Wednesday, September 26, 2012

ගෞරවාන්විත සමුගැනීම .....!!


ආදරය ගැනයි, සමුගැනීම් ගැනයි, අද ගොඩක් අය කතාකරන මාතෘකාවක් නේ .ඕනෑම ආදරයක් හුදකලාව විදිනකොට එක සුන්දර හැගීමක් ලෙස හිතට දැනෙනවා.ඒ ආදරයෙන් වෙන්වීම ඇත්තටම දුකක් වේදනාවක් .නමුත් අද මම කතාකරන්නේ ඒ ආදරයෙන් වෙන්වීම ගෞරවාන්විත වෙන්වීමක් කරන්නේ කොහොමද කියල.මේ කරුණු මම කියන දේවල් නම් නෙමෙයි. මේකේ තියන ගොඩක් කරුණු මම දැන  ගත්තේ මනෝවිද්‍යා උපදේශකයකුගේ ලිපියකින්..

තරුණ වයසේ ඉන්න අපි කැමති සාර්ථක , සුන්දර ආදරයක් පවත්වාගෙන යන්නයි.කෙනෙක්ගේ හිතේ මුලින්ම ඇතිවෙන ආදරය හිතේ ගොඩක් මුල් බසින්නේ අන්න ඒ නිසයි.ඒ ආදරය අහිමි වුණාම ඒක දරාගන්න බැරි දෙයක් වෙන්නෙත් ඒ නිසාමයි. හදවත් දෙකක් එකතුවීමෙන් ඇරඹෙන ආදරයේ බැදීම කොතරම් කාලයක්
පවත්වාගෙන යනවද කියන කාරණය ගොඩක් වැදගත්.කාලය සමගම ඇරබෙන ආදරය කාලය සමගම නැතිවෙලා යනවා.ඒ විදියට අහිමි වෙන ආදරය අවංක සිතකට නම් දරාගන්න අමාරුයි.නමුත් ඒ ගැනම සිතමින් කාලය ගත කිරීම කලයුතු දෙය නම් නෙවෙයි. ඔයාගේ අවංක කමට ගරු කරන නැතිවූ අඩුව පිරවිය හැකි කෙනෙක් ලෝකේ කොහේ හෝ සිටිනවා නිසැකයි.මොකද ආදරය කල හැක්කේ අවංක සිතකට පමණමයි.

ජිවිතයේ එක්ව ගතකරන දෙදෙනෙක් එකතුවෙලා අරඹන ආදර බැදීම තුල නොගැලපීම මත ගැටුම් සුලබ කරනවක් තමයි.ඒත් දිගින් දිගටම ඒ දේ දිගටම සිදු වෙනවා නම් එතන තියෙන්නේ සුලභ දෙයක් නෙමෙයි. ඒ තියෙන්නේ දෙදෙනාට දෙදෙනා තුල නිසි අවබෝදයක් නොතිබීමයි. එකිනෙකාගේ සිතුම් පැතුම් ගති ආකල්ප කැමති දේවල් අකමැති දේවල් ගැන අවබෝදයක් නොමැති වීම තුල මතගැටුම නිරන්තරයෙන්ම ඇතිවෙනවා. එතැනදී තමයි “ මට නිවැරදි කෙනා ලැබුනද” කියන ප්‍රශනය ඇසිය යුතු තැන. මේ වගෙ තැන වලදී දෙදෙනාට දෙදෙනාව එපා වෙනවා පමණක් නෙමෙයි. ආදරය වෛරයක් බවටත් වෛරය පලිගැනීමක් බවටත් පත් වෙනවා. ඒ නිසාම ඒ සම්බන්දය කැඩී බිදී විසිරි යනවා. ඒක නිසා නොගැලපීම එක්ක ආදරයට වැඩිදුර යන්න බැහැ.


ආදරය යනු කැප කිරීමක් පරිත්‍යාගයක් සිතේ ඇතිවෙන පිරිසිදු සිතුවිල්ලක්. ආදරය කියන්නේ කැප කිරීමක් නම් ඔයා කාලයක් කැපකිරීම් කල සිතින්ම ඒ කෙනාගෙන් පලිගැනීම කොතරම් සාධාරණද කියන කාරණාව  පිලිබදව අපි කව්රුත් හිතන්න ඕනේ.ඔහු හෝ ඇය වෙනුවෙන් කල කැප කිරීම ආදරය බිදී ගිය පසුත් ඉටු කිරීමට තරම්  අවංක සිත් කාරුණික විය යුතු වෙනවා. ඔහුට/ඇයට තිබු ගෞරවය දිගටම පවත්වා ගන්නත් ඕනේ.ඒ ඔවුන්ට ඔවුන්ටම කියා ආත්ම ගෞරවයක් තිබෙන නිසා සහ එය රැකියා යුතු නිසා. ඒ තුලින් නියම සුදුස්සා තොර ගැනීමට අවබෝදයක් ලැබෙන නිසා. දෙදෙනාම දෙදෙනා නොගැලපෙන බව දැනගත් විට එය දෙදෙනාම කතාකර ඒ බැදීම අවසන් කලයුතුමයි. එය දුකක් වෙන නමුත් එයින් වෛරයක් ඇති නොවෙන්නේ එතකොටයි.අද අහිමි වන ආදරය කෙදිනක හෝ නැවත ඔබට අත වනාවි. එදාට ඔයාට නියම ආදරය විදින්න පුළුවන්. මතකයේ තියාගන්න ආදරයෙන් වෙන් විට ගෞරවාන්විත සමුගැනීමක් එකතු කරගන්න..!!


4 comments:

  1. හ්ම්ම්ම්ම්ම්.......

    ReplyDelete
  2. කතාව නම් ඇත්ත එත් හැමවෙලෙම එහෙම කරන්න බැ....

    ReplyDelete
  3. උබට මාර අත්දැකීම් තියනවා වගේ නේ

    ReplyDelete
  4. 'ආදරයෙන් වෙන් විට ගෞරවාන්විත සමුගැනීමක් එකතු කරගන්න..!!' මාරයි අප්පා..මෙහෙම හිතන මිනිස්සු කීයෙන් කියද ඉන්නේ..
    ජයම වේවා!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...