Friday, July 27, 2012

වැරදුනු සිතුවම ...


මේක කියවන්න නම්  සුදානම් වෙන්නේ , නවතින්න .හිතල බලන්න ... කව්ද ඇත්තටම ඔබේ හිතේ ඉන්න ආදරවන්තයා හෝ ආදරවන්තිය ? ඒ කෙනා මොන වගේද ? එහෙඅම කෙනෙක් ඇත්තටම ඉන්නවද ?ඔබේ හිතේ එවැනි ආදරයේ ප්‍රතිරූපයක් ගොඩනගන්න පුළුවන් වුනා  නම් කියවන්න. මේ කතාව , ලිපිය ඔබ වෙනුවෙන්............

හැම පිරිමියෙක් හැම ගැහැනියක් සිතේම තමන්ගේ ආදරවන්තයා, ආදරවන්තිය විය යුත්තේ මෙවැනි කෙනෙකු තමාට කියාගත් සිතුවිලි මාලාවක් තියනවා. එහෙම නැත්තනම් ඉතින් ඒක පට්ටම පට්ට  පට්ටෙත් පට්ට පට්ටපල් බොරුවක් . ඉතින් ඕනෑම පිරිමියෙක් ඕනම ගැහැනියක්  තම හිත තුල ඇදී පවතින රුපය සොයා යාමේ අනවරත ගමනක දී සිටිනවා.ඒ සිතේ ඇදී සිතුවම සර්වසම සමරුපිතාවයක් දක්වන පුද්ගලයකු හමුවීම ජිවිත කාලය තුල විය නොහැකි දෙයක් ලෙස, කිවහැකි සසම්භාවී සිදුවීමක් . එනමුත් ඊට යම් සමානකමක් දක්වන කෙනෙක් හමුවීම විය හැකි දෙයක් .


 මේ කතාව ඇතුලේ සිටින කතා නායකයා හෝ කතා නායිකාව ඔබ නම්, ඔබ සොයන්නේ පරිපුර්ණ ගැහැනියක් හෝ පිරිමියෙක් .මේ අපරිපුර්ණ ලෝකයේ පරිපුර්ණත්වය සෙවීම සිහවට කරුණක් බව දැන සිටියත්, ඔබේ සිතුවම ඔබ අදින්නේ පරිපුර්ණත්වයේ හැඩ තල යොදමින්...ඔබට ඔබේ සිහින වල ජිවත් වෙන කෙනා මුණ ගැසෙනවා.ඔබ ඇය /ඔහු තුලින්, ඔහුගේ /ඇගේ දෑස් තුලින් ඔබේ සිතුවම වර්ණ ගැන්වෙන බව පෙනෙනවා... ඇය ඔහු පරිපුර්නයි, ඒ ටික කාලෙකට, ආදරයන් වෙලීමේ කාලය අවසන් වෙනතුරු ඔවුන් පරිපුර්නයි. මෙසේ කාලය ගත වෙනවා. ආදරයත් සමගම ඔබ ඔහුව / ඇයව තේරුම් ගන්නවා. ඒක හරියටම වතුරු පිරුණු විදුරු බෝතලයක් කලතනවා වගේ. මුලින් බෝතලය තුල වේගයෙන් කැලතෙන වතුර වල වේගය 
කෙමෙන් අඩු වෙනවා. වේගයෙන් බෝතලය තුල උඩ බිම ගිය රොඩු බොඩු කෙමෙන් කෙමෙන් බෝතලයේ අඩියට තැම්පත් වෙනවා..ඒ වගේම ඔබත් ඔහුව/ඇයව තේරුම ගන්නවා.

