Wednesday, August 22, 2012

ආදරයේ ස්ථරය තුල කළමනාකරණය ....


    දරය යනු අතිශය සමාජීය කරුණකි. සමාජීය පැවැත්මට සමාජයක් වශයෙන් ඉදිරියට ගමන් කිරීමට ආදරය හරහා ඉටුවෙන්න්නේ සුවිශේෂ කර්යභාරයක් .දෙමව්පිය දු දරු සෙනෙහස සහෝදර සෙනෙහස හිත මිතුරන් අතර පවතින සෙනෙහස මෙන්ම ප්‍රේම වන්තයෙක් හෝ ප්‍රේම වන්තියක් අතර ඇතිවෙන ප්‍රේමය යනාදී වශයෙන් මේ ප්‍රේමය යන මාතෘකාව විශාල  පරාසයක පැතිරී පවතිනවා .මිහිමත ජීවත්වෙන සෑම ජිවයෙක්ම කුමන හෝ පාර්ශවයකගේ ආදරයට හිමිකම් කියනවා .එසේ නොවේ නම් එක සමාජයේ ඉතා විරල සිදුවීමක් .දෙමව්පියන් දුදරුවන්ට දක්වන සෙනෙහසට වඩා වෙනස් අද්දැකීමක් සහෝදර ප්‍රේමයේ දකින්නට ලැබෙනවා . මේ 2 ටම වැඩ වෙනස් අත්දැකීමක් තාරුණ්‍යයේදී  ප්‍රේම කිරීමේදී සිදුවෙනවා .පෙර අවස්ථාවන්ට වඩා තරුණයන් අතර පවතින ප්‍රේමයේදී ලිංගිකත්වය සාමාන්‍ය දෙයක්.මේ විදියට ගත්තම එක මහ විශාල පරාසයක විහිදෙන කතන්දරයක්.

කළමනාකරණය යනු අතිශේය ආර්ථික සමාජය හා බැදී පවතිනැ වදනකි.කල යුතු දෙය මනාව කිරීම කළමනාකරණය කියා හදුන්වා දුන් විට එය සමාජීය පතිකඩකට වෙන් කර ගැනීමට හැකි වෙන වචන පෙළක්. ඕනෑම දෙයක් තිතට කිරීම ඕනෑම කෙනෙක් කැමති අරමුණකි.ඉතින් එයට ගැටළු පැන නගිනවා අඩුය .නමුත් ආදරයට කළමනාකරණය සම්බන්ද කර ගැනීම තරමක්  දුරට වෙනස් අත්දැකීමකි.මේ හරහා කෙනෙකුට තර්ක  කිරීමට hint එකක් ලැබෙයි. ඒ සමාජීය වචනයකට කළමනාකරණය යන වානිජ වචනය එකතු කිරීම මගින් එයත් වාණිජ කරණයට ලක්වෙයි  යන්නයි. නමුත් අමතක වූ දෙයක් මතක කිරිමට ඇත්තේය. සෑම දෙයක්ම වානිජකරණයට ලක්වූ ලෝකයක ආදරය වාණිජ කරණයට ලක්ව නැතිදැයි යන්නයි.එනම් සෑම දේම වානිජකරණය වූ ලෝකයේ ආදරයත් වනිජකරන්‍ය වී ඇති බැවිනි. මේ ලිපිය ආදරය වාණිජකරනය කිරීමට‍ නොවේ එහෙත් අද සමාජයේ විවිද ගැටළු අතරින් වැඩි ඉඩක් ස්ත්‍රී දුෂණ සදහා වෙන්වී තිබේ. තම පියාට තමාගේ ලේවලින් සෑදුන තම දියණිය කෙලෙසීම, එක කුස උපන් සහෝදරයා තම සහෝදරිය කෙලෙසීම ආදී ගැටළු ද දක්නට ලැබේ. මෙවැනි තත්වයකට සමාජය පත්විමට් හේතුව කුමක්ද ? එම ගැටලුවට පිලිතුරු සෙවීමට කාලය එළබි ඇති බව වැටහෙන කරුණක් .නමුත් එයට හේතුවූ කරුණු පුළුල් පරාසයක විහිදීම තවත් ගැටළුවක්.

   

 දෙමවුපියන් තම දරුවන් වෙත දක්වන ආදරය තුලද  යුතුකම් හා වගකීම් යන කරුණුත් ඇතුලත්. දෙමවුපියන් දරුවන් රැකබලාගැනිමත්, දෙමවු පියන්ට ආරක්ෂාව අවශ්ෂ්‍ය වූ විට ඔවුන්ට ආරක්ෂාව ලබාදීම දරුවන්ගේත් යුතුකමක්.මේ දෙකම නිසි ආකාරයෙන් සිදුවන්නේ නම් ඔවුන් අතර බැදීම ශක්තිමත් වෙන අතරම  ඔවුන්ගේ බැදීම් ශක්තිමත් වීමත් නිරායාසයෙන්ම සිදුවෙන්නක්. නමුත් මෙය එසේ නොවෙන විට බැදීම ඇති නොවෙයි. වගකීම් ඉටු කිරීම යනු කලයුතු දේ මනාව ඉටු කිරීමයි .. මනාව ඉටු කිරීම යනු කළමනාකරණයයි.


 විවිධ ගැටළු මත ගලා යන යෞවනයේ ප්‍රේමයට කලමනකරය යොදන්නට පුලුවනිද ..තරුණයකු ගත්කල තම ආදරවන්තියගේ විවිධ වූ අවස්ථාවල විවිද වූ ආදරයන් බලාපොරොත්තුවෙනවා .ගැටලුවකදී ගැටලුව විසදා ගැනීමට මිතුරෙකු වශයෙන් ලැබෙන සහය ,සහෝදරියකගේ ආදරය, මවකගේ රැකවරණය, යන ඒවායි.ඉතින් ආදරවන්තියක ආදරවන්තයෙකු වශයෙන් අපට අදාල අවස්ථාවල සහයෝගය දිය නොහැකි වනවිට එය බිද වැටීම සාමාන්‍ය දෙයක් .එනම් කලයුතු දේ මනාව නොකිරිමයි. වසරකට උදාවෙන උපන්දිනයට පුංචි තෑග්ගක් දෙන්න නැතිනම් සුබපතන්න නොහැකිනම්,  අලුත් අවුරුදු නත්තල් සුභ පැතුම් යවන්න අමතක වෙනවා නම් ,ආදරය කරනා කාලයේදී පැමිණෙන “anniversary” එකකට සුභ පැතීමට අමතක වෙනවා නම් , එතන ආදරය අපවතිනවදැයි දෙවරක් සිතිය යුතු කාරණාවක්.ඉහත කි කරුණු නිසි කලට නිසි වෙලාවට සිදුවේනම් ඔබ සාර්ථකයි.

සියලුම කරුණු ගත්විට සියලු පාර්ශවයන්ට ආදරයේදී මෙන්ම බැදීම වෙලදිත් යුතුකම් හා වගකීම් කොටසක් පැවරී පවතී.එනම් සෑම දේ මතම කලයුතු දේ නිසි වෙලාවට කිරීම එනම් කළමනාකරණය ගැබ්ව ඇත. ඉතින් ආදරයට කළමනාකරණය අවශ්‍යද ????

3 comments:

  1. කලමණාකරණය යන සංකල්පයත් නිසි පරිදි කලමණාකරණය කරගන්න දක්ෂතාවය තියෙන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. අපූරු ලිපියක්! ආදරේ නම් නොකරන තරමට අගනේය!:)

      Delete
  2. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...