Friday, June 15, 2012

ගීතය

ආදරය කියන්නේ මහා පුදුම දෙයක් .ඇත්තම කියනවනම් ඒක පරිත්‍යාගයක් .ඔයාලත් එසේ ආදරය ලබන්නෙක් නම් ආදරය කරන්නෙක් නම් ඔයා හරිම වාසනාවන්යෙක්.අද ලිපියෙන් මම ආදරය ගැන කියන්න බලාපොරොත්තුවක් නැ. මේක ආදරය හා බැදුන දෙයක් නිසයි මේ ටික හරි ලිව්වේ.ආදරය ගැන මතක් කරනකොට ගීතය කියන දේ නැතුවම බැරි දෙයක්.ආදරය ගැන ලියවුන ගීත කොපමණදැයි කියල අවසන් කරන්න බැරි තරම්.විවිධ භාෂා  වලින් ලියවුන විවිධ ගීත කොතරම්  නම් තියනවද.සාමාන්‍යයෙන් ගීත ලියවෙන්නේ සිතේ ඇතිවන සිතුවිලි සමග ... සතුට දුක ආදරය වගේ සිතුවිලි සමග ගීතය උපදිනවා.අද්දැකීම් සමගත් ගීත උපදිනවා ..මේ ලිපියත් අද්දැකීම් වලින් ලියවුන ගීතයක් ගැන.ඇත්තටම මේක ගීතයක නිධාන කතාවක්..



මේ සිදුවීම වෙලා තියෙන්නේ ඒක ගුරුවරයෙක්ට.ඔහු අමතර පන්ති වල උගන්වන ගුරුවරයෙක්. මේ සර් ගේ පන්තියෙත් ළමයි ගොඩක් හිටිය.මේ අතරේ පෙම්වතුන් පෙම්වතියනුත් හිටියා.මේ ගැන ඉතින් මේ සර් නොදන්නවා නොවෙයි.ඒත් ඉතින් පාසලේ වගේ ඒවායේ නීති දන්නේ නැනේ ඒ නිසා ඒ වැඩෙත් ජයටම ගියා.ඒක දවසක් මේ සර් දැක්ක ඒක කෙල්ලෙක් කොල්ලෙක්ට කෑම කවනවා.සර් මේක දිහා බලලා තරුණ කාලෙනේ කියල හිතල  මුකුත් නොකියම යන්න ගියා.ඉතින් ඔහොම කාලය ගතවෙලා a/l විභාගෙත් ආවා.හැමෝම මහන්සිවෙලා විභාගේ  ලිව්වා ..කාලයක් ගියා ප්‍රතිපලත් ආවා .පෙළක් ඇය උඩින්ම pass.පෙළක් ඇය යටින් pass ..පෙළක් ඇය ලොවෙත් නැ. ඉතින් දවසක් අර සර් ට අර එදා බත් කවාගත්ත කොල්ල හම්බවුනා .ඉතං සර් විස්තර අහල result ඇහුවා.මෙය pass වුනාට campas යන්න මදි.ඊළගට සර් ඇහුවා අර ඒ දවස වල ඔයා බත් එහෙම කවගත්තු ගනු ළමය කෝ කියල .මෙය කියව්වා “එය pass දන් එය ඉන්නේ පේරාදෙණිය campas එකේ “ කියල. “ එතකොට ඒ දවස වල තිබුන සම්බන්දෙට මොකද වුනේ???” කියලා සර් ඇහුවා.මේ කොල්ල කියනවා “ ඒක ඉවරයි සර් ,එය campas ගිහිල්ල හොදට ඉගෙනගෙන හොද තැනකට යයි .එයාට හොද අනාගතයක් තියනවා .මම එයාට කොච්චර ආදරේ කලත් මට එයාගේ සමාජයට එන්න බෑ .එයාට මට වඩා හොද කෙනෙක් ලැබෙයි, සර් .මම එයා අතරට ගියොත් එයට දුක විදින්න  වෙයි. ඒක නිසා අමාරු උනත් මම කොහොම හරි හිත හදා ගන්නවා ...” කියලා ..මේක අහපුවහම සර්ට පුදුම හිතුනලු,ඒ වගේම මේක සර්ගේ හිතට තදින්ම වැදුනලු. ඉතින් මේ සිද්දිය පදනම් කරගෙන සර් ගීතයක් ලිව්වලු ..මෙහෙම


හන්තානට පායන සද ලස්සනයිද කියන්න

මා නොදකින ඒ පුරහද ඔබට හැකිය බලන්න ...............................//


අදුරු ලලා වහිනා කල සරසවි බිම තෙමන්න........................... ....//

කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න


ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න............................. ....// 

මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න


 හන්තානට පායන සද ...........


 ඔන්න ඕකයි සින්දුව. ඒ කොල්ල එයාගේ ආදරේ ඒ විදියට පරිත්‍යාග කලා.නමුත් හිතන්න යමක තියනවා ඒ ගෑනු ළමයට මොහුව මතක්  නොවෙනවද කියන කරුණ ???


1 comment:

  1. ඇත්ත ආදරේ කියන්නේ බදා ගැනීම නෙමෙයි. ඒක ඒ කොල්ලා තේරුම් අරගෙන වගේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...