Thursday, September 6, 2012

ගැහැණු පිරිමි ...........


මම කියන දේ ඇයි  ඔයාට  තේරුම් ගන්නේ නැත්තේ ?යන ප්‍රශ්නය ගොඩක් අයගේ හිතේ තියන  දෙයක්.අපි මොකක් හරි වැඩක් කරන්න යනවා නම් ඒ වැඩේ සාර්ථක වෙන්න අපි එකිනෙකාව හොදට අදුන ගන්න ඕනේ කියන මතය උඩ ඉදගෙන තමයි  ගොඩක් අය ඒක පටන් ගන්නේ.ඒත් ඒක වෙලාවකට විහිළුවක්.මොකද ඒක හරියට පුංචි කාලේ myself ගැන කරන කතාවක් වගේ.අපි කියනව  කට්ටිය අහගෙන ඉන්නවා.ඒත් "මම" කියන පුද්ගලයා ගැන තමන්ම ටිකක් හිතල බැලුවොත් ඔයාල එතැනදී හිර වෙනවා.ඇත්තටම මම කව්ද කියල තමන්ටවත් හිතාගන්න බැරිකොට අනුන්ව හදුනා ගන්නේ කොහොමද?


ගැහැණු පිරිමි කියල මේ ලෝකේ ජීවත්වෙන සියලුම ජිවින්ට ගැහැණු බවට පිරිමි බවට පමණක් අනන්‍ය  වුනු චර්යා පද්ධතියක් තියනවා.ඒත් ඒක වැඩියම පෙන්නේ මිනිසුන්ගේ පමණයි. මෙතනින් තරුණ අය අතර තවත් වැඩිය මේක දකින්න පුළුවන්.ඒ විදියට බලපුවම කෙල්ලන්ගේ හා කොල්ලන්ගේ සිතුවිලි වල ලොකු අසමානකමක් දකින්න පුළුවන්.කොල්ලෝ ගොඩක් කැමති කණ්ඩායම් වශයෙන් ඉන්න.කොටින්ම කියනවනම්  set බහින්න.තව දෙයක් නමගිය බාන්ඩ මිලදී ගන්නත් කැමති.උදාහරණයකට ගොඩක් අය කැමති emerald shirt අදින්න.ඒත් කෙල්ලෝ කවදාවත් කාලගවත් තියන ඇදුමක් අදින්න කැමති නෑ.ඒ කෙල්ලෝ විශේෂකරණය වෙන කැමති නිසා.අනෙක පිරිමින්ට වැඩ අත්හදා බැලීම් කරන්න කෙල්ලෝ කැමති.කොල්ලෙක් මූන හෝදන්න එක facewash එකක් පාවිච්චි කරනකොට කෙල්ලෝ විවිධ වර්ගයේ facewash ගොඩක් පාවිච්චි කරනවා.බොරු නම් බලන්න ඔයාලගේ අක්කගේ හරි නංගිගේ රුපලාවන්‍ය බඩු එකතුව.

