Thursday, August 30, 2012

සක්වල ගවේෂණය 03 - ඉතිහාසයේ හැරවුම...


විශ්වය ගැන තාරක විද්‍යාව ගැන කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියල අපි කව්රුත් දන්නා කරනවක්නේ.දියුණුවෙන විද්‍යාව නිසා නව සොයාගැනීම් ඇතිවෙනවා.සක්වල ගවේෂණයේ 3 වන කොටස  ආරම්භ කරන්නයි මේ සුදානම් වෙන්නේ. 2 වන කොටස කියවන බැරි වුනානම් ඒකත් කියවලම එන්නකෝ.


කලින් කිව්වා වගේම ක්‍රි ව 1610 කියන්නේ තාරකා විද්‍යාවේ හැරවුම් කල්ශයක් කිව්වොත් නිවැරදියි.ඒ හැරවුමේ මුල්ම අඩිතාලම දැම්මේ ගැලිලියෝ ගැලිලි.මේ කාලයේදී තමන් වෙහෙස දරා වර්දනය කරගත් දුරේක්ෂය උපයෝගී කරගනිමින් සිදුකළ නිරීක්ෂණ වැදගත් ඒවා වුනා .කලින් සදහන් කල මුල්ම දුරේක්ෂය් සෑදු පුද්ගලයත් නිරීක්ෂණ කරතිබුනත් වැදගත් නිරීක්ෂණයක් ලබා ගැනීමට නොහැකි වුනා.ඒ නිසා වෙන්න ඇති ඔහුගේ නම දුරෙක්ෂය  සම්බන්දව නොකියවෙන්නෙත් ,ගැලිලියෝ ගේ නම නොකියවෙන්නෙත් .ගැලිලියෝ තම දුරේක්ෂය උපයෝගීකරගෙන මෙතෙක් ලෝකයා දැක නොතිබූ විශ්වීය විභූතිය ලෝකය වෙත දිගහ අරින්නට වුනා.ඒ ඔහු මෙතෙක් සොයාගෙන නොතිබූ පියවි ඇසින් දැකිය නොහැකි තාරකා රැසකගේ තොරතුරු අනාවරණය කරගැනීමත් සමගයි.තවද ඇත අහසේ තාරකා වලාකුල්සේ  පෙනෙන්නේ පොකුරු වලාකුල් බවට එදා තිබු මතය බිද දමමින් ඔහු පෙන්නවා දුන්නේ ඒ තාරක දහස් ගණනකගේ එකතුවක් බවයි.ග්‍රහලෝක පිලිබදව තොරතුරු සෙවීමත වැඩි කැමැත්තක් දැක්වූ ඔහු මුල්ම අවදානය සද වෙත යොමුකලා.ඇරිස්ටෝටලියානුවන්ගේ පරිශුද්‍ය ගෝල සංකල්පයට අනුව සද යනු සුමුදු මතුපිටක් බවට විස්වාස කලා.නමුත් ගැලිලියෝ එය මෘදු මතුපිටක් නොව කඩතොළු සහිත මතුපිටක් බව පෙන්නවා දී ඒ මතය බිද දැමුවා.මිට අමතරව බ්‍රහස්පති ග්‍රහයාට චන්ද්‍රයන් 4 ක් ඇති බවත් හිරුට සමීප බුධ ග්‍රහයාගේ චලිතය ගැනත් අධ්‍යනය කල ගැලිලියෝ හිරුගේ ලප හදුනාගෙන එම ලප වසරේ එක එක කාල වලදී වෙනස් වන බවත් සොයා ගන්න සමත් වුනා.කාලයක් තිස්සේ හිරු ගේ ලක්ෂණයන් අධ්‍යනය කිරීම නිසා පසු කලෙක ගැලිලියෝ අන්ධ බවට පත් වුනා.එයින් ඔහුගේ තවත් නව සොයාගැනීම් රැසක් ලෝකයට අහිමි වුනා.


