Friday, September 28, 2012

සක්වළ ගවේෂණය 05 - මිනිසා සදට ගියාලු ... !!


මිනිස්සු අලුත් දේවල් හොයා ගන්න කැමති. ඉතින් ඒ කැමැත්ත නිසා තමයි මිනිස්සු ගොඩක් දේවල් හොයා ගෙන තියෙන්නේ. මේ ලිපිය කියවන්න කලින් ලිපිය කියවන්න බැරි වුණා  නම් ඒකත් කියවලම් එන්න කෝ.
 

මිනිසා සදට ගියාලු කියල මම මේ ලිපිය පටන් ගන්න හිතුවේ වෙන මුකුත් නිසා නෙමෙයි ඒක පිලි නොගන්න අයත් ඉන්න නිසා. ඒක ගැන මම ඊලග ලිපියෙන් දාන්නම්කෝ. අද මේ දෙපැත්ත පෙරලෙන මාතෘකාවේ ඒක පැත්තක් ගැන ලියන්නම්. කොහොම කෝම හරි මිනිස්සුන්ට ඕනේ වුනා සදට යන්න.1950 වගේ කාලයේ අග  බාගයේ ලෝකයේ තිබුන ලොකුම ගැටුම තමයි ධනවාදය සහ සමාජ වාදය අතර තිබුන ගැටුම. ඒක රුසියාව සහ ඇමරිකාව අතර තිබුණු අවි යුද නොමැති යුද්දයක්. ඒ අතරේ මේ සදට යාමට ( මුලින් යාමට ) ඒ දෙපිරිසම වෙහෙසුනා...



මුලින්ම ඇමරිකාව කලේ මර්කරි කියන අභ්‍යවකාශ වැඩසටහන තවදුරටත්ට් දියුණු කරමින් එය තුල ගගනගාමියකු දමා  පෘථිවි කක්ෂය වටා ගමන් කරවිම. ඉන් ටික කාලයකට පසුව ගගනගාමීන් 3 දෙනෙකු දමා එයම කරන්නට ඔවුන්ට හැකි වුනා. නාසා ආයතනය එම යානයට ඇපලෝ යන නම ලබා දුන්නා..නමුත් මේ සදගමන ගැන එදා තිබුනේ සුබවාදී අදහසනම් නොවෙයි. එනම් මෙය කල නොහැකි දෙයක් ලෙස කාගේත් සිතේ මුල් බැස තිබුනා.නමුත් ඒ මතය බිද දමන්නට ඇමරිකාව වෙහෙසුනා..එය කොපමණද කියනවා නම් 1960 දී ජනාදි පති වූ ජෝන් f  කෙනඩි මහතාගේ චන්ද පොරොන්දුව උනෙත් සෝවියට් සංගමය පරදවා මිනිසකු සදට යවන බවයි.කෙසේ නමුත් ලංකාවේ යට මෙන්ම චන්දය අවසානයේ ඔහුට සියල්ලම අමතක වුණා.සදට යාම තබා සදත් අමතක වුණා.ඒ අතර මිනිසෙකු සදට යැවිය යුතු යෙයි කියමින් මිනිසුන් හඩ නගන්නට වුණා.ඒ විතරක් නොවෙයි කොංග්‍රස් මණ්ඩලයත් මිනිසකු සදට යවියයුතු බව කියන්නට වුණා. ඒ සමගම සද ගමන නැවතත් කරලියට ආවා.  


