Saturday, August 4, 2012

පිස්සෙකුගේ ඇස......


ඒ පිස්සෙක්.වෙනස් කෙනෙක්ව දුටුවම ගොඩක් ඇය කියන්නේ එහෙමයි.වෙනස් විදියට ලෝකය දැකීමේ පව හින්දම සමහරුන්ට ලෝකයෙන් ගැහට විදින්න සිදුවෙලා..ඒත් තමන් ස්වාබවිකයි.සාමාන්‍යයි කියන අය කියන නොදන්නා දෙයක් තියනවා .ඒ තමයි  මිනිසා දඩයම නවත්තල එඩේර උනෙත් ,එඩේර නවත්තල ගොවියා උනෙත් වෙනස් විදියට හිතපු  අය ලෝකේ හිටපු නිසා බව. එහෙම හිතුවේ නැත්නම් අපි තාමත් ගල් යුගයේ ගල් කඩනවා.ගොඩක් අය කියන දෙයක් තමයි මෝඩයට ඒ දන්ඩේ යන්න බෑ කියන කතාව .. මේ මෝඩයට ඒ දන්ඩේ යන්න බැරි නිසා තමයි  වෙනස් විදියට හිතල පාලමක් නිර්මාණය වුනේ.

අද සමාජය සැදී තිබෙන විදියට අලුත් දෙයක් සොයන්න අලුත් දෙයක් නිර්මාණයට අපිට බෑ කියන සංකල්පය පොඩි කාලෙදිම අපේ ඔලුවලට කාවද්දල..මොකක් හෝ දෙයක් පොඩි කාලෙදිම කරන්න හැදුවොත් “ පුතේ/දුවේ ඔයාට බෑ ඔය වැඩ කරන්න  නිකන් ඉන්න “ කියල පැත්තකට කරන්නට අපේ සමජය හැඩ ගැසී තිබීම කණගාටුවට කරුණක් .. එදා මහ පත වැව් අමුණු සාදපු  අපිට අද කැඩුණු කරාමයක්වත් හදා ගන්න බෑ.. කවරුන් හෝ කෙනෙක් වෙනස් විදියකට හිතන්න හැදුවොත් අමුතු හෝ පිස්සෙක් කියා හංවඩු ගැසීම අප සමාජය අපුරුවට කරනා කාරණයක්.

පිස්සෙක් එහෙමත් නැත්නම් වෙනස්‌ විදියකට හිතන කෙනෙක් සැමවිටම සම්මතය සහ අසම්මතය  යන කරුණු කිසිවිටක වෙන වෙනම බලන පුද්ගලයෙක් නොවෙයි . ඒ සදහා ඔහුටම/ඇයටම ආවේනික නිදහස් ඇසකින් බලන කෙනෙක් .. ඒක නිසාම ඔහුට ” පිස්සා” යන අනුවර්ත නාමය සමාජය තිලින කර තිබෙනවා .අදටත් අපි අතර සිටින අය අතරින් ගැලීලියෝල , අයින්ටයින්ලා ,පයිත්කරස්ලා වෙන්න දගලන අය ඕනේ තරම් ඇති . ඉන්නවා. ඒත් ඒ අය දෙයක් හොයා ගත්තත් ඒ දේ එලියට දමන්න  බියෙන් ඇති.

ගොඩක් අයට දැන් ප්‍රශ්නයක් ඇති වේවි තවත් මොනවද හොයන්න තියෙන්නේ  තියෙන ඔක්කම හොයා ගෙනනේ කියල .එක උදාහරණයක්‌ කියන්නම් කව්රුත් හිතන දෙයක් ගණිත සුත්‍ර සේරම හොයාගෙන කියල, ඒත් හොයා ගත්තු නැති දේවල් හොයන්න දගලන දේවල් ගොඩක් තියනවා. මේක දන්නා අය ඇති ඒත් මේ නොදන්නා අයට ඕනෑම ත්‍රිකෝණයක් සමානව කොටස් 3 කට බෙදන්න ලෝකේ කොහෙවත් කව්රුත් සමත්වෙලා නැ ..ඉතින් මේ වගේ දේවල් තවත් හොයාගෙන නැ. ඒ වගේම රුවන්වැලි මහ සෑය සමබරව සැදුවේ කිනම් තාක්ෂණයක් භාවිත කරලද කියල හොයාගෙන නෑ...ඉතින් දිනෙන් දින වෙනස් වෙන ලෝකයක වෙනසට වෙනසින්ම පිළිතුරු සැදිය යුතු නොවෙයිද  ???

ලෝකයේ  ජිවත් වෙන අපිට එක එක දේ පෙනෙයි . මිනිසුන් සෑම දෙයක්ම සොබාදහමේ සිදුවීමක් බවට හිතා හෝ නැතිනම් එයම ස්ථිර කොටගැනීමට  වෙර දරණ අතර “ පිස්සා “ පිස්සුවෙන් පිස්සු කෙළිමින් එයට හේතු සොයයි ....

1 comment:

  1. හ්ම්ම්..සොයා නොගත් දේ මෙන්ම අපි නොදන්නා දේ කොයි තරම්ද.......

    අපූරු පෝස්ටුවක්!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...