Saturday, June 16, 2012

ගැහිල්ල


අපි අද ගැන ගැහිල්ල  කතා කරමු .අපි පුංචි සන්දියේදී ජිල්බෝල ගැහිල්ල කළෙමු .එකට ඇට බෝල ගැහිල්ල කියාද කියති.ටිකක් ලොකුමහත් වෙන විටදි නම් ගැහිල්ල විවිධකර වෙයි. පිරින්මින්ගේ ගැහිල්ල අත් පන්දු  ගැහිල්ලයි. කුට්ටි කුට්ටි අඩුක් කරගන්න නම් අපේ රටේ ක්‍රිකට් ගැහිල්ල කල යුතුය .කණ්ඩයමේ ඇය ක්‍රිකට් ගැහිල්ල කරන විට  කොටි ගණන ගැහිල්ල කරන්නේ නිලධාරින්ය.ක්‍රිකට් ගැහිල්ල පැත්තකට දාමු.අපේ අය ෆුට් බෝල  ගැහිල්ල ද කරති .වොලී බොල් ගැහිල්ල ද කරති .ක්‍රීඩකයන් ඔයා සියලුම ගැහිල්ල ට පුරුදු වෙද්දී තිරයෙන් පිටුපස සිටින බලධාරීන් හිටු කියල ගැහිල්ල කරති. ටෙනිස් ගැහිල්ල රගර් ගැහිල්ල බිලියඩ් ගැහිල්ල ලොකු අය කරති.පාලු ඉපනැල්ලේ එල්ලේ ගැහිල්ල කරන්නේ පොඩි පොඩි මට්ටමේ අයයි.

විසිල් ගැහිලද අපේ රටේ සුවිශේශි ගැහිල්ලකි.පෙන්වතා  දුෂ්ටයාට පැණි පෙරෙන්න ගැහිල්ල කරන විට සිනමා ශාලාවේ ගැලරියේ සිටින පිරිස අමන්දානන්දයට පත්වී විසිල් ගැහිල්ල කරති.පාරේ සිටින පොලිස් නිලදාරීන් විසිල් ගැහිල්ල කරන්නේ තදබදය අඩු කරන්නටය.දැන් පාසැල් මාර්ග නියමක සිසු සිසුවියෝද විසිල් ගැහිල්ල කරති.ලස්සන හැඩරුව අග පසග ඇති කෑල්ලක් දුටුවම අනංග වයසේ පසු වන කොල්ලන්ගේ මුවින් ඉබේම විසිල් ගැහිල්ල සිදුවේ.කම්මුලට ඇත ගැහිල්ල කරන්නේ හනේ හපොයි කියා සිතෙන විටය .පදම් වී ගේදරට පැමිණෙන සැමියා බිරිදට කම්මුලට ගැහිල්ල කරන්නේ බිරිදගේ කෑ ගැහිල්ල ට විරුද්ධවය.මෙය දකින ගෙදර පොඩි උන් කෑ ගැහිල්ල මෙන්ම ඉකි ගැහිල්ලද කරති.


මුහුදට හත්ගව්වක් තියා අමුඩ ගසන්නේ මෝඩයෝය.අතීසාරයට අමුඩ ගසන්න නියම කරන්නේ මෝඩ වෙද්දුය.තමන්ගේ ඉඩම වැට ගැහිල්ල කරන්නේ තමාගේ ආරක්ෂාවටය.අතමිට තිබේ නම් කම්බි ගැහිල්ලද ද කරති.වඩා ධනවත් කෙනා තාප්ප ගැහිල්ල කරති. ඇස්  ගැහිල්ල තරුණයන්ට හිමි දියකි.පච ගැහිල්ල චන්ද අපේක්ෂකයන්ට අයිති දෙයකි.චන්දයෙන් පසු පච ගැහිල්ල අමතක කර යටිමඩි ගැහිල්ල කරන්නේ ද ඒ උත්තමයන්ය. ඒ යටිමඩි ගැහිල්ල ටක් ටක්  ගා සිදුවේ. එයට පසු තට්ටු පිට තට්ටු ගෙවල් ගැහිල්ල සිදුවේ.ටෙන්ඩර් කොමිස් ගැහිල්ල කෙලින්ම පිටරට ගිණුම වලට බැර කරයි. චන්දයට එක එක මද ගැහිල්ල කරගත් ඇය හලෝ මචන් කියමින් යාලුවෝ වෙති .. ඔය හැමදෙනාම කරන්නේ දුප්පත් අපගේ බඩට ගැහිල්ල ය.


