Tuesday, December 4, 2012

ගැහැණු පිරිමි II ....


ආදරය සහ විවාහය කියන මාතෘකා අතර ඇතිවෙන විවිධ ගැටුම් අපිට ඕනේ තරම් දැකගන්න පුළුවන්. ගැහැණු සහ පිරිමි යන දෙදෙනා තුල ඇතිවෙන මේ විවිධ ගැටුම් වලට මනෝවිද්‍යාත්මකව ඇති සම්බන්දතාවය ගැන ලියන්න තමයි අද සුදානම. මම කලිනුත් ගැහැණු පිරිමි කියන ලිපියෙන් මිට සමානම  කරුණු ගොඩක් ලිව්වා. අදත් එකට තව කරුණු ටිකක් එකතු කරන්නයි හදන්නේ.

ගැහැනුන් සහ පිරිමි මෙතරම් වෙනස් වෙන්නේ  ඒ ඒ අයගේ තියන දුරුවලතා නිසා නෙවෙයි.ඒවා ඇතිවෙලා තියෙන්නේ මානව පරිනාමයත් සමගමයි. ඒ කියන්නේ ගැහැණු සහ පිරිමි මොලය සැදී තියෙන්නේ පරිසරයේ විවිධ දේ සදහා දක්ෂතා ඇතිවෙන ලෙසටයි. මේ කියන වෙනස හදුනා නොගෙන විවිධ ගැටුම් ඇති කරගන්න අය තමාගේ සම්බන්දතාවයන් සියල්ලන්ම කැඩෙන තරමටම ගැටුම් දුරදිග ගෙනියනවා.


පිරිමි මොලය නිර්මාණය වී ඇත්තේ සාර්ථක දඩයම්කරුවෙකු ලෙසටයි. නමුත් ගැහැණිය නිර්මාණය වී ඇත්තේ පිරිමියා දඩයමේ ගිය විට ගල්ගුහා වැනි තැන්වල සිට තම දරුවන්ගේ ඕනෑ එපාකම් සපුරමින් අසල්වාසීන් සමග මානව සම්බන්දතා ඇති කරගැනීම වැනි දේ සදහායි . එහිදී දරුවන්ගේ මුහුණේ ඇතිවෙන සියුම් ප්‍රකාශ හදුනා ගැනීමට තරම් ගැහැණු මොලය වර්ධනය වෙලා තියනවා. බිලිදෙකු අඩන විට එය කුමන කාරණයක් සදහාද කියන දේ හදුනා ගැනීමට තරම් සියුම් දැක්මක් ගැහැණිය සතුයි. වර්තමානයේදීද මිනිසුන්ගේ මුහුණෙන් ප්‍රකාශ වෙන සියුම් දේ වඩාත් හොදින් තේරුම් ගැනීමේ හැකියාව ගැහැනියකට තියනවා.යම් පිරිමියකු ගැහැණිය දෙස බලාගෙන බොරුවක් කිව්වොත් එක අනිවාර්යෙන්ම ගැහැණියට තේරෙන්නේ ඒ නිසයි.නමුත් මේ හැකියාවන් දඩයම්කරුවෙකු ලෙස පරිණාමය වූ පිරිමියාට ඇත්තේ නෑ.ඒක පිරිමියාගේ වරදක්ද ???


“කරුණාකරලා මාව තේරුම් ගන්නකෝ” මේ වචන ටික හැම ගැහැනියක්ම තම පෙම්වතාට , ස්වාමියට ඕනේ  තරම් කියා ඇති . එතැනදී ගැහැණිය සිතන්නේ පිරිමියටත් තමන්ට ලෙසින්ම අනුන්ව තේරුම් ගැනීමේ හැකියාවක් ඇති බවයි. නමුත් එය එසේ නොවෙන බව ඔයාල තේරුම් ගන්න ඕනේ දෙයක්. ගැහැනියකට යමක් ඕනේ වුන විට කවදාවත් ඒක ඉල්ලන්නේ නෑ “ගෑනු කවද්ද හිතෙන දේ කිව්වේ” කියන්නේ එකයි. එයාල හිතන්නේ තමන්ගේ මුහුණෙන් කියන දේ පිරිමින්ට තේරුම් ගන්න පුළුවන් කියලයි. නමුත් මුහුණෙන් පෙනෙන දේ හදුනා ගන්න පිරිමියාට ගැහැණියට තරම් හැකියාවක් නෑ.ජීව විද්‍යාත්මකව ගැහැනියගේ කන් ඇසීම පිරිමියාට වැඩ හොදයි. ශබ්ද වල සියුම් වෙනස්කම් හදුනා ගැනීමේ හැකියාවක් ඇයට තියනවා. එසේ වී ඇත්තේ ගැහැණිය සවන්දීම සදහා මොලයේ වම් අර්ධයත් දකුණු අර්ධයත් දෙකම භාවිතා කරන නිසයි. එම නිසා එකවිට ඇසෙන ශබ්ද 2 ක් හදුනා ගැනීමේ හැකියවක් ගැහැණියට තියනවා. එමනිසා සින්දුවක් අසන ගමන් වුවත් දුරකතනයට කතා කිරීමේ හැකියාවක් ගැහැණියට තියනවා. නමුත් පිරිමියා භාවිතා කරන්නේ වම් අර්ධය පමණයි.  පිරිමියාට ඇමතුමක් පැමිණි වහාම පිරිමියා කරන්නේ  ගුවන් විදුලියේ ශබ්දය අඩු කිරීමයි. ගැහැනුන් කතා කිරීම මහා වදයක් ලෙස පිරිමි හදුන්වන්න හේතුව ඔයාලටම හිත ගන්න පුළුවන්නේ. තමන් කියන දේ පිරිමියා අසා  සිටින්නේ නැතැයි ගැහැණු කියන්නේ මේ කරුණ නිසාමයි.


දඩයමට සුදුසු ලෙස නිර්මාණය වූ පිරිමියාගේ සම සන්විදී බැවින් අඩුයි. නමුත් පිරිමියාගේ සමට වඩා ගැහැනියගේ සම දස ගුණයකින් සංවේදීයි. එම නිසා ස්පර්ශය මගින් වැඩි ආස්වාදයක් ලබා ගැනීමේ හැකියාවක් ගැහැණියට තියනවා. යම් යම් කාර්යන් සදහා ඒවාට වෙන් වු කොටසක් මොලයේ තියනවා. වම් මොලය හා දකුණු මොලය යාකරන කැලෝස දේහ නම් සෛල  වර්ගක් ඇති අතර ඒ මගින් මොලයේ  ඈතින් ඈතින් ඇති ස්ථාන අතර සම්බන්දතාවක් ඇති කරනවා . නමුත් පිරිමි මොලයට එම හැකියාව හොදින් පිහිටා නෑ.පි රිමි මොලය සැදී ඇත්තේ ඒක වරකදී ඒක කාර්යක් කිරීම සදහා පමණයි. එහෙත් ගැහැණියට වැඩ කිහිපයක් එකවර  කිරීමේ හැකියාව තියනවා.  තමන් යම් වැඩක සිටින විට කව්රුන් හෝ කතා කල විට පිරිමින්ට තරහ යන්නේ මේ කරුණ නිසයි. ඒ නිසා මොලයේ තිබෙන මෙවැනි සියුම් වෙනස්කම් හදුනා ගැනීම අපි කාටත් වැදගත්..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...