Tuesday, September 25, 2012

කෙල්ලෙක්ට තෑග්ගක් ලැබුණාම .......


මේ ලෝකයේ ජීවත් වෙන මිනිස්සු හිතන පතන විදිය එකිනෙකට වෙනස් . එක එක අය හිතන්නේ එක එක විදියට. කෙනෙක්ට තෑග්ගක් ලැබුනම එක ගැන හිතන විදියත් වෙනස්. මෙතැනින් කෙල්ලෝ කොල්ලෝ ගත්තම ඒක තවත් වෙනස් වෙනවා . ඒත් කෙල්ලන්ගේ ඒ තෑගි ගැන දක්වන ආකල්පය ගොඩාක් වෙනස්. ඒත් ඒක මම හරියටම කියන්න දන්නේ නෑ . ඒක නිසා ඒක කෙල්ලෙක්ගෙන්ම අහන්න ඕනේ. මම ඇත්තටම අද ඔයාලට ගේන්නේ කෙල්ලෙක්  කියපු කතාවක් . මට නෙමෙයි සගරාවකට ...මේ තියෙන්නේ ඒ පාපොච්චාරණය.

“  මේ අවුද්දෙත් anniversary එක ලග ලගම එනවා.ළග එන anniversary එකට මට හිතාගන්නවත් බැරි තෑග්ගක් දෙනවා කියල ඔයා කිව්වේ ගිය අවුරුද්දේ හරියටම මෙන්න මේ කාලෙදිමයි.මට ඔයාගෙන් කොච්චරනම් තෑගි ලැබිල ඇතිද. ඒ උනත් මේ තෑග්ග නම් ගොඩක් විශේෂයි.ඒ මම ඔයාට දෙන තෑග්ගත් ඔයා  මට දෙන තෑග්ගත් එකම නිසා.එදා මෙදා තුර ඔය මට දීපු හැම තෑග්ගක්ම මම පරිස්සමට අරන් තියල තියනවා මගේ අල්මාරියේ උඩ තට්ටුවේ. ලියුම්, card , සෙල්ලම්බඩු , jewelery’s ඇදුම් වගේ ගොඩක් දේවල් එතන තියනවා. මේ හැම තෑග්ගක්ම අතට ගන්න කොට ඒකට හදුනා ගැනීමක් ඇමිනිලා තියනවා.. මගේ අතට අහු වුනේ ඔයා මට මුලින්ම දුන්නු valentine day card එක. ඒ හරියම කියනවා නම් අපි A/L   කරන කලේ.ඔයා මගේ යාලුවෙක් අතේ ඒක එවල බලන් හිටිය මට මතකයි.මාත් දුන්නු ගමන්ම card එක අතට ගත්ත හරියට බලන් උන්න වගේ.කවරේ ඇරලා බැලුවට මම එක කියෙව්වේ නෑ...මොකද මම එතකොටත් ලජ්ජාවෙන් රතුවෙලා හිටියේ.පන්තියේ පොත් අස්සේ හගවාගෙන මම හොරෙන් හොරෙන් කියෙව්වා.එකේ ලොකු දෙයක් ලියලා තිබුනේ නෑ. ඒකෙ තිබුනේ I LOVE YOU කියල විතරයි..ඒත් ඒ අකුරු ටික හැමදාම අතගාල බැලුවා. මට හොදට මතකයි එතකොට මම ඔයාට ආදරේ කලේ නෑ.ඒත් මගේ හිත අමුතුම හැගීමකින් පිරිලා තිබුනා.මම ඒ හැගීම කොච්චර කාලයක් ඇත වින්දද කියල මට මතක නෑ.ඒත් ඔයා මගේ  birthday එකට ඊලග තෑග්ග දෙනකම්ම මම ඒ දේ අත් වින්ඳා.

 මගේ birthday එකට ඔයා  දුන්නේ ලස්සන ටෙඩි බෙයාර් කෙනෙක්. ඒත් මේ ටෙඩිට තිබුනේ නපුරු පෙනුමක්.මම ඒක ගෙදර ගෙනත් ඌ දිහා බලන ගොඩක් වෙලා කල්පනා කළා.අපේ අක්ක නම් කිව්වේ කළුවරේ දැක්කොත් බයවෙයි කියලා.ඒත් මම ඒ ටෙඩිට ගොඩක් කැමතියි.මොකද ඒක දැක්කම මට ඔයාව මතක් වෙන නිසා.ඔහොම කාලය ගතවුණා. ඒ කාලය ඇතුලත මට ඔයා මට ගොඩක් තෑගි දුන්න. ඒත් අරවගේ මතකයක් මට ඒවායින් ලැබෙන්නේ නෑ.


