Monday, June 18, 2012

සැබෑ මිතුරෝ ....!!!!!!


phone  එකේ facebook වල class එකේ මේ හැමතැනම එක එක විදිහේ යාළුවෝ පිරිලා ඉතිරිලා ගණන් කරගන්නත් බැරි තරම් ...ඒ උනාට කොතන හරි පුංචි වැරද්දක් තියනවා.මේ විදියට මොන තරම් යාලුවෝ හිටියත් සිනාවට කදුලට ඒක වගේ ලග ඉන්න එකම ඒක යාලුවෙක් වත් හොයාගන්න ටිකක් අමාරුයි.


සැබෑ මිතුරෙක් ජීවිතේට ලොකු ශක්තියක්.අප්‍රමාණ ආශිර්වාදයක් සැබෑ මිතුරෙක්. සතුටට වගේම දුකටත් ලග රැදිලා ඉන්න දියුණුවට අතදෙන සොදුරු මිතුරකුගේ වටිනාකම මිල කරන්න බැරිතරම්.ඒත් මේ සයිබර්  අවකාශයේ මානව දයාවෙන් පිරුණු හදවතක් සොයා ගන්න ඒක ලේසි පහසු කාර්යක් කටයුත්තක් නෙමෙයි. 21 සියවසේ මිනිස් සමාජය ඊෂාවෙන් කුහකකමින් පිරිලා. ඉතින් මානව දයාව අවංකත්වය හා විශ්වාසය පිරුණු සගයෙක් හොයා ගන්න එකත අමාරුයි.බාහිරින් දකින පාටින් හැඩරුවින් එකෙනගේ අභ්‍යන්තර හැගීම් තේරුම් ගන්න බෑ..අන්න ඒ නිසයි  අපි ගොඩක්  වෙලාවට කරදරේ වැටෙන්නේ.අත් වැල් බැදගෙන ලග ඉන්න මිතුරන් උන් හිටි තැන හිටි හැටියේ පැන දුවන්නේ කදුළු පොදක් වැටුන හැටියෙමයි....අද මිත්‍රත්වයේ සැබෑම තත්වය මෙයයි.


කෙසේ වුවද සැබෑ ඇස් ඇතිව කෙනෙකුගේ හැගීම් විනිවිද දකින්නට, ඔවුන් හා එක්ක කදුළු සලන්නටත් ඔවුන්ගේ දෙනතින් වැටෙන කදුලුබිදුවක් පිසදමන්නත් හැකි නම් ඔබ සැබෑ මිතුරකු වනු ඇත. ඔබත් කෙනෙකු ගේ සිතේ නොමැකෙන කෙනකු වීමට උත්සාහ කරන්න.මිතුරාට ඔබ පසුපසින් ඒමට නොව ඔබ පසු කර යාමට ඇවිටිලි කරන්න. ඔබ අන් අයගේ මිතුරා වන්න. එවිට මුළු ලොවම මිතුරන් වනු ඇත ...

3 comments:

  1. කතාව ඇත්ත බන් nice blog keep it up....... මේ කොමෙන්ට් දානකොට අහන ඉමේජ් වෙරිෆිකේෂන් අයින් කොරහන්කෝ බන්

    ReplyDelete
  2. මමිත්‍රස්‍ය කුතඃ සුඛම්

    මිත්‍රයන් නැත්තා හට කවර නම් සුවයක්ද ???

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...