Sunday, December 23, 2012

Temporary වලි .... !!


මේක මැජික් ගැන කතාවක් නම් නෙවෙයි. වෙනදා වගේම ආදරේ ගැන කතාවක්. ආදරය කරන කාලය ඇතුලත ජීවිතය ගෙවන කාලය ගැන කතා කලොත් “ ටෙම්පරි වලි ”  වලට ලැබෙන්නේ නම් පොඩි තැනක් නම් නෙවෙයි. වලිය ඇදුනට පස්සේ ඒක ඇතිවුන විදිය ගැන කතා කරලා වැඩක් නෑ . කතා කරන්න ඇති දේකුත් නෑ . ඒත් මේ ලිපියට ඒ දේවල් ඕනෙ නිසා කියන්නම්. උදේට නැගිට්ටම good morning  කියන්න අමතක උනාද ? කනකොට කියන්න අමතක උනාද? Call කරනකොට ෆෝන් ඒක waiting ද? ඔය කියපු කරුණු සහ නොකියපු කරුණු ඇතුලේ ඇදෙන වලියක් දුර දිග යන්නේ ඒ ඒ ප්‍රශ්නයට ලැබෙන පිළිතුර මතයි. කොහොම උනත් දැන් ඒ වලිය පටන් අරගෙන නම් ඔයා දැන් ඉන්නේ ඒ වලියේ කොතනද කුමන අවධියේද?.  වලියක් ගත්තම ඕකේ අවදි තුනක් තියනවා ( ඒවා එහෙමලු මම පොතක තියනවා දැක්කා ) ඒ තුන විදින්න නම් ඔබට වලියක් දා ගන්නම වෙනවා.


මේ රන්ඩුව පටන්ගත්තු වෙලාවේ නම් ඔයා ඉන්නේ උපරිම කේන්තියෙන්. බොරුවට තමුන්ව සැක කරපු එක ගැන  ඇතිවෙන තරහව, නැත්නම් තමන්ට ඇයගේ තොරතුරු හංගපු ඒක ගැන තිවෙන කේන්තිය , මේ ඔක්කොමත් එක්ක ඔය දැන් ඉන්නේ ඔහුව හෝ ඇයව මරාගෙන කන්න තරම් කේන්තියෙන්. ඒකත් එක්කම ඔයාල ඉදිරි පියවර කීපයක් ගැන හිතනවා. ඇයව අතහැරීමට , ඇය සමාව අයදින තුරු ඇයත් සමග කතා නොකිරීමට , කතා කලත් නොකලත් උපරිම වශයෙන් සතියක් වත් කතා නොකිරීමට , ඇයට රිදවන්නට වෙනත් කෙනෙකු සමග යාලුවීමට හෝ ඇය අකමැතිම ක්‍රියාව වන මත්පැන් පානය කිරීමට ඔබට හිතෙනවා. ඒත් මේ විකල්ප තුලින් එකක්වත් කිරීමට ඔබට ඔබගේ හිත පිරිසිදු නෑ . බොහෝවිට ඔයා ගෙදර ඉන්නවානම් කන්නේ නැතුව නිදියයි. Job එකක් කරනවානම් ඔයා සියලුම වැඩ අතපසු කරමින් කාලය කා දමයි. එහෙමත් නැතිනම් ඔයා ඉගෙනගන්න කෙනෙක් නම් ඒ වැඩ සේරම නවත්තලා facebook එකට වෙලා කාලය ගත කරයි. උදේ පාන්දරම පටන් ගත්තු රණ්ඩුව දවල් 12 වෙනකොටවත් ඉවර නෑ . ඒත් ඔයාල දන්නෙම නැතුව “ටෙම්පරි වලියේ” මුල් අවදිය අවසන් වෙලා.


දැන් ඔබ ඉතාමත් නොසන්සුන් පුද්ගලයෙක් . එහෙම උනාට දැන් ඔයාගේ හිතේ කේන්තිය තියෙනේ 50% යි. ඉතුරු 50 පිරිලා තියෙන්නේ හිතට වද දෙන විවිධ සිතුවිලි වලින් . එහෙම වෙන්නේ දිගින් දිගටම කල්පනා කිරීම නිසයි. මේ වෙලාවට ඔයා තේ එකක් බොනවා නම් ඒකත් අරන් toilet එකට උනත් යන්න බැරි කමක් නෑ . දැන් ඔයාට මම ඉක්මන් වුනා වැඩිද මන්දා කියල හිතේවි. නැත්නම් ඒ රන්දුවේ වැරදි කාරයා කව්රු උනත් වැරැද්ද තමාම බාරගනිවී. ඔයා ඇයත් දුකින් කේන්තියෙන් ඉන්නවද බලන්න  SMS  එකක් සකසාවි. ඒත් ඔයාගේ හිතේ තියන කේන්තියේ ඉතුරු 50% ඒ sms ඒක විනාශ කර දමාවි. මේ ඔබ ගත කලේ අමාරුම අවදිය වන 2 වන අවදියයි.


 දැන් හවස් යාමයි.  දැන් දැන් ඔබේ කේන්තිය ගොඩාක් දුරට නැතිවෙලා ගිහින් . දැන් ඔයා එයාට බුරුලක් දෙන්න සුදානම් .මම තව ටික වෙලාවක් බලල එයාට කතා කරන්නවා කියමින් සිටින ඔයාට ඒ වෙනතුරු සිටීමට අපහසු වෙනවා. ටික ටික ඔයා ඔයාටම දමා ගත්තු වාරණ ඔබම ලිහිල් කර ගන්නවා . එසේ කරගනිමින් නියමිත වෙලාවට කලින්ම ඔයා ඇයට / ඔහුට ඇමතුමක් ගන්නවා . විස්වාස කරන්න ! මේ වෙනවිට ඔහු හෝ ඇයත් ඔයා කතා කරන තුරු බලා සිටි බව කියයි. ඔයා ඉක්මන් වුනා වෙන්න පුළුවන් . ඒත් එකේ වැරදක් නෑ . ඒ තෙවන අවදියේ අවසානයයි.


ඇතැම් වෙලාවක මේ පිළිවෙලට නැතිව ඔයා එයාට කතා කල වෙන්න පුළුවන්. කොහොම වූනත් මේ අවදි 3 ගෙවා අවසන් වෙන විට තමාගේ ගොඩක් වැඩ අතපසු කරගෙන අවසන්. පසුතැවිලි වීමෙන් වැඩක් නෑ . අතපසු වූ දේවල් කරන්න පටන් ගන්න. බොරු මවාපෑම් නොමැතිව එළිපිට නටන්න සුදානම් වෙන්න.

3 comments:

  1. සහතික ඇත්ත. අන්තිමට බලනකොට රන්ඩු වෙලා තියෙන්නේ පොඩිම පොඩි දේකට..

    ReplyDelete
  2. මෙක නම් මන් අත්දෙකිමෙන්ම දන්නවා...

    ReplyDelete
  3. Sahathika aththa yaluwa..
    Adaredi punchi deth athi hith ridawim wenna..

    Mata nam welawakata mehemath hithenawa..

    Adare karana eka anith okkotama wada amaru deyak kiyala..

    Sms ekata reply 5min walinwt yawanda bari unot,cl ekak 3 parakata wada miss unoth,hadissiyewath,amathakawimakin hari phone eka off eke tibunoth,enda kiyapu thanata welawata ya ganda bari unoth,amathaka unoth..

    Ilagata itin wali thamai.. He he..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...