Monday, November 12, 2012

set ද ? නැද්ද ?

ඔයාලා friendship එකක කොටස්කාරයෝ වෙලා තියනවද ? සියයට බර ගනකගේ පිළිතුර ඔව් වෙන්න පුළුවන්.එහෙම නැති අයත් සියයට ප්‍රමාණයක් ඇති .විදේශ රට වල නම් සමජයෙන්  වෙන් වුනු අයට වෙන්වුනු සමාජ ශාලා තිබුනත් ලංකාවේ අපිට නම් එහෙම නෑ. ඒක නිසා අර ප්‍රශ්නයට ගොඩක් අයගේ පිළිතුර ඔව් කියල වෙන්න ඕනේ . ගොඩක් වෙලාවට කට්ටිය set බහින්නේ 10 ,11 කාලේදී .මොකද ඒකාලේ තමයි ගොඩක් අයට ඔය set විසේ ඔලුවට ගහන්නේ . එතනින් පටන් ගත්තම school set එක, කෑම කන set එක,  පන්තියේ set එක, job කරන තැන set එක,ගමේ set එක,  facebook set එක, tweeter set එක,  blogger set එක කියා කියා රටේ නැති සෙට් ඕනේ තරම්.
මේ විදියට set හදා ගෙන ඒ සෙට් ඇතුලේ friendship හදාගෙන. ගැවසිම් වැඩිවෙනකොට සෙට් එක ලොකු වෙනවා නිකන්ම. ඉස්සර කට්ටිය හදුනා ගන්න ඔලුවෙන් ගහපු plan දැන් අඩු වෙලා ගිහින්.  ඒ ඒ  අයගේ පෞද්ගලිකත්වය මුල් කරගත්තු විහිලු තහලු දැන් වැඩි වෙලා. ඒ විහිලු වලට වෙන සිත් රිදවීම් ප්‍රමාණය අඩුවෙලා ගිහිල්ලා. කට්ටියම friendship එක ඇතුලෙ තියන Chemistry එක හදුනා ගෙන. හැබැයි ඉතින් කට්ටිය වෙනස් වෙන්නෙත් ඔය Chemistry එක ඇතුලෙදි වෙන්නත් පුළුවන්. ඒවා ඉතින් සාමාන්‍ය දේවල්.කොච්චර ආශ්‍රය කලත් දිරවන්නේ නැති එකා හැමදාමත් අතේ දුරින්.


friendship එක ඇතුලේ සමගිය නම් තියෙන්න ඕනෙමයි. අපේම වචනයෙන් කියනවා නම් බොක්ක වගේම දුක, සතුට වගේම ඉරිසියාව වැනි පොදු හැගීම් set එකේ කාටත් තියෙන්න පුළුවන්. එක්කෙනෙක්ට ජොබ් එකක් set වුනාම set එකේ හැමෝටම සතුටුයි. එක්කෙනෙක්ට දුකක් කරදරයක් වුනාම set එක බොක්ක වුනත් දෙන්න වුනත් Ready.ඒවගේම තමයි set ඇතුලේ තමන් ගැන කේලමක් ගියොත් set එකම එකතුවෙලා bite කරන එකත් සාමාන්‍ය දෙයක්. ඒ වගේම තමුන්ගේ කෙල්ල ඔයාගේ set එකේ එක්කෙනෙක් එක්ක ඕනෙවට වඩා Fit  නම් ඌ ගැන පොඩි තරහක් ඔලුවට ගහන්න පුළුවන්.එක තමයි කවුරුත් දන්නා පිළිනොගන්නා ඇත්ත. ඔය හැගීම් තමුන්ගේ වැරදි කියල හිතන එක වැරදියි.මොකද ඔයාගේ set  එක ඇතුලේ ඔයාගේ කෙල්ලට කැමති කෙනෙක් ඉන්න පුළුවන්.එහෙම වෙලාවට set එකට හෙනගපුදෙන් කියල කෙල්ලවත් අකුලාගෙන පැත්තකට වෙනවනම් ඒකතමයි එයා කරන ලොකුම ගොන්කම. මොකද බැරිවෙලාවත් කෙල්ල පොල්ල තිබ්බොත් ඒක ලෝක ප්‍රශ්නයක් වෙලා තමයි නවතින්නේ. ඒක නිසා මතක තියාගන්න set එක වැදගත්. දැන් කාලය අලුත් වෙලා. මිනිස්සු ,අපි හිතන විදිය අමුතුයි, වෙනස්. ඒක නිසා කාලේ හැටියට  ජිවත් වෙන්න ඕනේ. පාන් නැත්තන් වඩේ කාලා හරි Life එක ගොඩදාගන්න ඕනේ. එහෙම කලොත් නම් ජිවිතේ අල වෙන එක නවත්තගන්න පුළුවන්වෙයි.

අද වෙනකොට ඔයාල ඔය බර දාල වෙර දාල ගොඩ දාගන්න ආදරේ කියන අකුරු තුන, ඉස්සර තරම්  සාහිත්‍යක් නෑ. අවුරුදු ගානක් තිබුණු සම්බන්දය එක වචනයක් නිසා කොටඋඩ යන වෙලාවල් තියනවා.හැබැයි එහෙම වුණා කියල ඇති දේකුත් නෑ. තියනකම් හොදයි. කැඩුනත් ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ කතාව අදාල නැති අයත් ඇති. ඉස්සර විරහව නිසා හැදිච්ච සාහිත්‍ය දැන් SMS ටිකක් delete කරන තැනට ඇවිත්.ඉස්සර දෙපැත්තට වෙලා ඔරවාගෙන හිටපු දෙන්නා Love එක කැඩුනට පස්සේ ආපහු හොද friendship එකක් හදාගන්න තත්වෙට පත් වෙලා.ඒක දැන් ඉස්සර තරම් දෙයක් නෙමෙයි. මේ කාලෙට System එක කඩාගෙන තමන්ගේම Lifestyle එකක් හදාගෙන සමාජයට එක පෙන්නන්න දගලන එක සාමාන්‍ය දෙයක් වෙලා. ඕක ඉස්සරහටත් ඔහොම වෙනවා කියල හිතුවට එක එහෙම වෙන්නේ නෑ. friendship එක ඇතුලේ එක එක Conflicts තිබුනට ඔය ඔක්කොම මොකක්හරි ආතල් එකකින් ඉවර කරන එක තමයි මොන set එකත් විදිහ.
කොහොම වුනත් තමුන් වෙනුවෙන්  friendship එකක් තියෙන්න ඕනේ.මොනවා වුනත් set එකේ කාටහරි දුකක් කරදරයක් වුණාම මුළු set එකම බහින්නේ, තමන්ගේ දුකේදීත් set එක මේ විදිහටම උදවු කරයි කියන සිතුවිල්ල ඇතිව. කවුරු නොකිව්වත් ඒක  friendship එක ඇතුලේ තියන එක පුංචි කළු තිතක්. මම වුනත් ඔය කාරණාව ගැන කවරේ ඇතුලට ඔලුව දාලා බලන්න කැමැත්තක් නෑ. friendship එක  ඇතුලේ  Life එක ගොඩ දාන එක තමයි Game එක. ඒ Game එක ගොඩ දා නොගත්තොත් මුළු Life එකම අල. ඉතින් අල වෙනවද set වෙනවද ?

3 comments:

  1. අපේ බ්ලොග් සෙට් එකම තමයි ඉස්කෝලේ සෙට් එකත් නේ බන්

    ReplyDelete
  2. කතාව නම් ඇත්ත බං.... //

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...