Monday, September 3, 2012

ඉල්ලාගෙන කෑම....


දුක සතුට කියන දේ මේ ලෝකේ අපි කොයිකාටත් උරුම දෙයක්නේ . අපි කව්රුත් ගලායන ජිවිත ගමනේදී වරින් වර මාරුවෙන් මාරුවට ටික ටික හරි මේ දුක අත්විදිනවා. නොයෙක් හේතු මත සමහරු වැඩියෙන් දුක්විදිනවා  කියලත් සමහරු සතුටින් ඉන්නවා කියලත් අපිට පේනවා.ඒත් එක පැහැදිලිව ඔප්පුකරන්නත් බෑ.මොකද අපිට පිටින් බලල කෙන්ක්ව නිර්ණය කරන්න බෑනේ..සමහරු ඉන්නවා එයාල සතුටින් ඉන්නව වගේ පේනවා ඒ උනාට ඉන්නේ ප්‍රශ්න ගොඩක.එහෙමත් නැත්නම් දුකින් . තව සමහරු ඉන්නවා එයාල දුකින් ඉන්නවා වගේ පේනවා ඒත් එයාලගේ හිත හරිම සැහැල්ලුයි. හරිම නිදහස්. ඉතින් එක නිසා කෙනෙක්ව පිටින් බලල කෙනෙක්ව නිර්ණය කරන්න අමාරුයි.දුක සතුට ගැන කතා කරනකොට අපි කව්රුත් කැමති සතුටින් ඉන්න.සතුටු ජිවිතයක්  ගත කරන්න තමයි කාගේත් කැමැත්ත.ඒත් ඉතින් එහෙම කියා කියා සතුට එනකම් බලන ඉන්න එක තමයි කවුරුත් කරන්නේ.එක වෙනම කතාවක්.එක ගැන වෙනම දවසක පුළුවන් උනොත් කතා කරමුකෝ.කවුරු මොනවා කිව්වත් දුක ලබන්න කැමති අය මේ ලෝකේ නෑ. එහෙම කෙනෙක් ඉන්නවනම් එයට මොකක් හරි මොලේ අමාරුවක් තියෙන්න ඕනේ.අපි කවුරුත් කැමති සතුටින් කල් ගෙවන්න.

මට හිතෙන විදියට නම් මේ දුක සතුට කියන මාතෘකාව ගැන කතාකරනකොට අනුන්ගේ දුක කියන්නේ කතා නොකරම බැරි දෙයක්.අනුන්ගේ දුක ගනකියනකොට ගොඩක් අය හිතන්නේ “අනුන්ගේ දුක ගැන හොයනවට වැඩිය මට මගේ දුක කියන්න මොකෙක්වත් නෑ” කියන වචන ටික තමයි.ඒත් එක අත්තක් තියනවා කවුරු පිළිගත්තත් නැතත්.කෙනෙක් කෙනෙක්ට උදවු කලොත් අනිවාර්යයෙන්ම ඒකට ප්‍රතිපලය ලැබෙනවාමයි .කගේ හරි දුකකට පිහිට උනොත් ඔයාටත් ඔයාගේ දුක කියන්න කෙනෙක් ලැබේවි .එක ලෝකේ යතා සොභාවයක්.මේ ලෝකේ අනුන්ගේ දුක දිහා මිනිස්සු විවිධ විදියට බලනවා.අනුන්ගේ දුක තඹ සතේකට ගණන් ගන්නේ නැති “උන්ට හෙනගහල ගියත් අපිට මොකෝ” කියන පිරිසකුත් ඉන්නවා. අනුන්ගේ දුකේදී සතුටු වෙන අයත් ඉන්නවා.තව ඒ දුක ඉත්ත කරගෙන එක වැඩි වෙන දේ කරමින් ලාබ ලබන අයත් ඉන්නවා.  ඒ වගේම හොද මුණ පෙන්නලා යටි කුට්ටු වැඩ කරන පෙඋල් කොටෝන එවුනුත් ඉන්නවා.ඒ වගේම අනුන්ගේ දුක නිමන්න වෙහෙසෙන පිරිසකුත් ඉන්නවා. “අනේ පව් දෙයියනේ” කියල නිකන් ඉන්න අයත් ඉන්නවා. “අපිට මොකටද අනුන්ගේ ඒවා” කියලා පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ අනුන්ගේ දෙයක් බලාගෙන ඉන්න අයත් ඉන්නවා .

ඒ වගේම විශේෂ කට්ටියකුත් ඉන්නව.අනුන්ගේ දුක තමන්ගේ දුක කරගෙන ඉල්ලන කන පිරිසකුත් ඉන්නව.කෙනෙක් දුක් විදිනවා කියල තමනුත් මුණ එල්ලන ඉන්නවා. “අක්කා බැන්දේ නෑ .එයා තනියම ඉන්නකොට මම කොමද බදින්නේ” නොබද ඉන්න නංගිලා  මල්ලිලා ඕනේ තරම්. මේ වගේ තැනකදී හිත අර්බුදයක පැටලෙනවා නිතැතින්ම.අනුන්ගේ දුකේදී දුක්විම ඉතා වටිනා මිනිස් ගුණයක්...සිතුවිල්ලක් ...ඒත් අනුන්ගේ දුකේදී තමන්ගේ දුක නැතිකරගැනීම තේරුමක් නැති වැඩක්ද කියලත් හිතෙන වෙලාවල් තියනවා .


