Monday, November 26, 2012

දෙයියොත් එක්ක කරන විභාග කෙරුවාව.....


විභාග ..... දැන් මාස කීපයකට කලින් ඉවර වූන උසස්පෙළ විභාගය හෙට අනිද්දට තියන සාමාන්‍ය පෙල තවත් මේ ලෝකේ තියන එක එක විදිහේ, රස්සාවේ තත්වේ උසස් කරන ,තමුන්ට හැකියාව තියන බව ඔප්පු කරන්න සහ එය ලෝකයට පෙන්නන්න සහතික කැල්ලක් ගන්න. මිනිස්සු කරන විභාග .... ලංකාවේ නම් ගොඩක්ම විභාග  කරන්නේ අම්මලා කියල කිව්වොත් ඒක හරි.සමහර විට ළමයින්ටත් වඩා අම්මලා විභාග ගැන උනන්දුයි.මොනවා කිව්වත් මොනවා කෙරුවත්  එයාලගේ උනන්දුව ළමයාගේ ප්‍රතිපල  කෙරේ බලපාන්නේ නම් නෑ. මොකද ළමයාගේ ඔලුව පොතට අල්ලලා ඔබාගෙන හිටියත් පොතේ තියන දේවල් ඔලුවට ගියේ නැතිනම්. ඒත් ප්‍රශ්නය ඒ මැදිහත්වීම නොනැවතිමයි. විභාග ප්‍රතිපල නරක උනොත් තමන්ගේ කැපවිම මදියි සිතන ඇතැම් මව්වරුන් ඒ වෙනුවෙන් තම කැපවීම යොදවන අතර , ප්‍රතිපල හොද උනොත් එයද තම කරමතටම අරගෙන සුපුරුදු ගැල අදියි.


විභාගයක් දිනවීමට ළමයාට බලකිරීම අද වැඩිහිටියන් කරන ලොකු වැරද්දක් බව ඔවුන් පිලි නොගන්න ඇත්තක්. මොකද විභාග පීඩනයත් නිවසෙන් ලැබෙන පීඩනයත් ළමයාගේ හිතට වැටුන විට එය ඔවුන්ට දරගන්මට නොහැකි වෙන බව දෙමවුපියන් නොසිතන එක පැත්තක් . එහෙත් එය එසේමයි. වදෙන් පොරෙන් පොතක් අතට ගත්තද,නොගත්තද ඉතා කැමැත්තන් පාඩම් කටයුතු කලද දෙමවුපියන්ගේ ඊලග කර්තව්‍ය  දෙවියන් යැදිමයි. බෝධි පුජා පවත්වා බෝධිය වටේට කොඩිවැල් ඇද ,ඉන් නොනැවතී නානාප්‍රකාර දෙවියන් සොයමින් පිහිට පතයි. බොහෝ ය ඉන් නොනැවතී තම ආගමද අමතක කර දමා සියලු ආගම අදහයි..ග්‍රහයන් කැරකෙන හැටියට දර්මයට සාත්තු කරන ආකාරයට , දෙවියන් යදින හැටියට ,දේවාල කපුවන්ට මුදල් දෙන හැටියට විභාග ප්‍රතිපල වෙනස් වෙනවා යැයි සිතන්නේ නම් ඒක විහිළුවක්. අමතක වූ යමක් විභාගෙදි  මතක් වීමක් හෝ විභාග බිය නොමැති වීමක් ඇරුණු කොට වෙන යම් දෙයක් මේවයින් සිදු නොවේ.මාස ගණන් සිට සුවද දුම් අල්ලමින් දෙවියන් සොයා ගොස් පුද පුජා පවත්වා , කටට රහට අහර ගැනීමත් “කිලි” වලට බිලි දී පසුද විභාගයට යාම කොයිතරම් දුරට සාර්ථකද? ඒවාට වියදම් කල කාලය හා මුදල් ළමයාට පාඩම් කිරීමට හෝ විවේකයක් ගැනීමටසැලසුවොත් ඒක ඊට වඩා වටිනා දෙයක්. කොතරම් දෙවියන් යැදුවද සුර බැන්දද විභාගයේදී නම් “තමන් හිසට තම අතමය සෙවනැල්ල” යන්න පමණි. විභාග ශාලාවකට යාමට ප්‍රමාද උනොත් එය ශාලාදිපතිට පහදා කියන්නට දෙවියන් එන්නේ නැත. ප්‍රශ්න වලට උත්තර නැතිවෙනකොට ඔබට හිතවත් ග්‍රහයා පැමිණ උත්තර කියන්නේ නැත. වැරදි පිළිතුරු ලියවෙන විට ඒවා නිවැරදි වෙන්නේද නැත.


මෙවන් තත්වයකදී ඔබ දැනගතයුතු එකම කරුණක් ඇත. එනම් ඒවා ඉවසා සිටීමයි. තමාගේ ආගම පමණක්   අදහමින් හොදින් ජීවත් වුවොත් අනෙක් දෙවියන් ඔබට වූවමනා නැත. එය විභාග පීඩනයට සැනසිල්ලක් ලබාදෙන්නේය. මොනවා කලත් ඔබ පාඩම් නොකළේ නම් විභාගයේදී ඔබට සිදුවන්නේ ප්‍රශ්න පත්‍රය කියවීමටය. 

2 comments:

  1. මට නම් ඔක හැම්දාම වැ වෙන දෙයක් තමයි:P //පාඩම් නොකළේ නම් විභාගයේදී ඔබට සිදුවන්නේ ප්‍රශ්න පත්‍රය කියවීමටය.

    ReplyDelete
  2. අද තමයි මේ බ්ලොග් එක දැක්කෙ. බලමුකෝ ඉස්සරහටත්.. :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...