Wednesday, August 15, 2012

බුලත් හෙප්පුව ....


ඔන්‍න‍ අද අයෙත් රස කතාවක් දන්නා හිතුනා. හැමදාම  දාන්නේ ටිකක් හිතන විදියේ ඒවා නිසා අද වෙනසක් කරන්න හිතුන. මේක රස කතාවක් කිව්වට ජන කතාවක් . ගොඩක් අය මේක අහලත් ඇති සමහර විට අහල නැතුවත් ඇති . එක නිසා කියන්නම්කො .
මේ  සිද්දිය වෙලා තියෙන්නේ මිට ගොඩක් කාලෙකට ඉස්සර .කොත්මලේ පැත්තේ තමයි වෙලා තියෙන්නේ. ඒ කලේ ඉතින් වාහන, යන්ත්‍ර ,උපකරණ තිබුනේ නැනේ . හැමදේකටම ඉතින් මිනිස්සුන්ගේ ශක්තිය තමයි යොදා ගත්තේ .. ඔන්න ඔය කලේ එක වලවවක ගම මහත්තයෙක් ගමේ හිටපු මනුස්සයෙකුට වැඩක් පවරුවලු . මොකක්ද දන්නවද වැඩේ ගමරාලගේ පාර්සලයක් එයාගේ නෑ වෙන කෙනෙක්ගේ ගෙදරකට ගිහින් බාරදෙන්න.මේ මනුස්සය තමයි මේ ගම ගෙදර හැම වැඩකටම උදව්වට එන කෙනා .ඒක නිසා ඉතින් මේ වැඩෙත් මෙයාටම පැවරුවා.මේ  වැඩ වලට ගම ගෙදරින් හොද ගතමනාවක් මේ මනුස්සයට ලැබෙනවා .ඒක නිසා මේ මනුස්සයත් කියපු ගමන් බෑ නොකිය වැඩේ බැර ගන්නවා.. කොහොම කොහොම හරි මේ රාජකාරියත් පැවරුනේ මේ මනුස්සයටම තමයි වැඩේ බාර ඇරගෙන මල්ලත් කරේ තියාගෙන මේ මනුස්සය ගමරාලගෙන් අවසර අරගෙන යන්න ගියා . 

පහුවදා උදෙන්ම අවදිවෙලා  ගමන පිටත් වුණා, මොකද ඉතින් අද වගේ පාරේ වාහන නැනේ යන්න, පයින් තමයි යන තරමක් . ඉතින් පයින් ගිහින් ගිහින් කොහොම හරි ඉර මුදුන් වෙනකොට තැනට නියම තැනට යන්න මෙයාට පුළුවන් වුණා. මේ මනුස්සය ගෙදරට ගිහින් කතාකලා ගෙදර (ගෙදරක් කිව්වට මේකත් වලව්වක්)  නිලමේ තුමාට. ඒත් නැ කවුරුවත් ආවේ එලියට, ඉතින් ටිකක් බලන් හිටපු මෙයා එතනම පිලෙන් බිම වාඩි වුනා.මොකද ඒ කලේ අඩු කුලේ කෙනෙක් අවොත් ඉතින් ඉදගන්නේ බිම තමයි .මේ මනුස්සයා නවම් කුලේ ඉතින් ඒක නිසා බිම වාඩි වුනා. මෙහෙම ඉන්නකොට මෙය දැක්ක වලව්වේ බැංකුවක් උඩ තියනවා බුලත් හෙප්පුව ගොඩක් දුර පයින් ඇවිත් මහන්සිත් නිසත් කව්රුත් ගෙදර පෙන්න නැති නිසාත් මෙයා අර බුලත් හෙප්පුව අරගෙන බුලත් විටක් කන්න පටන් ගත්ත. ඔන්න එතකොටම වලව්වේ නිලමේ තුමත් ආවා . නිලමේ තුමා දැක්ක නවම් කුලේ එකෙක් වලව්වේ බුලත් හෙප්පෙවෙන් බුලත් කනවා . නිලෙමේතුමා ට හොදටම තරහ ආවා . ඒ පාර මොකද දන්නවද කලේ ඉනේ තිබුනු කඩුව ඇදල අරගෙන “ හොහේ හිටු වල් ගෙරිය තෝව අද මම බාවනවා,වලව්වේ හෙප්පුවෙන් බුලත් කන්න හිතුව මදි” කියල අර මිනිහ පස්සේ පන්නන්න පටන්ගත්ත. මේක දැකපු මිනිහත් හෙප්පුවත් විසි කරලා පන එපා කියල දුවන්න පටන් ගත්ත  . නිලමේ තුමා බැන බැන පන්නනවා . කොහොම උනත් මිනිහ නැවතිලා විස්තරේ පහදලා දෙන්න හදන්නෙත් නැ මොකද මිනිහ දන්නවා නැවතුන ගමන්ම කඩුවෙන් බෙල්ල කපනවා සහතිකයි කියල . මිනිහත් පනට ආදරේ නිසාම දුවනවා .නිලමේ තුමත්  යකා ආවේස වෙලා වගේ පන්නනවා . කොහොම හරි එක තොටුපලකදී  නිලමේ තුමා මේ මිනිහව අල්ල ගත්තා. අල්ල ගත්තු ගමන මුකුත් ඇහුවේ නෑලු හිස ගසා දැම්මලු .. ඉතින් ඒ නවම් කුලේ මිනිහගේ හිස ගසා දැම්ම තොටුපලට  නවම්තොට කියල නම වැටුනලු.අදටත් කොත්මලේ  මිනිස්සු නවම් තොට කියන්නේ එතනට තමයි .
ඔන්න ඕක තමයි කතාව. මේක ඇත්ත ජන කතාවක් .. ඒ කලේ කුලය කියන එක කොච්චර බලල තියනවද කියල ඔයාලටම හිතෙනවා ඇති ..


5 comments:

  1. කුල ක්‍රමයට මං එක අතකිං කැමතී එක අතකිං අකමැතී..

    ReplyDelete
  2. හ්ම්ම් මම ඔය කතාව දැනගෙන හිටියේ නැහැ.ස්තුතියි සහෝ!

    ReplyDelete
  3. කුලයෙන් උදම් වෙලා වැඩිද මන්දා....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...