මේ වගේ තැනකදී මට හැගෙන දේනම් ටිකක් සම්මතයට පටහැනි.ඔයාලත් මේක ගැන ටිකක් ගැඹුරට හිතල බලන්න. කෙනෙකුගේ කකුලේ ඇනයක් අනුනොත් ඔයාලත්  ඇනයක් පගාගන්නවද ?? නැතිනම් ඒ ඇනේ ගලවගන්න උදවු වෙනවද කියලා.කෙනෙක් දුක් විදිනවා කියල අපිත් දූ විදින්න ඕනෙද? එයින් එයාගේ දුක නැතිවෙයිද ? නැතිනම් අපේ සතුට නැති වෙයිද? ඉතින් දුකේදී දුක් වෙමුද නැත්නම් දුක නිවන්න උදවු වෙමුද ?අනුන්ගේ දුකේදී අපි කරන්න ඕනේ මනවද කියලා අපි ටිකක් හිතල බලන්න ඕනේ.ඒ පහලින් තියන ඒවා ඔයාලට වැදගත් වෙයි කියල හිතෙනවා.
  •   කෙනෙකුගේ දුකේදී එය නිවන්න උදව්වෙන්න .ඒත් ප්‍රවේශමෙන් කලහොද පස්සෙන් එන්න පුළුවන්
  •  හැකිතරම් අනුන්ගේ වේදනාව අඩු කරන්න කරන දේ රහසිගතව කරන්න.
  •   දුක වේදනාව ලබන්නා මොකෙක් උනත් එයාව තමාගේම කෙනෙක් කියල හිතන්න.
  • යමක් බලාපොරොත්තුවෙන් උදවු කරන්න එපා.අඩුමතරමේ ස්තුතියක්වත් බලාපොරොත්තු වෙන්න එපා.
  •  දුක වේදනාව නැති කරන්න ඔය පාවිච්චි කරන්නේ වචන නම් ගොඩක් ප්‍රවේශම් වෙන්න. “හොදට නරකට 2 ට කටමය”  කියන නිසා පොඩ්ඩ වැරදුනොත් වේදේ ගස්සෙන්න පුළුවන්.
  •   අනුන්ගේ දුක තමන්ගේ කරගන්න එපා ඒකෙන වෙන්නේ තමන්ගේ දුක නැතිවෙන එකයි
අනෙකාගේ දුකේදී සතුටුවීම නින්දිත වැඩක්. උදව් කිරීම හොද මිනිස් ගතියක්. ඒත් අනුන්ගේ දුක වෙනුවෙන් නැහීම ගොන් කමක්.මඩ ගෑවුන එකාට ඒක හොදා ගන්න උදවු කරන්න.


9 comments:

  1. අනෙකාගේ දුකේදී සතුටුවීම නින්දිත වැඩක්

    ReplyDelete
    Replies
    1. එයට පිහිට වීම මිනිස් කමක්

      Delete
  2. හොඳ ලිපියක් සහෝ.. :) මම නම් මේ කරුණු ඔක්කොම එක්ක 100%ක් එකඟයි..

    ReplyDelete
  3. 'කෙනෙකුගේ දුකේදී එය නිවන්න උදව්වෙන්න .ඒත් ප්‍රවේශමෙන් කලහොද පස්සෙන් එන්න පුළුවන්' කියල වැඩක් නැහැ.ආදර්ශමත් පෝස්ට් එකක්!

    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. ඔව් අහක යන තොප්පියක් වැටුනොත්

      Delete
  4. ඇත්තටම මමත් උදවු බලාගෙන උදවු කරන්නේ නැහැ ....

    ReplyDelete
  5. කොහොම උනත් පරිස්සමින් කරන්න ඔන දෙයක්... අන්තිමට වඳින්න ගිය දේවාලේ ඉහට කඩන් වැතෙන්න පුළුවන්... ( කව්ද යකෝ දෙවාලේ වහලට බාලා පරාල දැම්මේ )

    ReplyDelete
  6. සිරා පෝස්ට් එකක් කුපා. අපිට සතුට අවශ්‍යය වෙන්නෙ අපි දුකින් ඉන්න නිසා. අපිට තිත්ත දෙයක් කැවුනම පැනිරහ හොයනව වගේ. සතුට කියන දේ අපිට දැනෙනකම් ඒ තරම් ම ගැඹුරට අපිට දුකත් දැනෙනව. හරියට රබර් පටියක එක පැත්තක් අදිද්දි අනිත් පැත්ත නිකන්ම ඇදෙනව වගේ.
    ටිකක් හිතල බලන්න අපි පැනි රසම කෑවොත් ඒක එපා වෙනව නේද? එතකොට අපි වෙන රසයක් හොයනව. ඇත්තටම කිව්වොත් දිවට නෙවෙයි එපා වෙන්නෙ මනසටයි.
    දුක සැප කියන දෙයත් ඔය වගේම තමයි. අන්තිමට සැපත් දුකක් බවට පත් වෙනව. A=C නම් B=C නම් A=B වගේ නේ!. ඇත්තටම ප්‍රශ්නෙ තියෙන්නෙ මේ = ලකුණෙ. මොකක් හරි සිද්දියක් අපි සතුටු හිතෙන දෙයක් හරි දුක හිතෙන දෙයක් හරි කියල සමාන කරන්න යනව. මේ සැසදීම තියෙනකල් දුකත් තියනව.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...