Tuesday, December 11, 2012

නිරුවතට call කිරීම ...!!!


වර්තමාන මිනිස්සු ජිවත් වෙන්නේ තමන්ගේ කය තුප්තිමත් කරමින් තම තමන්ගේ ජිවන කටයුතු ඉටු කර ගැනීම සදහාය. එහෙත් අද වෙනවිට එය කයින් එහාට ගොස් ඇත. තමන්ගේ ආදරවන්තයා  හෝ ආදරවන්තියව මුණගැසීමට නොහැකිව ලතැවෙන්නේ අසරණ ජංගම දුරකතනයයි. පැය ගණනාවක් රෑ පහන් වෙනතුරු කතාවට යොමුවෙන එයාලගේ ලස්සන කතාවල අවසානය තම තමන්ගේ සිරුර පුරා පැන නගින රාගික හැගීම් අවදිවිමයි. “ ඔයාට පුලුවන්ද මේ වෙලාවට අපි මෙහෙම ඉන්නවා සිහි කරගන්න” කොල්ලා ආරම්භය අල්ලා දුන් විට කෙල්ලන්ද තම සළුපිලි ඉවත දමා එම සජීව අත්දැකීම විදගැනීමට ලජ්ජා නොවීමට තරම්ම දුරකතනයෙන් ලැබෙන phone sex ආශ්වාදය බලවත්.සමාජයේ ඕනෑම තරාතිරමක අයෙක් එක් වරක් වත් රාත්‍රියේදී  විරුද්ධ ලිංගිකයෙකු සමග phone sex විද ඇතුවා නොවනුමානයි.


ආදරවන්තයන්ට අමතරව කිසිදා මුණ නොගැසුණු අය අතරද මෙකි සබදතාවය පවතින්නේ හුදෙක්ම ඉන් පෙර නොවිදි අද්දැකීමක් , සතුටක් , ඒ හරහා ලැබීමට ඇති හැකියාව නිසායි. අද වන විට සන්නිවේදන ජාලය ඉතාම දියුණු මට්ටමක පවතිනවා. ඒ නිසාම විවිධ සමාජ වෙබ්අඩවි වලින් සහ අන්තර්ජාල මිතුරු අඩවි හරහාද ඕනෑම අයෙකුට තවත් කෙනෙකුට කතා කිරීමේ හැකියාව පවතිනවා. දිනෙකට විශාල පුද්ගලයන් ප්‍රමාණයක් ඒවා හරහා හදුනා ගැනීමේ හැකියාව අද වෙනවිට උදා වී තියනවා. මුහුණ නොදැක වුවත් ඔහු හෝ ඇය සමග කතා කරමින් මවාගත් මනෝ ලොවක පාවීමට සිල්ලෝම පෙළබි තියනවා.බොහෝ තරුණ තරුණියන්ටද තම ජිවිතයට ලිංගික හැගීම් ලග හැරගැනීමට එසේ ලැබෙන දුරකත ඇමතුමක් බොහෝ දුරට ඉවහල් වෙනවා.බහුතරයක් අවස්ථා වල ඔවුන්  Skype හරහා සංවාදයේ දීමට පෙළඹෙන්නේ එමගින් ජංගම දුරකතනයකින් ලැබෙන හඩට අමතරව මෙයින් සජීව රූපයද දැකගැනීමට හැකිවෙන නිසයි. තවත් සමහර පවුල් වල ලිංගික බෙලහීන තාවයන් ඇති අය හෝ එකී ආසාවන් නොමැති අය සිටින විට ඔහු හෝ ඇය කරන්නේ තමන්ගේ ජංගම දුරකතනයෙන් හදුනා ගන්න පිරිමියා හෝ ගැහැණිය වෙතින් සපුරා ගැනීමයි. එසේ නාදුනන අයකු සමග සබදතා පැවැත්වීම මගින් තමන්ගේ විවාහ ජීවිතය ආරක්ෂාවන අතරම ජිවිතයේ සතුට විදගැනීමටත් හැකිවෙන බව ඔවුන් විස්වාස කරති...


මෙසේ සිදුවන සිදුවීම් නිසාවෙන්ම කොල්ලන් කෙල්ලන්ට කියන දේවලුත් නිසා ඇයට හැගීම් පාලනය කරගැනීමට නොහැකිවීම සාමාන්‍ය දෙයක්. එසේ වීම නිසාම ඔවුනොවුන් හමුවී සැබෑ ලෙසම එම සතුට විදීමට පෙළඹෙනවා. බොහෝ විට ඉන් පසු සිදුවන්නේ ඇයට තමාගේ පිරිසිදු බව නැති වීම පමණයි. ඉන් සමාජයට මුහුණ දීමට නොහැකිව සිය දිවි නසා ගන්න පිරිස ගැන බොහෝ සෙයින් අහන්නට දකින්නට ලැබෙනවා. ටික කලකට පෙර සිදුවූ Amanda ගේ සිදුවීම එයට හොදම උදාහරණයක්. ඊට අමතර ඇය අතින් අතට යන බෝනික්කෙක් වීමටත් බොහෝ දුරට ඉඩ තියනවා.


රාත්‍රිය පැමිණීමත් සමගම කාර්යබහුල කාන්තාවන් තම නිවසේ වඩා කටයුතු අවසන් කර නින්දට ගියද බොහෝවේලාවට ඇතැම් අය කරන්නේ තම ස්වාමියාට නින්ද ගිය පසු දුරකතනයෙන් Phone sex
හි යෙදීමයි. විශේෂත්වය අනෙක් පසින් සිටින්නේද බොහෝවේලාවට විවාහකයෙක් වීම. එහෙත් කොල්ලන් කෙල්ලන්ට වඩා මේ ක්‍රියාවේ යෙදී සිටින බව කිවයුතුය. කෙල්ලන් බොහෝවේලාවට කරන්නේ කොල්ලා අල්ලා දුන්විට උස්සා දීම පමණකි. මිනිස් සිරුරක් ඇති අපි හැගීම් වින්දනතකව හැසිරවීමට රුසියන්ය. එහෙත් එලබීමට පෙර සිතිය යුත්තේ ප්‍රයෝගිකව ලිංගික සතුට විදීමට අන්ගපුලාව ඇතිව ඉපදී දුරකතනයෙන් ලබන වින්දනය කුමන ආකාරයේ එකක්ද යන්නයි.    

3 comments:

  1. :f :e වැදගත් ලිපියක්,අවධානය අඩු කාරණයක් ගැන මතක් කරලා..අගෙයි. :t

    ReplyDelete
  2. තාක්ශනෙත් එක්ක අපිත් වලපල්ලට යනවා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...