ සියල්ලම අමතක කරන අපි සුපුරුදු රාජකාරි වලය. ආර්මාර්තකාමි ජිවන රටාවේය.


මේ අපි අලුත් වෙන්නට ඕනේ කාලයයි . මිනිස්සුන්ට ප්‍රශ්න එනවා. ප්‍රශ්න මග අරින්න නම් කව්රුත් දන්නවා. ඒත් ඒක විසදන්න කවුරුත් උත්සහ කරන්නේ නම් නෑ . ඊට පස්සේ ප්‍රශ්න ගොඩගැහෙනවා , ඉතින් ඒ දේවල් නිසා  මිනිස්සු කලකිරනවා . සල්ලි පස්සෙම පන්නන මින්සුන්ට කිසි දෙයක් මතක නෑ . දුවන්නම් වාලේ දුවන සමාජයක් . පන්සලක් පල්ලියක් ආගමක් ජාතියක් මේ කියන කිසිදෙයක් නෑ . වෙනඑකක් තියා තමන්ට සතුටු වෙන්න , යාළුවොත් එක්ක ෆන් එකක් ගන්න කෙල්ලත් / කොල්ලත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න , Beach එකට යන්න , වෙන එකක් තියා සින්දුවක් අහන්නවත් වෙලාවක් නෑ .. අම්මෙක් තාත්තෙක් හිටියද කියලවත් මතක නෑ. මිනිසුන්ට හැමවෙලේම මුල අමතක වෙනවා මුල නෙමයි හැමදේම අමතකයි . මිනිස්සුන්ට  සල්ලි මතක් වෙන්නේ දුප්පත් උනාම , බෙහෙත් මතක් වෙන්නේ ලෙඩ උනාම , හද මතක් වෙන්නේ අමාවක දවසට, කලාකාරයෝ මතක් වෙන්නේ මැරුණම , අව්ව මතක් වෙන්නේ වහිනකොට , පන්සල මතක් වෙන්නේ කරදරයක්  උනාම , දෙයියෝ මතක් වෙන්නේ වැරදුනාම , යාලුවෝ මතක් වෙන්නේ තනි උනාම , කරුමේ කියන්නේ අම්ම මතක් වෙන්නේ තද උනාම ..


අවුරුදු 18 ක කෙල්ලෙක් පත්තරේට මෙහෙම ලිපියක් ලියලා තිබුනා . අවුරුදු 18 ක් උනාට කියන කතාවේ ඇත්තක් නැත්තෙම නෑ ..   “   ලබන ජනවාරියට මට අවුරුදු 18ක් . තරුණ නාබර කෙල්ලෙක් . විවාහයට සුදුසු වයසේ ඉන්න තරුණියක් . ඒත් අවුරුදු 18 කාලය ඇතුලත් මම ලෝකෙට , රටට , සමාජයට , පරිසරයට , මගේ පවුලට අඩුම ගණනේ මටවත් කරගත්තු දෙයක් නෑ . අවු: 18 මේ ලෝකේ හිග සම්පත් කාලා බිලා  විනාශ කළා මිසක් . කිසිම ප්‍රයෝජනවත් දෙයක් කලේ නෑ නේද කියල මගේ හිත වද දෙනවා. මේ දවස් වල අහන දකින දේවල් නිසා ඒ හැගීම තවත් වැඩි වෙනවා .‘මලාලා යුසුෆ්සායි’ අවු 14 ක ගැහැණු ළමයෙක් ඒත් අද මුළු ලෝකයේම බහුතරයක් අදුනන , ජනප්‍රිය චරිතයක් . ඇය ජනප්‍රිය වෙන්න හේතුව තලෙයිබාන්වරුන්ගේ බලල් අතක් වෙන්න පුළුවන් ඒත් කවුරුත් කතා කරන්නේ ඒ බලල් අත ගැන නෙවෙයි මලාලා ගැනයි . ඇය වෙනුවෙන් දැන් දිනයකුත් වෙන් කරලා . බොරු කියන්නේ මොකටද ඇත්තටම ඊරිසියයි . ඇගේ තත්වය ගැන නෙවෙයි මට එහෙම දෙයක් කරන්න බැරි වුන එක ගැන .රටට ලෝකෙට විතරක් නෙවෙයි පවුලටත් මම ලොකු බරක් කියල හිතෙනවා”  ඔන්න ඕක තමයි ඇගේ ලිපිය තව දිගට තියනවා මගේ කතාවට අදාල ටික විතරයි ගත්තේ ..

 ඇය කියනවා වගේම මේ ලිපිය කියන මමත් .මේක කියවන ඔයත් මේ ලෝකේ රට වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියල හිතන්න කාලය ඇවිත් . රටට ලෝකෙට නෙමෙයි පවුලට, තමන්ට  මොනවද කරලා තියෙන්නේ කියල හිතන්න ඕනේ. තාක්ෂණයත් එක්ක ජීවත් වෙන අපි වෙනස් විය යුතුමයි. තාක්ෂනයෙන්ම හරි ලෝකෙට දෙයක් දෙන්න පුලුවන් නම් එකත් ලොකු දෙයක් . ඒ නිසා හිතන්න ගොඩක් දේවල් තියනවා. අලුත් අවුරුදු බලාපොරොත්තු කාටවත් වල කැපෙන ඒවානම් ඒවා නිවැරදි කරගන්න , වෙනස් විදිහට හිතන්න ලෝකය දකින්න . 2013 ට බලාපොරොත්තු  අපලයක් නොකර වාසනාවක් කරගන්න පුළුවන් නම් , අලුත් විදිහට හිතල ප්‍රශ්න විසදා ගත්තොත් අලුත් අවුරුද්දද අලුත් වෙයි . නැතිනම් මේ ගෙවෙන්නෙත් තවත් එක දවසක් විතරක්ම වෙයි . එන්න අලුත් අවුරුද්දේ අලුත් වෙන්න.

 

8 comments:

  1. සියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා....

    ReplyDelete
  2. වසන්තයේ පැතුම් මල් පූදින සුබ නව වසරක් වේවා............

    ReplyDelete
  3. obage adahasata maath ekagai..
    Siyalu pathum itu wewa !!!
    Suba nawa wasarak wewa !!!
    Jayama wewa !!!

    ReplyDelete
  4. සියළු බලාපොරොත්තු ඉටු වේවා ! සුබ නව වසරක් !

    ReplyDelete
  5. සෞභාග්‍යෑමත් නව වසරක් වේවා!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...