Thursday, November 14, 2013

සිහින ලොවේ පාවෙන අපේ අය .....

කවුරුත් කැමති සන්තෝසෙන් ඉන්න. ඒ උනත් එහෙම ඉන්න පුළුවන් කීයෙන් කීදෙනාටද. ඇත්තම කතාව ලෝකේ කවුරුවත් සන්තෝසයෙන් නෑ කියන එක . මේකට ඔයාලා එකග නොවෙන්නත් පුළුවන්. කොහොම උනත් අද කතාව සතුට ගැන .. සතුට කිව්වම කවුරුත් කියන්නේ “සතුට තියනවා දුක නැත්නම් ” කියලා . සතුට කිව්වම කාටත් මතක් වෙන්නේ දුක මොකද ඒ දෙක අතර ඒ තරම්ම බැදීමක් තියනවා . ඒත් දුක සතුට කියන මාතෘකාවන් ඈත් වෙලා සතුට සහ හීන ගැන කතා කරන්න හිතුවා. ගොඩක් අය හිතන්නේ මේ වචන දෙක අතර කිසි සම්බන්දයක් නෑ කියලා . ඒත් ලොකුම සම්බන්දය තියෙන්නේ මේ දෙක අතරේ කියලා මට නම් හිතෙනවා.

 හීන නැත්තේ කාටද . හැමෝටම හීන තියනවා. ඒක පුද්ගලයා අනුව වෙනස් වෙනවා .. කෙල්ලෝ වැඩියම කැමතියි ලස්සට ඉන්න . ඒ උනත් විවාහක කෙනෙක් නම් එයාටම කියලා ගෙයක් හදාගන්න ගොඩක් කැමති. ඒ වගේම හොද පවුල් ජිවිතයක් ගතකරන්නත් කැමැත්ත ගොඩක් වැඩියි. කොල්ලෙක් උනාම තියෙන්නේ ඔයිට හාත්පසම වෙනස් කාරණාවක් . ඇදුම පැලදුම කියන්නේ කොල්ලන්ට එච්චර දෙයක් නෙවෙයි. පිරිමි කියන්නේ “වෙඩින් එකට ඇදපු කෝට්එක මලමිනියටත් අදින කට්ටිය ” ඒ කොල්ලන්ගේ හැටි. ගොඩක් කොල්ලන්ට තියෙන්නේ වාහන පිස්සුව . හොද වාහනයක් ගන්න ගොඩක් කොල්ලෝ කැමති . හැම හීනයක්ම සැබෑ වෙනවනම් අපි කොච්චර කැමතිද? ඒත් අපේ සමහර හීන හැමදාම හීන විදියටම තියනවා. ඒ හීන සැබෑ කරගන්න අපිට අවදානමක් ගන්න වෙනවනම්? අපි කීයෙන් කී දෙනාද අපේ සුපුරුදු ජීවන රටාවෙන් මිදිලා ඒ අවදානම ගන්න කැමති වෙන්නේ? ඒ අවදානම ගන්න බැරි නිසාම හැමදාම අපේ ඒ හීන හීන විදියටම තියනවා.හීනත් එක්ක ජිවත් වෙන අය කොහොම හරි ඒ දේ ඉෂ්ට කරගෙනම තමයි පස්ස බලන්නේ. සමහර අය නම් බලන්නේ හීනම තමයි. කරන්න බැරි දේවල් ගැන හීන දකින අයත් නැත්තේම නෑ . ඒත් එහෙම කරන්න බැරි හීන සැබෑකරගන්න අය තමයි ලෝකයත් වෙනස් කරන්නේ .
 

Sunday, November 10, 2013

ආදරයට පෙරළෙන මිතුරුකම්....

