Monday, December 24, 2012

Radical වීම...


රැඩිකල් වූනාම කෙල්ලෝ කැමති වෙනවා . කෙල්ලෝ ඒ රැඩිකල් කතා අහන්න වට වෙනවා. යාලුවෝ අතරෙත් ඒ ආනිසන්සෙම තමයි. ඒ වගේම තමයි රැඩිකල් වුනාම පොකට් එකට ලාබයි. ලෝකෙට පෙන්න කොත්තුවක් කාලා. මල් ප්ලේන්ටියක් එක්ක දුමක් දාන්න , පට්ට ගහන ඩෙනිමක් , බෙල්ලට කළු කෝඩ් එකක් , කකුල් දෙකට රබර් කලි දෙකක් දාගෙන ජිවිතේ ගෙවන්න. අවුලකට තියෙන්නේ රැඩිකල් සින්දු අහන්න බැරි එක විතරයි . ඒත් එකත් අමාරුවෙන් හරි ගොඩ දාගත්තොත් වෙන කාටද ?

ලෝකේ මිනිස්සු එක එක විදිහට ලෝකේ දිහා බලනවා ... පෙළක් අය හරිම සොමි පොට්එකක් විදිහට තමයි ලෝකේ දකින්නේ . තවත් අය ලෝකේ තියෙන්නේ මොනවද කියලවත් දන්නේ නෑ . ඒ අතරින් රස්තියාදුකාරයන් ගොඩෙන් මිදෙන්න පුළුවන් එක විදියක් තමයි රැඩිකල් වීම . චේ , මාලේ  වගේ අයව විකුණගෙන තමාගේ ජීවිතය අනෙක් සමාජය වෙනුවෙන් කරන කැප කිරීම ලෝකෙට කියා කියා ආතල් එකේ ජිවත් වීම තමයි රැඩිකල් කෙනාගේ විදිහ . ඒත් ඉතින් ඒ දේවල් කරන්නත් මොනවා හරි ප්‍රගුණ කරනත් වෙනවා. හරියටම කිවනවා නම්  තුන්මන් හන්දියක් වගේ . තුන්මන් හන්දියේ හරස් ඉර වගේ හැමදෙයක් ගැනම පොදුවේ රැඩිකල් වෙද්දී සිරස් පාර වගේ වෙනදෙයක් ගැන හොදට ප්‍රගුණ කරලා තියෙන්න ඕනෙ.  ඒක තමයි මාලේ රැඩිකල් වෙනකොට ඔහු විසින්ම ගොඩ නගාගත්තු සංගීතයක් ලෝකයට ආවේ. රැඩිකල් ගතිය වැඩි වෙනකොට අපිට අපේ රැඩිකල් මට්ටම  සමාජයෙන් දකින්නට ලැබෙනවා. මට්ටම හොදයි නම් හිතට පොඩි ත්‍රිල් එකකුත් එනවා.


