Monday, June 11, 2012

බල්ලොත් නොකන “ සල්ලි “


ඔබ මම ජීවත් වෙන මේ සමාජය තුල ඇති  විවිධ  දේ  අතුරින් මුදල් වලට ඇත්තේ ඉතා ප්‍රබල ස්ථානයක් කිව්ව්වොත් ඒක නිවැරදියි. මුදල නැත්නම් සල්ලි අද සමාජයේ යම් දෙයකට වටිනාකමක් දීමට යොදා  ගන්නා  වනිජයම සාදකයක්.

අතීතය සහ අද  බලන විට බොහෝ දේ වෙනස් වී පවතිනවා. එදිනෙදා ජිවිත ගැටගසා ගැනීමට පමණක්  වෙහෙසුන එදා මිනිසුන් ඉතා සරල ජිවන රටාවකට පුරුදු වී සිටියා .කොතරම් සරල වුවත් කොතරම් සරල වුවත් ගති පැවතුම් වලින් හා ගුණධර්ම වලින් ඔවුන් අද ජීවත්වෙන මිනිසුන්ත වඩා පොහොසත එකිනෙකාට ගෞරව කරන පුද්ගලයන් ලෙසත් ජිවත් වුනා.
අද ඉතා කාර්ය බහුල ජීවිතයක් ගතකරන මිනිසා නොනවතින ගමනක යෙදී සිටිනවා .ජීවත්වෙන්න මුදල් හොයන මිනිසුන් මෙන්ම මුදල් හොයන්න ජිවත්වෙන මිනිසුන් අද ලෝකයේ නැතුවා නොවෙයි ..මුදල නමැති ඒකකය ලොව පහල වීමත් සමග මිනිසා තුල තිබුණු අන්‍යෝන්‍ය සබැදියාවට හෙන ගසා වෛරය  හා ඊරිසියාව දළු ලන්න පටන් ගත්ත .ඒ සමගම ඇති නැති පරතරය ඇතිවන අතරම නැති ඒක කොන් වීමත් ,ඇති ඒක සමාජයේ රජවිමත් සිදු වුනා.


ඔබත් මුදල් පසු පසම හමා යන්නකු නම් ඔබට කිසිදා පොහොසතකු විය නොහැකිය ... ඒ ඔබ පොහොසතකු බව ඔබ නොසිතන නිසාත් පොහොසතකු බව නොදන්නා නිසා තවත් මුදල් පසු පසම හමා යන නිසාත්ය ...මුදල් වලින් පොහොසකු වුවත් ඔබ අධ්‍යාත්මිකව පොහොසතු නොවේ .. ඒ මුදල පසුපසම හැම යන ඔබට සමාජීය අවබෝදයෙන් ,දහමින් ,ගුණගරුක බැවින් පොහොසත්කු නොවන නිසා ... මුදල නිසා දිව රැ නොබලා වෙහෙසෙන ඔබට තම දෙමාපියන් යහළුවන් සහෝදර සහෝදරියන් දුදරුවන් හා බිරිද සමග ජිවත් වීමට ඇති කාලය අඩුවෙනවා නොවේද ???   සිතෙහි හෝ ගතෙහි නිදහසක් නොමැතිව ගෙවන ජීවිතෙන් ඇති ඵලය කුමක්ද ???
මුදල් සෙවීම අනවශ්‍ය දෙයක් කිවොත් එය ලොකු විහිළුවක් ..නමුත් හොදින් ජිවත් වෙන්න තරම් මුදලක් සොයාගැනීම ප්‍රමාණවත් , සොයන මුදලින් යම් කොටසක් ඉතරි කිරීමත් වැදගත්.. තමාට ගැලපෙන ආර්ථික මට්ටමක්  සදා  ගත්  පසු ඔබට  එය දිගටම පවත්වාගෙන යමින් තම හිතවතුන් සමග විනෝදයෙන් හා සතුටින් ජිවෙතය ගතකරන්න පුළුවන් වේවි ..එමනිසා ජිවත් වෙන්න මුදල් හොයන්න .. මුදල් හොයන්න ජිවත් වෙන්න එපා ...







4 comments:

  1. ඒත් හම්බ කරන මුදලින් ජීවත් වෙන්න අමාරු නම්? සියලු සම්බන්දතා පවත්වා ගැනීමට මුදල් යන සාධකය අත්‍යාවශ්‍ය කාරනයක් වී හමාරය....

    ReplyDelete
  2. මුදලත් සමග ජිවිතය සිත්ට සැනසිමක් ගෙනෙන්නේ නෑ නේද සහෝ ???

    ReplyDelete
  3. ජීවිතේ කියන්නේ සල්ලි නොවුනත් ජීවිතේට සල්ලි කියන එක අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්වෙලා හමාරයි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...