මේ ලිපිය ලියන්න හිතුනේ ආදරය සහ යාළුකම හදුනා නොගැනීම වෙනුවෙන් .කොහොම වුනත් මේක නම් ලියල ඉවර කරන්න පුලවන් එකක් නම් නෙවෙයි. අපිට යාලුවෝ හැමතැනම.ස්කෝලේ යාලුවෝ Facebook එකේ tweet , Google හතර වටේම යාලුවෝ . කොච්චර යාලුවෝ හිටියත් හැමදෙයක්ම කියන්න විස්වාස කරන්න පුළුවන් යාලුවෝ ඉන්නේ අතලොස්සයි . මොකද අපි කාට හරි දෙයක් කියනවා නම් ඒ දේ කියන්න අපිට ඒ කෙනා ගැන විස්වාසයක් තියෙන්නම ඕනේ. මොකද සමහර වෙලාවට අම්මල තාත්තලට නොකියන දේවලුත් අපි කියන්නේ යාළුවන්ට . යාළුකම් වලට කන කොකා අඩන්නේ කෙනෙක් ආදරය කරන්න පටන් ගත්තම කියලා ගොඩක් අය කියන කතාවක් . මොකද කොල්ලෙක් කෙල්ලෙක් එක්ක හරි කෙල්ලෙක් කොල්ලෙක් එක්ක හරි යාලු උනොත් දෙන්නට දෙන්නා ඉන්නවා කියල යාළුවන්ට හෙන ගහල ගියත් කමක් නෑ කියලා හිතන නිසා. මම කියන්නේ නෑ යාලුවෝ එක්ක සම්බන්දේ නවතිලාම යනවා  කියලා . ඒ උනාට අඩු වෙනවා අනිවාර්යෙන්ම . මොකද එයාල හිතනවා ඒක එයාලට බාදාවක් කියලා. ඒත් සමහරු නම් දෙකම සමබරව කරගෙන යනවා. එතැන තව කතාවකුත් තියනවා. සමහර වෙලාවට අනිත් පාර්ශවය නීති පැනවීම. ඉතින් එයා අකමැති දේ කරලා එයා නැතිවෙයි කියල යාලුවෝ ඈත් කරන අයත් ඉන්නවා. ඒ වෙලාවට එයාව අත ඇරලා යාළුවා තෝරාගන්න අයත් නැත්තේම නෑ. ඒත් ඇත්තම කතාව කෙනෙක් තව කෙනෙක්ට වාරණයක් දානවා නම් එයාට ඔයාව විස්වාස නෑ කියන එකයි. මොකද ඔයා එයාට  ආදරය කරනවා කියල විස්වාස නම් මොනවා කලත් ඔයා එයාව අත අරින්නේ නෑ කියල එයාම තේරුම් ගන්නවා. මොනවා වුනත් ආදරයට පොල්ල වැටුනොත් එදාට  එන්න වෙන්නේ ඔයා අතහරපු යාළුවා ලගටමයි.  

සාමාන්‍යයෙන් කොල්ලෝ කෙල්ලන්ට තමන් ගැන කියන්න දගලවා වැඩි.කෙල්ලොත් එහෙමයි. එහෙම නෑ කියනවා නම් ඒ ඉතා සුළු පිරිසකට විතරයි. ගොඩක් කෙල්ලන්ගේ හොදම යාළුවා කොල්ලෙක්. ඒක එහෙම හැම කෙනාටම නැතත් ගොඩ දෙනකුට එහෙමයි. සමහර අය Facebook එකෙන් මිතුරු උන කෙනෙක්ට තමන්ගේ දේවල් කියනවා . මොකද දෙයක් තද කරගෙන ඉන්නවට වඩා  ලේසි ඒක එලියට දාන එක.

Wednesday, October 30, 2013

ආදරය මිතුදම සහ මමත්වය..

ආදරය ලෝකයම වෙනස් කල හැකි සුන්දර හැගීමක් . මිතුදම ශක්තිය වඩවන බැදීමක් . මමත්වය ලෝකය විනාශ  කල හැකි ප්‍රභල ආයුධයක්. මිනිස්සු විවිධාකාරයි. එයාලත් එක්ක ඉන්න අපිටත් ටිකක් ලොකු අරගලයක් කරන්න වෙනවා. ඉතින් මේ අරගල අතරේ තියන ප්‍රබලම හැගීම් තුනක් ගැන තමයි අද ලිපිය දිගහැරෙන්නේ.