මම මුලින්ම කියපු ප්‍රශ්නය  ගොඩක් වෙලාවට අහන්නේ කෙල්ලෝ.එකට හේතුව අහන ප්‍රශ්නේ එයාලට තේරෙන්නෙත් නැති නිසයි.ඇත්තටම ඒ ප්‍රශ්නෙට උත්තරයක්‌ නෑ.හේතුව ගැහැණු පිරිමි කියන ආත්මයන් දෙකට කවදාවත් එක්කෙනෙක් වෙන්න බැරිනිසා.ඒ කියන්නේ කෙල්ලට කොල්ලෝ විදියට හිතන්නත් බෑ කොල්ලන්ට කෙල්ලෝ විදියට හිතන්නත් බෑ.එක නිසා ඒ ප්‍රශ්නයේ තියනවා වැරද්දක්.වැරදි ප්‍රශ්න වලට උත්තර නැනේ.එක නිසා එක නිවැරදි විය යුතුයි.තේරුම් නොගැනීම ගැන තියන කවි, නාට්‍ය, චිත්‍රපට ඕනේ තරම් ඔයාල බලල ඇති.අහල ඇති .මේ හැමෙකකම තේරුම් නොගැනීම ප්‍රකාශ වෙන්නේ ගැටුමකින්.ආදරය කරන අයට කාලයක් යනකොට කතාකරන මාතෘකා නැතිව යනවා.ඒ වගේ තැන වලදී තමයි ඔය වගේ ගැටුම් ඇතිවෙන්නේ.ඒවා තුලින්මයි නැවතත් සංවාද බිහි වෙන්නේ.ඒවා ඉස්සර ඒවා තරම් රසවත් ඒවා නොවුනත් ඒවා එකිනෙකාගේ සැගවුන  කරුණු ගොඩක් එලියට දානවා.දෙදෙනෙක් අතර ගැටළුවක් තියනවා නම් ගැටලුව දෙදෙනා තේරුම්  අරගෙන පැත්තකට වෙලා හිටියට ඒක විසදෙන්නේ නෑ එහෙම කලාම එය දෙදෙනාම හරි එක්කෙනෙක් හරි මනසික් රෝගීන් බවට පත් කරනවා කියල මනෝවිද්‍යාවේදී කියවෙනවා.ඒත් දෙදෙනා සාකච්චා කළහොත් එකිනෙකාගේ ගැටළු විසදා ගන්න මග පෑදෙනවා.වාද කිරීමෙන් දෙදෙනාගේ සබදතා බිද නොවෙටෙන බවත් එයින් එය තවත් ශක්ත්මත් වෙන බවත් මනෝවිද්‍යාවේ සදහන් වෙනවා.ඒක හරියට වාදනයක් නැති ගායනයක් වගේ.වාදනය නැති ගායනය කිසිදු රසවත් බවක් නෑ. ඒ වගේමයි වාද නොකර ගැටළු විසදන්නත්  බෑ.

කෙල්ලෙක් හා කොල්ලෙක් මානසික වශයෙනුත් ගොඩක් වෙනස්. ඒක නිසා “මම ඔයාව දන්නවා” යන්න කොල්ලෙක්ට කෙල්ලෙක්ට කියන්න තියන නරකම දෙයක් වෙන අතරම එය කෙල්ලෙක් විසින් කොල්ලෙක්ට කියන්න තියන හොදම දෙයත් වෙනවා.ඒ කෙල්ලෝ තේරුම් ගන්න බැරි දෙයක් නිසයි.කොල්ලනේ වගේ මානසික පරිනතිය කෙල්ලන්ගේ  නියම විදියට වෙන්නේ නෑ.මේවා මම කියන ඒවා නෙමෙයි මනෝවිද්‍යාවේ  කියවෙන එවා.මෙතෙක් කාලයක් කරන්න පුළුවන් දෙයක් කියල හිතුව නම් අනුන් තෙරුම් ගන්න එක, ඒක කාලය කාදැමීමක්.

6 comments:

  1. එළකිරි ජයවේවා !!!

    ReplyDelete
  2. කොල්ලන්ගේ වගේ මානසික පරිනතිය කෙල්ලන්ගේ නියම විදියට වෙන්නේ නෑ????????????????????????????????

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙමලු. කෙල්ලන්ගේ මනස වර්ධනය වෙන්නේ හෙමින්ලු.. බයිබලේ තියනවා මෙහෙම " දෙවියන් වහන්සේ මිනිසාව නිර්මාණය කර ඔහුගේ ඇගෙන් එක ඇටයක් අරගෙන ගැහැණිය නිර්මාණය කලා" කියල. එකනේ කෙල්ලෝ හැමවෙලේම ටියුබ් ලයිට් ....

      Delete
  3. හොද ගවේෂණයක් ජය වේවා

    ReplyDelete
  4. //
    ගැටලුව දෙදෙනා තේරුම් අරගෙන පැත්තකට වෙලා හිටියට ඒක විසදෙන්නේ නෑ එහෙම කලාම එය දෙදෙනාම හරි එක්කෙනෙක් හරි මනසික් රෝගීන් බවට පත් කරනවා කියල මනෝවිද්‍යාවේදී කියවෙනවා.ඒත් දෙදෙනා සාකච්චා කළහොත් එකිනෙකාගේ ගැටළු විසදා ගන්න මග පෑදෙනවා.වාද කිරීමෙන් දෙදෙනාගේ සබදතා බිද නොවෙටෙන බවත් එයින් එය තවත් ශක්ත්මත් වෙන බවත් මනෝවිද්‍යාවේ සදහන් වෙනවා.
    //
    මෙන්න මේ කතාව නම් ඇත්තම ඇත්තක්.අත්දැකීමෙන් කියන්නෙ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...