දැන් ඔබට පෙනෙන්න ගන්නවා ඇය නැත්නම් ඔහු ඔබ සිතු පරිදි පරිපුර්ණ කෙනෙකු නොවන බව ... ඒක නිසා ඔබ කුමක් කරනවද කියා කල්පනා කරනවා.. හරියට බෝතල මුඩියකට හරියට සමාන බව බැලු බැල්මට පෙනෙන පොරොප්ප මූඩියකින් බෝතලය වන්න හදනවා වගේ වැඩක්. ගන්නකොටම සමස්නයි වගේ පෙනුනට වහන්න හදනකොට වහන්න බෑ ඒක ලොකුයි.ඉතින් ඔබ එය විසි කරන්න වුවමනාවක් නැ . ඒ නිසා පොරොප්පය පිහියෙන් හැඩ කරලා කොහොම හරි බෝතලේ මුඩිය වහනවා...ඒ වගේ තමයි ඔබේ පරිපුර්ණ නොවූ ඔහු හෝ ඇය ඔබේ සිතුවමේ ආකාරයට වර්ණ ගැන්වීම කරන්නෙත්...ඔබ හිතනවා ඒක අමාරු දෙයක් නොවයි කියල..නමුත් ඒක මහා අමාරු දෙයක්.. තමන් කැමති නැති ගතිගුණ නොතිබෙන්න පුළුවන් ඒත් ඔබ කැමති ඒක දෙයක් හෝ තියනවා නම් ඒක හොදයි ඔබ අකමැති දේ විතරක් තියන කෙනෙකුට වඩා.. මා නිසා ඔහු/ඇය වෙනස් වෙයි කියල  හිතනවා නම් ඒක යම් තාක් දුරට වැරදි මොකද එයාගේ ඔබ කැමති නැති ගතිගුණ සියල්ලම වෙනස් නොවෙන නිසා.. වෙනස් නොවෙන තැනදී ඔබ රැඳු කරනවා නම් එක දෙනයකදී ඔහු හෝ ඇය ඔබ අතහැර යාවි. එදාට ඔබ කම්පා වුවාට එයින් කිසිම වැඩක් නොවෙයි ..මතකයට ගන්න , මතක තබා ගන්න. අපරිපුර්ණ ලෝකයේ පරිපුර්ණත්වය සෙවීම විකාරයක්.ඔබේ සිතේ ඇති පුද්ගලයා බවට ඔබට මුණගැසෙන පුද්ගලයාව  හැඩගැස්වන්න උත්සාහ කිරීම ඊටත් වා විකාරයක්.. ඔහුට ඔහුම වෙන්න ඉඩ දෙන්න... ඇයට ඇයම වෙන්න ඉඩ දෙන්න...එවිට ඔබට ඔබම විය හැකියි...

7 comments:

  1. '.මතකයට ගන්න , මතක තබා ගන්න. අපරිපුර්ණ ලෝකයේ පරිපුර්ණත්වය සෙවීම විකාරයක්.ඔබේ සිතේ ඇති පුද්ගලයා බවට ඔබට මුණගැසෙන පුද්ගලයාව හැඩගැස්වන්න උත්සාහ කිරීම ඊටත් වා විකාරයක්.. ඔහුට ඔහුම වෙන්න ඉඩ දෙන්න... ඇයට ඇයම වෙන්න ඉඩ දෙන්න...එවිට ඔබට ඔබම විය හැකියි.'

    අපූරුයි!එකඟයි ඔබේ පෝස්ටුවට සහෝ..

    ReplyDelete
  2. සිය දහස් වරක් එකඟයි සහෝ...
    ඔහුට ඔහුම වෙන්න ඉඩ දෙන්න... ඇයට ඇයම වෙන්න ඉඩ දෙන්න...එවිට ඔබට ඔබම විය හැකියි...

    ReplyDelete
  3. ඒත් හමුවන පුද්ගලයාගේ අවශ්‍යතාව, එම පුද්ගලයාගේ බලාපොරොත්තු වන කෙනා වීමට උත්සාහ දැරීමක් යන්තමින් හෝ නොකරනවානම්? එතන ඇත්තේ සැබෑ ආදරයමද?

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් ඒක ආදරයක් වෙන්නේ නැනේ සහෝ.. ඒත් එයා උත්සහ කලත් සියලුම වැරදි හැඩ ගන්න ලැබෙන්නේ නැ

      Delete
  4. කතාව බරයි ඒ වුනාට සම්පුර්ණයෙන්ම ඇත්ත........

    ReplyDelete
    Replies
    1. බර කතා තමයි කවදත් ඇත්ත වෙන්නේ ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...