Saturday, June 23, 2012

අන්දරේගේ ආසාව


ඔන්න අන්දරේ දවසක් රජ වාසලට ආවලු. ඇවිදින් රජතුමාව හෙව්වලු. හොයල හොයල බැරිම තැන පුරෝහිත්ගෙන් ඇහුවලු රජතුමා කොහෙද කියලා .. එතකොට පුරෝහිට කිව්වලු රජතුමා රාජකාරි වැඩකට එලියට ගියා දැන් එයි කියල. ඉතින් අන්දරේ රජතුමා එනකන් කියල රාජ උද්‍යානයේ සක්මන් කර කර හිටියලු .. මෙහෙම ඉන්න අතරේ රජතුමාගේ අලුත් අග බිසව ස්නානය කරලා ආවලු අන්දරේ ලගින් ඉතින් අන්දරේ අහකට වෙලා බිසවට ආචාර කලාලු .. රජ බිසවත් හීන වෙලා යන්න ගියාලු .. මේ බිසව හරිම ලස්සන ලදක්. ඉතින් අන්දරේට වෙනදට වඩා අමුතු අදහසක් පහල උනාලු.. ඇත්තම කියනවනම් කැමැත්තක් ඇති උනාලු.. අන්දරේට කොච්චර මේක හිතට වැදුනද කියනවා නම් රජතුමා එනකම් ඉන්නේ නැතුව ගෙදර ගියාලු... ගෙදර ගියත් අනදරේට මතක වෙන්නෙම රජ බිසවමලු .. කලපනා කරලා කල්පනා කරලා අන්දරේ තීරණය කලාලු රජතුමාට මේ ගැන කියන්න...


ඉතින් අන්දරේ පහුවදා රජ වාසලට ගොහින් රජතුමාට මේක කියන්න අවසථාවක් එනකම් බලන් හිටියලු. මොකද ඉතින් මේක එසේ මෙසේ කාරණාවක් නෙමෙයිනේ රජතුමාට මලපැන්නොත් එහෙම බෙල්ල කපල දානවනේ..අනික තව කව්රුත් දැන ගත්තොත් වස ලජ්ජාවනේ .. වෙලාවක් බලල අන්දරේ කාරණාව රජතුමාට කිව්වලු .. රජතුමා fun  එකේ ඉන්න වෙලාවක් බළල්ලු කිව්වේ ඉතින් රජතුමාට කේන්ති ගියේ නැතිලු.රජතුමා කිව්වලු “එහෙනම් මුලින්ම අන්දරේ මැටි බජනයටයි රන් බජනයකටයි වතුර ටිකක් අරන් වරෙන්කො” කියල. ඉතින් අන්දරේට මාර happy ලු ..මොකද රජතුමා මුකුත් කිව්වේ නැනේ.. ඉතින් අන්දරේ ටග් ගාල ගිහින් වතුර අරන් ඇවිත් , “මෙන්න දේවෙයන් වහන්ස” කියල රජතුමාට දුන්නලු .. ඉතින් රජතුමා කිව්වලු “මේ වතුර බජන දෙකේ වතුර බොන්න” කියල .අන්දරේ මැටි බජනේ වතුරයි , රන් බජනේ වතුර බිව්වලු .. එට පස්සේ රජතුමා අහනවලු “දැන් උබට මොකක් හරි අමුත්තක් තේරුනාද ඔය වතුර වල” කියල .. අන්දරේ කිව්වලු “ නැත දේවෙයන් වහන්ස , රන් බජනයේ වතුරත් , මැටි බජනයේ වතුරත් ඒක වගේමයි” කියල “ ඊට පස්සේ රජතුමා කියනවලු “ ඉතින් යකෝ ඔය වතුර වගේම තමයි ගෑනුත් , රජ ගෙදර හිටියත් , පැලේ හිටියත් තියෙන්නේ එකම අවයව තමයි .. තොට ඕනේ දෙයක් තොගේ ගැනිට කොර ගනින් .දැන් මගෙන් කසපාර නොකා පලයන්” කියල අන්දරේව පන්න ගත්තලු ...

4 comments:

  1. නියම කතාව....... ඒ වුණත් මිනිස්සු හුඟක් වෙලාවට පිට ඔපේ බලනවා නොවැ :D

    ReplyDelete
  2. එකනේ බැදපු ගමන් ගෑනි එපා වෙන්නේ....

    ReplyDelete
  3. supiri katawa e wagema atta kathawak machow

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...