Tuesday, August 28, 2012

පාසල් කාලේ ආතල්....

අපේ ඉස්කෝලේ හැම දෙයකටම set  වුනේ අපිය.එනම් 2010 A/L set එකය. දන්නෝ සියල්ලම දන්නෝය.වසර 5 කට වරක් මහා ඉහළින් පවත්වන ප්‍රදර්ශනයට දෙවරක්ම  set  වුනෙත් අපිමය.එකක් 7 වසරේදීය .අනෙක 12 වසරේදීය. 7 වසරේදී නම් අපි සිච්චි පැටවුන්ය.මිස්ලා සර්ලා කිව්වේය අපි හැදුවේය.8 වසරේදී මහා උද්ගොෂණයකට අපි සෙට් වුනේය.එකේදී නම් අපිට උනේ කෑගහන උන්ට වතුර බෙදන්නටය ..9 වසර නම් ඇති දෙයක් නැත. පොලක්ද කොහෙද සෙට් උනේය.අපිම බදු ගෙනත් අපිම අරගෙන මිස්ට සල්ලි ටික පිදුවේය.මොනවා උනත් 9 වසරේ නායකයන් නම් ඇති පදමට හිටියේය. ඒ අපේ ශ්‍රේණි බාර ගුරුතුමාට පින්සිද්ද වෙන්නනටය. එක පන්තියක අඩුම වශයෙන් නායකයන් 15 හෝ හිටියේය. විනය නායක ,අවවාද නායක , පිරිසිදු කිරීමේ නායක , විභාග නායක යන ආදී වශයෙනි රටේ නැති නායකයන්ය.. වෙන එකක් තබා එන්නත් කිරීමේ දවසක කටුනායක කියා එකෙක්ද පත් විය. ඌට පැවරුනේ ඉන්ජක්ෂන් කටු නොගෙන අයගේ නම් ලිස්තුවක් සාදා දීමයි .

10 ,11 වලි රැල්ලකි .වලිකුකුළන් මෙනි යන  යන තැන වලිය. කෙලගත්තේ අතින් පයින් නොව කඩු කිනිසි වලිනි.. පොඩ්ඩෙන් එකෙක් මැරෙනවා ය ..අප පාසලට කොටි එනවා කියා පෙර පුහුණුවක්ද කළේය.ඒත් ආපු කොටියෙක් නැත.11 වසර පටන්ගතෙම වලියකිනි. උදේ රැස්වීම ආරම්භයේ විදුහල්පතිගේ කතාවත් රණ්ඩු ගැනය.කරුමෙක මහත එදාම විවේකයේදී 10 වසරේ උන්ට පැණි බේරෙන්න දුන්නේ අපේ උන් කීප දෙනෙකි.11 අන්තිම o/l ය. අපෙන් පසු syllabus ඉවරය. ඊළගට වෙනත් එකක්ය.


කෙසේ හෝ O/L ගොඩය. ඊළගට A / L ය A/L නම් ආතල් කිතල්ය.12 ට අපු අලුතම ප්‍රදර්ශනය ය . 12 ට කවදත් පාසලේ බර පැටවෙන නිසා මේ බරද අපිම කර ගැසුවේය.කට්ටිය බරටම වැඩය. මාස 3 විතර ඒකටම ය .කෙසේ හෝ ඒ අවුරුද්දත් (2008 ) ඒකටම ගෙව්නි.ඊළගට නව වසරකි. අවුරුද්ද ආරම්භයම sport meet ය . එකෙත් වැඩි බර 12 ටය කට්ටිය දුවයි පනියි රටේ නැති ඒවාය.meet එකේ පිහිටෙන් ඒ වාරයත් පිට්ටනියටමය.

12 අවසන් වාරය නම් පන්තියේ සිටීමට වාසනාව හිමි විය.වාර විභාගය දුන් විට  තරුවිසිවුනි . maths එකටනම් 50 කි. Physics එකට 28 කි. හත්යිලව්වයි chemisty ලකුණු 7 කි..කෙසේ හෝ මිස් ලගට ගොස් 7 , 21 දක්වා වැඩි කර ගන්නට හැකි විය .කෙසේ වෙතත් හොද මිස් ය.නිදාගැනීමට කියාපු  period 2 කය.ඉදිරි පස පෝලිම වලට නම් ආපු කාලයක් මතක නැත. බුද්ධිමතුන් බිහිවන්නේ පසුපස පෝලිම් වලින් කියන්නේ බොරුවක් නොව ඇත්තක්මය.ගයියා ,මිත්‍රයා , වෙඩික්කාරයා , රජා , අපිනම් එකම බෝට්ටුවේය..රජා නම් කාලයක් පොතටම් හිත යොමු කළේය. පසුව ඌටද එය එපා විය.