කවුරු කොහොම කිව්වත් තමන්ට තමන් විතරයි කියලා කතාවක් තියනවා. ඒත් ඕක හැම වෙලේම වලංගු නෑ. ඒත් ඒක එහෙම නෙවෙයි කියන්නත් බෑ. කවුරු කොහොම හිටියත් . මොන තරා තිරම් දැරුවත්. කොච්චර සල්ලි තිබුනත් තමන්ට කවුරුත් නැති වෙන වෙලාවල් නැත්තේම නෑ. ගොඩක් වෙලාවට වෙන්නේ එකට කාපු අය පිගාන අපිට හෝදන්න දාලා යන එක. ඒ අතරේ අනුන්ගේ පිගන් තමන්ගේ වගේ හෝදන අයත් ඉන්නවා. කව්රු හරි තනියම ඉන්නවා නම් එයාට යාලුවෝ නැතිනම් එතන පුංචි සිත් බිදවටිම්ක් ඇති වෙන්න පුළුවන් . අනිත් අයට ඉරිසියා කරන්න පුරුදුවෙන්නත් පුළුවන්. ඒ අතරේ යාලුවෝ වැඩිවෙලා ඔලුව ඉදිමුණු අයත් ඉන්නවා .. ඒක වෙන්වම පැත්තක්. ඕවා මොනව නැතත් මමත්වය කියන දේ කෙනෙක්ගේ තියෙන්න පුළුවන්. ඒවගේ කෙනෙක්ට මොනවා කිව්වත් වැඩක් නෑ. මොකද එයාල පිළිගන්නේ තමන් කියන දේ පමණක් නිසා. සමහර විට ඔයාල එක්ක උනත් මෙහෙම කෙනෙක් ඉන්න පුළුවන්. පොඩ්ඩක් මතක් කරලා බලන්න. මමත්ව ඇති කෙනෙක්ට යමක් කිව්වත් ඒක ගැන ප්‍රසාදයක් පෙන්වන්නේ නම් නෑ. ඔහු කාගෙන්වත් උපදෙස් ගන්නෙත් නෑ . ඒවගේම එයා දෙන්න දෙයක් කියල දෙන්නෙත් නෑ. ඒත් එයා එයා ගැනම වර්ණනා කරනවා ලොකුවට .. මමත්වය  ගැන තව කරුණු තියනවා ඒත් ඉතින් ඔක්කොම මෙතන ලියන්න  බෑ.. ඒත් මමත්වය ගැන කියන කොට තව කතාවක් තියනවා කියන්න

Tuesday, October 15, 2013

X - Ban තිරය පිටුපස ......

X ban නම් ඉවරය. ඒ උනත් ඒවත් එක්ක සිද්ද උන සිදුවීම් නම් මතකයෙන් යන්නෙම නැතය. ඒ තරම් ඒවා සුන්දරය. අවුරුදු 8 ක විතර පාසල් කාලය ඉවර උනත් ආයෙත් පාසලට ගියාම ඇතිවෙන්නේ නම් ආයෙත් ගෙදර ගියා වගේය . අපේ කාලේ යාලුවෝ නැති උනත්  දැන් ඉන්න මල්ලිලා එක්ක පිස්සු කෙලිනකොට ආයෙත් අපේ AL කලේ මතක් වෙන්නේය. මේ අපි සහභාගී වුනේ තුන් වෙනි x ban ප්‍රදර්ශනයටය. අද කතා කරන්න යන්නේ x ban ගැන නම් නොවේය . . අද කියන්නේ x ban තිරය පිටුපස කතාවය.


