Friday, August 3, 2012

නිදා ගන්න කැමති කොහොමද ??


ඔබ නිදා ගන්න කැමති කොහොමද ? තනියමද එහෙම නැත්නම් තවත් කෙනෙක් එක්කද ? මේ ප්‍රශ්නෙට ඔබට පිළිතුරුවලට වඩා වැඩි දේවල් මතකයට නැගේවි ..මේ අහන්නේ කොහොම නින්දක් ගැනද, එහෙමත් නැත්නම් තවත් කෙනෙක් කියල අදහස් කරන්නේ මොනවගේ කෙනෙක්ද ?නිදා ගැනීමේත්  වර්ග  තියනවා .එකිනෙකා නිදා ගන්න කැමති විදිය එකිනෙකට වෙනස්.ගැහැණු  පිරිමි යනු අනෙකුත් සතුන්ට මෙන්ම හැගීම දැනීම ඇති සත්ව  කොට්ටාසයක්.නමුත් සාපේක්ෂව ගැහැනුන්ට වඩා පිරිමි ලිංගික හැගීම බහුල කොට්ටාසයක් ලෙස විද්‍යාත්මකව හොයාගෙන තියනවා..මේ නිසා නිදා ගැනීමේදී තවත් කෙනෙකු සමග සංසර්ගයේ යෙදෙනවා නම් පිරිමි කැමති ගැහැණු කෙනෙක් සමග නිදා ගන්න බව සැබෑවක් .එවැනි ගැහැණුන් සිටියත් ඇතැම් ගැහැණු තම දරුවා සමග හෝ සංසර්ගයේ නොසිටියත් තමන්ගේ සැමියා සමග හෝ මව හෝ මිතුරියක්‌ සමග නිදා ගන්න වැඩි කැමැත්තක් දක්වනවා ..ඒ පිරිමි, පිරිමින්ට වඩා ගැහැණු ගැහැණු අතර හැගීම හුවමාරුව වැඩි නිසයි ..එහෙත් පිරිමි තවත් පිරිමියකු සමග නිදා ගැනීමට එතරම් කැමැත්තක් නොදක්වයි . ඒ ගැහැණුන් හැරෙන්නට පිරිමියකු සමීපයේ වත් නිදා ගැනීම පිරිමියකුට නීරස ක්‍රියාවක් නිසාය.නමුත් විවාහයෙන් පසුව එම සබදතාව බිදුණු විට පිරිමියා කැමති සැනසිල්ලේ තනිව නිදන්නටය..


විවාහකයා හා තනිකඩ ජීවිත වෙන වෙනම ගතහොත් තනිකඩයා වැඩි කැමැත්තක්  දක්වන්නේ තම නින්ද තව කෙනෙකු හා බෙදා ගන්නටය.ඒ නොලැබුන අද්දැකීම් හා කුතුහලය නිසාවෙනි .විවාහකයා සන්සර්ගයේ නොයෙදුනත් නුදුරේ බිරිද සමග නිදාගැනීමට කැමතිය.තවත් සමහරෙක් තමා සමග නිදන කෙනාට වඩා වෙනස් කෙනෙකු සමග හෝ තම සිත ගත් වෙනත් කෙනෙකු සමග  නිදියා ගැනීමට වැඩි කැමැත්තක්  දක්වයි.මෙය සාමාන්‍ය දෙයකි.මෙය ලෝක ධරමතවයකි. හැගීම් දැනීම් ඇති පිරිසක් ලෙස සමදා එකම සුවය විදීම එපා කරවන නිසා නැවත අලුත් සුවයක් සොයා යාමට හිතක් ඇතිවීම ස්වාභාවිකයි. නමුත් සුවය පසු පස ගියහොත් කවදාකවත් සැනසීමක් නොලැබෙන බවත්  කිසියම්ම දෙයකින් සැහීමකට පත නොවෙන කෙනෙක් බවට පත් වෙන බවත් මතක තබා ගතයුතු කරුණක් වන්නේය..නින්ද යනු වර්ග කළහැකි මාතෘකාවකි .ඒ සංසර්ගයේ දීම ,හැගීම දැනීම් බෙදාගැනීම මුල් වූ නින්ද හා විවේකය සදහා අවශ්‍ය  කිසිදු ක්‍රියාවකින් තොර සුව නින්ද යන්නයි .


මේ සියලු කාරණාවලින් බසු කිව යුතුම දෙයක් ඇත්තේය .ඒ මිනිස් හැගීම හුවමාරු කරගැනීමේ නින්දට වඩා නිරෝගී ජීවිතයකට සුව නින්ද ඕනෑම මිනිසකුට වඩා අවශ්‍ය  බවයි.මේ නිනද ලැබීමට මානසිකව බලපාන කරුණුද නැතුවාම නොවෙයි .. කෙනෙක් තනිවම නිදියන්න බිය නම් ඔහු හෝ ඇය තව එකකු සමග නිදා ගැනීමට වැඩි කැමැත්තක් දක්වයි .අතපය හතර අතර පැත්තට විහිදුවා නිදහසේ  තනිව නිදා ගැනීමට වැඩි දෙනෙකු කැමතිය.කිසිදු  ශාරීරික ක්‍රියාවකින් තොරව යහපත් මානසිකත්වයෙන් නිදා ගැනිම තරම් සැපවත් නින්දක් ඇත්දැයි  නිගමනය කල හැක්කේ එවන් නින්න්දක් නිදියන විටය..ඒ නිසා පිටස්තරයන් සියල්ල හැර දමා ලිහිල්ව නිදන්නට හැමෝම කැමතිය .. ඉතින් ඔබ කොහොම නිදන්නද කැමති ???

4 comments:

  1. මම නම් අම්මා ළඟ වකුටු වී නිදන්න කැමැත්තෙමි :)

    ReplyDelete
  2. මම නම් තනියෙන් තමා නිදාගන්නේ. [දැනට] ඉදිරිය ගැන කිව නොහැක :D

    ReplyDelete
  3. ඇත පය දිග ඇරලා ආතල් එකේ නිදාගන්නවා

    ReplyDelete
  4. මාත් කැමති තනියම නිදිය ගන්න තමා ඉතින්.. හැබැයි ඔන්න රෑට බය වුනොත් නම් අම්මලාගේ මැද්දට පනිනවා..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...