Thursday, August 23, 2012

සක්වල ගවේෂණය II - මතයන්ගෙන් පිරුනු අතීතය ....

සක්වල ගවේෂණයේ 2 වන කොටස මෙලෙසින් අරඹමු. පළමු කොටස කියවන්න මෙතනින් බලන්න. 

stronhege ගල් කුළුණු ක්‍රි / පු 3000 දී පමණ සදා ඇති බවට සලකුණු අති මෙම එංගලන්ත ගල්කුලුනු ඉතා සංකීර්ණ තාරකා විද්‍යා  දින දර්ශනයක්.මේ ගල්කුලුනු සදට මෙන්ම සුර්යයාට දිශානුගතව ස්ථානගත කර තිබෙනවා .මෙයත්  තාරක විද්‍යාවේ තවත් සුවිශේෂ  සංසිද්දස්තානයක්. ක්‍රි .පු 380 වෙන් පසු තාරකා විද්‍යාව තුල පෙරලියක් සිදුවුනා කිවුවොත් නිවැරදියි.ක්‍රි පු 270 දී ලෝකයටම පිළිගතහැකි  සෞරග්‍රහමණ්ඩලය පිලිබදව පැහැදිලි මතයක් ඉදිරිපත් වුණා . අරිස්ටකස් නම් වූ ඔහු ගුරුවරයෙක් .මොහු ආකිමිඩිස්  හා සමකාලීනයෙක් වන අතර මොහුගේ මතය වැදගත් වන්නේ එය තාරකා විද්‍යාව හා හොද අඩිතාලමක් වූ බැවිනි. ඔහු  ඉදිරිපත් කල මතය නම් සුර්යයා නිසලව පවතින අතර පෘථිවිය ඇතුළු අනික් ගහ වස්තු එය වටා බ්‍රමණය වන බවයි. මෙය සුර්ය කේන්ද්‍ර වාදයයි .නමුත් එවකට පිළිගෙන තිබුනු භුකෙන්ද්‍ර වාදයට මෙය හාත්පසින්ම වෙනස් එකක් වෙන නිසා මේ මතය පිළිගනිම පිලිබදව ගැටළු මතු වුණා. ක්‍රි ව 150 දී ටෝලම් විසින් ලොව ප්‍රථම  වරට ඉදිරිපත් කල තරු සිතියමත් සමගම භුකෙන්ද්‍ර වාදය යන මතය තව කාලයක්  මුල් බැස ගත්ත .භූ කේන්ද්‍ර වාදය හිස මුදුනෙන්ම පිළිගත්තු ටොලම් ඉදිරිපත් කල තරු සිතියම යුරෝපයේ හා අරාබියේ ඉතාම ප්‍රසිද්දියකට පත වුණා. ඒ නිසාම ඔහුගේ අදහස්  වසර 1500 පමණ පැවතුනා.

ක්‍රි ව 928 පමණ වන විට තාරකා විද්‍යාවේ තවත් කඩ ඉමකට මග සලකුණු සැකසෙමින් තිබුනා.ඒ ස්ලාම්  ජාතික වඩුකර්මිකයෙකු  ඇතින් නිපදවුණ  astrolabe නම් උපකරණයක්.එනම් ප්‍රථම තාරකා විද්‍යා උපකරණය ලෙසට නම් දරා ඇති  මෙම උපකරණය තාරකා වල හා ග්‍රහලෝක වල පිහිටීම නිවැරදිව හදුනා ගැනීමට  බොහෝසෙයින් උපකාර උනා.ලෝකයේ මුල්ම හදුනාගත් තාරකා  පිපිරිම සිදුවන්නේ ක්‍රි ව 1050 දී ඒ අහස නිරීක්ෂණය කරමින් සිටින චීන විද්වතුන්ට අහසේ ක්ෂණිකව විශාල දීප්තියක් දැකීමයි .මෙය තරුවක්  මිය යන අවස්ථාවක තරුවේ ශක්තිය මුදා හරිනා සුපර්  නෝවා පිපිරුමක් ලෙස නම් කෙරුණා .මෙම පිපිරුණා තාරකාව ඇමරිකාවේ ඉපැරණි ගල් පුවරුවක් දැක්වෙන අතර මෙය කකුළුවා තාරකා රටාව ආශ්‍රිත තරුවකි.මෙතෙක්  තිබු තාරකා විද්‍යා මතයන් සියල්ලම පියවි ඇසෙන හා astrolabe උපකරණය භාවිත කර ගත්  ඒවා පමණක්ම විය .මේ අතර ක්‍රි ව 1608 දී ඕලන්ද ජාතික ඇස් කන්නාඩි නිපදවන්නෙකු වූ හැන්ස් ලිපර්ෂේ දිනක් තම මේසය මත තිබුණු  කාච 2 ක් අතට ගෙන ඒ ඒ කාච එහා මෙහා කරමින්  ඈත  ඇති වස්තුන් නිරීක්ෂණය කලා .මෙසේ කරනා ඔහුට විශ්මයජනක දෙයක්  දැක ගැනීමට හැකි වුණා. ඒ ඈත ඇති වස්තු දෙස කාච ඈත් කර බලන විට ලංවත් .ලං කර බලන විට ඈත් වත් පෙනෙන බව . මේ ක්‍රියාව හේතුවෙන් ලොව ප්‍රකට දුරේක්ෂය නිර්මාණය වුණා. තාරකා විද්‍යාවේ ඉතිහාසයම උඩුයටිහුරු කල මේ නවතම සොයා ගැනීම මුළු යුරෝපයටම මහත් ආන්දෝලනාත්මක ආරංචියක් වුණා.


ක්‍රි ව 1609 දී  ජමන් ජාතික ජෝහැන්සන් කෙප්ලර් විසින් “new astronomy” නමින් ග්‍රන්ථයක් ලිවූ අතර එමගින් ඔහු ලොවට නියමයන් තුනක් ඉදිරිපත් කලා ලෝකයම වෙනස් මාර්ගයකට යොමු කල මේ නියමයන් ග්‍රහ චලිත පිලිබදව කෙප්ලර් නියම ලෙස හදුන්වනවා .ග්‍රහලෝක ඉලිප්සයක් මත ගමන් ගන්න බව ඔහු ප්‍රකාශ කලා . ක්‍රි  ව 1610 යන තාරකා විද්‍යාව වෙනස් කල එක් පුද්ගලයකුගේ තවත් ආරභයකි. ඒ ඔබ කව්රුත් දන්නා ගැලිලියෝ ගැලිලි ඔහුගේ සොයා ගැනීම් කාගේත් අවදානයට ලක් වුණා කරුණු නිසා ඉතා වැදගත් කරුණු වශයෙන්  දැක්විය හැකියි.

                                  .... ගවේෂණය ඉදිරියටම ....


4 comments:

  1. නියමයි..ජය වේවා...

    ReplyDelete
  2. හොඳ ලිපියක්!අපූරුයි!

    ReplyDelete
  3. pattama patta broooooo.........................time traveling gana post korahankoooo






    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...