95 x ban එකට වැඩක් කරන්න අපි කතා වේවි හිටියත් මොනවා කරන්නද කියලා කාටවත් අදහසක් තිබුනේ නැතය .. පස්සේ බ්ලොග් ලියන අපේ කට්ටිය බ්ලොග් ගැන x ban එකට කරමු කියලා  කතා කරගත්තේය. ඒක ගැන කතා කරන්න සුවද හමුවකට ගිහින් වුනේ නම් වෙන දෙයක්ය .. කොහොම හරි කතා වුන විදියට T – Shirt එකක් නම් ගහගත්තාය. තව එන අයට දෙන්න පුංචි leaflet එකක දෙන්න කට්ටිය ම කතා කර ගත්තේය . ඒ වෙලාවෙනම් කට්ටිය වැඩේට පට්ටට සපෝට්ය . ඒත්  leaflet ගහන්න ගියාට පස්සේ කවුරුත් නැතය . කට්ටියට ගාන අහපුවාම දෙයියෝ සිහි වෙලාය. Leaflet එකත් අරන් ප්‍රෙස් එකට ගියේ වෙඩික්කරයා සමගය එකාව ගෙන්න ගත්තේද අමාරුවෙන්ය. Night කරලා නිදි මරගාතයේම ආවේ ඔහුගේම දඩුමොනරේය. එදා මට පන්ති දවසක් උනත් දේශකයාට පින්සිද්ද වෙන්න ඒ වැඩේ කරගත්තේය . ඒ වැඩේට Rs.8300 ක් යන්නේය. “අතින් කා හරක් බැලු කාලය ගොහින්ය” ඒ වැඩේ අතඇරියේය. A4 කොලේක print out එකකින් වැඩේ ගොඩ දාගත්තේය.

Saturday, September 21, 2013

කෙල්ලන්ට කතා කරන විදිහ .......!!

ආදර කතා හැමතැනම. කව්ද අකමැති ආදරයෙන් කතා කරනවට. එක එක අය කතා කරන විදිහ වෙනස් ඒ වගේම ඒවාට තමන්ගේම අනන්‍යතාවක් තියනවා. කොහොම උනත් ඇන්ටන් චෙකොෆ් තමන්ගේ බිරිදට යවපු ලිපි වල ඔහු ඇයට ආදරයට කතා කතා කරලා තියෙන්නේ “මගේ සීදේවි කිඹුලි” කියන ආදර වදනින් . ඒත් ඔය ආදේශනය අද තමන්ගේ බිරිදට හරි පෙම්වතියට හරි කියන්න ගියොත් ඔයාල වැටෙන්නේ සුලුපටු අමාරුවක නෙවෙයි. වචන කියන්නේ කෙනෙක්ට ලංවෙන්න තියන ගොඩක් ශක්තිමත් මාධ්‍යක් ඒත් ඒ මාධ්‍ය හරියට බවිත කරනවා අඩුයි. ගොඩක් අය ඒක හොදින් පාවිච්චි කරනවා ඒත් එට වඩා වැඩි පිරිසක් ඒක හරි විදිහට බාවිතා කරන්නේම නෑ. කව්රු කොහොම කිව්වත් ආදරය කරන කාලයේ ආදරය කරන්න විදි හොයනවා, කතාකරන්න විදි හොයනවා බොහෝ දේ කතා කරනවා .

Sunday, August 11, 2013

Sexy Lingerie 02 ... !!