මේ කලදී මම job එකක් කරන්න කොළඹ ආවා. මම වැඩ කලේ බැංකුවක ඉතින් මට salary එකත් හොදට ලැබුණා.මම යාළුවොත් එක්ක fashion bug , house of fashion ,ODEL  වගේතැන්වලින් ඇතිවෙනකම් බඩු ගත්තා. ඊට පස්සේ Mac Donald එකෙන් හරි KFC එකෙන් හරි කාල තමයි බෝඩිමට ගියේ.මට හැමදේම තිබුනා .හැම ඇදුමකටම match වෙන විදිහේ jewelers ,shoes ,handbag වගේ දේවල් හැමදේම.ඉතින් ඔයා දෙන තෑගි මට ඒ තරම් වැදගත් උනේ නැත්තේ ඒක නිසා වෙන්න ඇති. මම ඔයාට දුන්නේ මිල වැඩිම shirt , watches ඉතින් මම බලාපොරොත්තු වුනෙත් ඒ වගේ දේවල් ඔයා මට දෙයි කියල. ඔයා මට raping paper එකක ඔතල දෙන තෑගි ‘මට එපා’ කියල ඔයාගේ මුනටම කිව්වේ තරහින්.ඒ හින්දා තෑගි shop වලටම ගිහින් බලමු කියලා මම යෝජනා කළේ. මගේ හිත ගිය හැමදේකම මම ඉස්සලම බැලුවේ price tag එක දිහා. මට ඕනේ උනේ ලොකු බිලක් ඔයාට දාන්න කිව්වොත් හරි. ඒ මම ඒ කළේ ගතකරපු සින්තටික් ලෝකේ හැටි. මොකද අනිත් යාළුවන්ට නොදෙවෙනි තෑග්ගක් ගන්නයි මට ඕනේ කළේ.මම පොඩ්ඩක්වත් හිතුවේ නෑ ඒ ගැන ඔයා මට වියදම් කරන්නේ තව ඔයාගේ අවශ්‍යතා කියක් පස්සට දාලද කියල. දැන් මට  ඒ ගැන හිතනකොටත් දුකයි.ඒත් එහෙම ගත්තු කිසිම දෙයක් මට වටින්නේ නෑ.

අවුරුදු 2 කට කලින් මම ඔයාව marry කළේ ඒ සින්තටික් ලෝකෙට සදහටම සමු දීලා.දැන් අයෙත් මම ආදරේ මුල් කළේ ජීවත් වෙන්නේ.හිතට පුදුම නිදහසක් සැහැල්ලුවක් දැනෙනවා.හෙට අනිද්දා මම ඔයාට පුදුම හිතෙන තෑග්ගක් දෙනවා.ඒ අපේම පුංචි කිරිකැටියා.ඒ තමයි ජීවිතේ ලබන්න පුළුවන් උතුම්ම තෑග්ග.......!!!!


මේක තමයි ඒ කිව්ව කථාව .. හිතන්න දෙයක් ඇති ... තිතෙන දේවලුත් ඇති .........
                                                                                                            

12 comments:

  1. ඇත්ත කතාවක්ද?? අපිට නම් anniversary එක වගේම birthdays එකම දවසෙ සමරන්න වාසනාව තියනවා

    ReplyDelete
    Replies
    1. සින්තටික් ලොකේ අතරමං නොවෙන්න තරමි හිත දියුනු කරගත්තු මිනිස්සු නෙමෙ අපි
      එත් ආදරෙට දෙන තැගි වල වටිනාකම මනින්න ඔනේ සල්ලි වලින් නෙමෙයි නේද?
      ඇත්ත මල්ලි...

      Delete
  2. ලස්සන කතාවක් :) :)

    ReplyDelete
  3. මේ මචෝ උබට නෙවේ නේද ඕක කිවේ

    ReplyDelete
  4. තෑග්ගේ වටිනාකම තියෙන්නෙ ඒකේ වටිනාකම මත නෙමෙයි එක දෙන කෙනා මත...

    ReplyDelete
  5. හ්ම්ම්ම් කතාව නම් සහතික ඇත්ත..
    තෑග්ගක වටිනාකම මුදලින් මනින්නේ හැඟීමක් නැති මිනිස්සු කියලා අපේ මාමා කියන්නේ.

    ReplyDelete
  6. හිතට දැනෙන කතාවක්..

    ReplyDelete
  7. හ්ම්ම්..මම කැමතියි මේ පෝස්ට් එකට..
    ජය!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...