 ඒවා මේවා අස්සෙන් බලනකොට සමහර රැඩිකල් පොරවල් අතේ අයිෆෝන්  , වීඩියෝකැමරා, හෙඩ් සෙට් එකක් වයරින් කරගෙන ඉන්නවා දකින්න පුළුවන් වෙයි. සැලෙන්න එපා!  ඒවායින් තමයි එයාලා රැඩිකල් සින්දු අහන්නෙත් තමන්ගේ රැඩිකල්කම වීඩියෝ කරන්නෙත් . ඔන්න තමන්ටත් පුළුවන් නම් පොඩි කැම් රෙකෝඩර් එකක් සෙට් කර ගෙන ගිටාර් එකක් පිටේ ගහගෙන රැඩිකල් සින්දුවක් එක්ක වීඩියෝ කරගන්න ආයේ හොදි ඕනෑම නෑ . ඒ අතරේම ගහක් කොලක් අස්සෙන් එන දුමක්. අපත තාලෙට කහින කැස්සක් , රා පොල්කට්ටක් දෙකක් එකතු වුනානම් රැඩිකල් බව උපරිමයි.මේවට පෙති ගහන වර්තමන්  බුවාලා ඕනේ තරම්. රැවුලයි කොන්ඩෙයි වවලා . සිකරට් එක අතේ , ගිටාර් එක පිටේ , රාජාලියෙක් ගේ පත පච්චයක්  බඩේ , දුඹුරු පාට පට්ටගහපු නිල් ඩෙනිමයි, පච්ච පේන්න නිරුවත් උඩුකයයි. රැඩිකල් උනාට තියන අසාවන් නම් සාමාන්‍ය අයට වගේමයි. ලස්සන , සුදු  , ටිකක් මහත කෙල්ලෙක් එක්ක ජෝඩු දාලා යන්න. කටට රහට කන්න , පාරේ යන පොඩි එකෙක්ට හුරතල් කරන්න වගේ ඒවත් තියනවා . රැඩිකල් වෙනවා කියල කට්ටියට කෙලවෙනවා කියනත් පුළුවන්. ලංකාවේ අපිට ඇමරිකන් රැඩිකල් හරි යන්නේ නැත්තේ නිසයි . පිටරට රැඩිකල් ලංකාවේ ලටපට රැඩිකල් වෙන්නේ ඒ නිසයි . ඒවා කොරන්න ගිහින් රැඩිකල් කෙසේ වෙතත් අපතයෙක් වෙනවා නම් නියතයි. පට්ටෙට සල්ලි වියම් කරලා නැට්ටට හිදුන බුවාලා ඕනේ තරම් . තත්වෙට අසා උනාට තට්ටෙට හොදි වක්කරන රැඩිකල් පිස්සෝ අපේ රටේ ඕනේ තරම්.


ටවුමේ තියන පොඩි සයිවර කඩේකින් පරාටයක් කළා රැඩිකල් වීම තරම් ලාබදායි රැඩිකල් බවක් තවත් නෑ .. කොල්ලෝ සෙට් එක සෙට් උනාම කොහේ හරි  ලෑලි කඩේකින් බඩ පැලෙන්න කොත්තුවක් කළා. බයිලයක් කියලා පපරයක් දාන එක . ඒක ඊට පස්සේ හම්බවෙන හැම එකාටම කියන ඒක තරම් රැඩිකල්කාමීන්ට ත්‍රිල් එක ලැබෙන දෙයක් තවත් නැතිවෙයි. ඉතින් ඔයාලත් එන්න ලාබෙට රැඩිකල් වෙන්න. විකල්ප මතධාරින් නොවී  වෙනස්ම විදියට හිතන්න. ලෝකය වෙනමම ඇහැකින් දකින්න. 

9 comments:

  1. ඔන්න මමත් රැඩිකල් වෙන්න හිතාගෙන මේ පැත්තට ආවා.

    ReplyDelete
  2. ඔන්න මමත් රැඩිකල් වුණා....

    ReplyDelete
  3. Radical wima nikam jiwithe wagakim,yuthukam paththakata karala,samajaya poduwe balana manasikathwayen midila,nawa gilunath ban chun mattamata ena ekane...

    Oke hodai narakai dekama tiyenawane.radical widiyata hithannanam maath kamathi..

    ReplyDelete
  4. රැඩිකල් කියන වචනෙ එක එක අය විවිධ විදියට අර්ථකතනය කරනවා..
    මගේ තියරිය "වෙනස්වන ලෝකය වෙනස්ව දකින්න"

    ReplyDelete
  5. "රැඩිකල්" මමනං රැඩිකල් කියන්නේ මොකා මොනවා කිව්වත් මට ඕනේ හැටියට ජිවත් වෙන එකට!

    ReplyDelete
  6. ඔය මුකුත් නැතුව ඉන්න විදියට හිටියනම් ඉවරයිනෙ

    ReplyDelete
  7. රැඩිකල් දන්නේ නැතුව හිතට එකගව සරල ජීවිතයක් ගත කරනවනම් ඒකත් රැඩිකල් තමා

    ReplyDelete
  8. දකින දේ නොදකින යථාර්ථය

    ReplyDelete
  9. දකින දේ නොදකින යථාර්ථය

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...