ජනපති නියමයෙන් ඒ සදහා යන වියදම් ගණන් බැලුනා. ඒ සදහා වියදම ඩොලර් බිලියන 25 පමණ ( අද නම් බිලියන 150 ) වියදම් වෙනවා යයි දුටු  ජනපතිට තරු පෙනුනා.එහෙත් මිනිසකු සදට යැවිය යුතු බව කෙනඩිගේ අදහස වුණා.. රුසියාව සමග එක්කව මෙය  කිරීමට කෙනඩි නාසා ආයතනයෙන් ඇසුවත් ඔවුන් එයට කැමැත්තක් දැක වුයේ නෑ. 1969 දී කෙසේ හෝ මිනිසකු සදට යැවිය යුතු බව කෙනඩි නාසා ආයතනයට දැන්නුවා. මිනිසුන් දෙදෙනෙක් සදට බස්සවා  පැයක් තැබීමට ඩොලර් බ්ලියන 25 කට අමතරව හාරලක්ෂයක කාර්ය මණ්ඩලයක්ද , කර්මාන්ත ආයතන හා සරසවි විසිදහසකගේ සහයද අවශ්‍ය බව නාසා ආයතනයද දන්නවා සිටිය.ඒ අතරම රොකට්ටුව යැවේම සදහා ඉඩමක් සොයා ගත යුතු වුනා..අක්කර  කොටි ගන්නන් ඇති ඇමරිකාවේ ඉඩම් නැතෙයි කීම විහිළුවක් කියා කාටත් කිතෙන්න පුළුවන් එත් ජන ශුන්‍ය, කෙත්වතු නැති, ඉඩමක් හොයන්න ටිකක් අමාරුයි. එහෙත් ටෙක්සාස් ප්‍රාන්තයේ රයිස් නම් සරසවියක් ඒ සදහා ඔවුන්ගේ ඉඩමක් පරිත්‍යාග කරන කළා.ඉන් පසු ලොකුම අභියෝගය වුනේ සදට යවන ලද රොකට්ටුව කොයි ආකාරයෙන් තිබිය යුතුද යන්නයි.එය දැවී නිම වූ ඉන්ධන කුටීර මග  හලමින් ගමන් කල යුතු බවත් අවසානයේ පොළොවට පැමිණිය යුත්තේ ගගනගාමීන් පමණක් සිටින කුඩා කොටසක් බවත් නිගමනය කලා..සමස්ථ රොකට්ටුව මවු යානය ලෙසටත් සදට බසින කොටස චන්ද්‍ර යානය ලෙසත් නම් කල අතර  මේ ක්‍රමයට සෑදු යාන කීපයකින්ම පරීක්ෂණ කරන ලදී .මෙසේ උඩු ගුවනට ගිය ඇපලෝ 9 යානය සද ඉතා හොදින් පෙනෙන දුරකට ගිය අතරම යානයෙන් පිට වූ ගගනගාමීන් අභ්‍යවකාශයේ  ඇවිද යමින් පැය 20 සද අසල ගතකරන ලදී.

1969 ජුලි 20 දින ඇපලෝ 11 යානය සදේ නිසල මුහුද නමැති කොටසට බසින ලද්දේය. එයින් පිටවන නීල් ආම්ස්ට්‍රෝන් හා එඩ්වන් ඕල්ඩ්රින්  සදමත ඇවිද  යමින් පරීක්ෂණ කරන්නට වුනා.. සදමත පැය 2 මිනිත්තු 36 ගතකල ඔවුන් නැවත පෘතුවියට එන්නේ ජුලි 24 වෙනිදාය.ඒ වනවිට ඇපලෝ වැඩසටහනට ජිවය දුන් ජනාදිපති ජෝන් කෙනඩි  වෙඩි කා මිය ගස් සිටියේය..ඇපලෝ ක්‍රියාවලියට කිසිදු සම්බන්දයක් නැති ජනාදිපති රිචට් නික්සන්ට්ට මිනිසා සදා යැවීමේ ගෞරවය හිමිවෙයි.. ඒ ලෝක  සොභාවයයි.. කෙසේ හෝ අවසානයේ මිනිසාට සදට යාමට හැකි වුණා.


                          ~~~ ගවේෂණය ඉදිරියටම ~~~~

                              

2 comments:

  1. වැඩේ ගෞරවය අහක ඉන්න එකෙක්ට යන එක එහෙනං ඇමරිකාවෙත් තිබිලා තීනවා ඈ...

    ReplyDelete
  2. හොඳ ලිපියක්.ජය!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...