මේ කතාවත් කලින් එකට සම්බන්ධයි. මොකද ඒ කතාව තව ටිකක් ලියන්න ඕනේ කියලා හිතුණා මොකද ඒක ඉවර නොවුණු නිසාත් තව කට්ටටියක් තව ටිකක් ලියන්න කියලා කියපු නිසාත්. කොහොම උනත් අද මාතෘකාවත් ඒකම තමයි. චොකලට් බොඩි පේන්ට් අවශ්‍ය මොකටද කියල ඇහුවොත් ගොඩක් අය කියයි ඔය විකාර මොකටද ඔව්වා නැතත් කරන්න පුළුවන් දෙයක් තමයි ඒක කියලා . ඒත් එකේ විශේෂයක් තියනවා වෙන මුකුත්ම නිසා නොවෙයි ඒකාකාරී රති ක්‍රීඩාවට පොඩි හරි වෙනසක් ගෙනදෙන්නට. ආසියාවේ තිබෙන සංස්කෘතියත් එක්ක මිනිස්සු මේ දේවල් වලට පෙලබෙන්න මැලිකමක් දක්වනවා මොකද ඒවයෙන් රටේ සහ තමන්ගේ හැදියාවට අනතුරක් වෙයි කියලා තියන අසීමිත බය. මම කියන්න යන්නේ අපිත් අපේ සංකෘතිය අතහැරිලා බරහිර සංස්කෘතියට යොමු වෙන්න ඕනේ කියලා නෙවෙයි ඒත් අපි ලිංගිකත්ව අතින් ලිංගික අධ්‍යාපනය අතින් ඉන්නේ හරිම පහල මට්ටමක . මොකද අපි කොතරම් දියුණු වෙලා හිටියත් අද සමාජය තුල දකින්නට ලැබෙන ගැටළු බොහොමයක් ඇතිවෙලා තියෙන්නේ මේ ලිංගික අධ්‍යාපනය හරි හැටි නොලැබීම . තරුණ පරපුරට මේ ලිංගික හැගීම් ගැන තියෙන්නේ බොහොම අඩු මානසිකත්වයක් . කොහොම වුනත් ලංකාවේ බොහොමයක් අද වෙනකොට ගණිකා නිවාස හැදිලා තියෙනවා . ඒවාට යන්නේ තරුණ පරපුරමද . නෑ ඒවාට වැඩිපුරම යන්නේ මැදි වයසේ කට්ටිය . ඒ වෙන මුකුත් නිසා නොවෙයි එයාලට නිසි ලිංගික තෘප්තියක් නොමැති වීම.

Saturday, July 20, 2013

Sexy Lingerie ... !!

කාලෙකට පස්සේ කවුරුත් කැමති දෙයක් ගැන ලියන්න හිතුනා මාතෘකාව බැලුවාම තේරෙනවා ඇතිනේ.  Lingerie කියන වචනේ තේරුම ශබ්දකෝෂයක් පෙරලා බැලුවොත් රාත්‍රී කාන්තා ඇදුම් කියන වචනයෙන් සැනසෙන්න වෙනවා. තවත් ලස්සනට කියනවා නම් “ කාමු පිළි” කියන්න පුළුවන්. ඒත් ඔයා ටිකක් හරි දැනුවත් කෙනෙක් නම් මේ   Lingerie කියන වචනයෙන් හැදින් වෙන්නේ සාමාන්‍ය විදිහේ කාන්තා ඇඅදුම්ම නොවෙන බව කියන්න වුවමනා නෑ. කොහොම උනත් ඔයා sexy Lingerie කියූ සැනින් ඇග හිරිවැටෙන කෙනෙක් නම් මෙතනින් එහාට කියෙව්වේ නැති වුවත් කමක් නෑ .. මොකද මෙතනින් එහාට කතාව ටිකක් අවදානම් . සාමාන්‍යයෙන් මෙහෙම කතාවක් 18+ කියලා දාන්න ඕනේ ඒත් මම කලින් දවසකත් කිව්වා වගේ එහෙම දැම්මාම වැඩියම කියවන්නේ 14+ කට්ටිය..

Tuesday, July 2, 2013

වැහි දිනක බස් එකක ....


සාමාන්‍යයෙන් විද්‍යා ප්‍රබන්ධ කතා කියවනකොට හිතට දැනෙන දේවල් හරිම අමුතුම හැගීමක්.ඒක නිකන් හරියට කවුරුවත් නැති , විනාශ වුනු ලෝකෙක තනිවෙලා ඉන්නවා වගේ හැගීමක්. කොහොම වුනත් කවුරුත් නැති විනාශ වුනු ලෝකෙක ඇවිදගෙන යාම එක අතකට හිතට දෙන්නේ අමුතුම හැගීමක් . කොහොම උනත් මේ අතරට ලාවට ඇහෙන පුංචි සින්දු කෑල්ලකුත් එකතු උනා නම් ඒක තවත් තාත්වික වෙයි කියලා මට හිතුනේ ..