කාලයක් අප කාගේත් කතාව ක්ලේමෝ ගැහිල්ල ගැනය එදා මෝටර් ගැහිල්ල R.P.G ගැහිල්ල අද සතපනහ ගානටය .. මල්ටි බැරල් ගැහිල්ලට නම් පොඩි තැනක් ඇත ..අතීතයේ ඩප්පි ගැහිල්ල ට ප්‍රසිද්දියක් ඉසිලුවේ වනාතමුල්ල පැත්තය .නමුත් අද අත්බෝම්බ ගැහිල්ල රටේ කොතනත් සිදුවෙන දෙයකි. කාලයක් කොටි අපිට බෝම්බ ගැහිල්ල ම සිදු කල අතර .අපි ඔවුන්ට ගැහිල්ලෙන් ම පිළිතුරු දුන්නේය.තලු ගැහිල්ල කරන්නේ රසවත් බොජුනක් මේසයට වැඩියාමය.රු සම්පත් ඇති ලදක් දුටුවිට තලු ගැහිල්ලට වයස සීමාවක් නැත. අහසේ පාවෙන සරුන්ගලයට බොක්ක ගැහිල්ල කරයි.ගොඩනැගිල්ලක් දිරාපත් වු විට සක්ක ගැහිල්ලද සිදුවේ.රතුඉර ගැහිල්ල ට කන්තෝරු කාරයෝ බිය වෙති. නයා ගැහිල්ල දෙයාකාරය එකක් නයා කියන සරපයා ගැහිල්ලයි
.

පෙත්සම් ගැහිල්ල සමහරුන්ගේ විනොදන්ශයකි.කුඩාරම් ගැහිල්ල කරන්නේ වන්දනාවේ යන අයයි.යුද්ධයට යන සෙබළුද කුඩාරම් ගැහිල්ල කරති.දිය බුන් ගැහිල්ල කරන්නේඇලේ දොලේ නාන විටය.අයිස් ගැහිල්ල කරන්නේ රජයේ සේවකයෝය.පාදයේ ආබාධ ඇතිවිට කොර ගැහිල්ල සිදු වේ .

ගැහැණු දෙන්නකු එකතු වු විට පන්පෝරි ගැහිල්ල හා නයා ගැහිල්ල කරති.නයා ගැහිල්ල කල හොත් අමාරුවෙන් හෝ  බේරිය හැක.නමුත් පොළග ගැහිල්ල කළහොත් වැඩේ බරපතලය.බෝර ගැහිල්ල කරන්නේ ගල් පරුවත කැඩිමටය .ලාඩන් ගැහිල්ල උරුම හරකුන්ටය.උන්ට හංවඩු ගැහිල්ල ද කරති.තැනේ හැටියට ඇනේ ගැහිල්ල කිරීම නුවනට හුරුය.මනෝ ගැහිල්ල තරුණ තරුණියන් කරන දෙයකි.මෙයට ලව් සික ගැහිල්ල ද කියති.බූට් කෑ විට හැමෝම මුඩ් ගැහිල්ල කරති.මහා වැස්සට හෙන ගැහිල්ලද සිදුවේ. වැහි නැති හෙන ගහන්නේ බොරු කියන අයටය.


පොටෝ ගැහිල්ල පත්තර කාරයන්යේ ප්‍රධානම ගැහිල්ල කි .මගුලකදී පොටෝ ගැහිල්ල සිදු නොකල හොත් එය අඩුපාඩුවකි.මාලු වලට ෆෝමලීන් ගහන්නේ සර්ව සාදාරන වෙලෙන්දන්ය.ගොයම් වලට බෙහෙත් ගැහිල්ල නොකළහොත් ගොවියා අමාරුවේය.ගැහිල්ල ගැන හමාරය.

1 comment:

  1. මචං අපි කමෙන්ට් "ගහන්නේ" නැහැ උඹ අයින් word verification කළේ නැත්තම් :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...