Monday, August 20, 2012

සක්වල ගවේෂණය I - තරු බැලීම


අද ඉදන් අලුත් වැඩක් පටන්ගන්නයි සුදානම කව්රුත් දන්න කව්රුත් නොදන්නා හැමෝම දැනගන්න ආස්කරන දැනගන්න දගලන දෙයක් ගැනයි මේ කතාව . ඒ තමයි පිටසක්වල ජීවය ගැන . එක තමයි අද ඉදන් පටන් ගන්න අලුත්ම ලිපි පෙළ.

මිනිස්සු පරිනාමයත් සමගම වෙනස් වුණා ඒ වගේම තමයි ලෝකයත් පරිණාමය වුණා කිව්වොත් හරි . මේ කතාව පටන්ගන්නේ මානව ශිෂ්ටාචාරයේ මුල් යුගයේ ඉදල .ආකාශ වස්තු එහෙම නැත්නම් තරු බලන්න මිනිස්සු පෙලඹුනේ අද ඊයේ ඉදල නෙමෙයි. මානය ශිෂ්ටාචාරයේ මුල් යුගයේ ඉදලම මිනිස්සු ආකාෂ වස්තු නිරීක්ෂණය කලා කිව්වොත් නිවැරදියි.මේ තාරකා  පිළිබද විද්‍යාව තාරකා විද්‍යාව බවත් එය අද ලෝකයේ බොහෝ කතාබහට ලක්වෙන කතවක් බවත් නොදන්නා අය නැති තරම් . තාරකා විද්‍යාව යනු ලොව ඉපැරණිම විද්‍යාවයි .මේ ලෝකේ ජීවයත් මුළු විශ්වයේම  ජීවයත් ආරම්භ වුයේ මේ සමගම නිසා ඒ ගැනත් පොඩ්ඩක් හරි කිව්වේ නැත්නම් ඒක අඩුපාඩුවක්..

ලැබී ඇති තොරතුරු වලට අනුව ලෝකයේ තාරකා විද්‍යාව  යන ශාත්‍රය කි.පු  1500 දී බැබිලෝනියානුවෙන් හමුවූ බව පිළිගත් මතයක්. ඒ බැබිලෝනියානු ශිස්ටචාරයත් සමගම අපිට දයාද වූ දේ නිසයි.බටහිර ලෝකයටම බලපෑම කරනා කාලය නමැති රාශියට පැය දින සති මස යන ක්‍රමයන්  අප අතරට ආවේ  මේ බැබිලෝනියානු තාරක විද්‍යා මුලධරම සමගයි.මොවුන්ගේ මේ විද්‍යාවට අනුව ලෝකය තැටියක් ලෙසත් එය වටේට විශාල ගංගාවක්  ගලායන බවත් සැලකුණි . මහසයුර ඊට ඔබ්බෙන් පිහිට ඇති බවත් අහස කදුමුදුන්වල ඇති බවත් පිළිගෙන තිබුණි. ඔවුන්ගේ දින සටහනේ අවූරුද්දකට  දින 360 තිබු අතර  ඇතිවූ දෝෂය මගහරවා ගැනීමට අවුරුදු 6 කට වරක්  එක චන්ද්‍ර මාසය බැගින් එකතු කළේය. (චන්ද්‍රයාට මුල් තැනක් දුන් නිසා එසේ කලබව සැලකෙයි)

මේ බාගයේම ඊජිප්තුවේ මිනිසුන්ගෙ  තාරකා  දැනුම ඊට වඩා වැඩි මට්ටමක පැවතුනි.ඔවුන් විශාල පිරමිඩ තැනීමට තාරකා වල පිහිටීම යොදාගත් බව එම පිරමිඩ වල අද ඇති  සිතුවම් වලින් ඔප්පු වෙන බව  විද්වතුන්ගේ මතයයි.ඔවුන්ගේ අවුරුද්දට දින 360 තිබු අතරම දෝෂ ඇතිවීම හේතුවෙන් දින පහේ  මාසයකද එකතු කලා. තවද  අධික වර්ෂ එකතුකලේද ඔවුන්මයි. දිනය කොටස දෙකකට බෙදා උදය හා රැය යන කාලපරිඡ්චේදයන්ට දිනය වෙන් කල ඔවුන් හිරු තැටිය හා ජල ඔරලෝසුව යොදාගෙන වෙලාව ගණනය කර තිබීමත් විශේෂත්වයක්.

ක්‍රි පු 380 දී ග්‍රීක ජාතික ප්ලේටෝ ගේ ගණිතමය තාරක විද්‍යා මුලදර්ම තරමක් දුරට සංකීර්ණ ඒවා වුනා.ඔහු කියා සිටියා ඉර හද මෙන්ම අනෙක් ග්‍රහලෝකත් සියල්ල  අප පෘථිවිය වටා කැරකෙන බව. මෙය භූ කේන්ද්‍ර වාදය ලෙසින් හදුන්වනවා .

කොහොම වුනත් මේ කතාව බොරුවක්  විහිළුවක් බව පසුව තේරුනත් එදා ඔහු කි දෙයි එක දෙයක් විශේෂ වුණා . ඒ ලෝකය යම තලයක් මත නිදහස් අවකාශයක පිහිටන බවත් සියලු ගහ වස්තුන් යම පථයක ගමන්කරන බවත් යන කරනාවනුයි ...


                                                    ......   ගවේෂණය ඉදිරියටම   .......

4 comments:

  1. නියමයි.මං ගොඩක් ආස විෂයක් තමයි මේක.දිගටම ලියන්න.ජයෙන් ජයම පතනවා !

    ReplyDelete
  2. මාත් ආසයි මේ වගේ ලිපි වලට.තව ලිපි ඕනි කියවන්න.

    ReplyDelete
  3. අපූරු ලිපියක්!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...