මම කියවමින් හිටියේ එක විද්‍යා ප්‍රබන්දයක්. ඒක එක විදිහක ත්‍රාසය ඇතිකරවන කතාවක්. කොහොමින් හරි මුළු ලෝකයේම දේවල් පාලනය කරන්න පුළුවන් යන්ත්‍රයක් ඒ ගොල්ලෝ හැදුවා. ඔන්න ඒ මොහොතේ මුළු නගරෙම යටවෙන්න තරම් වහිනවා ! බොරළු වගේ වැහි බින්දු මිසයිල ගහනවා වගේ පොලවට පාත්වෙන්න පටන් ගත්තා. ඒ මොහොතේම මට දැනුණා සුවද විලවුන් සුවදක්. හරියටම කියනවා නම් එක ගැහැණු ළමයි විතරක් පාවිච්චි කරන වර්ගයේ , අයාලයේ යන හිතක් ක්ෂණිකව බ්රේක් ගස්සන්න පුළුවන් විදිහේ “සෙන්ට් සුවදක් ” .මම නිකමට වගේ ජනේලයෙන් එලිය බැලුවා . එළියේ ඇත්තටම වහිනවා . බස් එකක සීට් එකකට වෙලා පොතකට සමවදිලානේ හිටියේ . වටපිට වෙනදේවල් ඇහෙනැවයි. ඒ වගේ වෙලාවට ලෝකේ පෙරලුනත් දන්නේ නෑ. ඒත් ඉතින් ඇහැට කනට පේන දැරිවියක් බස් එකට ගොඩවෙලා තමන් ලගින් හිටගත්තු වෙලාවක. ඇයගේ සුවදවිලවුන් සුවදින්සී ඔබේ සිත ආමන්ත්‍රණය කරනකොට මොන ලෝකෙක හිත තිබුනත් , මොන අවදානයක හිටියත් ඒ වෙලාවට නම් ඒ අවදානය බිදෙන එක සාමාන්‍ය සුළු දෙයක් ..


Thursday, June 20, 2013

ආදරයෙන් වෙන්වීම ....

කාලෙකට පස්සේ ආදරය ගැන ටිකක් ලියන්න හිතුණා. අපේ ජීවිතයට පණක් ලබලා දෙන්නේ ආදරය කිව්වොත් මම වැරදි නෑ. පුංචි කාලේ අම්මගෙන් ලැබෙන ආදරය . ඒ ආදරය නම් කවදාවත් වෙනස් වෙන්නේ නෑ .. මිනිස්සු ජීවත් වෙන්නේ ආදරය නිසා. ඒත් හැමකෙනාටම ජීවිත කාළෙම එකමවගේ තමන් පණවගේ ආදරය කරන කෙනා ගෙන් නැවත ආදරයක් ලැබෙන්නේ නම් නෑ .. එකත් හරියට අනියත දහම  මත කැරකෙන ලෝකය වගේ .අපිට නම් ඕවා වෙන්නේ නෑ, මට එයා පණටත් වඩා ආදරෙයි කියලා කියන කෙනෙක්ට ඒ ආදරෙන් පොල්ලක් වැටුනොත් .!? ඒ වෙලාවට හිතෙන දේවල් වචන වලින් ලියන්න කියන්න බැරිවෙයි. මොකටද ජිවත් වෙන්නද කියල ඒ වෙලාවට හිතෙනවා . ඒ සුන්දර මතකයන් .ඒ මතක සැමරුම් මතක් වෙනකොට ඔලුව පොලේ ගහගන්න හිතෙන අවස්ථා එමට ඇති. ඒත් එහෙම කියලා ජිවිතේ අතහරිනවද.? එහෙනම් මෝඩයෙක් .. මම කලින් කතාවක ඒ ගැන කිව්වා. ලගින් ඉන්න කාලේ නොදක්කපු ගොඩක් දේවල් මනුස්සකම් ගුණවත්කම් ඉතිරිලා යන ගානට දෙනෙන්න ගනී.මට අහිමි වෙන්නේ ඒ සුන්දර ආදරය නේද කියලා මහා හයියෙන් හඩාවැටෙනවා. ඒ වෙලාවට දැනෙන විරහව වේදනාව විස්තර කරලා ඉවර කරන්න බැරි තරමටම අපිව පිස්සු වට්ටන බව ඒ දුක දැනිච්ච හැම හිතක්ම හොදින් දන්නවා..හැබැයි ඒ ආදරය ඔබව දාලා යන්නේ වෙනත් කෙනක් ගාවටනම් ඔයාට දැනුනු ඒ දුක වේදනාව තව සියගුණයකින් විතර වැඩි වෙනවා. ඒ වගේම හිතට තරහකුත් . පොඩි ඊර්ෂ්‍යාවකුත් ඇතිවෙන්න යන්නේ පොඩි වෙලාවයි.එයා මොනවද අලුතෙන් හොයන්නේ. ඔබෙන් නොලැබුණු හැගීමක් අනිත් කෙනාගෙන් ලැබෙන්නේ කොහොමද? හිතට වද දෙමින් කදුළු පෙරාගෙන ඔයා හොයන්නේ අන්න ඒ හේතුව.මාව එපා නම් මටත් එපා කියලා හිතන්න තරම් අපේ හිත සංවේදී නැහැ. ඉතින් ඔබව හැරගිය ආදරය ගැන සිත හිතා දවස් ගණන් විදවනවා.

