ඔන්න අදත් කතාවක් කියන්න තමයි හදන්නේ. මේක රසවත් වෙන්නත් පුළුවන් නැත්නම් ඔයාලට හරියන්නේ නැති වෙනත් පුළුවන් කොහොම වෙන්නත් කියන්න එපැයි, එක නිසා කියන්නම්.මේක මේ ජනකතා පොතක තිබිල හම්බවුනේ.එක නිසා බොරුවක් වෙන්නත් බෑ.ඔන්න කොත්මලේ පැත්තේ තිබුනලු එක නිදානයක් ඒක හරි වටිනා රන් රිදිබඩු පිරිලා තිබුන එකක්ලු.ඉතින් ඔය කියන නිධානේ ගන්න ගොඩක් මිනිස්සු දගලුවලු. ඒත් ඉතින් හැම මිනිහටම නිදන් ගන්න පුළුවන් යැ. එකට ඉතින් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් එහෙමත් දැනගෙන ඉන්න ඕනෙනේ. කොහොම කොහොම හරි යන්ත්‍ර මන්ත්‍ර දන්නා අයත් ඇවිල්ල ඕක ගන්න හැදුවලු ඒත් බැරි උනාලු. මේ නිදානය තිබිල තියෙන්නේ දියල්ලක් පා මුලලු. ඒක ආරක්ෂා කරන්න ඉදල තියෙන්නේ ගැරඩියෙක්. වෙනත්න්වලනම් ඉන්නේ එක්කෝ නයි යක්කු පහිරවයෝ බුතයෝ වගේ එවුන්නේ ඒ වුනාට ඉතින් මෙතන ඉදල තියෙන්නේ ගැරඩියෙක්.මුත් ඉතින් අපේ ගෙවල් වලට එනවා වගේ පොඩි එකෙක් නෙවෙයි මහා දාර පිබුරෙක් වගේ හෙන පත එකෙක්. ඉතින් ආපු කාටවත් මේ නිදානය ගන්න නම් ලැබුනේ නෑ. ඔක්කොම ගැරඩියට බිලිවෙලා මැරිලා ගියා.
ඔන්න
ඔහොම ඉන්න කොට මේ නිදානය ගැන ආරංචිය මුළු තුන් රටේම පැතිරුණ { තුන් රට කිව්වේ
ඉස්සර ලංකාව වෙන්කරලා තිබුණු රුහුණු මායා පිහිටි කියන කොටස් තුනට } ඉතින් මේ ආරංචිය
දැනගන්න ලැබුන මායා රටේ එක කට්ටඩියෙක් මේ නිදානය කොහොමහරි ගන්න ඕනේ කියල හිතල ගියා
කොත්මලේට.
කොත්මලේට ගිහින් ඔය ඇල්ල ගාව පැලක් අටෝගෙන නිදානය ගන්න විදියක් කල්පනා කලා. මේ මනුස්සය හොදට යන්ත්‍ර මන්ත්‍ර දන්නා හොද වැඩකාරයෙක්. මේ මිනිහ කොත්මලේ ආවේ තමන්ගේ බිරිදත් එක්ක. ඉතින් දෙන්නම ආව. ඒ උනාට ගෑනි දන්නේ නෑ මේ ඇවිත් ඉන්නේ නිධන් හාරන්න බව .මිනිහ කිව්වෙත් නෑ. මොකද ගෑනුන්ට රහස් තිය ගන්න බෑනේ.කාට හරි කිව්වොත් ඉවරයි. ඉතින් මෙහෙම නිධානේ ගැන හොයන මේ මනුස්සයට හොයාගන්න පුළුවන් වුනා මේ ගැරඩියගේ බල බිදෙන වෙලාව. ඒ වගේම මේ නිදනේ ගන්න ඕනේ විදියත්. හොයාගත්තු විදියට නිධානේ ගැන නම් ගැරඩියගේ බල බිදෙන වෙලාව බලල ගැරඩිය අල්ල ගන්න ඕනෙලු.ඊට පස්සේ ඒ ඇල්ලෙන්ම නාලා. අර අල්ලගත්තු ගැරඩියගේ ඔලුව තම්බල කන්න ඕනෙලු. ඊට පස්සෙලු නිධානේ ගාවට යන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේ මනුස්සය තමන් දන්නා වැඩ සේරම දාලා ගැරඩියව අල්ලාගත්තලු.