‌‍‌‍ක්‍රිව 1655 දී ක්‍රිස්ටියන් හයිජන්ස් නම් ‌‍විද්‍යාඥයා විසින් සෙනසුරුගේ වළලු පද්ධතිය ගැනත් ටයිටන් නම් උප ග්‍රහයා පිලිබදවත් කරුණු අනාවරණය කරගත්තා.ක්‍රි ව 1663 දී ප්‍රථම පරාවර්තක දුරේක්ෂය නිර්මාණය වූ අතර ස්කොට් ජාතික ජෙම්ස්ගෙගර් විසින් නිපදව තිබෙනවා උපරිම ආලෝකයක් ග්‍රහණය කරගතහැකි පරිදි නිපදවා ඇති මෙම දුරේක්ෂය කාච වෙනුවට දර්පන යොදාගෙන තිබෙනවා.පසුකලෙක මෙම දුරේක්ෂය නිව්ටන් විසින් වැඩි දියුන කර ඇති අතර එය නිව්ටෝනියානු දුරේක්ෂය ලෙසින් හදුන්වා තිබෙනවා .ක්‍රි ව 1705 දී හැලි නම් ‌‍විද්‍යාඥයා විසින් වල්ග තරු හෙවත් දූමකේතු පිලිබදව ප්‍රකාශ කල අදහස ඉතා වැදගත් එකක්.ඒ අනුව වල්ගාතරු  වසර 76කට වරක් දිස්වෙන බවත් 1456 හා 1682 යන වසර වලදී දිස්වූයේ එකම වල්ගාතරුව බවත් ප්‍රකාශ කලා. 1758 දී දිස්වූ ඔහු සොයාගත් ධුමකේතුව “හැලිගේ ධුමකේතුව” කෙසින් නම් කෙරුණා.1781 දී ඇසට නොපෙනෙන ග්‍රහලොවක් හර්ෂල් විසින් සොයාගනු ලැබුවා. ඒ යුරේනස් ග්‍රහලොවයි.


ක්‍රි ව 1800 දී ලොව ප්‍රථම ආලෝක වර්ණාවලි පිළිබද පරීක්ෂණය සිදු වුනා.සුර්ය කිරණ ප්‍රිස්මයක් තුලින් යවා එයින් වෙන්වන වර්ණ ප්‍රබේද වලට උෂ්ණත්ව මාන තබා එම වර්ණ වලට අදාල උෂ්ණත්වය බැලීම වර්ණාවලිය හැරු ප්‍රථම අවස්ථාවයි.මෙලෙස විලියම් හර්ෂල් විසින් නියම කරනු ලැබුවේ තරුවකින් පිටවන ආලෝක වර්නාවලියයි.එහිදී රතු හා තැඹිලි යව වර්ණ 2 කට මදින රතු වර්ණයට ඔබ්බෙන් ශක්තියේ ක්ෂණික වැඩි වීමක් දුටු අතර ඔහු අතර අදුෂ්‍යමාන අධෝරක්ත කිරණ පවතින බවත් සොයාගන්නට සමත් වුනා.ලොව ප්‍රථම නිවැරදි වර්ණාවලිමානය නිපදවීමේ ගෞරවය හිමිවන්නේ ජෝසප් වෝන් ෆ්රෝන්හොෆර් නම් ‌‍විද්‍යාඥයාටයි.ඒ 1814 දී. මෙමගින් වර්ණ හදාරන විටදී වර්ණාවලිය තුල අදුරු රේක බොහොමයක් දැකීමට හැකිවූ අතර එම රේක මගින් සුර්යයාගේ වායු ගෝලයේ ඇති මුලද්‍රව්‍ය නිරුපනය වෙන බවත් සොයාගනු ලැබුවා.එම නිසා මෙමගින් තාරකා වල සංයුති සෙවීමට බොහෝ උපකාරයක් වුනා.1815 යනු තාරකා විද්‍යාවේ චායාරුපකරණයේ උපතයි (astrophotography). ක්‍රි ව 1846 දී නෙප්චුන් ග්‍රහලොව සොයා ගත්තා.


ක්‍රි ව 1877 වර්ෂය පිටසක්වලයන් ගැන ඇතිවූ සිතුවිල්ල පිටසක්වලයන් ගැන ඇතිවූ මුල්ම වෙඩිමුරයයි. ඉතාලි ජාතික ජියෝවානි විසින් අගහරු ග්‍රහය පරික්ෂ කරන විටදී එය මත විශේෂ රේකා විශේෂයක් හදුනාගෙන ඇති අතර ඔහුගේ මෙම ලිපි පරික්ෂා කල බොහෝදෙනෙකුගේ මතය වුයේ මෙම රේකා කිසියම් බුද්ධිමත් ජීවින් පිරිසක් නිර්මාණය කරනලද්දක් බවයි.මේ සිතුවිල්ල ලොව කැලැබූ සිතුවිල්ලක් බව අද වන විට සනාථ වී හමාරයි..

                                        .... ගවේෂණය ඉදිරියටම ....

1 comment:

  1. අපූරු ලිපියක්!නොදන්නා කරුණු කිහිපයක්ම දැනගත්තා සහෝ!
    ඔබට ජය!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...