Tuesday, September 4, 2012

කාලයට අභියෝග කරන මෝඩයෝ ........!!!


කාලය කියන්නේ පුදුම දෙයක්.ඒක පේන්න ඇත්තෙත් නෑ.ඒ වුනාට ඔයාල මම විතරක් නෙමෙයි මුළු ලෝකයම පිළිගන්න දෙයක්.අපිට නොපෙනුනාට එහෙම දෙයක් හිතට ඇගට දැනෙන අවස්ථා තියනවා. ඇත්තටම මේ කාලය කියන්නේ මොකක්ද ? ඒක අපි හරියට පාවිච්චි කරනවද? කියනදේත් කව්රු අතරත් තියන පොදු ප්‍රශ්නයක්.“කාලය රන් හා සමානයි” , “ සේරම කාලයට බාරදෙන්න” වගේ අතීත කියමන් අපි අහලතියනවා. මේවා එදාට විතරක් නෙමෙයි අදටත් වලංගුයි. ඒ මේ මාතෘකාව තුල තියන වැදගත්කම නිසාමයි.මිනිස්සු විවිධ දේට අභියෝග කරනවා.විද්‍යාවට ගණිතයට විවිධ දාර්ශනික මත වලට අභියෝග කරන මිනිස්සු මේ ලෝකේ ඕනේ තරම්.ඒ විතරක් නෙමෙයි මිනිස්සු විශ්වයටම අභියෝග කරනවා කිව්වොත් හරි.මිනිසා අහස / අභ්‍යාවකාශය ජයගත්තේ එදා ඒවාට අබියෝග කල මිනිස්සු නිසා.ඒත් ඔයාල කවද හරි අහල තියනවද කාලය ජයගත්තු මිනිස්සු ගැන.කාලයට අභියෝග කල මිනිස්සු ගැන.කාලය හරහා ගමන්කරන ක්‍රමයක් මිනිස්සු තම හොයාගෙන නෑ.අපිට සිත තුලින්  නම් යම් දෙයක්  කරන්න පුළුවන්.ඒ තමයි අතීතය වර්තමානය ගැන හෝ අනාගතය ගැන හිතනඑක.කව්රුත් වැඩි හරියක් කරන්නේ හිත හිත ඉන්න එක තමයි.

ඇත්තටම මොකක්ද මේ කාලය. මට තියනවා ඒ ගැන පුංචි දෙයක් කියන්න.මම හරි හෝ වැරදි වෙන්න පුළුවන්.මේ මට හිතෙන දේ.මට හිතෙන විදියට කාලය කියන්නේ හරියට ගලයන ගංගාවක් වගේ.දැන් අහන්න එපා කාලයයි ගංගාවකයි අතරේ තියන සම්බන්දේ මොකක්ද කියල.මම කිව්වේ පුංචි උදාහරණයක්‌.මොකක්ද ගලන ගංගාවකින් එකපාරට වතුර ගන්න පුළුවන් ටිකයි. ගෙදර තියන හට්ටි, මුට්ටි, වට්ටි, පෙට්ටි, ටින්, බෙලෙක්ක, බාල්දි  මේ මොක ගෙනාවත් අපිට ගගේ වතුර ඔක්කොම එකපාර ගන්න බෑ.ඒ වගේ තමයි මොනදේ කලත් ගග ගලන එක නවත්තන්නත් බෑ.ඒවගේම එක පාරක වතුර ගන්න බැරි උනොත් ඒ වතුර ටික ආයේ ගන්නත් බෑ.ඒ වගේ තමයි කාලයත් මොන සෙල්ලන් දැම්මත් නවත්තනවා නම් බොරු.ගෙවුන තප්පරයක් නැවත ගෙන්න ගන්නත් බෑ.

අද ගොඩක් අය කාලය  කලමනාකරණය ගැන කියනවා.කෙහෙල්මල් කළමනාකරණය.එයාල කියන දේවල් කරන්න ගියොත් තියන කලෙත් අපිට මදිවෙනවා.කාලසටහන් හදාගෙන විවිද දේ කර කර කාලය ඉතිරි කරගන්න මිනිස්සු වෙහෙසෙනවා.ඒත් කාලසටහන් හැම වෙලේම ප්‍රයෝගික නෑ.මොකද වෙලාවක් එනවා අපිට ඒ දේවල් යොදාගන්න බැරිවෙන.කාර්යාලයක පාසලක්‌ කාලසටහනකට වදකිරීමක් නොකර බෑ.මොකද එතන කල රාමුවක් තියෙන නිසා.ඒත් සාමාන්‍ය ජිවිතයේ ඒවා කරන්න පුලුවන්න්ද කියන එක මට නම් ප්‍රශනයක්.
පොඩ්ඩක් හිතන්න කෙනෙක් තව අවුරුදු 50 ජිවත් වෙනවා නම් ඔහුට වැඩ කරන්න තියෙන්නේ අවුරුදු 25 විතරයි. මොකද නින්දට , කෑමට, මගට තොටට , කාලය වැයවෙනවා නිතැතින්ම.ඒවා වලක්වන බෑ. එතින් මේ සුළු කාලය ඇතුලත කරන්න ගොඩක් දේවල් අපි හැමෝටම තියනවා.ඉතින් ගෙවුන තප්පරයක් පාසා අපිට වෙන්නේ ඇත පසුවිමක්.ඒත් ඒ අතපසු වීම හිතීමට   කාලය ගතලොත් එට වැඩ පාඩුවක්. ගොඩක් අය ජිවත් වෙන්නේ අතීතයේ.පරණ දේවල් මතක් කර කර කල් ගෙවනවා සමහරු අනාගතයේ, අහස් මාලිගා  හදමින් ජිවත් වෙනවා. කව්රු මොනවා කලත් කාලය ගතවෙනවා.අපි දැනගන්න ඕනේ දෙයක් තියනවා ඒ තමයි හැම  තප්පරයක්ම තමන්ට ප්‍රයෝජනවත් දෙයක්  කරන්න..එක්කෝ අනුන්ට හෝ වැඩක වෙන දෙයක් කරන්න.කාලය කියන්නේ අපිට කොටස් වශයෙන් ලැබෙන නිධානයක්.ඒ නිධානේ ගොඩ ගන්න නම් හැම කොටසක්ම එකතු කර ගන්න ඕනේ.වර්තමානයේ ජිවත් වෙන්න. හැම තප්පරයක්ම වැදගත්.

4 comments:

  1. එකගයි මචෝ අනාගතේ ජිවත් වෙලා වැඩකුත් නෑ ඇතිතේ ජිවත් වෙලා වැඩකුත් නෑ අපේ ජිවිතේ ඊළගට වෙන්නේ මොනාද කියල තීරණේ කරන්නේ අනාගතෙවත් අතිතයවත් නෙවේ වර්තමානය

    ReplyDelete
  2. හැම තප්පරේම වැදගත්.. හ්ම්ම්ම්...

    ReplyDelete
  3. අනිවාරෙන්ම ඔබ හරි! මම එකඟයි!

    ReplyDelete
  4. ඇත්ත.ගතවන සෑම තත්පරයක්ම වැදගත්.ඒත් අපි නොදැනුවත්වම තත්ලර කොච්චරක් විනෂ කරලා ඇත්ද නිකරුනේ?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...