Monday, December 10, 2012

සක්වළ ගවේෂණය 07 - පියාඹන පීරිසි ...


සක්වල ගවේෂණයේ අලුත්ම පිටුවක් පෙරලන්නයි අදත් සුදානම් වෙන්නේ .. මේ දවස වල ගොඩක් කට්ටිය කතාවෙනවා පිටසක්වල යානාවක් ආවා කියලා, ඒත් ඒක හරියටම කියන්න කව්රුත් දන්නේ නෑ .අපි තාරකා විද්‍යාව ගැන ගොඩක් කරුණු දැනගත්තානේ ඒවා කියවන්න ඕනේ නම් කියවලා එන්නකෝ (මෙතනින් ). අද ඉදල පිසක්වල ගැන තොරතුරු ලියන්න තමයි හදන්නේ මේකට මට තොරතුරු හොයලා දුන්නු කෙනා ගැන නොකිව්වොත් හරි නෑනේ . ඒ තමයි ගයාන් සංඛ හෙවත් ගයියා (දුම්කවුලුව ).මෙන්න අද ලිපිය.


පිටසක්වල කියන්නේ මොකක්ද ? පිටසක්වල ජීවින් කියන්නේ මොක්කුද ? ඇත්තටම එහෙම එවුන් ඉන්නවාද ? ඇත්තට ඒක අපේ පෘථිවියේ මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රශනයක්. සමහර විට මෙසේ ලෝකයක් තියනවා නම් ඒවා අප වැනිම පදාර්ථ වලින් සැදුනු මිනිසුන් සිටින තැනක් වීමටත් පුළුවන්. පිටසක්වල යානා පිලිබදව ගොඩාක් විස්තර කතා කරන්න තියනවා. අපි පිලිවෙලින් කතා කලොත් කාටත් එකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියල හිතනවා.


අපි මුලින්ම කතා කරමු මොනවද මේ පියාබන පිරිසි කියල.


v  පියාඹන පිරිසියක් කියන්නේ පිට සක්වලින් පැමිණෙන අද්බුත හදුනා නොගත් යානා විශේෂයක් කියල හදුන්වන්න පුළුවන්.

v  දැනට බොහෝ ආයතන [NASA . SETI] මගින් කර තියෙන පරීක්ෂණ වලට අනුව මේවට ආලෝකයේ වේගයෙන් හෝ ඊට වඩා වැඩි වේගයක් ලබාගන්නට පුළුවන් හැකියාවක් තියෙන්නට පුළුවන්. {ආලෝකයේ වේගය = 3x105 kmph-1 }

v  මෙම යානා වලින් පැමිණෙන ජීවින් බොහෝදුරට පෘථිවි වාසීන්ට වඩා බුද්ධිමත් හා තාක්ෂණයෙන් දියුණු පිරිසක් විය හැකිය.


තම වර්ගයා බිහිකිමේ හැකියාවක් ඇති සහ එම වෙනස්කම් ඉදිරි පරම්පරා වලටත් දයාද කිරීමේ හැකියාව ඇති පිරිසත් එම වෙනස්කම ඉදිරියට ගෙනයාහැකි හැකියාවත් පවතීනම් එය ජීවක් ලෙස හදුන්වනවා. ජිව විද්‍යාත්මකව ගත්විට ජීවයක් යනු න්‍යෂ්ටික අම්ල ,ප්‍රෝටීන සහ වෙනත් අනු වර්ග වලින් සැදී ඇති ඒකකයක්.මෙහෙදී පළමු අර්ථකතනයට වඩා දෙවන අර්ථකථනය මගින් පිටසක්වල ජීවයක් පවති නම් ඒ පිලිබදව වඩා නිවැරදි අදහසක් ගැනීමට පුළුවන්. මෙම ජීවින් බොහෝදුරට මිනිසුන්ට සමාන විය හැකි නමුත් එය එසේමයි කියලා කියන්න අමාරුයි. බාහිර ස්වරූපය කෙසේ වූවත් ඔවුන් සැදී ඇත්තේ අප පෘථිවියේ නොවන නිසා ඔවුන් ඔවුන්ගේ ග්‍රහලෝකය සරිලන පිරිසක් විය යුතුයි. එම නිසා ඔවුන් තාක්ෂණයෙන් හා බුද්ධියෙන් ඉහල පිරිසක් වීමට බොහෝ දුරට ඉඩ කඩ තියනවා .


පියාඹන පිරිසි කියන්නේ මායාවක්ද එහෙමත් නැත්නම් ඒවා ඇත්තද ? ගොඩක් අය නම් කියන්නේ ඕව බොරු, වෙන්න පුළුවන් දේවල්ද , කියල ඒත් ඒවගේම පිරිසක් කියනවා පියාබන පිරිසි තියනව කියලා . ඒත් ඕක පීරිසියක්මද කියල කියන්න මම දන්නේ නෑ . ඒත් පිරිසියක්කට සමාන යානා විශේෂයක් පෘථිවිය මත සැරිසැරූ බවට වාර්තාවී ඇති අවස්ථා නම් අපමණයි. ආසන්නම සිදුවීම වර්ථාවෙන්නේ ලංකාවෙන් .ඒක කවුරුත් දන්නවා ඇතිනේ. යානාවක් වැනිදෙයක් ගමන්කරනවා දුටු බවට පැතිරුණු කතාව බොහෝදෙනා විමතියට පත් වූ කරුණක්. ඊට අමතරව ජපානයෙන් හමු වුන පියාබන පිරිසි නැවැත්වූ බවට  විස්වාස කරන වලවල් විශේෂය කාගේත් කුතුහලය ඇති කරවන දෙයක්.මෙසේ පියාඹන පිරිසි පිලිබදව හමුවෙන වාර්තා බොරු යැයි ඉවත දැමීමට හැකියාවක් නෑ. සමහරවිට අප විශ්වයේ හුදකලා වූවන් නොවිය හැකයි.කෙසේ වෙතත් පිටසක්වල ජීවින් සිටිනවා නම් අප ඔවුන්ට වඩා තාක්ෂණයෙන් පහල මට්ටමක සිටින බව කිව යුතුමය. එයට හේතුව මිනිසා සදමත පා තැබුවද   (   එයද බොරුවක් ලෙසටද පිලි ගන්නා තත්වයක් ඇත. එය කලින් ලිපියයෙන් කතා කලා මතක ඇති   ) වෙනත් ග්‍රහලොවකට යාමට තවමත් සමත් වී නොමැත.. 

3 comments:

  1. මේවා ඉතින් බොරුමයි කියන්න්නත් බැ.....

    ReplyDelete
  2. http://www.gossip9.com/2012/12/blog-post_7324.html#more

    ReplyDelete
  3. මට නම් හිතා ගන්න බැ..

    මේවා ගැන දන්න අය , ඒවට උත්තර දෙන්නේත් නැ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...