අල්ලාගෙන ඉවරවෙලා ගෑනිට දීල කිව්වලු මේකාව තම්බල උයන්න මම නාගෙන එන්නම් කියලා. ගෑණිත් ඌව හොදට සුද්ද කරලා ඉව්වලු. ඔන්න ඔක්කොම උයලා ඉවර වුණා විතරයි ගේ දොරකඩට හිගන්නෙක් ඇවිල්ල කන්න මුකුත් ඉල්ලනවලු. ඉතින් කන වෙලාවට මොකෙක් ආවත් කෑම ටිකක් දෙන එක ලංකාවේ අපේ සිරිතනේ. ඉතින් මෙයත් මොකෝ කලේ කැන්ද කොලයක් කඩලා මිනිහට බත් බෙදුවලු. දැන් අර ගැරඩියා උයපු එක බෙදන්න මේ ගෑනිට ලොබයිලු. “දෙන්න වෙන දෙයකුත් නැති එකේ මේ මිනිහට මස් නැති ඔලුව බෙදනවා” කියල හිතල ගැරඩි ඔලුව හිගන්නට බෙදුවලු. එහෙම ඉතින් හිතන එක ගෑනු ගතියනේ. කොහොම හරි හිගන්න බත් කාලා පින් දීල යන්න ගියාලු. ඔන්න ඔය අතරේ නාන්න ගිය මනුස්සය ගෙදර ඇවිත් කෑම ඉල්ලුවලු. ඒත් එක්කම “ මතක් කරලා අර ගැරඩියගේ ඔලුවත් බෙදල ගේන්න” කියල කිව්වලු. එතකොට ගෑනි කියනවලු “ මොකටද ඔය මස් නැති ඔලු කන්නේ මේ තියෙන්නේ හොද කෑලි ඕනේ තරම්” කිව්වලු. “ උබට ඒවායින් වැඩක් නැනේ කියපු දේ කරපංකෝ” “ගැරඩි ඔලුව නෑ , හිගන්නෙක් ආවා මම ඒක ඌට දුන්නා” මේක අහපු ගමන් මිනිහට යකා ආවලු ගෑණිත් එක්ක . “ යකෝ මම ඒක ගෙනාවේ හිගන්නට දෙන්න නෙමෙයි මට කන්න. ඒක කාල මේකේ තියන නිදානේ ගන්න.” කියා කියා ගෑණිට ගැහුවලු ගහලා ගහලා කෙස්වැටියෙන් අල්ලාගෙන ගිහින් තල්ලු කලාලු ඇල්ලෙන් පල්ලෙහාට. ගෑනි ඇල්ලෙන් වැටිලා මැරුනලු. මිනිහ හිස් අතින්ම ආපහු මායා රටට ගියාලු. ඉතින් මේ කතාව හැමතැනම පැතිරුනා . ඊට පස්සේ මේ නිධානේ තිබුන ඇල්ල “ගැරඩි ඇල්ල” කියලා ප්‍රසිද්ද වුනාලු. අදටත් ඒ ඇල්ල හදුනන්නේ ගැරඩි ඇල්ල කියල තමයි.

වෙලාවට බහිරවය නිධානෙ අරන් ගියෙ.. ;)
ReplyDeleteඒක ඇත්ත ....
Deleteඒ කාලේ උන නිසා හිගන්නෙක් ආව මේ කාලේ උනානම් එන්නේ සුදු වෑන් ...
ReplyDeleteඅනිවා සහෝ . එහෙම උනා නම් බතුත් කාලා ගෑනිවත් උස්සගෙන යනවා
Deleteඕක තමා කියන්නේ ගෙදරට එන මනුස්සයෝන්ට හොඳට ලෝබ නැතුව සලකන්න කියලා.හැබැයි ඉතින් එහෙම කළා කියල ගෑනිව මැරුව එක නම් පව්.
ReplyDeleteඇත්තම වස්තු තන්හාව නිසා මිනිස්සු කොච්චර දේවල් කරනවද..??
ඔව් ඒක ඇත්ත
Deleteමම නම් අදමයි අවේ..මේ කතාවත් අදමයි ඇහුවේ..ලස්සනයි බ්ලොග් එක..!!
ReplyDeleteජය ශ්‍රී!!
well come මිත්රයා
Deleteකලින් කතාව කියවා ඇත්තෙමි.. :) නැවතත් මුල මතක් වුනෙමි.
ReplyDeleteදැන්නම් ඔය මොනවත් නෑ කෙලින්ම මොකක් හරි බලකායකට බෝම්බ හොයන්න කිව්වා, ගලට දැම්මා බෝර, බැකෝ කරා නිදානේ රාජසන්තකයි.(ගැරඩියා ලොවෙත් නෑ)
ReplyDeleteඑතකොට බහිරවයා
ReplyDeleteනිකංද බහිරවයා කියන්නේ...
ReplyDeleteඌ නං මාර වැඩකාරයෙක් තමා...
හ්ම්ම්..ආසාවෙන් කියෙව්වේ හ්ම්ම්.. :)
ReplyDeleteඅපරාදේ නිදානේ :(
ඇයි ඔයා හොයන්න යන්නද හිටියේ ???
Deleteපව් බං ගැරඩියා :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඇයි කෑල්ලක් ඕනෙද ?????????
Delete