Thursday, July 19, 2012

ජීවිතය සහ ආදරය


ජීවිතය කියන්නේ හරි පුදුමාකාර දෙයක්.කව්රුත් කැමති සතුටින් ජීවත් වෙන්න.මේ ජීවිතය කාලයත් සමග විවිද විදිහට අත් විදිනවා.පුංචිම කාලේ අම්මාගේ තුරුලේ නැළවෙන අපි එඉන් මිදෙන්නත් අකමැතියි. ඊට පස්සේ අවුරුදු 2 -3 වෙනකොට පෙරපාසල් යනවා.ඉතින් ඒ ජිවිතේ වෙනම එකක්.කොහොම හරි පාසලටත් යනවා.කෙනෙක් කාගෙන් හරි ඇහුවොත් ඔයාගේ ජිවිතේ කැමතිම කාලය මොකක්ද කියල අනිවාරයෙන්න්ම  කියයි පාසැල් කාලය තමා කියලා.මොකද පාසැල් කාලය තරම් සතුටින් හිටපු කාලයක් තවත් කෙනෙකුට නැ .ආයේ ලැබෙන්නෙත් නැ.පාසල් කාලයෙන් පස්සේ  CAMPAS ඒක ඉතින් හැමෝටම යන්න පුළුවන් තැනක නෙමෙයි නේ. ඒකත් ඉතින් පාසල  වගේම තැනක් තමයි.


  ජීවිතේ ගැන කතා කරනකොට ආදරය ගැන කතා නොකරම බැනේ. පොඩි කාලේ අම්මට තාත්තට ආදරෙන් හිටපු කට්ටිය තරුණ කාලේදී කෙල්ලෙක්ගේ හරි කොල්ලෙක්ගේ හරි තුරුලේ නැළවෙනවා .ඒත් ඉතින් ඒ නැළවෙන තොටිල්ලෙන් බිමට වැටුනොත් කරගන්න මෝඩ වඩා දැක්කම හිනත් යනවා.බොක්කෙන්ම ආදරෙයි කියල කෝච්චියට පනින්න,ගගට පනින්න ,වස බොන්න හරි දක්ෂයි .නමුත් මේ ලැබිල තියන ජිවිතේ වටිනාකම මෙපමණයි කියල නිමකරන්න බෑ .ලෝකේ තියන සියලුදේට වඩා වටිනා දෙයක්. ඒක සමාන වෙන්නේ තවත් ජීවිතයකට විතරයි.ආදරේ ජීවිතේට අවශ්‍යයි තමයි නමුත් එහෙමයි කියල ආදරය නිසා ජීවිතය විනාශ කරගන්නවා නම් ඒක තමයි  කරන ලොකුම  මෝඩ කම .ඔහුට  /ඇයට ඔබ ගොඩක් ආදරේ වෙන්න පුළුවන් නමුත් ඔහු /ඇය ඔබගේ ආදරය පිලි ගන්නේ නැති නම් එකට ඔබ ඔබේ ජීවිතය නැති කරනවා  නම්  ඔබ පරාදයි .මොකද ඔබ මිය ගියාට ඔබ ආදරය කල කෙනා ජිවත් වෙන නිසා ..කරන්න තියන හොදම දේ ඒ කෙනාව අමතක කර ඔබට ගැලපෙන හොද කෙනෙක් සොයාගැනීම පමණයි .. එහෙම උනොත් ඔබට පුළුවන් වේවි ඒ කෙනාට ඔබ ඔහු /ඇය  නැති උනත් වෙනදාටත් වඩා සතුටින් ඉන්න බව  පෙන්වන්න... සියදිවි නසා ගැනීම මිනීමැරුමක් හා සමාන දෙයක්.එය ආගමානුකුලවත් නිතියනුත් එසේමයි.නීතියට අනුව ඔබේ ජීවිතය ඔබේ වූවාට එය නැතිකර ගැනීමට ඔබට අයිතියක් නෑ.ඔබ සියදිවි නසාගැනීමට තැත් කලොත් ඔබට ඔබේ ජීවිතය නිසාම රජයට වන්දියක් ගෙවීමට සිදුවීවී .


මේ තරගකාරී ලෝකයේ මිනිසුන් ජීවත් වීම උදෙසා කොච්ච්චාර දුක විදිනවද .ගිනි ගහන  අව්වේ මහ පොලව සමග පොරබදන ගොවියෝ,මහ මුහුද සමග  ගැටෙන ධීවරයෝ,පස්ස රිදෙනකම් පුටුවල වාඩිවෙලා ඇස් පොට්ට වෙනකම් computer වල වැඩ කරනා සේවකයෝ,දිව රැ නොබලා පුවත් සොයන නිවේදකයෝ ,කුණු ගද ගහන කුණු ගොඩවල් සුද්ද කරනා නගර සබාවේ කුනු අදින කම්කරුවෝ ,මේ හැමෝම මේ දේවල් කරන්නේ ජීවත්වෙන්න කියල ඔබට තේරෙනවද  .නැතිනම් මෙයලටත් වහ කුප්පියක් බිලා මැරෙන එක මහ දෙයක් නෙමෙයි .


ප්‍රශ්න නොමැති අය ලෝකේ සිටිනවා නම් ඒකත් ප්‍රශ්නයක් .ප්‍රශ්න හදුනා ගනිමයි ලොකුම දේ.එක ආදරයක් නැති වූ විට ඒ ගැනම සිතමින් දුක වෙන්න එපා.ඒ ඔබ සොයන කෙනා නෙමෙයි.ඒ එක  වැරදි හමුවීමක් විතරයි ..ඒ නිසා සතුටු වෙන්න ..විදින්න තියන ජිවිතේ විදවන්න එපා ..ජිවිතය නැති කර ගන්න එක ලේසියි . ජිවත් වෙන්නයි අමාරු . ඒක නිසා මේ ලැබුන ජිවිතේ විදින්න ..

4 comments:

  1. ආදරේ අරහන්..

    ReplyDelete
    Replies
    1. අරහන් කියන්නේ කැමති කියන එකටද ?? මොකද ගෑනු ළමයි කවදාවත් හිතේ තියනදේ කියන්නේ නැනේ.

      Delete
  2. හිරු හිමාවී දරුණු වියෝ දුකකින් ඉන්න කෙනෙක් වගේ.තව මාස හයක් ගියාට පසුව අද ගැන හිතල බලන්න.ඔයාට හිතේවි ඒ මමමද කියල.

    ReplyDelete
  3. ප්‍රශ්න නැත්තේ ලෞකිකත්වයෙන් මිදුණු අයට විතරයි. ප්‍රශ්න හමුවේ නොසැලී ගමන් කරන එකයි ලෞකිකත්වයත් එක්ක බැදුණු අපි කරන්න ඕනේ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...