Tuesday, November 6, 2012

සක්වළ ගවේෂණය 06 - සඳ ගමන බොරුවක්ද ... ???

කාලෙකින් එන්නත් බැරි උනා . කට්ටියට අපිව අමතක වෙලාද දන්නේ නෑ . කොහොම හරි ඔන්න අදත් අලුත් විස්තර ටිකක් අරගෙනයි ආවේ . අලුත් උනාට මේවා හද්ද පරණ කතා . මට බැරි වුණා කාලෙකින් සක්වල ගවේෂණ ගැන තොරතුරු ටිකක් දාන්න. අදත්  එකක් දානවා . පරණ  ඒවා කියවන්න බැරි වුණා නම් ඒවත් කියවලම එන්න .. එදා අපි කතා කලානේ සද ගමන ගැන . එදා කිව්වා සද ගමන බොරු කියන පිරිසකුත් ඉන්නවා කියලා. ඔන්න අද කතාව ඒ ගැන  . ඒ කියන්නේ සද ගමන බොරුවක්ද යනකාරණාව පිලිබදව.


මිනිසා ඇත්තටම සදට ගියාද?.නීල් ආම්ස්රෝන්ග් 1969 දී සදමත් පා තැබූ කතාව බොරුවක් බව පිළිගෙන එය බැහැර කල පිරිසක් ඒ වසර තුලදීම ඇමරිකාවේම බිහි උනා .එදා එම ගණන ඇමරිකාවේ මුළු ජනගහනයෙන් 6% ක් .1969 – 1972 අතර කාලය දී අභ්‍යාවකාශ  යානා 6ක් මගින් ගගනගාමීන් 18 දෙනෙක් සදට රැගෙන ගියා .ඉන් 12 දෙනෙකු සදට පා තැබුවා .. මෙත්දී ඔයාලටත් ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන් එක යානාවක් යවන්නත්  කොච්චර අමාරු උනාද , දැන් යානා 6 ක් යැව්වේ කොහොමද  කියල . ඒක නම් මටත් ප්‍රශනයක් ..කොහොම උනත් 1972 වෙනකොට සදගමන පිලි නොගත් බිරිස ඇමරිකාවේ මුළු ජනගහනයෙන් 20% ක් තරම් උනා .එතකොට අද කොපමණ  පිරිසක් ඉන්නවා ඇතිද ??..බොහෝ පිරිසක් පවසන්නේ සද ගමන පිලි ගැනීමට තරම් භෞතික සාධක නොමැති බවයි.1969 සද ගමන පිලිබදව පෙන්වන ලද වීඩියෝ දර්ශන පෙළ සිඩ්නි චිත්‍රාගාරයේ සෑදු වීඩියෝවක් බවත් එය ලෝකයට පෙන්වා මිනිසුන් රැවටු බවත් බොහෝ පිරිස් කියන දෙයක් .ඇපලෝ යානාව අභ්‍යවකාශ ගතවෙනු දශලක්ෂ ගණනක් වූ බොහෝ පිරිසක් සියසින්ම දැක්කා . ගගනගාමීන් නැවත පෘථිවියට පමිනේනවද  ඔවුන් දුටුව දැක්කා  . නමුත් සද මත ඇවිද යනවා කවුරුත් සියැසින් (රූපවාහිනියෙන් නොවේ )දුටුවේ නෑ. මේ අනුව ඇපලෝ යානාව දින 6ක් අභ්‍යවකාශයේ  ගතකොට පැමිණි බව ඇපලෝ ගමන සක කරන අයගේ මතයයි .

මිනිසා සදට නොගිය බවට ඇති මතයේ ඉතිරිය මෙසේයි . සද මතට මිනිසුන් යැවීමට කීප වතාවක්ම රුසියාව උත්සහ කලා.පෘථිවිය වට තිබෙන වෑන් ඇලන් නම්  මාරාන්තික සහ අති භයානක ඉතා ගනකම් විකිරණ තීරුව පෘථිවියෙන් කි.7500 ගිය තැන හමු වෙන අතර එය එතැන් සිට කි 60000 වනතුරුම පවතිනවා. මේ විකිරණයට ඕනෑම ගනකම් තහඩුවක් විනිවිද යාමේ හැකියාවක් පවතිනවා . මේ  කාරණාව  නිසාම රුසියව සද ගමන අතහැර දැමු බවත් කියවෙනවා.කෙසේ උවත් 1972 දී ඇපලෝ වැඩසටහන නැවතීමෙන් පසු තාක්ෂනය අතින් ගොඩක් ඉදිරියෙන් සිටින අද වෙනවිටවත් නැවත සද ගමනක් ඇති නොවීම පුදුමයට කරුණක් . 

www.thespacerreview.com වෙබ් අඩවියේ එන  we never went to the moon යන ලිපිය තුල කියවෙන පරිදි ඇමරිකානුවෝ සදගමන අතහැර දමා එය වෙනුවට බොරු කිරීම මෝඩ කමක් .මොකද කියනවනම් පිටසක්වල යානා  පිලිබදව හොද දැනුමක් ඇමරිකාවට තිබුනා .1947 දී ඇමරිකාවේ රොස්වෙල් ප්‍රදේශයට පිටසක්වල යානාවක් කඩාගෙන වැටුනු අතරම එහි සිටි නියමුවන් දෙදෙනා අල්ල ගනු ලැබුවා . පසුව ඔවුන් මිය ගියා. පියාබන පිරිසි යනු මිනිසුන් දන්නා ඉන්දනයකින් හෝ ශක්ති ප්‍රබවයකින් ක්‍රියාත්මක වෙන යානා විශේෂයක් නොවෙයි.එහි ඉන්දන ටැංකියක් නෑ..හිට්ලර්ගේ ඉංජිනේරුවෝ මේ ක්‍රමය ගැන පරීක්ෂණ කර තිබුනත් යුද්ධය පරද වීමෙන් පසු එය අත අතහැර දැමුවාලු. කෙසේ වෙතත් සද ගමන ගැන වීඩියෝව සැදුවේ මේ කියන පියාබන පිරිසියේ බවට මතයක් තියනවා.මේ සියල්ලම මවාගත් කතා විය හැකියි.ඒත් අපි මතක තියාගත යුතු දෙයක් තිබෙනවා.එනම් ඉතා සැලසුම් සහගතව ගොතන ලද හොද බොරුවක් කෙටි කාලයක් තුල පරම සත්‍ය බවට පත්වෙන බවයි.. 

1 comment:

  1. Gobelsge thiyariyath onama boruwak keepawitak kiyana wita eya atha wena bawai

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...