13 වසර තවත් අන්චියකි. විද්‍යා සභාවක් කැදවා සභාපතියකු පත් කළේය.අපි අපේ එකෙක් සභාපති පුටුවට යෝජනා කිරීමෙන් අංශ භාර ගුරුතුමා හොද ප්‍රතිචාරක් දැක්විය..ඒ වචන මට අදත් මතකය. “ අපතයෙක් නැගිටලා තව අපතයෙක් පත් කලා නේද ? උඹලට ඕනේ විදියට නටන්න දෙන්න බෑ” කෙසේ හෝ සම සභාපතියකුද පත්විය.මීලග තීරණය day එකක් කිරීමය. රැස්වීමේ අපිට බැන්නට day  එකේ වැඩට ගුරුවරු කොක්ක දැම්මේ නැත.අප පන්තියේ සංගමයේ සාමජිකයන් 3 කි. උපසභාපති , වෙදික්කාරයා හා මමය. මෙහිදී කිව  යුක්තකි. රජා මට ඔහුගේ තනතුර දුන්නේය..මුල් period එකදිම සබාපති පැමිණ 3 දෙනාම එලියට ගනී.ඉන පසු අපි ඔක්කොම සභාපතිලාය.බණ්ඩාගාරික වරයෙක් නැත. වැඩි හරියක් මුදල් ගැවසෙන්නේ වෙදික්කාරයා අතේය. අනෙක් පාසැල් වල ආරාධනා පත්‍ර වැඩිපුරම ලැබෙන්නේ මටය.2 period එකේදී කොහේ හෝ යන එකෙක් පන්තියට පැමිණේ.බොහෝ වෙලාවට මොහු සංගමේ එකෙක්ද නොවන්නේය. “ මිස් day එකේ නාට්‍යට කට්ටිය එකතු කරනවා” කියා පැමිණෙන මොහු මුළු 13 ම එලියට අදින්නේය.කෙසේ හෝ එය කලේද අපිමය එනම් 13 වසරමය. කව්රු හෝ කොලයක් හෝ කැපුවේය.day ඒකෙන් පසු 13 හද්ද පාලුය පන්තියේ ළමයි 3 ,4 කි සමහර දාට එකෙක්වත් නැත.අපි නම් අන්තිම දවසෙත් ඉස්කෝලේ ගියේය.ඒ නැවත යන්න නොලැබෙන නිසාය.දැන් A/L කට උඩය.කාගේත් ඉහ මොළ රත්වී ඇත.කෙසේ හෝ ඒකත් ලිව්වේය. ප්‍රති පල නම් හිතු පරිදි නොවිය. මා සිතුවේ 3s වත් ඇත කියාය. එසේ නොවිණි එක ලියිට් කණුවකි.අපේ සෙට් එකේම ප්‍රතිපල අවුල් ය . කොටින්ම මුළු සංගමයම වළේය.කොහොම හෝ 2 වරද ලිව්වේය. එහිදීත් කරුමය පටිසන් දුන්නේය.කරුම ලෙඩක් සැදුනි.අන්තිම මාස 4 ම පන්ති ගියේ අවාරෙට පොල් වෙනවා මෙනි..කොහොම හරි ඒ පාරත් ලිව්වේය.වාසනාවට  A/L ගොඩය.අපේ කට්ටියම මුළු පසු පස පෝලිමම campas ය. සභාපති අපතයා Medicine  ය .අපේ පන්තියේ නොවුනත් ඔහු අපේ මිතුරාය .ඉතින් බුද්ධිමතුන් බිහිවන්නේ පසුපස පෝලිම් වලින් නොවේද ???? 

11 comments:

  1. පාසල් කාලය ගැන මේ දවස් වල හරියට බ්ලොග් පෝස්ට් ලියවෙනවා. මේ පෝස්ට් එක ස්වයං විවේචනයක් වගේ. නිර්මාණාත්මකයි. සුබ පැතුම්. ජය..!

    ReplyDelete
  2. මට මේවා මතක් වෙනකොට කිචි වගේ බං :-))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කිචි නැතුවයි... කොහොමත් කිචි තමයි අපිට ..

      Delete
  3. අප්පා.. කියලා වැඩක් නෑ..සුපිරි ඈ

    ReplyDelete
  4. පට්ට පට්ට.. කියලා වැඩක් නෑ..

    ReplyDelete
  5. අඩෝ... ඇඩෙනවා මතක් වෙද්දි...

    ReplyDelete
  6. නමය වසරේ අබේසිංහ බණ්ඩගේ නායකයෝ සෙට් එක කොහොම අමතක කරන්නද?
    උඹත් මැංගුස්ගහ යට තිබ්බ නසරාණි පන්තියේ(කමලා මිස්ගේ) සාමාජිකයෙක් නේද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...