ආලේ කරනා කාලේ ......
තනිකඩ ජීවිතේ fun තමයි, ඒත් දෙන්නෙක් අවංකව
එකිනෙකට ආදරය කරද්දී දැනෙන සතුට , හැගීම ඊට වඩා වෙනස් දෙයක්.. ඔයාලටත් මේ දේවල්
දැනිල තියනවද / විදලා තියනවද එහෙනම් ඔයාල වාසනාවන්තයි... මොකද ඕක හැමෝටම ලැබෙන්නේ
නැනේ. පෙළක් ඇය නම් “ හපෝ මම වැටුන අපායක් කියල කියනවා.. ගොඩක්ම කියන්නේ බැන්දට
පස්සේ.හරි අද ඒක නෙමෙයි කතාව. ආදරය කරන
කලේ කරන දේවල් ගැන
v උදේ නැගිට්ට ගමන් phon එක අරන් බලනකොට “good
morning “ කියල sms එකක් තියනවා නොදැක්කොත් එදාට ඉතින් කෑවේ නෑ වගේ තමයි
v කොහොම හරි sms එකක් තිබුන කියමුකෝ එතකොට ඉතින්
මාර හැපී ඉතින් ඔයාලත් ටග් ගාල sms එකක් යවනවා. ඊට පස්සේ ඉතින් අම්ම කතා කරන කම්
sms හරි call කරනවා ..v දුකක් තනිකමක් දැනෙන කොට ලෙඩ වෙලා පාලුවෙන්
ඉන්නකොට හොද උණුසුමට ඔයාලා ආදරේ කරන කෙනාට තුරුළු වෙන්න හිතෙනවා.. ඔය තුරුළු වෙන්න ආදරේ කරන අය හරිම කැමති. කොතන
ගියත් තුරුල් වෙලා ඉන්න තමයි හදන්නේ. එකනේ මහ දවාලේ කට්ට අව්වේ bus වල love place එකේ (love place එක කියන්නේ TATA bus එකේ නම් පිටිපස්සේ සිට් එකේ දොර ලග මුල්ල ) glass වහගෙන දාඩිය පෙරාගෙන තුරුල වෙලා ගුලි වෙලා යන්නේ ...
v පුංචි පුංචි රණ්ඩුවෙලා “ අයෙ මම ඔයත් එක්ක කතා
කරන්නේ නැ “ කියල call එක cut කරලා සැරින්
සැරේ phone එක අතට අරන් miscall එකක් හරි
sms එකක් හරි තියනවද කියල බලනවා.v මහ රෑ දෙගොදහරියේ එක පාරට නැගිටලා තමන් ආදරේ කරන
කෙනාට call එකක් දානවා “ අනේ ඔයා තම නිදි නැද්ද කියල පටන් ගන්න කතාව පාන්දර උදේ
වෙනකම් nonstop වෙනවා
v ලොකු රන්ඩුදුවක් උනොත් ඒක අවසානයේ “ sorry “
කියපුවම ඔක්කොම ඉවරයි. හැබැයි ඊට පස්සෙත් ඒ රණ්ඩුව ඉවර වෙලත් රණ්ඩුවට හේතු උන කෙනා
හොයල වාද කරනවා
v ආදරේ කරනකොට දුරකථන ඇමතුමක් අරගනිද්දී call
waiting කියල ආපුවම දුකකුත් තරහකුත් එනවා
v ආපු එවපු sms බල බලා තනියම හිනාවෙනවා
v පන්ති යන කාලෙට පන්තිය නිවාඩු දුන්නොත් එදාට ඊට
වඩා සතුටක් නෑ .. ඇයි ගෙදරට පචයක් ගහල මල් වතු යන්න පුලුවන්නේ ...

අද වෙනකොට අපිට නිතරම වගේ හැගෙන්නේ “ආදරය කියන්නේ
හිත රිදුම් දෙන දෙයක් පමණයි, ඒක මහ කරදරයක් , බොරුවක් හිත රවටන මායාවක් “ කියලා
විතරයි... මොකද අද රටේ හැමතැනම ආදරය නිසා
ජීවිතයම එපා වුන කෙල්ලෝ කොල්ලෝ ඕනේ තරම් ..ඒත් ඒ නියම ආදරය නෙමෙයි. ඒ වැරදි දෙන්නෙක්
අහබු වෙලාවක අහබු හමුවීමක් විතරයි ..අවංක ආදරය කියන්නේ ලෝකේ තියන පුදුම වූ බැදීමක්..වෙලාවකට
ඔබට ආදරය ඔබ කන්න ආපු යක්ෂයෙක් වගේ පෙනේවි .. නමුත් එයයි ආදරය. එය සදහටම විදින්න
ඔයාටත් පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා ..
අනිවාර්යයෙන්ම ආදරේ විඳවන්න නෙමේ විඳින්නයි තියෙන්නේ
ReplyDeleteකතාව නම් ඇත්ත ..... මගේ අතින් ලියවුනු ආදර වේදනාවක් මේ ...........
ReplyDeleteසිනා මුවින්
හිතේ රිදුම්
සගවන්නම්.............
බිදුණු සිතින්
තිබු ආදරේ
පැතුම් මතින්
නොසයන්නම් .................
ඇත දුරක
නුබ වෙනුවෙන්
මං ඉන්නම් ......
නුබේ සිනා
දැකලා සිත
සනසන්නම් .............