Monday, December 17, 2012

ආදරයෙන් බදාගැනීම .... ♥♥♥

ආදරයේ මිණුම් දණ්ඩ ලෙස සැලකෙන්නේ අනෙකාට සමීප විය හැකි ප්‍රමාණයයි. ඒක හරියට තමන් පිළිබද රහසක් තව කෙනෙක් දැනගත්ත හා සමානයි. කොල්ලෙක් නම් කෙල්ලෙක්ගේද , කෙල්ලෙක් නම් කොල්ලෙක්ගේද වැඩි අවදානයට ලක් වෙන්නට තමා තුල දැඩි ආත්ම විස්වාසයක් හට ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඒ ආත්ම විසවාසය නිසා ඒ කියන කෙනාට තව තවත් හිත යන්නට  රූපයෙන්ද හැසිරිමෙන්ද උනන්දු වෙනවා. අනෙකාද එසේමයි. මම කැමති දේටම ඔහු / ඇය කැමති විමත් , මා කැමති දේම ඔහු / ඇය කිරීමත් තුලින් ඇතිවන මානසික බැදිම මොහොතක දෙදෙනා අතර ආදර සම්බන්දයක් ගොඩ නැගීමට හේතුවෙනවා.

ලංකාවේ නම් මෙසේ ආදර සබදතා ඇරඹුණු දා පටන්ම කෙල්ලන් කොල්ලන්ගෙන් අහන්නේ  “අපි බදින්නේ කවද්ද” යන්නයි. ආදරය ලබා ගැනීමට පමණක් නොව ඒ කි  පුද්ගලයා තමාටම හිමි කරගැනීමට උත්සාහ කරන්නේ ආදරය ඒ තරම්ම ආත්මාර්ථකාමී නිසාද ? ආදරය තරම් කවි, කතන්දර, චිත්‍රපට, සැදුනු වෙනත් මාතෘකාවක් සොයා ගනිමට නොහැකි තමය. ඒ ආදරය ඒ තරමටම විවිධාකාර  නිසාය. ගොඩක් කෙල්ලෙන් කොල්ලන් ඔහු හෝ ඇයව තමාටම නීතියෙන් ලබා ගන්නට දගලන්නේ නියම ආදරයක් ඇති නිසාද , නැතිනම් ඔහු /ඇය තමා  හැර දා යයි දෝ කියන්නා බිය නිසාද ? ඔබත් මෙසේ සිතන කෙල්ලෙක් නම් ඔබ අනිවාර්යෙන්ම ඔහු කෙරේ අවදානයෙන් සිටිනු නිසැකය. සෑම විටම ඔබ ඔහු කෙරෙහි හෙලන්නේ වපර ඇසයි. දවස අවසානයේ ඔහුගේ කටයුතු වල ලැයිස්තුවක් ගෙන ඒවා ඔහුට හොරෙන් සොයා බලනවා යන කරණය ඔබට අදාලයි. එතනින් නොනැවතී ඔහුට යම් යම් දේ කරන්නට එපා, අර යාලුවන්ව ඇසුරු කරන්නට එපා කියමින් ඔහුට සිමාවන් දමනවානම් එය ඔබේ පැත්තෙන් සාදාරණ වුවත් ඔහුගේ පැත්තෙන්  

අසාධාරණයි. ඒ ඔබ ඔහුව තමාගේ කරගැනීමට පමණක් දගලන අයකු මිස ඔහුට ආදරය නොකරන්නකු නිසාය. දැන් ඔයාල කියයි ඒක දන්නේ මමනේ ඔයා කොහොමද එහෙම කියන්නේ කියල. ඒත් හදවතට කතා කරලා බැලුවොත් ඔබ පෙම්වතියක් නොව ආත්මාර්ථකාමී කෙල්ලක්. ඒ විදියට ගත්තම ඔහු ඔබෙන් ලැබෙන ඒ ආදරය ගැන කනස්සලු වෙනවා නිසැකයි. විටක ඔහුට එය මහත් කරදරයක් වෙනවා. ඒත් ඒ බව ඔහු ඔබට කියන්නේ නැති නිසා මම එය ඔබට කියන්නම්. “ආදරය කරන්න ඕනේ දෙයකි. ආදර විදින්න ඕනෙ දෙයකි . ආදරය පරික්ෂා කල යුතු දෙයකි. ඔහු හෝ ඇය ගැන සොයා බැලිය යුතුය. නමුත් ඒ ඔහුට/ ඇයට බලපෑම් කිරීමේ අරමුණෙන් නම් නොවෙයි. යුතුකමක් වශයෙනුයි”. ඒත් ප්‍රශ්නය වෙන්නේ ඔයාට එයාත් එයාට ඔයාත් ආදරේ නම් මෙතරම් බිය මොකද යන්නයි


ආදරය යනු විදීමට ඇති දෙයක් මිස විදවීම සදහා ඇති දෙයක් නොවෙයි. ආදරය යනු හිතට සුව දෙන හැගීමකි. මුළු හිතම ආදරයෙන් පුරවාගත හැකිනම් බොහෝ කාලයක් සතුටින් සිටිය හැක. ලෝකයේ සුන්දර ආදර කතා හැම එකක්ම ඉවර වුයේ අත්පත් කරගැනීමකින් නොවෙයි. අහිමි විමතුලත් හිමිවීමට වඩා ආදර හැගීමක් හිතට වදිනවා. රෝමියෝ ජුලියට් කතාව එතරම්ම මිනිසුන් අතර ජනප්‍රිය වුයේ ඒ නිසාය.අයිති කර ගැනීමත් සමගම ආදරය පිළිබද තිබුණු හැගීම නැතිවෙලා  යන නිසා හොදම උපරිම ආදරයක් ලබා ගැනීමට හැකි වෙන්නේ අයිති නොමැති වුනාම. ආදරය යනු තමන් උදෙසා ඇතිවෙන්නක් නොව අන් අය උදෙසා ඇති වෙන්නකි.  ආදරයේ මිහිරියාව වැඩියෙන්ම විදීමට හැකි වෙන්නේ ලග සිටින විට නොව දුරින් සිටින විටය.  ඔබ ඔහුගෙන් / ඇයගෙන් මදක් දුරස් වී බලන්න වෙනදාට වඩා ආදරයක් ඔබට ඇය / ඔහු කෙරේ ඇති වේවි ... !!!

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...