Thursday, June 13, 2013

බොහොමයක් දේ කියාගෙන තනිකම.....

තනියම ඉන්න කැමති කවුද. කවුරුවත් කැමති නෑ තනියම ජිවත් වෙන්න . කවුරුත් කැමති යාලුවෝ නෑදෑයෝ අසල්වාසීන් එක්ක සතුටින් කාලය ගතකරන්න . ඒත් මේ හැමෝම දවසක අපෙන් වෙන් උනොත් එදාට නම් දුකක් පාළුවක් දැනේවි .. තනිකම එහෙමත් නැතිනම් පාළුව කියන එක අපි කාටවත් නුපුරුදු දෙයක් නෙවෙයි. මොකද අපි කාටත් එක දැනිල තියන දෙයක් නිසා. නමුත් අපි කොයිම වෙලාවකවත් මේ තනිකමින් ප්‍රයෝජනයක් ගත්තාද කියන එකනම් ප්‍රශ්නයක්. එහෙම ප්‍රයෝජන ගත්ත අයත් ඇති ඒත් ඊට වඩා ඉන්නේ ප්‍රයෝජන නොගත්ත අය.ගොඩක් අය තමන්ට තනිකමක් පාළුවක් දැනුනම කරන්නේ තමන්ගේ ලගම මිතුරාට මිතුරියට , එහෙම නැතිනම් ආදරවන්තියට, ආදරවන්තයට ඇමතුමක් , SMS එකක් දාන එක. ඒත් ඔයිට වඩා වෙනස්ව හිතන මිනිස්සු කරන්නේ නම් ඒ තමන්ට ලැබුණු තනිකමින් උපරිම ප්‍රයෝජන ගන්න එක.


ගොඩක් අය තනිකමෙන් මිදෙන්න උත්සහ කරනකොට තව කෙනෙක් තනියම ඉන්න දගලනවා. දැන් කට්ටිය කියයි උඹත් තනි වූ ගවේශකයනේ කියලා. ඇත්තටම මටත් මේ blog ලිවිල්ලට set උනේ විභාගේ ඉවරවෙලා කරන්න වැඩක් නැතුව පාලුවෙන් ඉන්නකොට තමයි..කොහොම කොහොම හරි කවුරුත් නොකිව්වට ගොඩක් අය කැමති තනියම ඉන්න.  ලෝකේ ගොඩක් නිර්මාණ බිහිවෙලා තියෙන්නේ තනිකම තුලින්. ඒ තනිකම කියන දේ කෙනෙක්ගේ යටි සිත අවදිකරන නිසා . ගොඩක් වෙලාවට අපි දකිනවා සමහර මිනිස්සු තනියම ජිවත් වෙනවා . එතකොට අපිට හිතෙන්නේ නම් එයා ඉන්නේ හරිම පාලුවකින් වෙන්න ඇති කියලා . එහෙම කියලා අපි ගිහින් එයාගේ පාළුව තනිකම මකන්න හැදුවොත් ඒක සමහර විට ලොකු අවුලක් වෙන්නත් බැරිකමක් නෑ.

Related Posts Plugin for WordPress, Blogger...